නිදහස් අධ්‍යාපනයේ උපත

නිදහස් අධ්‍යාපනයේ උපත

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අපසතු යුතු කමක් නොව අප උර මත පැටවූ වගකීමකි...

නිදහස් අධ්‍යාපනය කියන්නේ ශ්‍රී ලංකාවේ මුල ඉඳන් ම ක්‍රියාත්මක වුණු අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි. 1940 දශකයේ ආරම්භයේ ඉඳන් විවිධ සමාජ ව්‍යාපාර, කණ්ඩායම්, දේශපාලන පක්ෂ සියලු සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබා දිය යුතු යැයි දැවැන්ත උත්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට බොහෝ දේශපාලකයන්ට එය පිළිගන්න සිදු වුණා.

"දියුණුවට පත් ඕනෑම රටක එම දියුණුව ලබා ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙනි" - ජේ. ආර්. ජයවර්ධන,රාජ්‍ය මන්ත්‍රණ සභාව(හැන්සාඩ් 1945/495 තීරුව).

මෙහිදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිහි‍ටුවන්න අනුපමේය මෙහෙයක් ඉ‍ටුකලා. ඒ බොහෝ දෙනෙකුගේ බාධා කිරීම්, කඩාකප්පල් කිරීම් මධ්‍යයේයි. දින 15කදී පැවැත්විය යුතු විවාදය මාස 15කටත් වැඩි කාලයක් පැවැත්වුණේ ඒ නිසයි. 1944 ජූනි 02 දා නිදහස් අධ්‍යාපන පනත විවාදයට ලක් කරමින් කන්නන්ගර මහතා මෙසේ පැවසුවා.

"ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා.මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිළ අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවනි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රෙෂ්ඨද ? " (හැන්සාඩ් 1944/946 පි‍ටුව)

ඒ කෙසේ වුණත් සුවහසක් බාධක හමුවේ එම ආත්ම වර්ණනාව කරන්නට කන්නන්ගර ඇමතිතුමා ඇතුළු බලවේගය වාසනාවන්ත වුණා. ඔවුන් ජයගත්තා. 1947 මැයි 27 කෙ‍ටුම්පත සම්මත වුණා.

මෙහිදී අපි තේරුම් ගන්න ඕන නිදහස් අධ්‍යාපනය අප වෙත ඉතා පහසුවෙන් ලඟා වුණු අහසින් කඩා වැ‍ටුණු දෙයක් නොවන බවත්, විශාල පිරිසකගේ අති විශාල කැපකිරීම් සමූහයක ප්‍රතිඵලයක් විදිහට අපිට මෙය ලැබුණු බවත්ය. "සියලුම සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීම" ලෝකයේ අනාගත සිහිනයකි. මේ සිහිනය අපි බොහෝ කලින් දිනාගැනීමට තරම් වාසනාවත්යෝ වුණෙමු. ඔබ අප සියලු දෙනාම අද මෙතරම් දුරට ජීවිතය ජයගන්නට හැකි වුනේ නිදහස් අධ්‍යාපනයට ස්තූතිවන්නටයි...

10641054_287389664794986_5079796232841121100_n.jpg
 
Last edited:

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ස්තුතියි මචන් වැදගත් ලිපියක් බෙදාගත්තට.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    "උඹලට මොනවද ඕනෙ කියලා මම මිනිස්සුංගෙං අහ අහා හිටියා නං ඒ ගොල්ලො මගෙං ඉල්ලයි වැඩිපුර වේගෙං දුවන අස්සයෙක්"
    එහෙම කියන්නේ Model Tකාර් එක වෙළෙඳපොලට නිකුත් කරලා වාහන නිෂ්පාදනයේ වගේම අලෙවිකරණ ක්ෂේත්‍රයේත් ඓතිහාසික විප්ලවයක් කරපු හෙන්‍රි ෆෝඩ්. ෆෝඩ් එහෙම කියන්න හේතුව තමයි සාමාන්‍යයෙං මිනිස්සුංගෙ තියෙන නෛසර්ගික පසුගාමීත්වය.
    මුල්ම කාලේ අස්සයො ඔටුවො වගේ ලොකු සත්තුන්ට මිනිස්සු බය වෙලා ඉන්දැද්දී නිර්භීතව ඉදිරිපත් වෙලා ඒ සත්තුන්ව හීලෑ කර ගන්න පුලුවං කියලා පෙන්නපු නිර්මාණශීලී මිනිස්සුන්ට පස්සෙ හෙන්‍රි ෆෝඩ් ලා කාර් හදන්න පටං ගන්නකංම ලක්ෂ කෝටි ගාණක් මිනිස්සු කලේ ඒ සත්තු එක්කලා ප්‍රවාහණය කරන එක තමයි. එහෙම මිසක් දාස් ගාණකිං මිලියන ගාණකිං එකෙක් මිසක් අස්සයෙක් වෙනුවට කාර් එකක් හදන අභියෝගය භාර ගන්න තරං නිර්මාණශීලී වෙන්නෙ නෑ. අස්සයා පිටේ නැගලා යන තැනිං එහාට කවුරුහරි වෙනසක් කලා නම් මුලින්ම ඒකට බය වෙන, සමච්චලයට ලක් කරන පසුගාමී බවක් ගොඩක් අයට තියෙනවා.
    ඒ වගේ අලුතෙන් දෙයක් හිතන්න ලොවෙත් බැරි, හැබැයි කවුරුහරි නිර්මානශීලි කෙනෙක් දෙයක් හඳුන්වලා දුන්නට පස්සේ ඒක බදා ගෙන, තුරුල් කරගෙන මැරෙන්න හදන වෙනස්කමකට පොඩ්ඩක්වත් ඉඩ දෙන්න කැමති නැති අන්ත පසුගාමී බහිරවයො සෙට් එකත් ලංකාවෙත් ඉන්නවා. ඒ කට්ටියට කියන්නෙ "වාමාංශික ව්‍යාපාරය" කියලා
    උදාහරණෙකට ගත්තොත් ලංකාවට ධනවාදී දේශපාලන කඳවුරෙන් බිහි වෙච්චි නිර්මාණශීලීම මනුස්සයෙක් වෙච්ච ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපනේ කියල එකක් අඳුන්වලා දෙනකං ලංකාවෙ කිසිම වාමාංශිකයෙක් අපිට නිදහස් අධ්‍යාපනේ දියවු කියලා උපවාස කලේ නෑ. හර්තාල් කලේ නෑ. හැබැයි අද වෙද්දි ලංකාවෙ නිදහස් අධ්‍යාපනේ අයිතිකාරයො වෙලා තියෙන්නෙ මේ කට්ටිය. අපිට හිතෙන්නෙ නිකං නිදහස් අධ්‍යාපනේ කියන්නෙ විජේවීර රුසියාවෙ ලුමුම්බා විස්ස විජ්ජාලෙ කැන්ටිමේ වැටිල තිබිලා අහුලං ආපු එකක්ය කියලා. නෑ. ඒක දුන්නෙ ධනේෂ්වර යූඇම්පීය. වාමාංශික ව්‍යාපාර වල එකම එක ඉල්ලීමක්වත් නැතුව ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර අහිංසක, නපුරු, දුප්පත්, පෝසත්, මෝඩ, කපටි හැමෝටම එක විදියට ඉගෙනගන්න නිදහස් අධ්‍යාපනේ කියල එකක් හදල දුන්නෙ ධනේෂ්වර යූඇම්පීය
    ඊළඟට ඔය විශ්ව විද්‍යාල ශිෂ්‍යයොන්ට දෙන මහපොළ ශිෂ්‍යාධාරෙ. නවසිය හැත්තෑ ගණංවල හිටපු ඔය රොම්බ සමාජවාදියො කවුරුවත් ලංකාවෙ දුප්පත් අහිංසක ශිෂ්‍යයොන්ට වාරුවක් වෙන්න ක්‍රමයක් ඕනෙ කියලා මැරෙන්න හැදුවෙ නෑ. ඒ කාලෙ මැතිණි අතේ එල්ලං යන හෑන්ඩ් බෑග් එක ගැන පවා පිස්සු හැදෙන ටෝක්ස් ඉෂූ කරපු විප්ලවයේ අනුත්තර නායකයො දුප්පත් ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ක්‍රම ඉල්ලුවෙ නෑ. හැත්තෑ හතේ යූඑන්පී ආණ්ඩුවෙ අධ්‍යාපන ඇමතිකමට හිටපු හොඳම සුදුස්සා තමයි ලලිත් ඇතුලත්මුදලි. ඒත් පක්ෂෙ ඇතුලෙ තිබ්බ කැපිල්ලක් නිසා ලලිත්ට හම්බු වෙන්නෙ අධ්‍යාපන ඇමතිකම නෙමෙයි වෙළෙඳ ඇමති කම. කාලෙක ඉඳලා අධ්‍යාපන ඇමති වෙලා කරන්න ඕනෙ සේවය ගැන සකස් කරපු සැලැසුම් ලලිත් ලඟ තිබුණත් අමාත්‍යාංශෙ හම්බු වෙනේ නෑ කියල පුක පොළොවෙ ගහ ගන්න යන්නෙ නැතුව හම්බු වෙච්ච් වෙළෙඳ අමාත්‍යාංශෙ හරහා හරි මහපොළ කියල සංකල්පයක් හදලා ඒකෙං රටේ දුප්පත් දරුවොන්ගෙ අධ්‍යාපනයට වාරුවක් දෙන්න තරං නිර්මාණශීලීත්වයක් ලලිත්ට තිබුණා. හැබැයි ඒක හදපු දා ඉඳලාම ඒක වාමාංශිකයොන්ගෙ පේටන්ට් අයිතියක් වෙලා. ලංකාවෙ ධක්ෂිණාංශික දේශපාලනේ පතාක යෝධයෙක් වෙච්චි ලලිත් ඇතුලත්මුදලි හදල දීපු මහපොළ ක්‍රමය රැක ගන්න, මහපොළ කප්පාදු නවත්තන්න අහිංසක දුප්පත් දරුවොන්ගෙං මහපොළ උදුර ගන්න එන ධනවාදී රීරි යකාව දුම්මල ගහාඅ එලවන්න මේ කට්ටිය පෝලිං ගැහිලා
    ඊළඟට අර්ථසාධක අරමුදල. සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක කියන ඔක්ස්ෆර්ඩ් බිස්නස් කාරයා අගමැති වෙලා ධනේෂ්වර හාම්පුත්තුංගෙං අසරණ රැකියා ලාභියොන්ට ආරක්ෂණයක් ලබන්න පුලුවං විදියට අර්ථසාධක අරමුදල බිහි කරනකම් ඔය කිසිම වාමාංශිකයෙක් එහෙම එකක් ඕනෙ කියලා හර්තාල් කලේ නෑ. හැබැයි අද ගත්තොත් අහිංසක රාජ්‍ය-පුද්ගලික සේවකයොන්ගේ අර්ථ සාධකේට අත තියන්ඩ ආවොත් සුන්නද්ධූලි කරලා දානවා කියලාරොම්බ ටෝක්ස් ඉෂූ කරන්ඩ අතේ තියෙන ඔරලෝසුව කොහෙන්ද කියලා ඇහුවාම රට ඉඳලා ආපු සහෝදරයෙක් දුන්නාය කියලා කියන කට්ටිය සැදී පැහැදී ඉන්නවා. ඒ කියන්නෙ අර්ථ සාධක අරමුදලට අත තිබ්බොත් ඒ ගොල්ලො අර්ථ සාධක ක්‍රමය හඳුන්වා දීපු අයවම සුන්නද්ධූලි කරනවා
    මේක වෙනුවෙන් අද දවසේ දෙන්න තියෙන ලස්සනම උදාහරණය තමයි පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප. අද දවසේ අපේ රටේ සංවර්ධනයට වගේම මිනිස්සුංගෙ ජීවන පැවැත්මටත් සුවිශේෂී බලපෑමක් තියෙන දෙයක් තමයි පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප කියන්නෙ. පුද්ගලික අංශෙ රැකියාවල් වලිං මාසෙට රුපියල් පනස්දාහ හැටදාහ බේසික් වැටුප් ලබන අය අවස්ථාවක් ලැබුණොත් මාසෙකට දාහතරදාහෙ පාලොස්දාහෙ වැටුපට රජයේ සේවයට එකතු වෙන අවස්ථා අපි ඕනෙතරම් දැකල තියෙනවා.
    ඒකට එක හේතුවක් තමයි පුද්ගලික අංශයේ පවතින රැකියා වල තියෙන තරගයට, පීඩනයට ඔරොත්තු දෙන්න බැරුව දවස තිස්සෙ මෙලෝ ප්‍රයෝජනයක් නැතුව මේසයක් වටේ ඕපදූප කියව කියව ඉඳලා මාසෙ අන්තිමට මිනිස්සුංගෙ බදු මුදල් වලිං කීයක්ම හරි සාක්කුවට වැටනෙව නං මහන්සි වෙලා වැඩි පඩියක් ගන්නවට වඩා වටිනවය කියලා
    මිනිස්සුංගෙ තියෙන මුස්පේන්තු මානසිකත්වය. ඒ ඇරුණාම රජයේ රස්සාවක් කලොත්ජී විතේ සැඳෑ සමයේදී රැකෙන්න මුදලක් ලැබෙනවය එහෙත් පුද්ගලික අංශයේ රැකියාවකින් එහෙම නෑය කියන සාධාරණ බය. ඉතිං ඵලදායී ලෙස ලක්ෂ දෙක තුනක ශ්‍රම බලකායකට කරන්න පුලුවං වැඩ ටිකකට රාජ්‍ය අංශයේ ලක්ෂ පහළොවක් නඩත්තු කරන්න වෙලා තියෙන්න මූලිකම හේතුවක් තමයි පුද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්
    නැති කම නිසා ඇති වෙන අනාරක්ෂිත බව එක්කෙනෙකුට දහදාහක මාසික පඩි වැඩිවීමක් දුන්නාම දක්ෂිණ අධිවේගී මර්ගය හදන්න යන මුදලට වඩා වැඩි මුදලක්වැ ය වෙන රාජ්‍ය සේවයක් නඩත්තු කරමින් රටේ සංවර්ධනයට බරක් වෙලා තියෙන්නෙත්, ඊළඟ ඡන්දෙදි වැඩිපුර මනාප ගන්න නං උසේ පිළිවෙලට හරි ආණ්ඩුවෙ රස්සාවල් බෙදල දෙන්න වෙන තැනට ඇමති වරු පත් වෙන්න තරං ඒවට ඩිමාන්ඩ් එකක් ඇවිල්ල තියෙන්නෙත් මෙන්න මේ හේතුව නිසා
    හැබැයි රටේ සංවර්ධනයටවත් මිනිස්සුංගෙ සුබසිද්ධිය වෙනුවෙන්වත් කොයි තරං වටිනාකමක් තියෙන දෙයක් වුණත් ඔය කිසිම ජෙප්පෙක් වාමාංශිකයෙක් පුද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් දියවු දියවු කියලා අද දවසේ පෙළපාලි යන්නෙ නෑ. ස්ට්‍රයික් කරන්නෙ නෑ. ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉස්සරහට ගිහිල්ලා හයි ප්‍රෙෂර් වතුර නාන්නෙ නෑ. හැබැයි නිකමට නිකං විහිලුවට බොරුවට වගේ අපි හිතමු කවුරුහරි දැං ඔය ඉන්න යූඇම්පී ශ්‍රී ලංකා ඇමතියෙක් පොඩ්ඩක් නිර්මාණශීලී වෙලා පුද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ක්‍රමයක් අද හෙට අඳුන්වලා දුන්නයි කියලා. වෙනවට නෙමෙයි අපි නිකමට එහෙම හිතමුකෝ. එතකොට ඉතිං ඒකත් තව අවුරුදු පහළොවක් විස්සක් යන කොට අර බහිරවයොංගෙ බූදලයක් බවට
    පත් වෙනවා. ඊට පස්සෙ 2035-40 වෙනකොට ඔය ජෙප්පො කුරුට්ටො ලිප්ටන් වටරවුම ඉස්සරහට වෙලා බෝඩ් උස්සං කෑ ගහන්න ගන්නවා, පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප රැකලා දියවු දියවු කියලා.
    ජීවිත පූජාවල් කැපකිරීම් වගේ දහසක් දේ මැද්දෙ දිනා ගත්තු පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුපට යූඇම්පී ශ්‍රී ලංකා ධනේෂ්වර හැත්ත අත තියන්න ආවොත් මේ රටේ සමස්ථ වැඩ කරන ජනතාව එක්කලා පාරට බැහැලා මහා අරගලයක් කරනවාය කියලා තර්ජනේ කරනවා. පුද්ගලික අංශයට විශ්‍රාම වැටුපක කතන්දරේ නිසා මිය ගියපු අර රොෂේන් ජානක කියන අහිංසක තරුණයාව ඒ කාලෙට මේ ගොල්ලො ත්‍රීමා විතානලා වගේ
    සුපිරි නිර්ධන පන්ති වීරයෙක් බවට පත් කරනවා"අපි යන්නේ කොයි පාරේ, ත්‍රීමා වෙනුර ගිය පාරේ" කියලා ඇටෙං පොත්තෙං එලියට නාපු කොලු ගැටවු ෆෝම් කරන විදියටම "අපි යන්නේ කොයි පාරේ, රොෂේන් ජානා ගිය පාරේ" කියලා ඒ කාලෙට කොලු කුරුට්ටොංව ෆෝම් කරන්න පටං ගන්නවා
    ඉතිං ඒක තමා බහිරවයොංගෙ විදිය. මේ ලෝකෙ කෙනෙකුට වැඩක් ඇති නිර්මාණයක්නි ෂ්පාදනයක් කරන්නෙ නැති වුණාට උං කවුරු හරි කෙනෙක් වලදාන නිධානෙකට අරක් ගන්නවා. ඊට පස්සෙ ඉතිං කොච්චරම වටින වෙනස් කමක් අලුත් දෙයක් කරන්නවත්බහිරව පූජාවක් නොදී ඒ වළලපු නිධානෙ ගොඩ ගන්න අර වළලපු මනුස්සයටවත් පුලුවං
    කමක් ලැබෙන්නෙ නෑ
    මොන දූෂණ වංචා අක්‍රමිකතා මැද්දෙ වුනත් අද වෙනකං මේ රටේ මිනිස්සුන්ට වැඩකට ඇති දෙයක් ලබලා දීලා තියෙන්නේ යූ ඇම්පී, ශ්‍රීලංකා ධනේෂ්වර පක්ෂ වල නායකයො විතරයි
    ඒත් ඒ දක්ෂිණාංශික නායකයෝ නිර්මාණය කරපු හැම ලස්සන සංකල්පයක්ම අද අර වාමාංශික මූසලයොංගෙ බූදල් බවට පත් වෙලා. ඒව කාලයට ගැලපෙන විදියට වෙනස්කම් කරන්න හැදුවට උං ඒකට ඉඩ දෙන්නෙ නෑ. හරියටම අර හෙන්‍රි ෆෝඩ් මීට සියවසකට ඉස්සරින් කියාපු මොනවද ඕනෙ කියලා ඇහුවොත් අස්සයෙක් ඉල්ලන මෝඩ මිනිස්සු වගේමයි
    එක අතකට කන්නංගරලා, බණ්ඩාරනායකලා, ඇතුලත්මුදලිලා වගේ ධනේෂ්වර නායකයෝ නිදහස් අධ්‍යාපනය, අර්ථසාධකය, මහපොළ වගේ දේවල් හඳුන්වා නොදුන්නා නං මෙලහකට මේ අබමල් රේණුවක අලුත් දෙයක් ගැන හිතන්නෙ නැතුව අනුන්ගෙ මල ඉලවු වලට ආවේස වෙච්ච බහිරවයො ටික, පේ වෙලා රැක ගන්න දෙයක් නැති කමටම හූල්ලලා වඳවෙලා ගිහිල්ලා

    From Facebook
     
    • Like
    Reactions: LazyLizard

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    School wala nomilene education denne GRADE 1- 12, ithin hamotama campus yanda bari unnath eth godak aya business karala hari maga padagannawa. Ewa ithin karmaya. Mokada Me RATE KAWRUWATH PRIVATE CAMPUS YANDA BARUWA RAJAYE CAMPUS YANNENE...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :) පට්ට කතාව :D +
     
    Similar threads