නිකාබ් ඇඳුම තහනම් කිරීම නිසා සේවයෙන් ඉල්&#3517

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිකාබ් ඇඳුම තහනම් කිරීම නිසා සේවයෙන් ඉල්&#3517

    :lol:හෝමාගම මූලික රෝහලේ සේවය කරමින් සිටි මුස්ලිම් ජාතික වෛද්‍යවරියක ඇයගේ මුහුණු ආවරණය වන නිකාබ් ඇඳුම තහනම් කිරීම නිසා සේවයෙන් ඉල්ලා අස්වූ පුවතක් වාර්තාවේ.
    රජය මගින් ගැසට් මගින් මුහුණු ආවරණ වැසුම් තහනම් කර තිබෙන පසුබිමන් තුළ ඉකුත් අප්‍රේල් මාසයෙ අවසන් සතියෙහි හෝමාගම රෝහලට
    නිකාබය පැළඳ සේවයට වාර්තා කර බාහිර ප‍්‍රතිකාර ඒකකයේ ඇය සේවය කරමින් සිටි බව පැවසෙන අතර එම අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පළ කර තිබුණි.

    එම අවස්ථාවේ රෝගීන්ද එයට විරෝධය පළ කර බලධාරීන්ට දන්වා ඇති බව වාර්තා විය.



    මේ හේතුවෙන් රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා මුහුණු ආවරණ රහිතව සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීම ඇගේ කණස්සල්ලට හේතුවී ඇති අතර එම නියෝගයෙන් පසු ඇය සේවයට වාර්තා නොකර සිට අවසානයේ වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඉල්ලා අස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරියට යොමු කර ඇතැයි වාර්තාවේ.

    මුලින්ම ඇයට රෝගීන් විරුද්ධවූ අවස්ථාවේ වෛද්‍යවරිය මෙන්ම ඇයගේ පියාද කාර්යාලයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව වෛද්‍ය අධිකාරීවරයා දන්වා ඇත පසුව වෛද්‍යවරිය පියා සමග ඒ ගැන තර්ක කර ඇති බවද වාර්තා වන අතර පසුව රෝහලෙන් පිටව ගොස් ඇත.

    එම පිටව යාමෙන් පසු වෛද්‍යවරිය කිසිදු දැනුම්දීමකින් තොරව මැයි මස 02 දින දක්වා රාජකාරියට වාර්තා කර නොමැති ඇය එදින දුරකථන ඇමතුමක් ලබා දී තමන් අසනීප තත්වයකින් පෙළෙන බව දැනුම් දී ඇත.
    පසුව අදාල වෛද්‍යවරිය සිය වෘත්තීයෙන් ඉල්ලා අස්වීම දන්වමින් හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ. හෙට්ටිආරච්චි මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

    ‘එවැනි සිදුවීමක් අප රෝහලේ සිදුව තිබෙනවා.එම සිදුවීමෙන් පසු ඇය තවමත් සේවයට වාර්තා කර නැහැ. පසුව ඇයට සිය වෘත්තියෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසා අප වෙත ලිපියක් ලබා දී තිබෙනවා නමුත් තවම ඇයගේ ඉල්ලා අස්වීම පිළිගත් බවට බළධාරීන් අප වෙත දන්වා නැහැ‘වෛද්‍ය අධිකාරීවරයා දන්වා ඇත.:lol:
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    ammo

    collage.jpg
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    අසාද් සාලී ඔකිවත් වෙන තැනකට මාරු කරන්න ඇති.:lol:බලපන් ගෑනුන්ගේ රෙස්පොට් එක ඔකවත් ගලවල දෙවනි වෙන්නෑ උන් එක එකාට. මන් හිතුව ගෑනු හොදයි කියලා.