නිදන් සැඟවූ රෑනගල අද්භූත කතා

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    නිදන් සැඟවූ රෑනගල අද්භූත කතා

    වළගම්බා රජදවස නිදන් සැඟවූ රෑනගල
    ℝ𝕒𝕟𝕒𝕘𝕒𝕝𝕒 ℝ𝕒𝕛𝕒𝕞𝕒𝕙𝕒 𝕍𝕚𝕙𝕒𝕣𝕒𝕪𝕒

    65267644_1107105746156410_5457843306438328320_n.jpg

    64968940_1107105312823120_2546651139621781504_n.jpg

    65135764_1107105536156431_2344337027266248704_n.jpg

    65287044_1107105262823125_1659218374082691072_n.jpg

    65039139_1107105549489763_8726446451011354624_n.jpg

    වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණ උඩුකහ නැඟෙනහිර කෝරලයේ අලව්ව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් නුන්ගමුව ග්‍රාමසේවා වසමෙහි පිහිටි මෙම රෑනගල රජමහා විහාරයට ළඟා විය හැකි ප්‍රධාන මාර්ග ත්‍රිත්වයකි. අඹේපුස්ස - කුරුණෑගල හරහා ත්‍රිකුණාමලය දක්වා දිවෙන ඒ-6 මාර්ගයේ යාන්ගල්මෝදර හන්දියෙන් හැරී, මොරවලපිටිය හරහා රෑනගල රජමහා විහාරයට පැමිණිය හැකිය. දෙවැනි මාර්ගය වන්නේ කොළඹ සිට මිනුවන්ගොඩ හරහා කුරුණෑගල 5 මාර්ගයෙහි ගිරිඋල්ල - නාරම්මල හරහා පිහිටි දම්පැලැස්ස හන්දියෙන් හැරී, අලව්ව දෙසට ගමන් කර මොරවලපිටිය හන්දියෙන් විහාරස්ථානයට ළඟාවීමය. තුන්වැනි මාර්ගය වන්නේ කුරුණෑගල සිට පොතුහැර හරහා වදාකඩට පැමිණ එතැන් සිට වදාකඩ පන්නල පාරෙන් රෑනගල රජමහා විහාර භූමියට පැමිණීමය.

    ඓතිහාසික රෑනගල රජමහා විහාරස්ථානය පිහිටා ඇත්තේ පැරැණි රජකාලේ පිහිටි ප්‍රසිද්ධ මාර්ගයක, මාර්ග කිහිපයක් එක්කාසු ස්ථානයක යැයි පැවැසේ. ශ්‍රී ජයවර්ධනපුරයට, අනුරාධපුරයට, කුරුණෑගලට හා කන්ද උඩරට රාජ්‍යයට රෑනගල රජමහා විහාරය ආසන්නයෙන් විහිදී ගිය මාර්ග පද්ධතියක් එකලදී තිබී ඇත. කෝට්ටේ දසවැනි පැරකුම් රජදවස යාපා පටුන ජය ගැනීම සඳහා සපුමල් කුමාරයා ගියේ මේ රෑනගල අසලින් ඇති මාර්ගයේ යැයි පැවැසෙන අතර සපුමල් කුමරු යාපා පටුන ජයගැනීමට යන ගමනේදී රෑනගල වෙහෙරද වැඳ ගමන් කර ඇති අතර ඔහු විසින් රෑනගල වෙහෙර සහ එයට තදාසන්න වෙල්යාය අතර තිබූ මුගුනු ගහකට ලබාදුන් කඩු පහරක් මෑතක් වෙන තුරුම අලව්ව වදාකඩ පාරේ සරක්කුව නම් ස්ථානයේ දක්නට ලැබුණේ යැයි කියැවේ. ඓතිහාසික රෑනගල රජමහා විහාරයට රෑනගල යන නම ලැබීම පිළිබඳවද ජනප්‍රවාද රාශියකි. රෑනගල ගල ඉස්මත්තේ ඉපැරැණි චෛත්‍යයකි. ටවුම පාමුල ඉපැරැණි බෝ වෘක්ෂයකි. බෝ මැඩ පිහිටි බිමේ සිට ගල මුදුනෙහි ඇති චෛත්‍යය දක්වා ඇති කළු ගලෙහි සුදු පාට රෑනක් බඳු සලකුණක් තිබේ. එය උසින් අඟල් 2-3ක් වන අතර පළල අඟල් 3ක් පමණ වේ. මේ ගල් රෑන හේතුකොට ගෙන මෙම විහාරස්ථානය රෑනගල ගීයැයි කීම එක් ජනප්‍රවාදයකි.

    පව්ව මුදුනෙහි දාගැබට උතුරින් වන්නට අරුම පුදුම ළිඳක් තිබේ. ගැමියන් මෙම ළිඳ හඳුන්වන්නේ නිදන් වළක් ලෙසය. එහි මතුපිට විෂ්කම්භය අඩි 4-6ක් වන අතර පතුල අඩි 9ක්ද, ගැඹුර අඩි 12ක් පමණ වේයැයි කියැවේ. වඩාත් පුදුම උපදවනසුලු කාරණය වන්නේ ගල් ළිඳෙහි ඇතුළත ගල් බිත්ති මනාව කපරාරු කරන ලද බිත්තියක් මෙන් ඔපමට්ටම් වීමය. ප්‍රවීණ ජේ‍යාතිර්වේදී ලීල් විජේබණ්ඩාර මහතාට අනුව එම ගල් ළිඳෙහි කපරාරු කරන ලද බිත්තියේ බ්‍රාහ්මීය අක්ෂර දක්නට ලැබේ. මේවා නිසි පුරාවිද්‍යාත්මක පරීක්ෂණයකට තවම ලක්වී නොමැති බවත් එවන් පුරාවිද්‍යාත්මක පරීක්ෂණයක් කළහොත් රෑනගල සමඟ සබැඳි ඉතිහාසය පිළිබඳ තොරතුරු අනාවරණය වනු ඇතැයි ඒ මහතාගේ විශ්වාසයය. මෙම ළිඳ නිදන් වළක් නම් එම නිදන් වළෙහි වස්තුව කවර කලෙක කවුරුන් විසින් ගන්නා ලදැයි සඳහන් කිරීම අපහසුය. ප්‍රදේශය පිළිබඳ කරුණු කාරණා දන්නා කියන ගම්මුන් නම් පවසන්නේ රාවණා - කුවේණි විජය ආදී යුගයන්ට අයත් වස්තුව මෙම සද්දන්ත ගල්පව්ව පාමුල නිදන් කර ඇති බවය. තවත් ජනප්‍රවාදයකට අනුගත වුවහොත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල කුඩාවුන් අතර අත්තාපලේ ගැටීම නම් ක්‍රීඩාවක් තිබේ. එහිදී කුඩාවුන් භාවිත කරන ප්‍රකට කවියක් වන්නේ අත්තාපල් මුත්තාපල් - රෑනගල කෙටුවත් මං - නම් අල්ලන්ඩ බැරුවාමයි... බැරුවාමයි... මෙයින් කියැවෙන්නේ පෙර සඳහන් කරන ලද සුදු පැහැති රෑනක් රෑනගල මත කෙටූ පුවතයි. රෑනගල රජමහා විහාරය ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඒකීය විහාරයක් ලෙස පැවැත නැත. වළගම්බා රජු සමයේ මාතලේ අලුවිහාරයේදී බුද්ධ ධර්මය තල්පත්වල ලිවීම ආරම්භ කරන ලදැයි පැවැසේ. මේ සඳහා තල්පත් ලබාගෙන ඇත්තේ රෑනගල විහාරස්ථානයට නුදුරේ ඇති ගලතරේ තල් උයනෙන්ය. ගලතරේ තල් උයනෙන් ලබාගත් තල කොළ රෑනගලදී තම්බා පදම් කරගෙන ඒවා පිරිත් කොට මාතලේ අලුවිහාරය දක්වා පෙරහරින් වැඩම කළ බවද කියැවේ. ඓතිහාසික ගමන් මාර්ග එකලදී වැටී තිබූ ආකාරය පිළිබඳ සුපරීක්ෂාකාරී වීමේදී මෙම ඓතිහාසික ප්‍රවෘත්තිය බැහැර කළ නොහැක්කකි. අෑත අතීතයේදී රෑනගල රජමහා විහාරය ආසන්නයේ රෑනගල විෂ්ණු දෙවොල පිහිටියා යැයි කියනු ලැබේ. නමුත් පැරැණි දෙවොල අද දක්නට නැත. දඹදෙණියේ දෙවැනි පැරකුම්බා නමින් රජ වූ කුමාරයා කළුන්දාවේ ගමගෙදර තරුණියට පෙම් බැඳ රෑනගල දෙවොලට පූජාවක් ඔප්පු කර තිබේ. එයින් පෙනී යන්නේ රාජ රාජ මහාඅමාත්‍යාදීන්ද සාමාන්‍ය ජනයාද විවිධ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා බාරහාර වීමට රෑනගල විෂ්ණු දෙවොලට පැමිණි බවයි.

    “රෑනගල චෛත්‍ය වන්දනාවට අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා අහසින් වැඩම කර බව කියනවා. රෑනගල ගල උඩවැඩ සිටි රහතන් වහන්සේලා නිසා ගල් පර්වතය අෑතින් කසාවතක් ලෙසින් දිස්වූ බවයි ජනප්‍රවාදවල සඳහන්. ගල් පව්ව පාමුල තිබෙන බෝධීන් වහන්සේගේ ඉතිහාසයත් ඉපැරැණියි. මහාවංශයේ සඳහන් වන අන්දමට ගව්වෙන් ගව්වට බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේ වැඩපිළිවෙළක් දේවානම්පියතිස්ස රජු ක්‍රියාත්මක කළා. විහාරස්ථානයේ වැඩවසන බෝධීන් වහන්සේ මෙම වැඩපිළිවෙළ යටතේ රෝපණය කරන ලද බෝධීන් වහන්සේ නමක් විදියටයි සඳහන් වන්නේ. හැබැයි පව්ව මුදුනෙහි චෛත්‍ය ඉදිකිරීම පිළිබඳ කතා ප්‍රවෘත්තිය දේවානම්පියතිස්ස රජු සමයට දිව යනවා. රෑනගල සිද්ධස්ථානය ගෝඨාභය රජු, දඹදෙණි පැරකුම්බා රජු, කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සිදුකළ බවත් කියැවෙනවා.:angry:

    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වළගම්බා රජදවස නිදන් සැඟවූ රෑනගල
    ℝ𝕒𝕟𝕒𝕘𝕒𝕝𝕒 ℝ𝕒𝕛𝕒𝕞𝕒𝕙𝕒 𝕍𝕚𝕙𝕒𝕣𝕒𝕪𝕒

    වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණ උඩුකහ නැඟෙනහිර කෝරලයේ අලව්ව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් නුන්ගමුව ග්‍රාමසේවා වසමෙහි පිහිටි මෙම රෑනගල රජමහා විහාරයට ළඟා විය හැකි ප්‍රධාන මාර්ග ත්‍රිත්වයකි. අඹේපුස්ස - කුරුණෑගල හරහා ත්‍රිකුණාමලය දක්වා දිවෙන ඒ-6 මාර්ගයේ යාන්ගල්මෝදර හන්දියෙන් හැරී, මොරවලපිටිය හරහා රෑනගල රජමහා විහාරයට පැමිණිය හැකිය. දෙවැනි මාර්ගය වන්නේ කොළඹ සිට මිනුවන්ගොඩ හරහා කුරුණෑගල 5 මාර්ගයෙහි ගිරිඋල්ල - නාරම්මල හරහා පිහිටි දම්පැලැස්ස හන්දියෙන් හැරී, අලව්ව දෙසට ගමන් කර මොරවලපිටිය හන්දියෙන් විහාරස්ථානයට ළඟාවීමය. තුන්වැනි මාර්ගය වන්නේ කුරුණෑගල සිට පොතුහැර හරහා වදාකඩට පැමිණ එතැන් සිට වදාකඩ පන්නල පාරෙන් රෑනගල රජමහා විහාර භූමියට පැමිණීමය.

    ඓතිහාසික රෑනගල රජමහා විහාරස්ථානය පිහිටා ඇත්තේ පැරැණි රජකාලේ පිහිටි ප්‍රසිද්ධ මාර්ගයක, මාර්ග කිහිපයක් එක්කාසු ස්ථානයක යැයි පැවැසේ. ශ්‍රී ජයවර්ධනපුරයට, අනුරාධපුරයට, කුරුණෑගලට හා කන්ද උඩරට රාජ්‍යයට රෑනගල රජමහා විහාරය ආසන්නයෙන් විහිදී ගිය මාර්ග පද්ධතියක් එකලදී තිබී ඇත. කෝට්ටේ දසවැනි පැරකුම් රජදවස යාපා පටුන ජය ගැනීම සඳහා සපුමල් කුමාරයා ගියේ මේ රෑනගල අසලින් ඇති මාර්ගයේ යැයි පැවැසෙන අතර සපුමල් කුමරු යාපා පටුන ජයගැනීමට යන ගමනේදී රෑනගල වෙහෙරද වැඳ ගමන් කර ඇති අතර ඔහු විසින් රෑනගල වෙහෙර සහ එයට තදාසන්න වෙල්යාය අතර තිබූ මුගුනු ගහකට ලබාදුන් කඩු පහරක් මෑතක් වෙන තුරුම අලව්ව වදාකඩ පාරේ සරක්කුව නම් ස්ථානයේ දක්නට ලැබුණේ යැයි කියැවේ. ඓතිහාසික රෑනගල රජමහා විහාරයට රෑනගල යන නම ලැබීම පිළිබඳවද ජනප්‍රවාද රාශියකි. රෑනගල ගල ඉස්මත්තේ ඉපැරැණි චෛත්‍යයකි. ටවුම පාමුල ඉපැරැණි බෝ වෘක්ෂයකි. බෝ මැඩ පිහිටි බිමේ සිට ගල මුදුනෙහි ඇති චෛත්‍යය දක්වා ඇති කළු ගලෙහි සුදු පාට රෑනක් බඳු සලකුණක් තිබේ. එය උසින් අඟල් 2-3ක් වන අතර පළල අඟල් 3ක් පමණ වේ. මේ ගල් රෑන හේතුකොට ගෙන මෙම විහාරස්ථානය රෑනගල ගීයැයි කීම එක් ජනප්‍රවාදයකි.

    පව්ව මුදුනෙහි දාගැබට උතුරින් වන්නට අරුම පුදුම ළිඳක් තිබේ. ගැමියන් මෙම ළිඳ හඳුන්වන්නේ නිදන් වළක් ලෙසය. එහි මතුපිට විෂ්කම්භය අඩි 4-6ක් වන අතර පතුල අඩි 9ක්ද, ගැඹුර අඩි 12ක් පමණ වේයැයි කියැවේ. වඩාත් පුදුම උපදවනසුලු කාරණය වන්නේ ගල් ළිඳෙහි ඇතුළත ගල් බිත්ති මනාව කපරාරු කරන ලද බිත්තියක් මෙන් ඔපමට්ටම් වීමය. ප්‍රවීණ ජේ‍යාතිර්වේදී ලීල් විජේබණ්ඩාර මහතාට අනුව එම ගල් ළිඳෙහි කපරාරු කරන ලද බිත්තියේ බ්‍රාහ්මීය අක්ෂර දක්නට ලැබේ. මේවා නිසි පුරාවිද්‍යාත්මක පරීක්ෂණයකට තවම ලක්වී නොමැති බවත් එවන් පුරාවිද්‍යාත්මක පරීක්ෂණයක් කළහොත් රෑනගල සමඟ සබැඳි ඉතිහාසය පිළිබඳ තොරතුරු අනාවරණය වනු ඇතැයි ඒ මහතාගේ විශ්වාසයය. මෙම ළිඳ නිදන් වළක් නම් එම නිදන් වළෙහි වස්තුව කවර කලෙක කවුරුන් විසින් ගන්නා ලදැයි සඳහන් කිරීම අපහසුය. ප්‍රදේශය පිළිබඳ කරුණු කාරණා දන්නා කියන ගම්මුන් නම් පවසන්නේ රාවණා - කුවේණි විජය ආදී යුගයන්ට අයත් වස්තුව මෙම සද්දන්ත ගල්පව්ව පාමුල නිදන් කර ඇති බවය. තවත් ජනප්‍රවාදයකට අනුගත වුවහොත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල කුඩාවුන් අතර අත්තාපලේ ගැටීම නම් ක්‍රීඩාවක් තිබේ. එහිදී කුඩාවුන් භාවිත කරන ප්‍රකට කවියක් වන්නේ අත්තාපල් මුත්තාපල් - රෑනගල කෙටුවත් මං - නම් අල්ලන්ඩ බැරුවාමයි... බැරුවාමයි... මෙයින් කියැවෙන්නේ පෙර සඳහන් කරන ලද සුදු පැහැති රෑනක් රෑනගල මත කෙටූ පුවතයි. රෑනගල රජමහා විහාරය ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඒකීය විහාරයක් ලෙස පැවැත නැත. වළගම්බා රජු සමයේ මාතලේ අලුවිහාරයේදී බුද්ධ ධර්මය තල්පත්වල ලිවීම ආරම්භ කරන ලදැයි පැවැසේ. මේ සඳහා තල්පත් ලබාගෙන ඇත්තේ රෑනගල විහාරස්ථානයට නුදුරේ ඇති ගලතරේ තල් උයනෙන්ය. ගලතරේ තල් උයනෙන් ලබාගත් තල කොළ රෑනගලදී තම්බා පදම් කරගෙන ඒවා පිරිත් කොට මාතලේ අලුවිහාරය දක්වා පෙරහරින් වැඩම කළ බවද කියැවේ. ඓතිහාසික ගමන් මාර්ග එකලදී වැටී තිබූ ආකාරය පිළිබඳ සුපරීක්ෂාකාරී වීමේදී මෙම ඓතිහාසික ප්‍රවෘත්තිය බැහැර කළ නොහැක්කකි. අෑත අතීතයේදී රෑනගල රජමහා විහාරය ආසන්නයේ රෑනගල විෂ්ණු දෙවොල පිහිටියා යැයි කියනු ලැබේ. නමුත් පැරැණි දෙවොල අද දක්නට නැත. දඹදෙණියේ දෙවැනි පැරකුම්බා නමින් රජ වූ කුමාරයා කළුන්දාවේ ගමගෙදර තරුණියට පෙම් බැඳ රෑනගල දෙවොලට පූජාවක් ඔප්පු කර තිබේ. එයින් පෙනී යන්නේ රාජ රාජ මහාඅමාත්‍යාදීන්ද සාමාන්‍ය ජනයාද විවිධ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා බාරහාර වීමට රෑනගල විෂ්ණු දෙවොලට පැමිණි බවයි.

    “රෑනගල චෛත්‍ය වන්දනාවට අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා අහසින් වැඩම කර බව කියනවා. රෑනගල ගල උඩවැඩ සිටි රහතන් වහන්සේලා නිසා ගල් පර්වතය අෑතින් කසාවතක් ලෙසින් දිස්වූ බවයි ජනප්‍රවාදවල සඳහන්. ගල් පව්ව පාමුල තිබෙන බෝධීන් වහන්සේගේ ඉතිහාසයත් ඉපැරැණියි. මහාවංශයේ සඳහන් වන අන්දමට ගව්වෙන් ගව්වට බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේ වැඩපිළිවෙළක් දේවානම්පියතිස්ස රජු ක්‍රියාත්මක කළා. විහාරස්ථානයේ වැඩවසන බෝධීන් වහන්සේ මෙම වැඩපිළිවෙළ යටතේ රෝපණය කරන ලද බෝධීන් වහන්සේ නමක් විදියටයි සඳහන් වන්නේ. හැබැයි පව්ව මුදුනෙහි චෛත්‍ය ඉදිකිරීම පිළිබඳ කතා ප්‍රවෘත්තිය දේවානම්පියතිස්ස රජු සමයට දිව යනවා. රෑනගල සිද්ධස්ථානය ගෝඨාභය රජු, දඹදෙණි පැරකුම්බා රජු, කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සිදුකළ බවත් කියැවෙනවා.
    :angry:

    :dull:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කෝ..නිදන් ගැන විස්තර නෑනේ..
    තියන තැන් එහෙම හරියට දන්නවද