නාමල්ගේ තවත් නාමල් වැඩක්.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නාමල්ගේ තවත් නාමල් වැඩක්.

    namal.jpg


    නීති විද්‍යාලයේ ඊයේ (03 දින) පැවැති විභාගයක ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. විභාගය අතර තුර දී ශිෂ්‍යයෙකු විසින් ඒ සම්බන්ධයෙන් නීති විද්‍යාලයේ විභාග රෙජිස්ටාර්වරයා හා විදුල්පතිවරයාට පැමිණිලි කර ඇතත් ඔවුන් එය නොසලකා හැර ඇත.
    වාර්තා වන අන්දමට ඊයේ පැවැති විභාගය සදහා පා.ම. නාමල් රාජපක්‍ෂ මහතාද පෙනී සිට ඇත. සිසුන් පවසන්නේ ඔහු සදහා වෙනම කාමරයක් වෙන් කර තිබූ බවයි.
    විභාගය ආරම්භ වීමට ප‍්‍රථම ආපන ශාලාවේදී නාමල් රාජපක්‍ෂ මහතාගේ මිතුරෙකු වන සිසුවෙක් තවත් සිසුවෙකු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිත ප‍්‍රශ්න පත‍්‍රය සම්බන්ධයෙන් සාකච්ඡුා කර තිබේ. එම සාකච්ඡුාව අසල සිටි තවත් සිසුවෙක් ඇහුන්කන් දී ඇත. එහිදී නාමල් රාජපක්‍ෂ මහතාගේ මිතුරා ප‍්‍රශ්න පත‍්‍රයේ අඩංගු විය හැකි ප‍්‍රශ්න කීපයක් අනෙක් මිතුරාට පවසා තිබේ.
    පසුව සිසුන් විභාගයට වාඩිවූ පසු ආපන ශාලාවේදී කියූ ප‍්‍රශ්න ඒ ආකාරයෙන් තිබීම හේතුවෙන් එම කතාබහට සවන් දුන් සිසුවා ඒ මොහොතේම විභාග රෙජිස්ටාර්වරයාට හා නීති විද ්‍ය ාලයේ විදුහල්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. නමුත් ඔවුන් ඒ සම්බන්ධයේ කිසිදු ක‍්‍රියාමාර්ගයන් ගෙන නැත.
    විභාගයෙන් අනතුරුව එම සිසුවා සිදුවීම සම්බන්ධයෙන් කෙසෙල් වත්ත පොලීසියට පැමිණිලි කිරීමට ගියද පොලිස් නිලධාරීන් පැමිණිල්ල භාරගැනීම ප‍්‍රතික්‍ෂේප කර තිබේ. පසුව ඔහු පොලිස් මූලස්ථානයට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. එහිදී පොලිස් මූලස්ථානයේ දැනුම් දීම මත කෙසෙල් වත්ත පොලීසිය පැමිණිල්ල භාරගැනීමට ඉදිරිපත් වී ඇත. (පැමිණිලි අංකය - එන්. ඕ. බි 8139 ) කෙසේ වෙතත් පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී කලින් පැමිණිල්ල ප‍්‍රතික්‍ෂෙප කළ සිද්ධිය ඇතුලත් කිරීම කෙසෙල්වත්ත පොලීසිය ප‍්‍රතික්‍ෂේප කළ අතර සිසුවාගේ තර්ක කිරීම හමුවේ අදාළ සිද්ධියද ඇතුලත් කිරීමට පොලීසිය සිදුව ඇත.

    :P:P:P:P
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අනේ පව්.ඕකට පාඩම් මතක හිටින්නේ නෑ. .ලොකු පිනක් මූව විභාග වලින් සමත් කරන එක.
     

    Similar threads