නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට‍🛑

shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඉතින් ජාත්‍යන්තර සම්බන්ධතා කරපංකෝ. අන්තර්ජාතික විනිසුරු සංගමෙනුත් කියල තිබ්බා ලංකාවට පිළිගැනීමක් දෙන්නේ මර්වින් සිල්වා, රත්තරන්, අර්ජුන කමලනාත්, පින්පොන් වගේ නූතන වාදී දේශපාලකයෝ ආණ්ඩුවේ හිටියොත් විතරයි කියල.

    තායිලන්තෙත් වීසා කැන්සල් කරේ ඒකයි.

    ජාත්‍යන්තරෙන් දේශපාලන පලිගැනීම් වලට එරෙහිව රතු එළියක් පත්තු කරේ මචන්.

    හෝමුස් එකෙන් ඇමරිකන් නැව ආසියාව පැත්තට ආවෙ මේ අසාධාරණ දරාගන්නම බැරි තැන ගහල දාල යන්න කියලත් ආරංචියක් ආවා. @HKavinda @KDH උබලටත් නිවුස් එක ආවද මචන්?

    ජාතික ආරක්ෂාව ඉවරයි මේ ජෙප්පො නිසා.
     
    • Haha
    Reactions: redux

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    අල්ලස් කොමිසමට ප්‍රකාශයක් දෙන්න ආවම අත්අඩංගුවට ගන්න එක වැරදි. :rolleyes:එහෙම නම් ගෙදර ගියාට පස්සේ ඇවිල්ල අරන් යන්න ඕන :yes:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    අල්ලස් කොමිසමට ප්‍රකාශයක් දෙන්න ආවම අත්අඩංගුවට ගන්න එක වැරදි. :rolleyes:එහෙම නම් ගෙදර ගියාට පස්සේ ඇවිල්ල අරන් යන්න ඕන :yes:
    ගෙදර නෙවෙයි, වලව්ව... වලව්ව...
     
    • Haha
    Reactions: SK29

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මාංචු දැම්මම අත් උස්සලා පෙන්නලා වීරයෝ වෙන්න හදන උන්ටනං කනට දෙකක් දෙන්න ඕන. අත් උස්සන්න පුලුවන් චෝදනාවලින් නිදහස් වුනාම. අත් පිටිපස්සට කරලා මාංචු දාන්න ඕන🤔
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,922
    10,278
    113
    WUo2653yEQ.jpg
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    Namol Air bus ekak sakkuwe dan gedara genihinda?
    නෑ... එයාබස් ගනුදෙනුවෙන් අල්ලස් අරගෙන ඒක
    සාක්කුවෙ දාගෙන ගිහින්ලු.
    පිස්සු බන් එහෙම කලත් ඒ ගාන රටේ ජනගහනයෙන් බෙදුවහම එකෙක්ට සත ගානයි එන්නෙ...
    මුන්ට පිස්සු
     
    • Haha
    Reactions: Lovtus

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,102
    113
    @hi.dushan දැන් ඉතින් තම්බින්ගෙන් රට බේරගන්න වඳකොත්තුවක්වත් හදා ගන්න බැරි වෙයි
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871
    113
    ado ehenam maha polawa kampaa unaa danune eka thamai..
    waawanne ne monwa unath. kada wahala harthal patan gnee 😞
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    image


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි.

    ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කළ විමර්ශනයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු 12 වනදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී අතර පසුව ඇපමත මුදා හැරුණි.

    එසේ ඇපමත මුදාහැර සිටියදී කපිල චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 08 වනදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කළේය.

    මේ අතර එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වැනි සැකකරු වශයෙන් නම්කර සිටින ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

    එසේම ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිතයන් පිරිසක්ද ඉකුත් අගෝස්තු මස මුල් සතියේ මෙරටට පැමිණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණි.

    එවැනි පසුබිමක ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණි.

    ඒ අනුව අද පෙරවරු 9.15ට පමණ නාමල් රාජපක්ෂ මහතා එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අතර පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    ela ela
    කිරි කිරි
    පට්ට කුට්ටියක් යටින් යවල
    නෝමල් කොලුවා උස්සල තියනවා
    නිකන් අහක යන බෝයිස්ලා උස්සල තියන ගොන් ආණ්ඩුව
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    නෑ... එයාබස් ගනුදෙනුවෙන් අල්ලස් අරගෙන ඒක
    සාක්කුවෙ දාගෙන ගිහින්ලු.
    පිස්සු බන් එහෙම කලත් ඒ ගාන රටේ ජනගහනයෙන් බෙදුවහම එකෙක්ට සත ගානයි එන්නෙ...
    මුන්ට පිස්සු
    air bus samagamenda pagawa aran thiyenne?

    nathnam lankawe anduwenda?

    air bus company eken gaththa nam ewa lankawata adayam neda? :p :p