නාඩි වැඩද නාඩියට වැඩද....
අප හට දායාදයක් වූ නාඩි ශාස්ත්‍රය අද වන විට කෙමෙන් අප අතරින් ඈත් වන්නට පටන් ගෙන තිබේ.පාරම්පරිකව රැගෙන ආ දායාදයන් අද වන විට අපහට අහිමි වෙමින් පවතී.එවන් වූ නාඩි ශාස්ත්‍රය පිලිබඳ තතු බිඳක් 

නාඩි ශාස්ත්‍රයේ සඳහන් පරිදි පුරුෂයන්ගේ දකුණු අතෙහිත්,කාන්තාවන්ගේ වම් අතෙහිත් නාඩි බැලීම නියමයයි.රෝගියාගේ අතෙහි මහපට ඇගිලි මුල ඇති ජිවශාක්ෂිණිනාඩිය ස්පර්ශ කොට නාඩි පරිෂාව කල යුතුය.ආයුර්වේදයේ දැක්වෙන පරිදි නාඩි පරිෂාව තුළින් රෝග හඳුනාගැනීම පහත පරිදී ශ්ලෝක මඟින් දක්වා ඇත.
කරස්‍යාංගුෂ්ට මුලේයා - ධමනි ජීව සාක්‍ෂිනී
තච්චේෂ්ටා සුඛං දුක්ඛං - ඥේයං කායස්‍ය පඬ්ඩිෛතඃ
නාඩිදත්තේන මරුත්කෝපේ - ජලෞකා සර්පයෝගතිම්
කාලිඬ්ගකාකමණ්ඩුක - ගතිං පිත්තස්‍ය කෝපිතඃ
මෙසේ තවත් ශ්ලෝක බොහොමයක් මඟින් වාත පිත්ත සෙම් රෝග හඳුනාගන්නා අයුරු දක්වා ඇත.ඒවායේ සිංහල අරුත් ඔබගේ පහසුව උදෙසා මෙතැන් පටන් දක්වා ඇත.
• දිවි ඇති බවට සඳහන් වන යම් ධමනියක් මහපට ඇගිලි මුල වේද ඒ ධමනිය පිළිබඳව වන ක්‍රියාවන් අනුව ශරීරය පිළිබඳව සුවය හෝ රෝග තත්වය නුවනැත්තැන් විසින් දැනගන්නේය.
• මෙම ධමනිය හෙවත් නාඩිය වාත කෝප අවස්ථාවෙහි කූඩළු, සර්ප, යන සතුන්ගේ ගමනට සමානවද,පිත් කෝප කල්හි කවුඩු(කපුටු),මැඩි යන මොවුන්ගේ ගමනට සමානවද චංචල වේ.
• සෙම් කෝප විට හංස, පරෙවි සතුන්ගේ ගමනට සමානව චංචල වේ.
• තුන්දොස් කෝප විට වටු, තිත්වටු, ගමනින් සැලේ(ගමන්කරයි).
• දෝෂ දෙකක් කෝපව ඇති විට විටෙක මඳ ගමනින්ද විටෙක වේගවත් ගමනින්ද සැලේ.
• සිටි තැනින් ගිලිහෙන නාඩිය මරණය ගැන කියයි.
• යම් නාඩියක් ගමන් වේගය නවතා යලිත් චංචල වේද ඒ පණයන නාඩියයි.
• ඉතා සියුම් වූ සිසිල් නාඩියද මරණ ලක්ෂණයි.
• උණ හටගත් විටදී ඇතිවන නාඩිය උණුසුම්ය,වේගවත්ය.
• කාමකෝප අවස්ථාවේ ඇති නාඩිය වේගවත්ය.
• සිතුවිල්ලෙන් හා බියෙන් පෙළෙන කල නාඩිය මදව ගමන් කරයි.
• කුසගින්න මඳකමින් හා ශරීර ධාතු හීනත්වයෙන් පවත්නා කල නාඩිය ඉතා සෙමෙන්ය.
• කුසගින්න ඇත්තාගේ නාඩිය වෙනස්වන සුළුය.
• නිරෝගී අයගේ නාඩිය ස්ථිරය.ඉතා බලවත්ය.
“ඉහත කරුණු ගැන සලකන කල නාඩි ශාස්ත්‍රය තුළින් කොතක් දුරට රෝග පිළිබඳව හදුනාගත හැකිද යන්න පිළිබඳව යම් දැනුවත්වීමක් ඔබට ඇතිවනු නිසැකය”

+36