නාමල්වත්_හිරේ දායි වගේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    නාමල්වත්_හිරේ දායි වගේ

    තවත් රාජපක්ෂවරයෙකුට හිරගෙදර අපලයක්

    රග්ර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වනවා.

    වසීම් තාජුඞීන්ගේ මරණය ඝාතනයක් බවට සැක කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බවයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉකුත්දා කියා සිටියේ. එ් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.

    අදාළ විමර්ශන පිළිබඳ වැඩිදුර වාර්තාවක්ද ඔවුන් ලබන 23 වැනිදා වන විට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

    මේ අතර වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාද සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

    ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රියැදුරෙකු ලෙස සේවය කළ අයෙකුද මෙම සැකකරුන් අතර සිටින බවයි මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ.


    Code:
    http://nethfm.com/article/98512#sthash.eMfBoQ4g.dpuf