හේතුවක් නැතිව පියයුරෙන් කිරි එන්නේ ඇයි? -
Prolactinoma
මේ නම ඇහුවම අපිට ටිකක් නුපුරුදු දෙයක් ලෙසට දැනුණත්, “හේතුවක් නැතිව පියයුරෙන් කිරි එරීම” නැමති ප්‍රධාන රෝග ලක්ෂණය ඇති කරන ප්‍රධාන හේතුවක් ලෙස මෙම රෝගී තත්ත්වය ජනතාව අතර සැලකිය යුතු ලෙසට දකිනා දෙයක් වෙනවා. කෙටියෙන් කිව්වොත් පිටියුටරි ග්‍රන්ථියේ හට ගන්නා ගෙඩි අතර ප්‍රධාන වන්නේ මෙම රෝග තත්ත්වයයි.ප්‍රොලැක්ටින් Prolactin නම් වූ විශේෂ හෝර්මෝනයක් පිටියුටරි ග්රන්ථියෙන් ස්රාවය වන බව.
ඉතිං කතා කරන රෝග තත්ත්වයේදී සිදුවන්නේ මෙම හෝර්මොනය නිෂ්පාදනය කරන පටක තරමක් වැඩිපුර වර්ධනය වී ගෙඩියක් ලෙස හට ගැනීමයි. ප්‍රතිඵලය වන්නේ අධික ලෙස ප්‍රෝලැක්ටින් හෝර්මෝනය ස්රාවය වීමයි. මේ ප්‍රෝලැක්ටින් හෝර්මෝනය මඟින් සිදු කරන්නේ පියයුරු මඟින් කිරි නිෂ්පාදනය කර ස්රාවය වීමයි. මේ ප්‍රොලැක්ටින් නිපදවෙන ගෙඩිය නිසා ප්‍රෝලැක්ටින් හෝර්මෝනය ස්රාවය වැඩි වී රෝගියාගේ පියයුරු තුළ කිරි නිෂ්පාදනය වැඩි කරයි. මීට අමතරව මුහුණෙන් පෙන්වන මානසිකත්වය හෙවත් Mood එක පවා මේ හෝර්මෝනය අනුව වෙනස්වනු ලබන බව සඳහන් කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් දරුවාට කිරි දෙන මවකගේ මෙම ප්‍රොලැක්ටින් නිපදවීම සිදුවන්නේ ළදරුවාගේ කිරි ඉරීම නැමති උත්තේජනය මතයි. දරුවා කිරි ඉරිම නැවැත් වූ දිනෙක සිට සති කීපයක් යන විට ප්‍රොලැක්ටින් නිෂ්පාදනය නැමති කිරි නිපදවීම නැති වී යනවා. නමුත් මෙම රෝගී තත්ත්වයේදී දරුවාගේ කිරි ඉරීමක් නැතිව, පිටියුටරි ග්‍රන්ථියේ පාලනයට නතු නොවන ගෙඩියක් මඟින් ප්‍රොලැක්ටින් ස්රාවය වීම සිදුවනු ලබනවා. මෙම ප්‍රොලැක්ටින් නිපදවන ගෙඩිය ඉතා කුඩා එකක් වන අතර “පිළිකා” ගණයට අයත් වන්නේ නැහැ.
මෙම රෝගී තත්ත්වය ඇතිවන හේතුව තවමත් පැහැදිලි නැති දෙයක්. ජානමය හේතුවක් නම් දකින්නට ලැබෙන්නේ නැහැ. මෙහිදී පෙන්වන රෝග ලක්ෂණ ආකාර දෙකකට දක්නට ලැබෙනවා. ඉන් පළමුවැන්න ප්‍රොලැක්ටින් හෝර්මෝනය නිසා ඇතිවන රෝග ලක්ෂණයි. අනික් කොටස මොළය තුළ ඇති පිටියුටරි ග්‍රන්ථියේ ප්‍රොලැක්ටින් නිපදවන ගෙඩිය නිසා අවට ඇති ස්නායු හා වෙනත් වැදගත් ඉන්ද්රියයන් තෙරපීමකට ලක්වන නිසා ඇතිවන රෝග ලක්ෂණයයි. මේ අනුව ඔසප් වීම නැවතීම, පියයුරු වලින් කිරි ඒම, කිහිල්ලේ හෝ ලිංගාශි‍්‍රත ප්‍රදේශවල රෝම නැති වීම පිරිමි අයෙකුගෙ නම් “ලිංග බෙලහීනතාවය”, වෘෂණ කෝෂ කුඩා වීම, පියයුරු විශාල වීම, ඇස් පෙනීමේ ආබාධ, කරකැවිල්ල, වමනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙනවා.
මෙම රෝග තත්ත්වය විනිශ්චය කිරීම සඳහා රුධිරයේ ප්‍රොලැක්ටින් හෝර්මෝන ප්‍රමාණයත්, වෙනත් රුධිර පරීක්ෂණත්, CT ස්කෑන්, MRI ස්කෑන් වැනි මොළයේ පිංතූර ලබා ගත හැකි පරීක්ෂණත් භාවිතා කරනු ලබනවා.
රෝගයට ප්‍රතිකාර ලෙස ඖෂධ පෙති වර්ග භාවිතා කරනු ලබනවා. මේ මඟින් දළ වශයෙන් 80% පමණ රෝගීන්ගේ රෝග තත්ත්වය මනා ලෙස පාලනය කරනු ලබනවා. පෙති මඟින් රෝග තත්ත්වය පාලනය කරගත නොහැකි වූ විට ශල්‍යකර්ම මඟින් ප්‍රතිකාර කරනු ලබනවා. කෙසේ නමුත් මෙම රෝගී තත්ත්වය ඇති අයෙකු ගර්භණීභාවයට පත් වුවහොත් ගෙඩියේ ප්‍රමාණය වැඩිවීමක් ඇති විය හැකි වෙනවා. මීට අමතරව මෙම ප්‍රොලැක්ටින් හෝර්මෝනය මඟින් පුරුෂ හා ස්ත්‍රී හෝර්මෝන යටපත් කරනු ලබන බැවින් ඔස්ටියෝපොරෝසිස් හෙවත් ඇටකටු ශක්තිමත් බවින් අඩු වීමේ අවදානමක් ඇති වෙනවා. මෙම රෝග තත්ත්වය ඇති රෝගීන් ප්‍රතිකාර මඟින් 95% ක් පමණ දෙනා සුවය ලබනවා. කිරි දෙන්නේ නැති අවස්ථාවක කාන්තාවන්ගේ පියයුරුවලින් කිරි එරීමේ හේතු කීපයක් ඇතත්, අද අපි සාකච්ඡා කළ ප්රොලැක්ටිනෝමා නැමති රෝග තත්ත්වය හෙවත් පිටියුටරි ග්‍රන්ථියේ ඇති වන පිළිකා නොවන ගෙඩිය ප්‍රධාන දෙයක් වෙනවා. පාඨක ඔබට මෙම රෝග තත්ත්වය ඇති රෝග ලක්ෂණ ගැන සැකයක් ඇතිනම් ඔබගේ ළඟම ඇති රෝහලේ වෛද්‍යවරයා මඟින් අදාළ සායන වෙත යොමු කරවා ගත යුතුයි