නැවතත් සත්ව සංගණනයක් 🐒🐒🐒

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,133
    8,245
    113


    කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනට ලැබී ඇති සත්ත්ව සංගණන වාර්තාවේ දෝෂ තිබෙන බව එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    දිස්ත්‍රික් මට්ටමින් ලැබී තිබෙන සංගණන තොරතුරු නිවැරදි නොවන බැවින් තවත් සංගණන වාර්තාවක් සකස් කිරීමට සිදුවන බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.

    අඩුපාඩු සහිත සංගණන වාර්තාව නිවැරැදි කිරීමට රිලවා, වඳුරා, දඬුලේනා සහ මොනරා ආදී සතුන් පිළිබඳව නැවත නියැදි සමීක්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේ ය.

    දිස්ත්‍රික්ක මට්ටමින් සාම්පල් ලබාගෙන තොරතුරු විශ්ලේෂණය කිරීමේ පරීක්ෂණයක් සිදුකරන බව ද ඔහු කීය.
    පසුගිය දා දිවයින පුරා පැවැත්වූ සංගණනයේ තොරතුරු හා නව සමීක්ෂණයේ තොරතුරු සංසන්දනය කර නිවැරදි වාර්තාව සකස් කරන බව ත් නිර්දේශ සහිත අවසන් වාර්තාව ලබා දීම සඳහා නිශ්චිත කාලයක් ප්‍රකාශයට පත්කර නොමැති බව ත් එම නිලධාරියා පැවසීය.

    වන සතුගෙන් වගා හානි වැළැක්වීමට පත්කළ කමිටුවේ කාර්යයක් අනුව සංගණනය පැවැත්වූ බව ත් කෘෂිකර්ම අමාත්‍යාංශය සංගණනය උපකාරි කරගෙන සත්ත්ව පාලනයට ගතයුතු නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක් සිදුකරන බව ත් හෙතෙම සඳහන් කළේ ය.

    වන සතුන්ගෙන් ජනතාවට එල්ල වන ගැටලුවලට ප්‍රායෝගික පියවරයන් ගැනීම සඳහා සතුන් සිටින ප්‍රමාණ දැන සිටිය යුතු අතර නිර්දේශ ඉදිරිපත් කිරීමේ වාර්තාව සැකසීමේදී සත්ත්ව සංගණනය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට සංගණනයේ සංඛ්‍යා දත්ත යොදාගන්නා බව ඔහු කීය.

    තවත් පාර්ශ්ව සමග සාකච්ඡා කර, සමීක්ෂණ තොරතුරු ලබාගෙන, විශ්වවිද්‍යාල අධ්‍යයන ගැන සොයා බලා, සත්ත්ව හිංසනයට විරුද්ධ පාර්ශ්වයන්ගේ සහ ගොවීන්ගේ අදහස් ලබාගෙන නිවැරදි වාර්තාවක් සැකසීමට කාලයක් ගතවනු ඇති බව ද එම නිලධාරියා පැවසීය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය සංගණනයේ අවසන් වාර්තාවක් ලබා දෙන බවට සමාජයට වැරදි පණිවිඩයක් ගොස් තිබෙන බව ත් වන සත්ත්ව සංගණනය යටතේ කොපමණ සතුන් ප්‍රමාණයක් වාර්තා වූයේදැයි ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ත් හෙතෙම සඳහන් කළේ ය.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Suspicious Monkey GIF by MOODMAN
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    හරි හරි ඉතින් තව පෝය දෙකක් ඉවසලා ඉන්නකෝ