නිට්ටෑවන්ගේ අභිරහස් එලිවෙයි(Latest News )

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නිට්ටෑවන්ගේ අභිරහස් එලිවෙයි(Latest News )

    https://www.facebook.com/siyathatv/...fSTEwMDAyNDUwNTAwNzYyNDo0MDI0NTgzNjcyNDc2NjA/


    නිට්ටෑහෙල,නිට්ටඹුව,නිට්ටෑවල නම් හැදුනේ මෙහෙමයි

    සිoහරාජ අඩවියේ ඉදලා.සමනල අඩවියේ ඉදලා.මිනිස්සුත් දැකලා.

    ඈත අතීතයේ ඉදලා වී හොරකම් කරලා.ගම්මු කියලා තියෙන්නේ ගොපලු යකා කියලා

    ගොපලු යකා,පට්ටි යකා කියන්නේ නිට්ටෑවන්ටමයි.හොරෙන් කිරි අරන් යනවා.එතකොට පට්ටිකාර මුදියන්සේ කියලා තියෙන්නේ නිට්ටෑවන්ටමයි..........

    බඩු හොරකම් කරලා.මානව ජීවිතයට තර්ජනයක් වෙලා........

    වසර 500කට පෙරනිට්ටෑවන් ගුහාවක කොටුකර සමූල ඝාතනය කරලා

    රාවනා රජුට නිට්ටෑවන්ගේ සේනාන්කයක් ඉදලා.ඔත්තු බැලීම ප්‍රදාන තනතුර වෙලා තිබිලා


    තවමත් ලංකාවේ කිසිම තැනකින් නිට්‌ටෑවකුගේ පොසිලයක්‌ හෝ නිට්‌ටෑවකු පිළිබඳ වෙනත් පුරා විද්‍යාත්මක සලකුණක්‌ නම් ලැබී නැහැ. නමුත් ඉතා ශක්‌තිමත් ජනකතාවක්‌ තිබෙනවා. එනම් තරමක්‌ මිටි ඇඟ පුරා මයිල් පිරි නිට්‌ටෑවන් නම් මානවයන්ගේ මූලික ක්‍රියාකාරීත්වය සහිත පිරිසක්‌ ලංකාවේ කඳුකර ප්‍ර්‍රදේශවල, වනාන්තර ප්‍ර්‍රදේශවල ගල්ගුහා ආශ්‍ර්‍රsතව ජීවත් වූ බවයි. එක්‌තරා අවස්‌ථාවකදී ශ්‍ර්‍රS ලංකාවේ පැරණි ජන කණ්‌ඩායම වන වර්තමාන වැදි ජනයාගේ පිරිස්‌ මේ නිට්‌ටෑවන් සම්පූර්ණයෙන්ම වඳ කළ බව කියෑවෙනවා. කෙසේ වෙතත් මේ නිට්‌ටෑවන්ගේ ජාන වැදි ජනයා තුළටත්, වැදිජනයාගෙන් නූතන ශ්‍ර්‍රS ලාංකික මානවයින්ටත්, විශේෂයෙන්ම සිංහල ජනයාටත් ඇතුළු වී ඇති බවට සැකයක්‌ නැහැ. ඒ වගේම විවිධ මානව විභේදනයන්, පීකිං මිනිසා ඒ වගේම ජාවා මිනිසා, නිට්‌ටෑවා වේවා නියෑන්ඩතාල් වේවා විවිධ මානව විභේදනයන් ගණනාවක්‌ මීට වසර ලක්‌ෂ 25ක පෙර දැක ගන්න හැකිවුණු බව වාර්තා වෙනවා. ඒ වගේම අපි හඳුනා ගන්නා මේ ක්‍රි්‍රයාවලියේ අලුත්ම තත්ත්වය ඒ කියන්නේ නියෑන්ඩතාල් ඒ වගේම ඩෙනිසෝවන් නමින් හඳුන්වන මානවයා, පීකිං මානවයා, නිට්‌ටෑවන් වැනි අය මීට වසර ලක්‌ෂ 5කට පමණ පෙර පැහැදිලිව විද්‍යාමාන වූ බවයි දැනට තිබෙන පොසිල සාක්‌ෂි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම වසර 30000 කට පමණ පෙර විශ්වාස කෙරෙනවා එතෙක්‌ පැවති මානව විභේදනයන්ගේ විවිධ කණ්‌ඩායම්, නියෑන්ඩතාල්වරු වේවා, නිට්‌ටෑවන් වේවා, පීකිං මානවයා වේවා, ජාවා මානවයා වේවා මේ කුඩා මානවයාට හිතකර කණ්‌ඩායම්, කිට්‌ටුවෙන් හිටපු කුඩා මිනිසුන් පරාජය කර උස මිනිසුන් ජයග්‍ර්‍රහණය කළ බව. ඒ අනුව වර්තමාන හෝමෝසේපියන් වසර 30,000 කට පමණ පෙර සිට ලෝකයේ ආධිපත්‍ය දරා ගත් බවත් ඔවුන් අන් අයව පරාජය කළ බවත් වාර්තා වෙනවා.

    පාඨලී චම්පික රණවක
    https://divaina.com/daily/index.php/visheshanga3/7662-2018-02-18-17-41-43

    නිට්ටෑවා කල්ලි ගැසී වැද්දන් මරාගෙන කෑ හැටි.... මහවිලච්චියේදී නිට්‌ටෑවෝ මුණගැසෙති!

    ස්පාඤ්ඤ ජාතික මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය සැල්වදොර් මාටිනස් 2004 දෙසැම්බර් 26 වැනිදා හටගත් සුනාමියට දින කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය අවට වනයෙහි සැරිසරයි. දෙසැම්බර් 25 වැනිදා දහවල් කාලයේදී වනයේදී ඇතිවන හදිසි වැස්සකදී ගල්ගුහාවකට දිවයන ඔහු වැස්සෙන් බේරීම සඳහා ගුහාව තුළට එන අමුතු ජීවියකු දකී. අඩි 3 ක් උස නිරුවත් අර්ධ මනුෂ්‍ය පෙනුමක් ඇති මේ ජීවියා ගුහාව තුළ වෛද්‍ය මාටිනස් සිටින බව ඉවෙන් දැන ගෙන මහ වැස්සේ පලා යයි. මේ සත්ත්වයා කවරෙක්ද?

    nits1.jpg


    වෛද්‍ය මාටිනස් විසින් දකිනා ලද අර්ධ මනුෂ්‍යයා ශ‍්‍රී ලංකාවට ආවේණික මෙයට වසර 150 කට පමණ පෙර වඳ වී ගිය නිිට්ටෑවා නමැති සතා බව විශ්වාස කරනු ලැබේ. දේවානම්පියතිස්ස රජුගේ කාලයේදීත් සිටි නිට්ටෑවා වැදි ජනයාගේ පරම සතුරකු බවත් එදා සිටම නිට්ටෑවා සහ වැද්දන් අතර අරගල තිබූ බවත් කියති. නිට්ටෑවන් පිළිබඳ ඓතිහාසික සාධක එකතු කළ දෙදෙනකු ගැන වාර්තා වේ. ඉන් පළමුවැන්නා හියු නෙවිල් ය. 1847 ඉපදී 1897 දී මියගිය හියු නෙවිල් අඩ සියවසක් තරම් කෙටි වූ සිය ජීවිත කාලය තුළ විශාල ශාස්ත‍්‍රීය මෙහෙවරක් කළ කෙනෙකි. 1869 දී සිවිල් සේවකයකු ලෙස ලංකාවට පැමිණි ඔහු මාතර දිසා විනිසුරු ලෙසද, මධ්‍යම පළාත් මූල්‍ය කටයුතු නිලධාරියා ලෙසද, මඩකලපුවේ දිසා විනිසුරු ලෙස ද සේවය කරමින් අවුරුදු 28 ක් ගත කළේය. ඒ කාලය තුළ ශ‍්‍රී ලංකාවේ වැදි ජනතාව සහ නිට්ටෑවන් ගැන ඔහු ගැඹුරු පර්යේෂණයක් කළේය. ඔහුගේ පර්යේෂණ පත‍්‍රිකා දහස් ගණනක් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ අදටත් තැන්පත් කර තිබේ. සිංහල භාෂාව හොඳින් උගෙන එහි ප‍්‍රවීණයකු වූ හියු නෙවිල් ‘ලංකාවේ කවි’ ගැන ඉංගී‍්‍රසි පොතක් ලියා තිබේ.

    ට්ටෑවන් ගැන අනෙක් පර්යේෂණය කළ තැනැත්තා කපිතාන් ඒ. ටී. රඹුක්වැල්ලය. ශ‍්‍රී ලංකාවේ නිට්ටෑ ප‍්‍රජාව විසින් වන්දනාමාන කරන ලද ගලින් තැනූ පූජාසන කීපයක් 1963 මැයි මාසයේදී නැගෙනහිර පළාතේ මහලේනම කැලය මැදදී ඔහුට හමු විය. මුහුදු මට්ටමින් අඩි 100 ක් උසින් පිහිටි මහලේනම ප‍්‍රදේශය වනාන්තර 7 කින්ද (ජුල්පල්ලම කැලය, අලිරාවල කැලය, මහලේනවඑලිය, තිරුපොකුණ කැලය, ලේනම කැලය, හිදපලූගස්වැව කැලය) බඹරගස්තලාව සහ බකුරේ යන ජනාවාසවලින්ද කුඩුම්බිගල කන්දෙන්ද ලේනමආර නමැති ගංගාවෙන් ද සමන්විතය. ලොව විසූ ප‍්‍රාථමික මනුෂ්‍ය වර්ග සියල්ල ගැන පර්යේෂණ කර ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයකු වූ ආචාර්ය ඔස්හිල් 1945 දී ශ‍්‍රී ලංකාවට පැමිණ නිට්ටෑවන් ගැන පර්යේෂණයක් කළේය. ඔහුගේ අදහස වූයේ නිට්ටෑවන් යනු මෙයට වසර ලක්ෂ 19 කට පෙර ලොව පහළ වී වසර 70,000 කට පෙර මිහිමතින් වඳව ගිය හෝමෝ ඉරෙක්ටස්ගේ වඳ නොවී ඉතිරි වූ අර්ධ මනුෂ්‍ය කොට්ඨාසය ලෙස නිට්ටෑවන් හැඳින්විය හැකි බවය. (ඔහු තිබ්බතයේ ජීවත් වන බවට සැක කෙරෙන ‘යෙටී’ නමැති හිම මිනිසා ගැන ද පර්යේෂණ කර ඇත.)

    නිට්ටෑවන් පිළිබඳ හියු නෙවිල් සොයාගත් කරුණු මෙසේය.

    නිට්ටෑවා යනු අඩි 3 ක් උස අර්ධ මනුෂ්‍යයෙකි. නිට්ටෑ ගැහැනිය අඩි දෙකහමාරක් උසය. මේ සත්ත්වයන් ජීවත් වන්නේ නිරුවතිනි. දිග ශක්තිමත් බාහු, ශක්තිමත් ඇඟිලිවල හටගත් දිගු ඝනකම් උල් නියපොතු, විශාල පතුල් සහිත පාද, ඇඟ පුරා වැඩුණු රතු පැහැති ලෝම විශාල ඇහි බැම සහ ඇතුළට නෙරා ගිය ඇස් කුහර නිට්ටෑවාගේ බාහිර පෙනුමය. ඔවුහු ආයුධ පාවිච්චි නොකරති. කිසිදු ප‍්‍රාථමික ගල් ආයුධයක් හෝ ලී ආයුධයක් ඔවුන් සතුව නැත. ඔවුන් ආයුධ වෙනුවට පාවිච්චි කරන්නේ ශක්තිමත් බාහු සහ උල් නිය සහිත ඇඟිලිය. ගෝන, මුව, කුළු හරක් විශාල සතුන් වටලා උන්ගේ ඇඟට රොත්ත පිටින් පනින නිට්ටෑවා එම සතුන් බිම පෙරළාගෙන නියපොතුවලින් සූරා කටින් හපා මරා දමති. ඉන්පසු ඒ මස් අනුභව කරති. කබරගොයා, තලගොයා, කටුස්සා වැනි සත්තු ද ඔවුන්ට ආහාර වෙති. ඊට අමතරව හුදෙකලාව වනයේ සැරිසරන වැද්දන් සහ වැදි දරුවන් ද මරා කෑමට නිට්ටෑවෝ පුරුදුව සිටියහ. වැදි ගැහැනුන්ට අතවර කර පසුව ඔවුන් මරා අනුභව කිරීමද නිට්ටෑවාන් වෙතින් සිදු විය. ඔවුන් ජීවත් වූයේ 10 සිට 20 දක්වූ රංචු වශයෙනි.

    හියු නෙවිල් 1886 දී ලියා පළ කළ ලියෑවිල්ලකට අනුව නිට්ටෑවාගේ වාසස්ථානය වූයේ ගල්ගුහාවක් හෝ ගහක අතුදෙබලක තනන ලද වේදිකාවක්ය. මෙයට වහලක් තිබූ අතර එය හෙවිල්ලා තිබුණේ එය පිහිටි ගහේ කොළවලිනි. ඔවුන්ට වැදි බස සිංහල හෝ දෙමළ කතා කළ නොහැකි විය. එහෙත් මූලික වචන කිහිපයකින් සමන්විත, කටින් නගන උරුවම් බෑමට සමාන ශබ්ද කිහිපයක් සහිත තෙළිඟු හා සමාන භාෂාවක් කතා කළහ.

    නිට්ටෑවාගේ බල ප‍්‍රදේශවලට වැද්දන් ඇතුළු වූයේ නැත. එයට හේතුව මනුෂ්‍යයන් හෝ තිරිසනුන් ඝාතනය කිරීමේදී උන් අනුගමනය කළ කෲර විදියයි. වැද්දා සතකු දඩයම් කළ විට එම සතා හම ගැහුවේ හෝ එම සතාගේ ගාත් කපා වෙන් කර ගන්නේ සම්පූර්ණයෙන්ම ප‍්‍රාණය නිරුද්ධ වූ පසුවය. එහෙත් නිට්ටෑවා සතකු අනුභව කළේ ඒ සතා පණපිටින් සිටියදීමය. වැද්දකු හසු වූ විට ඔහු පණ පිටින් දඟලද්දීම ඔහුගේ අතපය අමු අමුවෙන්ම කඩාගෙන කෑමට නිට්ටෑවෝ පුරුදුව සිටියහ. එබැවින් නිට්ටෑවන්ගේ බල ප‍්‍රදේශ තුළ ගෝනන් සහ මුවන් කොතරම් සිටියත්, පැණි ලබා ගැනීමට හැකි මීවද කොතරම් තිබුණත් වැද්දෝ එහි ඇතුළු නොවීමට වග බලා ගත්හ. නිට්ටෑවන් පිළිබඳ තවත් විශේෂ කාරණයක් වූයේ ගින්දර මොළවා ගැනීම පිළිබඳ ඔවුන් තුළ කිසිදු දැනුමක් නොතිබීමය. ඒ නිසා මස් වර්ග පිළිස්සීමකින් තොරව අමුවෙන්ම කෑමට ඔවුහු පුරුදුව සිටියහ. ඒ අතර වැද්දන් විසින් පළහන ලද මස්වලට ඔවුහු අධික ලෙස ආශා කළහ. ඒ අනුව දඩයමේ වනමැදට යන වැද්දකු හෝ දෙදෙනකු මස් පළහන විට ඔවුන් වට කළ නිට්ටෑවෝ වැද්දන් මරා දමා පළහන ලද මස් අනුභව කර වැදි මළකඳන් ද කා දැමූහ. එහෙත් නිට්ටෑවා කිසිදු විටෙක තම වර්ගයාගේ මාංශය අනුභව කළේ නැත. මෙයට වසර 150 - 200 දක්වා කලකට පෙර මේ අර්ධ මනුෂ්‍ය වර්ගයා මිහිමතින් තුරන් වී ගියද ඇතැම් විදේශික මානව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අදටත් ඔවුන්ගෙන් කිහිපදෙනකුවත් වනය තුළ ජීවත් වන බවය.



    nits2.jpg


    nits4.jpg


    https://divaina.com/sunday/index.php/visheshanga1/8552-2019-02-22-05-48-74
    යම් උගතෙක් නිට්ටෑවන් බොරුවක් කියා කියන්නේනම් ඌ කලුසුද්දෙක් බව සලකන්න.ඌට පිලිගෑනීමට හාවඩ් හෝ කේම්බ්‍රිජ් වලින් සුද්දන් පැමිනිය යුතුය​
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    යම් උගතෙක් නිට්ටෑවන් බොරුවක් කියා කියන්නේනම් ඌ කලුසුද්දෙක් බව සලකන්න.ඌට පිලිගෑනීමට හාවඩ් හෝ කේම්බ්‍රිජ් වලින් සුද්දන් පැමිනිය යුතුය
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මම හිතුව උබ මේ වගේ ආතල් දෙයි කියලා අර මී ගහ ගැන දුන්නු ටෝක දැක්කම. කෝකද උබ ඉස්සෙල්ලා දැම්මේ? මි ගහද නිට්ටාවද?
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    යම් උගතෙක් නිට්ටෑවන් බොරුවක් කියා කියන්නේනම් ඌ කලුසුද්දෙක් බව සලකන්න.ඌට පිලිගෑනීමට හාවඩ් හෝ කේම්බ්‍රිජ් වලින් සුද්දන් පැමිනිය යුතුය
    Your username says so much about your heritance as it like mine.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Neanderthals ල වන්දවෙලා ගිය එක හේතුවක් විදිහට සලකන්නේ Homo sapiens ල උන්ව ආහාරයට ගැනීම...

    මොකද කියන්නේ...කටියම එකතුවෙලා Homo floresiensis(නිට්ටෑවන්) හොයල ආහාරයට ගමුද ?
    නැත්නම් තව thread කියක් වැටෙයිද දන් නැ ...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යම් උගතෙක් නිට්ටෑවන් බොරුවක් කියා කියන්නේනම් ඌ කලුසුද්දෙක් බව සලකන්න.ඌට පිලිගෑනීමට හාවඩ් හෝ කේම්බ්‍රිජ් වලින් සුද්දන් පැමිනිය යුතුය

    :yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,870
    113
    හස්තිශෛලපුර
    Neanderthals ල වන්දවෙලා ගිය එක හේතුවක් විදිහට සලකන්නේ Homo sapiens ල උන්ව ආහාරයට ගැනීම...

    මොකද කියන්නේ...කටියම එකතුවෙලා Homo floresiensis(නිට්ටෑවන්) හොයල ආහාරයට ගමුද ?
    නැත්නම් තව thread කියක් වැටෙයිද දන් නැ ...




    සුළු දෙයයි.. හොද UNP කාරයෙක් හොයාගනින්.. උබේ නිට්ටෑවට වග කියයි... :lol::lol::lol:
     

    0x0x0

    Member
    Mar 5, 2019
    24
    9
    3
    නිට්ටෑවෝ බොල නිට්ටෑවෝ තෝත් නටාපිය මාත් නටන්නම් :lol::lol::lol:

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුළු දෙයයි.. හොද UNP කාරයෙක් හොයාගනින්.. උබේ නිට්ටෑවට වග කියයි... :lol::lol::lol:

    මට ලැජ්ජා හිතුනා....