නාළිකා 4 රේ ඊලඟ මෙහෙයුම
ශ්රී ලංකාවේ මානුෂීය මෙහෙයුම් සිදුවන අවධිය පාදක කරගනිමින් කුප්රකට "KILLING FIELDS" චිත්රපටය විකාශය කළ චැනල් 4 නාළිකාව සිය ඊලඟ අදියරට සූදානම් වෙනවා.
අදාළ චිත්රපටයේ දිගුවක් වූ මෙය නිෂ්පාදනය කිරීමේ වගකීම පවරා ඇත්තේ INDEPENDANT TELEVISION NEWS ආයතනයටයි.
චැනල් 4 නාළිකාවේ ප්රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ අධ්යක්ෂිකා ඩොරති බ්රයන් ඊට අදාල ලිපිය යවා ඇතැයි වාර්තාවුණා.
මෙම චිත්රපටයේද වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙස ජෝන් ස්නෝ තෝරාගෙන ඇති අතර චැලම් මැක්ග්රේ එය අධ්යක්ෂණය කරනවා.
යුද අපරාධවලට වගකිවයුත්තන් කවුද ?
ඔවුන් ගැන දන්නා අය කවුද සහ ලෝකය වරදකරුවන් ආරක්ෂාකරන්නේ ඇයි....? යන කරුණු මෙම චිත්රපටයෙන් අවධානයට යොමුකරනවා.
"WAR CRIMES UNPUNISHED" යනුවෙන් නම් තබා ඇති එම චිත්රපටය ලබන වසරේදී විකාශය කිරීමට නියමිතයි.