නිට්ටෑවන්

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ‘‘පහර දෙන්න හදන කොටම අඩි 10 ක් විතර දුරට පිම්මක් පැනලා ගියා‘‘ යළි මතුවූ නිට්ටෑ බිය නිසා රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර යයි..!

    දැනට මාස කිහිපයක සිටම අපේ රටේ විවිධ ප්‍රදේශවලින් ‘‘නිට්ටෑවන්‘‘ පිළිබඳ කතාබහක් ඇතිවෙලා තියෙනවා. එහි නවතම සිදුවීම ලෙස ගලගෙදර පොලිස් බල ප‍්‍රදේශයට අයත් රිලාගල වතු යායට නිට්ටෑවන් පැමිණි බව කියමින් එම වතුයායේ ජනතාව නිවෙස් හැර යාමට පෙළඹී සිටින බවට තොරතුරු වාර්තා වනවා.

    ඒ අනුව එම වතු යායේ හුදෙකලා ව වෙසෙන ජනතාව නිවෙස් වසා දමා වැඩි වශයෙන් ජනතාව පදිංචි ව සිටින ස්ථාන වලට පැමිණෙන බවත්, මේ හේතුවෙන් ඔවුන්ගේ දෛනික කටයුතු පවා අඩපණ වී ඇති බවත් සඳහන් වන අතර මෙම සිදුවීම පිළිබඳ පැහැදිළි කරමින් රිලාගල වතු යායේ පදිංචි ඒ කායම්මා නැමැති කාන්තාව මෙලෙස ප්‍රකාශ කළා.

    ‘‘ඊයේ පස්වරු 1 ට පමණ මම දවල් කෑම කා , පුටුවේ වාඩිවී සිටිය දී මිදුලේ බල්ලා බිරුවා. ඒ දෙස බලන විට අඩි 2 1/2 ක් පමණ උස ඇති , ඇස් දෙක දිලිසෙන වඳුරෙකු වගේ කළු පාට සතෙකු බල්ලා සමඟ පොර අල්ලමින් සිටියා, මම කෑ ගහන්න පටන් ගත්තා ම ඌ බල්ලා අතහැර පලා ගියා. මේ සිද්ධියෙන් බල්ලාගේ මුහුණේ සීරීම් තුවාල සිදුවී තියෙනවා . ඊට පසුව ගම්වාසීහු එක්ව සොයා බැලූවා නමුත් කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබුණේ නැහැ.’’

    එසේම මෙම සිදුවීමට මුහුණ දුක් එම ගමෙහි පදිංචි තවත් තරුණයෙකු තම අත්දැකීම මෙලෙස ප්‍රකාශ කළා.

    ‘‘ඊයේ රාත‍්‍රී 8 ට පමණ අපේ නිවසේ දොරට තට්ටු කරන ශබ්දය ඇසී, අයියා ඇවිත් කියලා හිතාගෙන දොර ඇරල බලන විට , අඩි 2 1/2 ක් විතර උස ඇති, කළු පාට සතෙකු දොර ළඟ හිටියා. මම හොඳටම බය වුණා. ඌ ගෙට ඇතුළු වෙයි කියලා මම පොල්ලකින් පහර දෙන්න හදන කොට ම, ක්ෂණයකින් අඩි 10 ක් විතර දුරට පිම්මක් පැන පලා ගියා. පසුව නිවෙස් අවට පිරිසක් එකතු වී, සොයා බැලූවා. නමුත් ඌ ගැන කිසිම හෝඩුවාවක් නැහැ”

    කෙසේ වෙතත් ගම්වාසීන් මේ පිළිබඳව ගලගෙදර පොලිස් ස්ථානයට කරන ලද දැනුම් දීමකට අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    කෙසේ නමුත් නිට්ටෑවන් යැයි සමාජයේ හැඳින්වෙන සත්ත්වයා සැබැවින්ම ජීවත් වන බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් හමු වී නොමැති අතර මනෝ වෛද්‍ය විශේෂඥ මතය වන්නේ සමාජයේ මෙම පුවත පැතිරීමත් සමග ඒ පිළිබඳව ඇති වන දැඩි පුද්ගල විශ්වාසයන් නිසා මෙවන් රාවයන් පැතිර යන බවයි.


    http://nethgossip.lk/article/33508
     
    • Like
    Reactions: IKL

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔය චිල්ඩ්රන්ස් ලා..ග්‍රේට් වෝ එකට තව ටික කාලයයි නේ..බය වෙලා ලංකාවට ඇවිත් :lol::lol::lol: