නාලන්දා විනාශය

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,673
    16,404
    113



    නාලන්දා විශ්ව විද්‍යාලය ඉන්දියාවේ වත්මන් බිහාර් ප්‍රාන්තයේ ක්‍රිව 5 වන සියවසේදී ගුප්ත රාජවංශයේ කුමාර ගුප්ත අධිරාජ්‍යයා පිහිටුවන ලදී. ප්‍රසිද්ධ පුරාණ මහාවිහාරයක් වූ එය ලොව ප්‍රථම නේවාසික විශ්ව විද්‍යාලය ලෙස පිළිගැනුණි. සමස්ථ ආසියාවෙන්ම විද්වතුන් ආකර්ෂණය කර ගනිමින් ඉගෙනීම සඳහා ගෝලීය මධ්‍යස්ථානයක් ලෙස එය ලෝ ප්‍රකට විය.

    නාලන්දාව රාජග්‍රිහ නගරය (වර්තමානයේ රාජ්ගිර්) අසල, පාටලීපුත්‍ර (වර්තමානයේ පට්නා) සිට කිලෝමීටර් 90 ක් (සැතපුම් 56) පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබුණි. ක්‍රි.ව. 427 සිට ක්‍රි.ව. 1400 පමණ දක්වා වසර දහසකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ අතර ක්‍රි.ව. 5 සහ 6 වන සියවස් වලදී කලා, සංස්කෘතිය සහ ශාස්ත්‍රීය අනුග්‍රහය ප්‍රවර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර විද්වතුන් විසින් "ඉන්දියාවේ ස්වර්ණමය යුගය" ලෙස විස්තර කර ඇත.

    මුයිස් අල්දින් මුහම්මද් ඉබ්න් සෑම් ක්‍රි.ව. 1144 – 1206 ගෝර්හි මුහම්මද් හෝ මුහම්මද් ගෝරි ලෙසද හදුන්වන පුද්ගලයා සම්පත් අඩු කුසගින්නේ පෙළුන මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ ගෝර් ප්‍රදේශය පදනම් කරගත් ගුරිඩ් රාජවංශයේ සුල්තාන් විය. මුහම්මද් ගුරි සුල්තාන් පාලනය වත්මන් ඇෆ්ගනිස්ථානයේ සිට කෑම බිම බහුල සාරවත් වත්මන් ඉන්දියාවේ හරහා වත්මන් බංගලිදේශය දක්වා ව්‍යාප්ත කලේ ජිවත් වීමට වෙනත් මාර්ගයක් නොමැතිව කුසගින්නේ පෙළුණු ඔහුගේ යටත් වැසියන්ගේ කුස පිරවීමට ආහාර පාන සොයා ගැනීමටයි.

    ගෝර්හි මුහම්මද් යටත් කර කොල්ල කාගත් ප්‍රදේශ පාලනයට ඔහු විසින් පත්කරනු ලැබුවේ මධ්‍යම ආසියාවෙන් යුද්ධයේදී කුඩාකල අල්ලාගෙන හිලෑ කරගත් වහලුන්ය. ගොර්හි මොහොමද්ගේ මුල් පරම්පරාව පවා එවන් වහලුන් විය. ඔවුන් හැදින්වුයේ මමලුක්වරු ලෙසයි. ඔවුන් සමලිංගික සහකරුවන් ලෙසත් මිලිටරි වහලුන් ලෙසත් අන්තවාදී මුලධර්මවාදී උම්මන්තක මිනීමරුවන් ලෙසත් යොදාගන්නා ලදී. මේ වහලුන් අතරෙන් කුටබ් අල් දින් අයිබක් දිල්ලියේ පළමු සුල්තාන් වූ අතර ටජ් අල දින් යාසිඩ් ඇෆ්ගනිස්ථානයේ ගස්නි සුල්තාන් ලෙසත්, නසීර් උද දීන් කුබාචා වත්මන් පාකිස්තානයේ මුල්තාන් හා සින්ඩ් හි සුල්තාන් ලෙසත්, ඉක්තියාර් අල්දින් මොහම්මද් බක්තියාර් ඛිල්ජි වත්මන් බිහාර් හා බන්ගලිදෙශ්යයේ සුල්තාන් ලෙසත් පත්කරනු ලැබිය.

    පුරාණ නාලන්දා විශ්ව විද්‍යාලයේ විනාශය ඉහත සදහන් කල බක්තියාර් ඛිල්ජි විසින් සිදුකරනු ලැබිය. ක්‍රි.ව. 1193 හෝ 1197 දී පමණ සිදු වූ මෙම සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස විශ්ව විද්‍යාලයේ දැවැන්ත පුස්තකාලය ගිනි තැබීම, බෞද්ධ භික්ෂූන් ගණනාවක් ඝාතනය කිරීම නිසා කලක් ලෝකයේ පැරණිතම නේවාසික විශ්ව විද්‍යාලය වූ නාලන්දාව මෙන්ම බුදුදහමද පරිහානියට පත් වී විනාස විය.

    ගෞතම බුදුන් උපන් මෙම බිහාර් ප්‍රදේශයේ බෞද්ධ බලපෑම මුලිනුපුටා දැමීමේ මෙම සිද්ධිය පිටුපස සැගවුන කතාව වුයේ බක්තියාර් ඛිල්ජිට තම සමලිංගික ඇබ්බැහිය නිසා ඇතිවූ සමාජ රෝගී තත්වයකට නාලන්දා විශ්ව විද්‍යාලයේ ආයුර්වේද විශාරදයෙකු විසින් කරන ලද ප්‍රතිකාරයක් පිලිබදව ඔහුගේ සිතතුළ ඇතිවූ මහා සංස්කෘතික ඉරිසියාවකි. මෙවන් දැනුමක් මොවුන් සතුවුයේ කෙසේදැයි දැඩි කෝපයට පත් බක්තියාර් ඛිල්ජි පොත් පුළුස්සා විශ්ව විද්‍යාලය විනාශ කරනු ලැබූ බව ඉතිහාසයේ සදහන් වී තිබේ.