නෑදෑකම

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරකුයි ඇමරිකන් පොරකුයි චැට් එකකට සෙට් උනා...
    ටික වෙලාවකින් ඇමරිකන් පොර:-"උඹ දන්නවද...?මගේ අම්මයි තාත්තයි,ගෙදරින් එලියටවත් බැහැල නැති,මම කවදාවත් දැකලත් නැති,ආදරේ ගැන මොන මගුලක්වත් දන්නෙ නැති කෙල්ලෙක්ට මාව බන්දල දුන්නා..මට දැන් මේ මගුල එපා වෙලා ඕයි... "
    අපේ පොර:-"උඹ මගුලක් කියවනවා...ආදරේ කරල කරන මගුල් ගැන....මේ අහපන්...මම බැන්දෙ අවුරුදු තුනක් ආශ්‍රය කරල, දුවක් ඉන්න, මිනිහ මැරිච්ච ගෑනියෙක්...ටික කාලෙකට පස්සෙ අපේ තාත්තා මේ ගෑනිගෙ දුවත් එක්ක යාළු වෙලා ඒ දෙන්නත් කසාද බැන්දා...
    දැන් තාත්තා මගේ බෑනා...මම තාත්තගේ මාමා...තාත්තා බැන්ද කෙල්ල මගේ අම්ම වෙනව එතකොට...මගේ ගෑණි මගේ ආච්චී...
    ප්‍රශ්ණෙ තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම...එතකොට මගේ පුතා අපේ තාත්තගෙ මල්ලී...ඒ නිසා මගේ පුතා මගේ බාප්පා...
    කේස් එක තවත් දරුණු උනේ අපේ තාත්තගෙ නෝනට දුවෙක් ලැබුනම...දැන් තාත්තගෙ දුව මගේ නංගී...මගෙයි නෝනගෙයි මිණිබිරී...
    බලාගෙන ගියාම මම මගේම සීයා වෙලා....මගේ ම මුණුබුරා වෙලා....උඹ මේ පවුල් ප්‍රශ්ණ කතා කරනවා....!!!
     
    • Like
    Reactions: SaCy.StYLe