නිදහස් සිතුවිලි

hasawan

Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    ආදර..........

    පන කඩන් Try කරපු
    පන ඇරන් Love කරපු
    ඔබ වෙනත් කෙනෙකු ලඟ
    කුමකටද මට
    ඔබෙන් නැති ආදර..........:love:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සිනාසෙනු නොහැකිනම් හදවතින්
    කුමට ප්‍රහසන වදන් වැල්
    ඉගිල්ලෙනු නොහැකීනම් ඉම සොයා
    කුමට රන් පියපත් යුගල්
    විඳින්නට නොහැකීනම් සුවඳක්
    කුමට පිපුනේ පිච්ච මල්
    බැඳෙන්නට නොහැකීනම් රන් හුයෙන්
    කුමට නුඹගේ පෙම් වදන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිතුවිලි සිරවූ
    පවුරු බිද දා
    කෙත්යාය අස්වද්දන්න
    නිදහසට ආරාධනා
    තම තම නැන පමණින්
    හැකි එක වැකිය හෝ ගලපන්න
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලෙනින්.....
    සොඳුරු වොල්ගාව දෙපසින්
    චෙරි මල් පිපෙත්දී
    බිරියෝසා ඉති කිතිකවා
    සිහිල් වූ මදනල
    පීතර්බුර්ගයේ පියසි සිප ගනිත්දී
    සීතල තුෂර බිඳු
    හිරු කිරණින් වියකෙත්දී
    යුග ගණන් මුල් ඇද පොලොව බදා පැලවුණු,
    රූස්ස රුක් රද ඇද හෙලා,
    සදාතනිකවම අචලයයි සිතූ,
    දැවැන්ත ගල් පෙරලා,
    පීඩිතයින් උදෙසා
    නව ලොවක් බිහි වෙත්දී
    ක්‍රෙම්ලිනයේ
    යෝධ තාප්ප පවුරෙන් ඔබ්බෙහි
    ඔබ සුවෙන් සැතපෙයි
    තවත්..............
    දහසක් සෝ සුසුම් මතක පොදි
    උනුහුමට දියවී
    සිහි කරයි ඒ නාමය
    රනින් කෙටවූ
    මතක පත් ඉරු අතරේ..........
    ලෙනින් ඔබ සදා අමරණීයයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කඩමණ්ඩියේ දොළ අයිනේ..............
    ................................
    ..................................
    කිබුලා මොටද දත් තිස්දෙක ගලවන්න බැරි
    ඔටුවෝ මොටද මහින්දට කඩේ යන්න බැරි
    aftermath මොටද phone ගැන කතා කරනු බැරි
    scurvy මොටද කුනුහරුපයක් වත් කියනු බැරි
    එළකිරි මොටද මේ හැම fun එකක් නැති :(:(:lol::lol:

    :angry::lol: