නාගා රැල්ල... අපේ පැතුම...
ජනපතිවරණයට තරග කරන්නට සූදානම්ව සිටි නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉරිදා දහවල් අවසන් මොහොත වනතුරු ඇප මුදල් තැන්පත් කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔහු ඉදිරි ජනපතිවරණයට තරග නොකරන බව දැන් තහවුරුවී තිබේ. තරගයට එන්නට බැරිව යාම ගැන ඔහු සමාජ මාධ්‍ය නාලිකාවක් අමතමින් පිළිතුරක් ලබාදී ඇත.
එහිදී ඔහු පවසා ඇත්තේ
මැතිවරණ නීති අනුව ජනපතිවරණයට සුදුස්සෙකුවීමට වසර 5 ක් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් පවත්වා යමින් ක්‍රියාකාරීව සිටීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීම යන කොන්දේසි
දෙකම තමාට සපුරාගන්නට නොහැකිවූයෙන් තමා වෙනත් අයෙකුගේ ලියාපදිංචි පක්ෂයක් වෙනුවෙන් තරගකරුවෙකු ලෙස ඉදිරිපත්වීමට සූදානමින් සිටි බවත්
ඒ වෙනුවෙන් පක්ෂ කිහිපයක් හා කතාබහ කර අවසානයේ 'අපි ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු ' නමැති පක්ෂය සමග එකගතාවයකට පැමිණි බවත්ය. ඒ අනුව එම පක්ෂයෙන් ජනපතිවරණයට ඉදිරිපත්වීමට සිතා තමා බ්‍රිතාන්‍ය පුරවැසිකම පිළිබද ප්රශ්නය පවා විසදාගත් නමුත්
එම පක්ෂය අවසන් මොහොතේ තමාට අවස්ථාව නොදී පැහැර හැරි බවත්ය. 'අපි ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු ' නමැති පක්ෂය හරහා තමා ඉදිරිපත්වන බව සැලවීමෙන් පසු ඔවුනට විවිධ බලපෑම් එල්ලවූ බව කියන නාගානන්ද මහතා අවසානයේ එම බාහිර බලවේග තමාගේ ගමන නැවැත්වීමට කටයුතු කර තිබෙන බව ඔහු කියා තිබේ.
මේ අතර නාගානන්ද කොඩිතුවක්කු ජනපතිවරණයට ඉදිරිපත්වන බව සදහන් කිරීමෙන් පසු ඔහුගේ අදහස් හා එකගවී විශාල පිරිසක් ඔහු වටා ඒකරාශී වූ අතර තම ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ඔහු අරමුදල් රැස්කිරීමක්ද සිදු කරන ලද බව වාර්තාවේ.
ඒ අනුව විවිධ පිරිස් ඔහුගේ ගිණුම් වෙත මුදල් බැර කර තිබෙන නමුත් ඔහු ජනපතිවරණයට ඉදිරිපත් නොවීම නිසා එම මුදල් නැවත ඉල්ලා මුදල් දුන් අය ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ප්‍රතිචාර දක්වා ඇති අයුරුද හදුනාගන්නට ලැබේ. ඇතැම් පිරිස් ඔහු වංචාවක් කළ 'සක්විත්තෙකු' ලෙස නම් කර ඇත.

ෂික් බන්. මොන විකාරයක්ද බන් මේ. ජනාධිපති අපේක්ෂකයො හතළිස් ගාණක් දැන් ඇප මුදල් තැන්පත් කරලා. (මේ ගොබිලයා තැන්පත් කරපු නැති එක වෙනම කතාවක්.) චන්ද අපේක්ෂක ලැයිස්තු කොළේ අඩි දෙකක් විතර දිගයි. ඒ නිසා අමතරව තව බිලියන දෙකක්ද කොහෙද වෙන් කරනවලු. මිනිස්සු ආතල් එකටත් ඇප මුදල් තැන්පත් කරලලු වෙන වෙන හේතු ලාභ අපේක්ෂා කරන්. ඔය වෙන රටවල PR ඉල්ලන්න, තමුන් ජනපති අපේක්ෂකයෙක් කියලා ස්වයං වින්දන ප්රතිරූප ගොඩනගා ගන්න. මොන රටක්ද බන් මේ. විහිළුවක් මහ. අපේ බදු සල්ලි තමයි.
හකෝ මට අමතක වුණානේ මූව. Gustavo මූ අන්තිමට මැරෙන හැටි තමයි මරු. 