නිත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදාවේ 3500කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,460
    8,615
    113
    r/MilitaryPorn - a group of soldiers walking on a dirt road



    නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

    එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ පසුගිය පෙබරවාරි මස 22 වන සිට අගෝස්තු මස 3 වන දින දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සාමජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

    අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් 2,937 දෙනෙකු වන බව සඳහන් වේ.

    ඊට අමතරව නාවික හමුදා සෙබලුන් 289 දෙනෙකු සහ ගුවන් හමුදා සෙබලුන් 278 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංහය සඳහන් කළේය.

    නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිද හමුදාව හැරගොස් සිටින සාමාජිකයින් සඳහා හමුදාවට භාරවීමට පසුගිය වසරේ පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබු අතර එම කාලය තුළ භාර නොවු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මස 22 වන දින සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි