දෙන තරමටම පැසසුම් නොලබන .......කාලේ....
ඇණ මෙන් තියුණු ගැරහුම් පෙලනා .......වේලේ....
රැකගෙන පැමිණි නම මා නම් සිට .......බාලේ.....
හිරු දුටු පින්න විලසින් නික්මෙයි .........රාලේ.....
මල් වැනි නව යොවුන් දරුවන් පිරී .........ඇතී....
කල් යල් බලා පාඩම් වැඩ කරන් ..........යතී.....
ඇල්මෙන් අකුරු කරවූ සිසු බොහෝ .......වෙතී....
නිල් වන් ගුවන් තලයෙත් වැහි වලා .........ඇතී.....
කියනා දෙයක් ඒ විලසින් නොවෙන ........සද......
කරනා දෙයත් නිසි සේ ඉටු නොවෙන.......වද....
ඩිංගක් ඇවිත් උපකාරය දෙවන...............වද.....?
කන්දක් කරුණු හිතමින් මග හරින.........වද.....?
නෙක නෙක ලෙසින් සිත් වල රදවමින් ......ඔතා...
යම් තරමකින් හෝ සිප් සත දෙමැයි ..........පතා....
නංගියෙ ලගට ආවත් මා සිතා .................මතා.....
නැත කෙදිනවත් දුදනෙක් විලසකින් ...........සිතා.....
රැකගන් නුඹේ විලි බිය අන් සැම ..................පරදා.....
අභිමන් ගෙනෙනු දෙගුරුන් වෙත හෙටත් ......හදා...
තිරිසන් කුරිරු අවමන් නැති දිනක් ................කෙදා.....
එදිනේ කරා යන්නයි ඉගි කලේ ...................මෙදා......
සයුරට නැගෙන රළ කිසිදා වැඩි ........නෑනේ....
අහසට හමන සුලගේ ගානක් ...........නෑනේ.....
ලිදකට දරණ ජලයේ පමණක් ...........නෑනේ.....
ලොව නැති උනත් නුඹ ගැන තරහක් .......නෑනේ....
සිරුරේ දිවෙන එක ලේ කදුලක් ...............ගානේ.....
මනසේ මැවෙන බිදුවක් සිතිවිලි ..............ගානේ.....
වරදක් නැතත් වරදක සලකුණු ...............ගානේ.....
මට නෑසුනත් අවටින් එය .....................දැනුනානේ......
දින දින පැමිණ මෙහි මා වැඩ කරන .........සද....
කෙතරම් සිසුන් සතුටින් නික්මෙනු ............ඇතිද.....
කිරි කලයකට රොඩු බිදුවක් ................තියෙනවද....
ඒ බිද නිසා කලයම විසිකල ...........යුතුද ?
දෙවොලක් විලස සැලකූ සිප් හලේ............. පුරා...
ගින්නක් විලස පැතිරී යන මුසා ................ දරා.....
රැකගෙන පැමිණි හොද හිත වද දෙමින්....... මරා...
වැලපෙමි සදා මූනිච්චා ලොවට ..................හොරා.....