නායකයා
"අපගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ අනෙක් අයට හැකි අයුරින් උදවු කිරීමයි. ඔබට එය කළ නොහැකි නම්, අනෙක් අයට රිදවීමෙන් වළකින්න" දලායි ලාමාතුමා එහෙම කියනවා. උන්වහන්සේ නායකත්වය පිළිබඳ වත්මනේ පවතින පිරිසුදු උදාහරණයක්. උන්වහන්සේගේ එම කතාව ඔස්සේ නායකත්වය ගැන කතා කරමු.
ජීවිතයේදී ප්‍රධානියෙක් එහෙමත් නැත්නම් නායකයෙක් වෙන්න කවුරු තුළත් සිහිනයක් තියෙනවා. තමන්ගේ ව්‍යාපාරයක් කළත්, කිසියම් ආයතනයක වැඩ කළත් ප්‍රධානියෙක් වෙන එක හිතන තරම් ලෙහෙසි නැහැ. බොස් කෙනෙක් වෙනවා කියන්නේ වැඩවලට වඩා වගකීම් ගොඩක් ලැබෙනවා කියන එකයි. එහිදී වැඩ කළමනාකරණයට වඩා වගකීම් කළමනාකරණය පිළිබඳව බෙහෙවින් හිතන්න ඕනෑ. ඔබට ජීවිතයේ හමුවුණු ප්‍රධානීන් කිහිපදෙනෙක් නිකමට මතක් කරලා බලන්න.
ඔවුන් පිළිබඳ ඔබගේ මනසේ තියෙන්නේ මොන වගේ මතකයක්ද? ඔවුන් මතක් කරන විට ඔබගේ හිත ධෛර්යයෙන් සහ ජවයෙන් පිරී ඉතිරී යනවාද? සමහර ප්‍රධානීන් සේවකයන් තුළ ඇති කරන්නේ අමිහිරි මතකයන් වුණාට ඕනෑම ආයතනයක සේවකයන්ට අමතක නොවන මතක තබන ප්‍රධානීන්ද ඉන්නවා. ඔවුන් සේවකයන්ගෙන් ගන්න වැඩ ප්‍රමාණයට වඩා වැඩි යමක් සේවකයන්ට ලබාදෙනවා. ඇත්තටම එය මූල්‍යමය ප්‍රතිලාභයක් වෙන්න අවශ්‍ය නැහැ. ප්‍රධානියෙක්ට මුදල්වලට වඩා බොහෝ දේවල් මිනිස්සුන්ගේ ජීවිතවලට එකතු කරන්න පුළුවන්. එමඟින් ඔහුගේ ජීවිතයටත්, අනෙකාගේ ජීවිතයටත් අසීමිත වටිනාකමක් එකතු කරන මහා මිනිසෙක් වෙන්න පුළුවන්. ජීවිතය කියන්නේ වටිනාකම් එකතුකර ගැනීම සහ වටිනාකම් එක් කිරීමටයි. නායකත්ව චරිත ගැන අධ්‍යයනය කරද්දී විශිෂ්ට ප්‍රධානියෙක් සතු විය යුතු ලක්ෂණ රැසක් අපි අනාවරණය කරගත්තා. ඔබත් විශිෂ්ට ප්‍රධානියෙක් වෙන්න සිහින මවනවා නම්, පහත ලක්ෂණ ඔබ තුළට අවශෝෂණය කරගන්න.
විශ්වාස නොකරන දේ විශ්වාස කිරීම.
බොහෝ දෙනා විශ්වාස කරන දේ විශ්වාස කිරීම මහා පුදුමයක් නෙවෙයි. එහෙත් සාමාන්‍ය ප්‍රධානියෙක් මතුයම් දවසක ශේර්ෂ්ඨ ප්‍රධානියෙක් වෙන්නේ බොහෝ දෙනා විශ්වාස නොකරන දේ විශ්වාස කිරීමෙන්. ව්‍යාපාර කටයුතුවල දී පමණක් නොව ඕනෑම ක්‍ෂේත්‍රයක විශිෂ්ට ප්‍රධානීන් දශක ගණනක් යනතුරුම ජන මනසේ නොමැකෙන මතක සටහන් තැබුව ප්‍රධාන ගුණාංගය ලෙස බොහෝ දෙනා විශ්වාස නොකරන දේ විශ්වාස කිරීමේ ගුණාංගය හඳුන්වන්න පුළුවන්.
අසීරු ඉලක්කයකට, අසීරු අරමුණකට කණ්ඩායමක් මෙහෙයවද්දී කණ්ඩායම් සාමාජිකයන්ට ප්‍රධානියා කරන්න යන දේ පිළිබඳ ලොකු අවිශ්වාසයක් ඇතිවෙන එක සාමාන්‍යයයි. එහෙත් ප්‍රධානියා කියන්නේ සාමාජිකයන් හිතන දේවල් හිතන කෙනෙක් නෙවෙයි. අන්න ඒ නිසා නායකයා හෝ ප්‍රධානියා මතක හිටින ප්‍රධානියෙක් වෙන්න නම් අනෙක් අය විශ්වාස නොකරන දේවල් විශ්වාස කළ යුතුයි. ඇපල් සමාගමේ හිටපු ප්‍රධානී ස්ටිව් ජොබ්ස් අනාගතයේ ජංගම දුරකතනය කෙසේ විය යුතුද කියලා 80 දශකයේ අග භාගයේදී තම සේවකයන් සමඟ අදහස් දක්වද්දී, ඔහුගේම සේවකයන් ඔහු නැති තැන ඔහුගේ අරමුණ කවදාවත් ඉටු නොවන, විශ්වාස කළ නොහැකි අරමුණක් බව පැවැසුවා. එහෙත් ඊට වසර ගණනාවකට පස්සේ සේවකයන් තදින්ම අවිශ්වාස කළ දේ ඔහු තදින්ම විශ්වාස කළ නිසා ඔහුට ඇපල් ස්මාර්ට් ජංගම දුරකතනය හඳුන්වා දෙන්න හැකියාව ලැබුණා. අදටත් ඇපල් සමාගමට වැඩිම ආදායමක් උපයා දෙන්නේ ඇපල් ජංගම දුරකතන බව කවුරුත් දන්න දෙයක්.
බාධක සහ අභියෝග තුළ අවස්ථා දැකීම.
ජීවිතය කියන්නේ දැවැන්ත නැවක් වගේ. නැවක් ඉදිරියට ඇදෙද්දී කුණාටුවලට හසුවෙන්න පුළුවන්. ඒ වගේම මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවෙන්නත් පුළුවන්. එවැනි අවදානම් සහ අභියෝග මුහුදු ගමනේ දී තියෙනවා කියලා නැව ගමන් කරන්නේ නැතිව වරායේ නතර කරලා තියන්න කොහෙත්ම බැහැ. සමහර පුද්ගලයන් මුහුද සන්සුන් වනතුරු බලාගෙන ඉන්නවා. ඔවුන් කවදාවත් නැව් පදවන්නේ නැහැ. උපරිම වුණොත් ට්‍රෝලර් යාත්‍රාවක් පදවයි. නමුත් විශිෂ්ට ප්‍රධානීන් අභියෝග බාධක හමුවේ කොහොම හරි ඉදිරියට යන්න ක්‍රමයක් හිතනවා. බාධක සහ අභියෝග තුළ පවතින අවස්ථා ග්‍රහණය කරගැනීමේ තියුණු බුද්ධිය විශිෂ්ට ප්‍රධානීන් සතුයි. කොලොම්බස් නව දේශයක් සොයා යන ගමන ඉතා විශිෂ්ට චාරිකාවක් වුණේ චාරිකාව මුල සිටම ඔහුට එල්ල වුණු බාධක ඔහුට ජයගන්න හැකියාව ලැබුණු නිසයි. බාධක තුළ අවස්ථා දකින ප්‍රධානීන් අනුගමනය කරන්න බොහෝ දෙනා කැමැතියි. ඔවුන් නැව් හදන්නේ වරායේ නවත්තලා තියන්න නොවෙයි කියන කාරණය පිළිබඳ විශ්වාසයක් සේවකයන්ට තියෙනවා.
හැඟීම් නොපෙන්වීමේ හැකියාව
සතුට, තරහා, වේදනාව, ඊර්ෂ්‍යාව වගේ හැඟීම් මනුෂ්‍යයකුට ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. ඕනෑම මට්ටමක ඉහළ තනතුරක හෝ තත්ත්වයක ඉන්න කෙනෙක්ට වුණත් එවැනි හැඟීම් ඇතිවෙනවා. ඉතා විශිෂ්ට නායකයන් සහ ප්‍රධානීන් තම හැඟීම් අන්‍යයන්ට නොපෙන්වනවා ඔබ දැකලා ඇති. හැඟීම් අන්‍යයන්ට නොපෙන්වීම එක් අතකින් කෙනකු විශිෂ්ට නායකයෙක් කරනවා වගේම තවත් අතකින් එය ඉතා හොඳ උපක්‍රමයක්ද වෙනවා. නිවෙසේ ගැටලුවක් ඇති වුණොත්, එම ගැටලුව නිසා ඇතිවෙන මානසික පීඩනය හේතුවෙන් වෘත්තීය වැඩ සම්පූර්ණයෙන්ම අවුල් කරගැනීම සාමාන්‍ය සිද්ධියක්. ඉතා දක්ෂ ප්‍රධානීන් එවැනි ගැටලුවක් තම හදවතේ තිබුණත් එය සේවකයන්ට දකින්න සලස්වන්නේ නැහැ. ඔවුන් දවසේ බොහෝ අවස්ථාවල සිටින්නේ ජවයෙන් යුක්ත අපේක්ෂා සහගත හැඟීමකින්. ප්‍රධානියෙක් තුළින් සේවකයන්ට දකින්න අවශ්‍ය දුක හෝ සතුට නොව දෑස් දල්වන අපේක්ෂා සහගත බවයි.
සේවකයන් හැප්පෙන්න පෙර රැකගැනීමේ හැකියාව
ප්‍රධානියෙක් වුණාම සේවකයන් රැකබලා ගැනීම ඉතා වැදගත්. හරියට මහා මාර්ගය දිගේ පිරිසකට මඟ කියන පුද්ගලයෙක් වශයෙන් ප්‍රධානියා හඳුන්වන්න පුළුවන්. ඩයනා කුමරිය අදටත් බි්‍රතාන්‍ය රජ පවුල ගැන මතක් කරද්දී කාටත් මුලින්ම මතක් වෙන්නේ ඇය සමාජයේ අසරණ මිනිස්සුන්ට ආදරය සහ රැකවරණය සැලැසූ අපූරු නායිකාවක් නිසයි. ඇය අදටත් රජ පවුලේ කිරුළු නොපලන් රැජනයි. සමහර ප්‍රධානීන් තම සේවකයන් බස්වලට හැප්පෙන තුරු බලාගෙන ඉන්නවා. මෙයින් මා අදහස් කරන්නේ සැබෑ බස් රථ නොවන බව සලකන්න. අනෙක් පිරිසට පාඩමක් කියලා දෙන්න ඕනෑ නිසා එක්කෙනෙක් දෙන්නෙක් බස් රථයට යට වුණාට කමක් නැහැ කියලා ඔවුන් හිතනවා. නමුත් එය අවදානම් සහගත පාඩම් ඉගැන්වීමක්. සමහර වෙලාවට අර සේවකයාගේ ජීවිතය එම ක්‍රියාව නිසා විනාශ වෙන්න පුළුවන්. "මිනිහා ඔහොම ගිහිල්ලා ඇනගත්ත දෙන්කෝ, ඊට පස්සේ මම කියලා දෙන්නම්" අන්න එහෙම නොකියා අදාළ සේවකයා ඇනගන්න පෙර ඔහුට පාඩම කියලා දීම තුළින් ආයතනයට සිදුවන පාඩුව නැතිකර ගන්නත් සේවකයා රැකගන්නත් පුළුවන්.
සැබෑ අවදානම් ගැනීම සහ ව්‍යාජ අවදානම් මඟහැරීම
සමහර වෙලාවකට සාමාජිකයන් සියලු දෙනාම කිසියම් දෙයක් සම්බන්ධව නායකයා ගන්නා තීරණය කුමක්ද කියලා බලාගෙන ඉන්නවා. විශේෂයෙන්ම අවදානම් සහගත තීරණ ගනිද්දී ප්‍රධානියෙක්ට තමා සැබෑ ප්‍රධානියෙක් කියන දේ පෙන්වන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. "ජීවිතය කියන්නේ අවදානම්වලට. ඔබ අවදානම්වලට බයයි නම් එයින් කියැවෙන්නේ ඔබ ජීවිතයට බයයි කියන එකයි" කිසියම් තීරණයක වාසි සහ ප්‍රතිලාභ වැඩියි නම් පැහැදිලිවම එම තීරණය තුළ ලොකු අවදානමක් තියෙනවා. අවදානම් ගැන කතා කරද්දී ව්‍යාජ අවදානම් ගැන කතා නොකරත් බැහැ. මන්දයත් සමහර ප්‍රධානීන් තේරුමක් නැති අවදානම් ශබ්ද දාලා ගන්නවා. ඇත්තටම සෑම අවදානමක්ම ෙදාහොත් මුදුන් දීලා භාරගන්නවා වෙනුවට සමහර ව්‍යාජ අවදානම්වලින් මිදෙන්නත් ප්‍රධානීන් කටයුතු කරන්න අවශ්‍යයි.
විශාල දැක්මක් සහිත වීම
මෙම කාරණය අවසානයට අපි කතා කළත් එය මුලින්ම කතා කළ යුතු කරුණක් ලෙස පැවැසිය යුතුමයි. අන් අයට නොපෙනන දේ දුර තියලාම දැකීමේ කලාව තමයි විශාල දැක්මක් සහිතව ජීවත්වීම කියලා කියන්නේ. හරියට උකුස්සෙක් වගේ ඉහළ සිට වටපිටාව පිළිබඳ තොරතුරු සෙවිය යුතුයි. නායකයන් මිලියන ගණනක් ඉන්න ලෝකයේ ඉතා අතළොස්සක් ප්‍රධානීන් පිළිබඳව මිනිසුන් ගොඩක් දේවල් කතා කරන්නේ සැබැවින්ම ඔවුන්ට පටු අරමුණකට එහා ගිය පුළුල් දැක්මක් තිබුණ නිසයි.
දැක්මක් සහිත නායකයෙක් වීම පොතපත කියවලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සැබැවින්ම එය ජීවිතය තුළ තිබිය යුතු එසේ නැති නම් වර්ධනය කරගතයුතු අවබෝධයක්. සේවකයන් හිපොපොටේමස්ලා වගේ සමාන්තරව දකිද්දී විශිෂ්ට ප්‍රධානීන් උකුස්සන් වගේ ඉහළ සිට සමස්තය දකින්න ඕනෑ. සමස්ත දැක්මක් සහිත නායකයන් තම අදහස් සහ අරමුණු ප්‍රකාශ කරද්දී ඔවුන්ගේ පුළුල් බව පැහැදිලිවම දකින්න පුළුවන්. සැබැවින්ම ඔවුන් සිහින සහ අපේකෂා තනන්නෝ වෙනවා. සිහින ගනුදෙනුකරුවන් කිසිම කෙනෙක්ගේ ජීවිතයෙන් කවදාවත් අමතක වෙන්නේ නෑ. එම නිසා සිහින ගනුදෙනුකරුවෙක් වෙන්න.
කැලුම් වැලිගම