නැගිටිමු ශ්‍රී ලංකා - නව නිර්මාණ කරුවන්, ව්&#8

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    නැගිටිමු ශ්‍රී ලංකා - නව නිර්මාණ කරුවන්, ව්&#8

    කොවිඩ්-19 වසංගතය හමුවේ ඇතිවන මීලග අතිශය දරුණු අභියෝගය වන්නේ ලෝක ආර්ථිකයේ බිද වැටීමයි. ඇමරිකාව, යුරෝපය , මැදපෙරදිග යන කලාප වල රටවල් හා බැදුණු ප්‍රධාන ආර්ථිකයක් ඇති අපගේ රටට මෙය තදින්ම බලපානු ඇත.

    මෙම තත්වය විසින් අපව දර්ද්‍රතාවය කරා රැගෙන යාම වැලක්වීමට නම් අලුත් පිරිසක් ආර්ථික යාන්ත්‍රනය සදහා එකතු කර ගත යුතුය. පැරණි ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කල යුතුය. ලාභ නොලබන , වර්ධනයක් නැති ව්‍යාපාර වෙනුවට වැඩි ලාභයක් ඉපයික හැකි ,සමාජයේ මුදල් සංසරණය වැඩි කල හැකි ව්‍යාපාර ආරම්භ කල යුතුය.

    නැගිටිමු ශ්‍රී ලංකා යනු මේ කටයුත්ත සදහා ගොඩනැගෙන දීපව්‍යාප්ත ව්‍යාපෘතියකි. තරුණ ව්‍යාපාරිකයන්, නව නිර්මාණ කරුවන්, ව්‍යවසායකයන්, ආයෝජකයන්, ආර්ථික විශේෂඥයන්, දේශපාලඥයන් (ලෝක දේශපාලනය පිළිබද විශ්ලේෂකයන් ) යන සියලු දෙනා එකම වේදිකාවක් තුල එකතු කරන ව්‍යාපෘතියකි.

    මෙම ව්‍යාපෘතියේ මුලික පියවර සදහා ඔබට සම්බන්ධ වීමට අවස්ථාවක් පිළිබද දැනුම් දීමට මෙම දැන්වීම ඵලකරමි.

    ඔබ ඉහත සදහන් කල අරමුණු යටතේ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබද අදහසක් තිබේද?
    ඔබ ඉහත සදහන් කල අරමුණු යටතේ ව්‍යාපාර සදහා ආයෝජනය කිරීමට හැකියාව ඇද්ද?
    ඔබ නව නිර්මාණ කරුවෙක්ද? ඔබේ නිර්මාණයට වාණිජ වටිනාකමක් ලැබුනේ නැද්ද?

    ඔබගේ ව්‍යාපාරික අදහස විස්තර සහිත වාර්තාවක් හෝ presentation එකක් ලෙස inbox කරන්න.
    ඔබගේ නව නිර්මාණය පිළිබද විස්තර inbox කරන්න.
    ඔබට ආයෝජන හැකියාවක් ඇත්නම් ඒ පිළිබද විස්තර inbox කරන්න.

    ඔබගේ ප්‍රතිචාරය නැගිටිමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා සැසදේ නම් ඔබට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නෙමු.

    සීමාවෙන් එලියට ගොස් හිතන්න කැමති ඔබට මෙය කදිම අවස්ථාවකි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලේසියෙන්ම ගු ඇන් පි කාරයෙක්ද දැද්ද කියල හොයාගන්ඩ පුලුවන් යන්ත්‍රයක් හදන්ඩ මම හිතාගෙන ඉන්නව යා යා :yes::yes:
     

    Similar threads