නාමල්ගේ ගුවන් සේවිකාවට ලක්ෂ 42ක්!

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    නාමල්ගේ ගුවන් සේවිකාවට ලක්ෂ 42ක්!

    නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කටයුතු නිරීක්ෂණය කළ විද්වත් විමර්ශන මණ්ඩලය තම වාර්තාව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන ලදී. එම වාර්තාව මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව ඩොලර් බිලියන ගණණාවක් දක්වා දිවෙන අති දූෂිත ගනුදෙනු, නීති විරෝධී සේවා කොන්ත්‍රාත්තු, නුසුදුස්සන්ට ලබා දුන් තනතුරු සහ අන්තරාදායක ආරක්ෂක කඩතොලු පිළිබඳ තොරතුරු අනාවරණය කොට තිබේ.

    එම වාර්තාවට අනුව එවකට ජනාධිපති ලේකම්වරයා වූ ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලීමක් මත එක් ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය සඳහා අනුයුක්ත කර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබේ.

    ඇය විසින් මන්ත්‍රීවරයා වෙනු‍ෙවන් ඉටුකළ සේවාවන් පිළිබඳව කිසිදු වාර්තාවක් නැති අතර ගුවන් යානාවක සේවය කළා සේ සලකමින් ඇයට කර ඇති අමතර විශේෂ ගෙවීම රුපියල් ලක්ෂ 42කට අධිකය.

    වැඩිපුර ඇයට ගෙවා ඇති මුදල් සම්භාරය ආපසු අය කර ගැනීමටත් මහජන මුදල් අයථා ලෙස පරිහරණයට අනුබල දුන් නිලධාරින්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙසත් දූෂණ විමර්ශන මණ්ඩලය නිර්දේශ කර ඇත.

    මීට අමතරව සභාපති නිශාන්ත වික්‍රමසිංහ විසින් ඔහුගේ හිතවතියක් වූ ගුවන් සේවිකාවක් “ශ්‍රී ලංකන් ගුවන් සේවා සන්නාම තානාපති” ලෙස පත් කරගෙන ඇති අතර, එවැනි තනතුරක් ගුවන් සේවා අනුමත කාර්ය මණ්ඩලයේ නොමැත. මෙම යුවළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවලින් පමණක් නොව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදලින් ලබා ගත් ගුවන් ටිකට් පත්‍ර උපයෝගී කර ගනිමින්, වෙනත් සමාගම්වලට අයත් ගුවන් යානාවලින් ද ලොව පුරා සවාරි ගොස් තිබේ.

    ගුවන් සේවිකාවන් ගණනාවක් සමඟ සභාපතිවරයාගේ පවත්වාගෙන ගිය අයථා සබඳකම් නිසා, අනිසි ප්‍රයෝජන ගැනීම් හා දූෂිත කටයුතු අප්‍රමාණ ලෙස සිදුවී ඇති අතර, එමගින් ගුවන් සේවයේ හොඳ නම කැළැල් වී අධික මූල්‍යමය පාඩු ද සිදුව ඇති බව මණ්ඩලය හමුවේ අනාවරණය වී ඇත.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    දැන් දිල්වාලේ කියන ගස් සුනකය මේ ත්‍රෙඩ් එකේ කොපියක් මහින්දගේ මීඩියා ටීම් එකට ඊ මේල් කරලා බලන් ඇති උන්ගෙන් රිප්ලයි එක එනකම් ඒක කොපි කරලා මෙතන දාන්න...:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Ayeshlive

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    දැන් දිල්වාලේ කියන ගස් සුනකය මේ ත්‍රෙඩ් එකේ කොපියක් මහින්දගේ මීඩියා ටීම් එකට ඊ මේල් කරලා බලන් ඇති උන්ගෙන් රිප්ලයි එක එනකම් ඒක කොපි කරලා මෙතන දාන්න...:lol::lol::lol::lol:

    jabuk.... ape evoq anathaya neda?? :lol::lol::lol::lol:
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Dan ithin ona ekekta pacha kiyanna berida
    Ara rajithayai champikayai kiyana alle pelawena boru ekka mewa monawada bolaw
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන් දිල්වාලේ කියන ගස් සුනකය මේ ත්‍රෙඩ් එකේ කොපියක් මහින්දගේ මීඩියා ටීම් එකට ඊ මේල් කරලා බලන් ඇති උන්ගෙන් රිප්ලයි එක එනකම් ඒක කොපි කරලා මෙතන දාන්න...:lol::lol::lol::lol:

    Eth alla kalin ewala thiyena monawahari baila tikak kiyawai.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇය ඔහු වෙනුවෙන් කැපවී සේවය කරන්න ඇති ඔයතරම් පඩියක් දෙන්න
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොකක්ද දන්නේ නැ ඔච්චර ගෙවන්න කරපු සේවේ..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    10906052_428666050633984_2200335200708793058_n.jpg
     

    Similar threads