නිදහස සමරමු !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    ඔන්න 77ක් ගිහින්

    මේකෙන් 76ක් ම සාපේ

    1ක් එකතුවෙනවා නොසාපෙ කට්ටියට

    මේ රට සුද්දාගෙන් ගලවන්නේ 1948 දී
    1956 දෙමළ විරෝධී සංහාරය, ගල්ඔය කෝලාහල ලෙසද හැඳින්වේ, එය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට එරෙහි පළමු සංවිධානාත්මක සංහාරයයි. එය කොළඹ දෙමළ විරෝධී කෝලාහලයකින් ආරම්භ වූ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල විරෝධී කෝලාහලයෙන් පසුව ආරම්භ විය.

    ඊට පස්සේ 71 දී කළු සුද්දෝ මුළු රටේම තරුණ තරුණියන් විශ්වවිද්‍යාල වල අවුස්සලා මරා ගත්ත, අද වෙනකොට රටේ හොඳ වැඩකොටසක් කරන්න පුළුවන් විශ්වවිද්‍යාල සිසුන් ට තමයි තුවක්කු දීලා ආණ්ඩුවට කැරලි ගහන්න එවල තිබ්බේ

    1976 දී උමා මහේෂ්වරන් සහ ප්‍රභාකරන් එකතු වෙලා කොටි සංවිධානය ආරම්භ කරා. එය 2009 වෙනකල් මිනිස්සු ලක්ෂ ගානක් මරාගෙන පැවතුනා

    1983 දී කළු ජුලිය , ආරම්භ වෙනවා, කොටි සංවිධානය ආරක්ෂක සෙබළු 13ක් ඝාතනයත් සමග තමයි මේක ඇතිවෙන්නේ

    1988-89 දී නැවත ආණ්ඩුවට කැරැල්ලක් ජවිපෙ විසින් ආරම්භ කරනවා, මෙයත් විශ්වවිද්‍යාල සිසුන් එකතුකරන් කරපු සටනක්. සිසුන් විශාල සංඛ්‍යාවක් මැරෙනවා. ජවිපෙ මගින් දේශපාලඥයින් , මාධ්‍යවේදීන්, භික්ෂුන්, විදුහල්පතු වරුන් වගේ ගොඩක් අය මරනවා .

    2009 දී ප්‍රභාකරන් ගේ අවසන් ගමන සිද්ද වෙනවා, 76 වසරක සාපෙන් වසර 26ක් තිස්සේ තිබ්බ කොටි යුද්දේ ඉවරවෙනවා ෆොන්සේකා, රාජපක්ෂ සමුහය නිසා.

    1948 න් පස්සේ රටට හොඳ නිදහසක් විඳින්න ලැබෙනවා 2009 සිට 2014 විතර වෙනකල්

    ඊට පස්සේ නැවත රට නිදහස් කරගන්නේ අනුර කුමාර විසින් 2024 සැප්තැම්බර් මාසෙදි, 76 වසරක සාපේ හමාර කරලා නිදහස් කරගත්තු පියා යන නාමයෙන් ඔහු හඳුන්වනවා

    76 වසරක් තිස්සේ වැඩිවේවි ආපු පොල් ගෙඩිය 100 ඉඳන් 220 දක්වා වැඩිවෙන්නේ මේ සාපෙන් ගැලවුනාට පස්සේ , පොල් වගාකරුවන්ට මේ ලැබුණු ඇති විශාල නිදහස සමරන්න මේ හොඳ අවස්ථාවක්
    ඒ වගේම බත් දුන් පියා යන නාමයෙන්ද අනුර පිදුම් ලබනවා, ඒ අසරණ ජනතාවට සහල් ඇතිවෙන්න ලබාදෙන්න පුළුවන් වුන නිසා

    මිට වසර දෙකකට පෙර ළමුන් කන්න නැතුව කලන්තේ දමපු කාලයක් තිබ්බ , දැන් සහල් ගොවියාට පින් සිද්ද වෙන්න ඒ අය තුන් වෙලා කාල නිදහස සමරනවා.

    රේගුවේ හිරවෙලා තිබ්බ කන්ටේනර පෙට්ටි , හිරෙන් නිදහස් කරලා කන්ටේනර් නිදහසේ පියා යන නාමයෙන්ද අනුර පිදුම් ලබනවා

    ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ කිකිලියෝ , කලින් කෙකරගාගන්න වත් බැරුව හිටපු කිකිලියෝ දැන් බිත්තර තොග පිටින් දාල අඩුවට බිත්තර දෙනවා , බිත්තර පියා යන නමින් ද අනුර මේ නිදහස් දිනේ හඳුන් වන්න පුළුවන්.


    කිරි සම්බා හොයාගන්නවත් බැරුව තිබුණු කාලෙක, රටේ රජ වෙලා, නාඩු සහල් ඇති වෙන්න මිනිස්සුන්ට දුන්න , මේ නිසා නාඩු පියා යන නමින් ද අනුර මේ නිදහස් දිනේ හඳුන් වන්න පුළුවන්

    කිසිම නිදහස් දිනයකටවත් නොපැමිණි ඔහු අද පැමිණ සිටි, සාපය අවසන්

    මේ සියලු සාපයන්ගෙන් මුදා ගෙන අද ජය මංගල ගාථා එක්ක හිටගෙන ඉන්න බත්දුන් පියා ට සතුටු නිදහස් දිනයක් වේවා!




     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    7f15927498ec4e6ab8472e18904a827a.jpeg


    Gi6MS0Ea4AELM1t

    ------ Post added on Feb 4, 2025 at 9:18 AM