Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැඳුන්ගමුවේ රාජා ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැඳුන්ගමුවේ රාජා ඇතා

[ATTACH]52632[/ATTACH]

[ATTACH]52633[/ATTACH]

[ATTACH]52634[/ATTACH]

දසවෙනි වරටත් සධාතුක කරඬුව වැඩම වීමට කන්ද උඩරට සෙන්කඩගල පුරවරයට පැමිණෙන සද්දන්ත කුලයේ හස්ථිරාජයා.

දළදා කරඬුව වැඩමවීමේ දුර්ලබ භාග්ය හිමි නැඳුන්ගමුවේ රාජා ඇතා පිළිබඳ තබන සටහනක්..

දළදා පෙරහරේ ප්රධානම සංකේතය දළදා කරඬුවයි. වැඩ සිටින මාලිගය ඇතුළේ තැන්පත් කර ඇති පෙරහර කරඬුව පෙරහර සඳහා දියවඩන නිලමේ තුමාගේ අතෙහි තැන්පත් කරන මොහොත සැබැවින්ම අසිරිමත් දසුනකි.

සුබ නැකතින් තේවා භාර ස්වාමින් වහන්සේ කරඬුව තැන්පත් කර ඇති වැඩ සිටින මාලිගයෙන් පිටතට ගන්නේ පංච තූර්ය නාද මධ්යයේය. ඒ අතරතුර කවිකාර මඩුවේ පිරිස් උස් හඬින් ආශිර්වාද ගී ගයති. එසේ කරඬුව වඩමවන මඟ දෙපස සිට පල්ලේමාලේ රාලත්, ගෙපරාලත් සුදු මල් ඉසින්නේ මහත් බැතියකිනි.

එසේ ස්වාමින් වහන්සේ විසින් වඩමවන ලද කරඬුව දියවඩන නිලමේ තුමාගේ සුරතින් තබන්නට පෙර එතුමාගේ දෑත් සදුන් කිරි පැණින් දෝවනය කරගත යුතු වේ. ඉන් අනතුරුව එතුමාගේ සුරතේ පට ලේන්සු දෙකක් අතුරන්නේ කාරියකරවන කෝරාල සහ වට්ටෝරු රාල විසිනි.

තේවා භාර හිමියෝ දියවඩන නිලමේගේ සුරතේ කරඬුව තැන්පත් කරන්නේ ඉන් අනතුරුවයි. මේ මොහොතේ දියවඩන නිලමේ තුමන් සියලු වස්ත්රාභරණයෙන් සැරසී සිටීම චිරාගත සම්ප්රදාය යි.

දළදා මාලිගයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු කරන ලද මංගල හස්ති රාජයා ඒ වන විට රැඳි සිටින්නේ සිරිත් පරිදි පඩිපෙළ මතය. නිලමේ තුමා හස්තිරාජයාගේ පිටෙහි බඳින ලද රන්සිවිගෙයි කරඬුව තැන්පත් කරයි. තම පිට මත කරඬුව තැබීම ඉතා කීකරුව ඉවසමින් ඒ මාහැඟි අවස්ථාවට ඉඩ දෙන හස්තිරාජයා කරඬුව නිසි පරිදි තැන්පත් කිරීමෙන් අනතුරුව පඩිපෙළ බැස යන්නේ ඉතාම පරෙස්සමෙන් ගරු ගම්භීර ලීලාවෙනි. පෙරහර නිල වශයෙන් ආරම්භ වන්නේ මංගල හස්තිරාජයා මාලිගය ඉදිරිපිට සඳකඩ පහණ මතට පැමිණීමෙන් අනතුරුවය.

අලි ඇතුන් කොපමණ සිටියත් කරඬුව වඩම වන්නේ ඊට සුදුසු සද්දන්ත කුලයේ හස්ති රාජයෙකුගේ උර මතයි.

ඒ සඳහා ඉතා පිරිපුන් පි්රයමනාප පෙනුමකින් යුතු ඇතෙක් තොරා ගනු ලබයි. ඇතුගේ දළ පිහිටීම මෙන්ම පිට මත රන්සිවිගෙය තැන්පත් කරන ‘වත පුටුව‘ නම් ඇතුන්ගේ පිටෙහි පලඳන පුටුවක් ආකාරයේ ආසනය තැන්පත් කළ හැකි පළල් පිටක් තිබීම මෙන්ම කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව කන් සෘජුව තබාගෙන ගම්භීර ලීලාවෙන් යුතු ඇත් ගමනකින් ගමන් කළ හැකි හස්තිරාජයෙකු වීම ද විශේෂත්වයකි.

දළදා කරඬුව වැඩම වීමට සුදුසුකම් ඇති හස්තිරාජයන් අද සිටින්නේ දෑතෙහි ඇඟිලි ගණනටත් අඩු ප්රමාණයකි. ඒ අතරින් ද වඩාත් රූපශ්රීයෙන් හෙබි ඇත් රජෙකු ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ ‘නැදුන්ගමුවේ රාජා’ යි.

පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට ප්රතිකාර කිරීමට ප්රචලිත මෙරට භික්ෂුවක් ඉන්දියාවේ මයිසුර් ප්රාන්තයේ - ”මහරාජා” වරයකුට ප්රතිකාර කිරීම සඳහා එහි ගියේය. හිමියන් ගේ ප්රතිකාරවලින් නිට්ටාවට සුවය ලද ”මහරාජා” පුද පඬුරු ලෙස අවශ්ය මොනවාදැයි හිමියන්ගෙන් විමසා සිටියේ ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට සූදානමිනි.

එම ස්වාමීන් වහන්සේ කිසිම මුදලක් ලබාගැනීමට ප්රතික්ෂේප කළත් එක ඉල්ලීමක් මහරාජා වෙත ඉදිරිපත් කර සිටියේය. ඒ ඉන්දීය ඇතෙකි. එක් ඇතෙක් වෙනුවට ඇත් පැටවුන් දෙදෙනෙකුම ත්යාග ලෙස එම හිමියන්ට ලැබුණේය.

පිළියන්දල - නීලම්මහර විහාරස්ථානයක වැඩ වාසය කළ ඒ හිමියන් සතුව සිටි ඒ එක් ඇත් පැටවකු අද වන විට ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතාය. 2005 වසරේ සිට අඛණ්ඩව ශ්රී ලංකා දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරලීමට වාසනාව ලද මේ හස්ති රාජයා ගම්පහ නැඳුන්ගමුවේ ඇත්රජුය.

නැඳුන්ගමුවේ හස්තියාගේ විශේෂත්වය නම් පෙරහැරකට සහභාගී වීමට කිසිදිනක වාහනයකින් ගමන් නොකිරීමයි.

ලංකාවේ පවත්වන ඕනෑම පෙරහැරක් සඳහා හස්තියා යන්නේ පා ගමනිනි. හස්තියාගේ වත්මන් හිමිකරු වන නැඳුන්ගමුව වෙද පරපුරේ වත්මන් නියෝජනය වන වෛද්ය හර්ෂ ධර්ම විජය මහතා පවසන පරිදි ඇතෙකු වාහනයක රැගෙන යාම එම සතාට කරන බලවත් වූ හිංසාවකි. තට්ටුව සහිත දිග ලොරිවල පටවාගෙන යෑමේදී එම සතා විවිධ දුෂ්කරතාවලට ලක්වෙයි. වාහනයේ ගැස්සීම්, තිරිංග තදකිරීමේදී ඇතිවන පීඩනය එම සත්ත්වයාට දරාගත නොහැක. තමාට ඇති අසීරුතාව පිළිබඳ පැවැසීමට සතාට නොහැකිය. තම දැවැන්ත ශරීරය පාලනය කර ගනිමින් ඉතා අයාසයෙන් යුතුව යන මේ ගමන්වලින් සත්ත්වයා විවිධ ලෙඩ රෝගවලට ලක්වී උගේ පරමායුෂද අඩුවේ.

නුවර දළදා පෙරහැර පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද සහභාගි වන හස්තියා එහි යන්නේ පා ගමනිනි. ඇත්ගොව්වා සමග පා ගමනින් යන හස්තියාගේ ගමන නිරීක්ෂණය කිරීම සඳහා හර්ෂ විජය වෙද රාළහාමිද වාහනයෙන් යයි.

මහනුවර දළදා මාලිගාවේ පෙරහැර පටන් ගැනීමට දින 5කට කලින් ගම්පහ - නැඳුන්ගමුවෙන් පිටත්වන හස්තියාගේ පළමු දින රාතී්ර නවාතැන වන්නේ පස්යාලයි. දෙවැනි දින රාති්රය වරකාපොළ, නතරවන හස්තියා තෙවැනි දින කෑගල්ලේ නතර වෙයි. හතරවැනි දිනයේ මාවනැල්ල ප්රදේශයේ රාති්රය ගතකරන හස්තියා තම ඇත්ගොව්වාද සමග පස්වැනි දිනයේදී මහනුවරට ළඟාවෙයි. අලූයම පිබිදී පා ගමනින් යන හස්තියා අව් රශිමිය දැඩි දහවල් කාලයේ විවේක ගනියි. නැවතත් හවස් යාමයේ ගමන පටන්ගෙන රාතී්ර කාලයේ විහාරස්ථානයක නවාතැන් ගනියි.

හර්ෂ විජය මහතාට අනුව අලි ඇතුන් දැඩි අව් රශ්මියේ යාමට අකමැතිය.

රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැරට සහභාගිවීමට යන්නට හස්තියා දින තුනක් තිස්සේ පා ගමනින් යයි. කැලයක සිටින අලියෙකු වුවද තම ආහාර සපයා ගැනීමට දිනකට කී.මී. 15ක් 20ක් පමණ පයින් ගමන් කරයි. උගේ ජීවන පැවැත්මට එය අනිවාර්යයෙන් අවශ්ය අංගයක් බවද පැවැසේ.

ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි.

සම්පූර්ණයෙන්ම ශාක භාක්ෂක සතෙකු වන අලියාට පළතුරු දීමට බොහෝ අය උත්සාහ කළත් පළතුරු විශාල ප්රමාණයක් කෑ විට සතාට දරුණු බඬේ අමාරුව හැදෙන බව හර්ෂ විජය වෙද රාළහාමි කියයි. එම නිසා සත්ත්වයාට ආදරයෙන් පළතුරු නිතර ලබා නොදෙන්නැයි ඔහු හස්තියා බලන්නට එන පිරිස් වලින් ඉල්ලීමක් කරයි.

හර්ෂ විජය වෙද රාළහාමිගේ පියාණන් වන අභාවප්රාප්ත ධර්ම විජය වෙද රාළහාමි විසින් මෙම හස්තියා මීට කලකට පෙර ලබාගෙන ඇත උදාවන සෑම සිංහල අලූත් අවුරුද්දකදීම නැකතට හස්තියාගේ තෙල් ගැල්වීම එදා සිට අදටත් අඛණ්ඩව කරගෙන යයි. මෙම හස්තියා සමග ඉහත කී හිමි නම මෙරටට ගෙන ආ අනින් හස්තියා කොළඹ ගංගාරාමයේ සිට පසුගියදා මියගිය -නවම් රාජාය.

කවදාවත් මිනිස් ජීවිතයකට හානි නොකළ නැඳුන්ගමුවේ හස්තියා ගේ විශේෂත්වය වන්නේ පෙරහැරට සහභාගිවී සිටියදී මද කිපුණහොත් කිසිදු කලබයක් නොකර පෙරහැරේ ගමන් කිරීමයි. සාමාන්යයෙන් මද කිපුන අලියකු පෙරහැර සඳහා සහභාගී කර නොගත්තත්, පෙරහැරේ ගමන් කරන අතරවාරයේදී මද කිපීම සිදුවේ. මේ අවස්ථාවලදී බොහෝ අලි ඇතුන් කලබල කළත් නැඳුන්ගමුවේ ඇතා තම පාඩුවේ පෙරහැරේ ගමන් කරයි.

වෛද්ය හර්ෂ විජය මහතා පවසන පරිදි ඇතකුගේ පිට කරඬුව බැඳීම ඉතා අමාරු කාර්යයකි. බඳවටා විවිධාකාරයෙන් පටි තද කිරීමෙන් සතාගේ පෙනහලූ පවා තද වේ. අනතුරුව අවසන් වශයෙන් කරඬුව ගැට ගැසීම නිසා තවත් ඌ පීඩනයට පත්වෙයි. ඒ නිසා පෙරහැරේ ගමන් ගන්නා විට හස්තියාගේ හැසිරීමද එයට බලපානු ලැබේ. නමුත් ”බෞද්ධ ප්රබෝධය” මගින් ඒ සියල්ල පාලනය වෙයි.

2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා හස්තියාව තෝරාගන ලැබුවේ දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතාය.

එතෙක් සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප්රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය.

කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට ද සිදුවූයේ මෙම හස්තියාගේ උස වැඩිකම නිසාය.

නැඳුන්ගමුවේ ඇතාගේ දළ අඩි හතරක් දිගය. ධර්ම විජය මහතා පවසන්නේ තවත් අඩි 2ක් පමණ ශරීරය තුළට දළ ගැබ්ව ඇති බවය. දක්ෂ දේශීය වෛද්යවරුන් වන ධර්ම විජය හා හර්ෂ විජය වෙද පරපුරේ ප්රතිකාර නිසාත්, දිනපතා ලැබෙන පෝෂ්යදායි ආහාර සත්කාරය නිසාත්, නැඳුන්ගමුවේ හස්තියා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය මැද යහතින් වැජඹෙයි.

[QUOTE="jeewan tk, post: 16979896, member: 336776"] [b]නැඳුන්ගමුවේ රාජා ඇතා[/b] [ATTACH]52632._xfImport[/ATTACH] [ATTACH]52633._xfImport[/ATTACH] [ATTACH]52634._xfImport[/ATTACH] ද[COLOR="Red"][SIZE="5"]සවෙනි වරටත් සධාතුක කරඬුව වැඩම වීමට කන්ද උඩරට සෙන්කඩගල පුරවරයට පැමිණෙන සද්දන්ත කුලයේ හස්ථිරාජයා. දළදා කරඬුව වැඩමවීමේ දුර්ලබ භාග්ය හිමි නැඳුන්ගමුවේ රාජා ඇතා පිළිබඳ තබන සටහනක්..[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]දළදා පෙරහරේ ප්රධානම සංකේතය දළදා කරඬුවයි. වැඩ සිටින මාලිගය ඇතුළේ තැන්පත් කර ඇති පෙරහර කරඬුව පෙරහර සඳහා දියවඩන නිලමේ තුමාගේ අතෙහි තැන්පත් කරන මොහොත සැබැවින්ම අසිරිමත් දසුනකි. සුබ නැකතින් තේවා භාර ස්වාමින් වහන්සේ කරඬුව තැන්පත් කර ඇති වැඩ සිටින මාලිගයෙන් පිටතට ගන්නේ පංච තූර්ය නාද මධ්යයේය. ඒ අතරතුර කවිකාර මඩුවේ පිරිස් උස් හඬින් ආශිර්වාද ගී ගයති. එසේ කරඬුව වඩමවන මඟ දෙපස සිට පල්ලේමාලේ රාලත්, ගෙපරාලත් සුදු මල් ඉසින්නේ මහත් බැතියකිනි. එසේ ස්වාමින් වහන්සේ විසින් වඩමවන ලද කරඬුව දියවඩන නිලමේ තුමාගේ සුරතින් තබන්නට පෙර එතුමාගේ දෑත් සදුන් කිරි පැණින් දෝවනය කරගත යුතු වේ. ඉන් අනතුරුව එතුමාගේ සුරතේ පට ලේන්සු දෙකක් අතුරන්නේ කාරියකරවන කෝරාල සහ වට්ටෝරු රාල විසිනි. තේවා භාර හිමියෝ දියවඩන නිලමේගේ සුරතේ කරඬුව තැන්පත් කරන්නේ ඉන් අනතුරුවයි. මේ මොහොතේ දියවඩන නිලමේ තුමන් සියලු වස්ත්රාභරණයෙන් සැරසී සිටීම චිරාගත සම්ප්රදාය යි. දළදා මාලිගයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු කරන ලද මංගල හස්ති රාජයා ඒ වන විට රැඳි සිටින්නේ සිරිත් පරිදි පඩිපෙළ මතය. නිලමේ තුමා හස්තිරාජයාගේ පිටෙහි බඳින ලද රන්සිවිගෙයි කරඬුව තැන්පත් කරයි. තම පිට මත කරඬුව තැබීම ඉතා කීකරුව ඉවසමින් ඒ මාහැඟි අවස්ථාවට ඉඩ දෙන හස්තිරාජයා කරඬුව නිසි පරිදි තැන්පත් කිරීමෙන් අනතුරුව පඩිපෙළ බැස යන්නේ ඉතාම පරෙස්සමෙන් ගරු ගම්භීර ලීලාවෙනි. පෙරහර නිල වශයෙන් ආරම්භ වන්නේ මංගල හස්තිරාජයා මාලිගය ඉදිරිපිට සඳකඩ පහණ මතට පැමිණීමෙන් අනතුරුවය. අලි ඇතුන් කොපමණ සිටියත් කරඬුව වඩම වන්නේ ඊට සුදුසු සද්දන්ත කුලයේ හස්ති රාජයෙකුගේ උර මතයි. ඒ සඳහා ඉතා පිරිපුන් පි්රයමනාප පෙනුමකින් යුතු ඇතෙක් තොරා ගනු ලබයි. ඇතුගේ දළ පිහිටීම මෙන්ම පිට මත රන්සිවිගෙය තැන්පත් කරන ‘වත පුටුව‘ නම් ඇතුන්ගේ පිටෙහි පලඳන පුටුවක් ආකාරයේ ආසනය තැන්පත් කළ හැකි පළල් පිටක් තිබීම මෙන්ම කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව කන් සෘජුව තබාගෙන ගම්භීර ලීලාවෙන් යුතු ඇත් ගමනකින් ගමන් කළ හැකි හස්තිරාජයෙකු වීම ද විශේෂත්වයකි. දළදා කරඬුව වැඩම වීමට සුදුසුකම් ඇති හස්තිරාජයන් අද සිටින්නේ දෑතෙහි ඇඟිලි ගණනටත් අඩු ප්රමාණයකි. ඒ අතරින් ද වඩාත් රූපශ්රීයෙන් හෙබි ඇත් රජෙකු ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ ‘නැදුන්ගමුවේ රාජා’ යි. -------------------------------------------------------------------------------------------------------------------------------------- පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට ප්රතිකාර කිරීමට ප්රචලිත මෙරට භික්ෂුවක් ඉන්දියාවේ මයිසුර් ප්රාන්තයේ - ”මහරාජා” වරයකුට ප්රතිකාර කිරීම සඳහා එහි ගියේය. හිමියන් ගේ ප්රතිකාරවලින් නිට්ටාවට සුවය ලද ”මහරාජා” පුද පඬුරු ලෙස අවශ්ය මොනවාදැයි හිමියන්ගෙන් විමසා සිටියේ ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට සූදානමිනි. එම ස්වාමීන් වහන්සේ කිසිම මුදලක් ලබාගැනීමට ප්රතික්ෂේප කළත් එක ඉල්ලීමක් මහරාජා වෙත ඉදිරිපත් කර සිටියේය. ඒ ඉන්දීය ඇතෙකි. එක් ඇතෙක් වෙනුවට ඇත් පැටවුන් දෙදෙනෙකුම ත්යාග ලෙස එම හිමියන්ට ලැබුණේය. පිළියන්දල - නීලම්මහර විහාරස්ථානයක වැඩ වාසය කළ ඒ හිමියන් සතුව සිටි ඒ එක් ඇත් පැටවකු අද වන විට ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතාය. 2005 වසරේ සිට අඛණ්ඩව ශ්රී ලංකා දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරලීමට වාසනාව ලද මේ හස්ති රාජයා ගම්පහ නැඳුන්ගමුවේ ඇත්රජුය. නැඳුන්ගමුවේ හස්තියාගේ විශේෂත්වය නම් පෙරහැරකට සහභාගී වීමට කිසිදිනක වාහනයකින් ගමන් නොකිරීමයි. ලංකාවේ පවත්වන ඕනෑම පෙරහැරක් සඳහා හස්තියා යන්නේ පා ගමනිනි. හස්තියාගේ වත්මන් හිමිකරු වන නැඳුන්ගමුව වෙද පරපුරේ වත්මන් නියෝජනය වන වෛද්ය හර්ෂ ධර්ම විජය මහතා පවසන පරිදි ඇතෙකු වාහනයක රැගෙන යාම එම සතාට කරන බලවත් වූ හිංසාවකි. තට්ටුව සහිත දිග ලොරිවල පටවාගෙන යෑමේදී එම සතා විවිධ දුෂ්කරතාවලට ලක්වෙයි. වාහනයේ ගැස්සීම්, තිරිංග තදකිරීමේදී ඇතිවන පීඩනය එම සත්ත්වයාට දරාගත නොහැක. තමාට ඇති අසීරුතාව පිළිබඳ පැවැසීමට සතාට නොහැකිය. තම දැවැන්ත ශරීරය පාලනය කර ගනිමින් ඉතා අයාසයෙන් යුතුව යන මේ ගමන්වලින් සත්ත්වයා විවිධ ලෙඩ රෝගවලට ලක්වී උගේ පරමායුෂද අඩුවේ. නුවර දළදා පෙරහැර පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද සහභාගි වන හස්තියා එහි යන්නේ පා ගමනිනි. ඇත්ගොව්වා සමග පා ගමනින් යන හස්තියාගේ ගමන නිරීක්ෂණය කිරීම සඳහා හර්ෂ විජය වෙද රාළහාමිද වාහනයෙන් යයි. මහනුවර දළදා මාලිගාවේ පෙරහැර පටන් ගැනීමට දින 5කට කලින් ගම්පහ - නැඳුන්ගමුවෙන් පිටත්වන හස්තියාගේ පළමු දින රාතී්ර නවාතැන වන්නේ පස්යාලයි. දෙවැනි දින රාති්රය වරකාපොළ, නතරවන හස්තියා තෙවැනි දින කෑගල්ලේ නතර වෙයි. හතරවැනි දිනයේ මාවනැල්ල ප්රදේශයේ රාති්රය ගතකරන හස්තියා තම ඇත්ගොව්වාද සමග පස්වැනි දිනයේදී මහනුවරට ළඟාවෙයි. අලූයම පිබිදී පා ගමනින් යන හස්තියා අව් රශිමිය දැඩි දහවල් කාලයේ විවේක ගනියි. නැවතත් හවස් යාමයේ ගමන පටන්ගෙන රාතී්ර කාලයේ විහාරස්ථානයක නවාතැන් ගනියි. හර්ෂ විජය මහතාට අනුව අලි ඇතුන් දැඩි අව් රශ්මියේ යාමට අකමැතිය. රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැරට සහභාගිවීමට යන්නට හස්තියා දින තුනක් තිස්සේ පා ගමනින් යයි. කැලයක සිටින අලියෙකු වුවද තම ආහාර සපයා ගැනීමට දිනකට කී.මී. 15ක් 20ක් පමණ පයින් ගමන් කරයි. උගේ ජීවන පැවැත්මට එය අනිවාර්යයෙන් අවශ්ය අංගයක් බවද පැවැසේ. ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි. සම්පූර්ණයෙන්ම ශාක භාක්ෂක සතෙකු වන අලියාට පළතුරු දීමට බොහෝ අය උත්සාහ කළත් පළතුරු විශාල ප්රමාණයක් කෑ විට සතාට දරුණු බඬේ අමාරුව හැදෙන බව හර්ෂ විජය වෙද රාළහාමි කියයි. එම නිසා සත්ත්වයාට ආදරයෙන් පළතුරු නිතර ලබා නොදෙන්නැයි ඔහු හස්තියා බලන්නට එන පිරිස් වලින් ඉල්ලීමක් කරයි. හර්ෂ විජය වෙද රාළහාමිගේ පියාණන් වන අභාවප්රාප්ත ධර්ම විජය වෙද රාළහාමි විසින් මෙම හස්තියා මීට කලකට පෙර ලබාගෙන ඇත උදාවන සෑම සිංහල අලූත් අවුරුද්දකදීම නැකතට හස්තියාගේ තෙල් ගැල්වීම එදා සිට අදටත් අඛණ්ඩව කරගෙන යයි. මෙම හස්තියා සමග ඉහත කී හිමි නම මෙරටට ගෙන ආ අනින් හස්තියා කොළඹ ගංගාරාමයේ සිට පසුගියදා මියගිය -නවම් රාජාය. කවදාවත් මිනිස් ජීවිතයකට හානි නොකළ නැඳුන්ගමුවේ හස්තියා ගේ විශේෂත්වය වන්නේ පෙරහැරට සහභාගිවී සිටියදී මද කිපුණහොත් කිසිදු කලබයක් නොකර පෙරහැරේ ගමන් කිරීමයි. සාමාන්යයෙන් මද කිපුන අලියකු පෙරහැර සඳහා සහභාගී කර නොගත්තත්, පෙරහැරේ ගමන් කරන අතරවාරයේදී මද කිපීම සිදුවේ. මේ අවස්ථාවලදී බොහෝ අලි ඇතුන් කලබල කළත් නැඳුන්ගමුවේ ඇතා තම පාඩුවේ පෙරහැරේ ගමන් කරයි. වෛද්ය හර්ෂ විජය මහතා පවසන පරිදි ඇතකුගේ පිට කරඬුව බැඳීම ඉතා අමාරු කාර්යයකි. බඳවටා විවිධාකාරයෙන් පටි තද කිරීමෙන් සතාගේ පෙනහලූ පවා තද වේ. අනතුරුව අවසන් වශයෙන් කරඬුව ගැට ගැසීම නිසා තවත් ඌ පීඩනයට පත්වෙයි. ඒ නිසා පෙරහැරේ ගමන් ගන්නා විට හස්තියාගේ හැසිරීමද එයට බලපානු ලැබේ. නමුත් ”බෞද්ධ ප්රබෝධය” මගින් ඒ සියල්ල පාලනය වෙයි. 2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා හස්තියාව තෝරාගන ලැබුවේ දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතාය. එතෙක් සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප්රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය. කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට ද සිදුවූයේ මෙම හස්තියාගේ උස වැඩිකම නිසාය. නැඳුන්ගමුවේ ඇතාගේ දළ අඩි හතරක් දිගය. ධර්ම විජය මහතා පවසන්නේ තවත් අඩි 2ක් පමණ ශරීරය තුළට දළ ගැබ්ව ඇති බවය. දක්ෂ දේශීය වෛද්යවරුන් වන ධර්ම විජය හා හර්ෂ විජය වෙද පරපුරේ ප්රතිකාර නිසාත්, දිනපතා ලැබෙන පෝෂ්යදායි ආහාර සත්කාරය නිසාත්, නැඳුන්ගමුවේ හස්තියා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය මැද යහතින් වැජඹෙයි. ***[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom