නිදහස_බන්දේසියක_තබා_පූජාකරන_තැනට_එන්නට_ප&#
දිනූ නිදහස බන්දේසියක පිදීම!
නිරෝෂන් හැඳලගේ
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ගෙන ආ යෝජනාව සම්මත වී අවසන් ය. චීනය, රුසියාව හා කියුබාව ඇතුළු රටවල් 15 ක් ශ්‍රී ලංකාව ට ශක්තියක් වීම පිළිබඳ හද බැතියෙන් කෘතඥ විය යුතුය. එහෙත් ඉන්දියාවේ ද සහයෝගය ඇතිව ඇමරිකාව ගෙනා යෝජනාවට පක්ෂව රටවල් 24 ක් සිටීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කනගාටුදායක තත්ත්වය කි. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ජයග්‍රහණය කිරීම හෝ නොකිරීම කොහොම වෙතත් රට මේ තත්ත්වයට පත් කළ ශික්ෂණයක් නැති දේශපාලන සංස්කෘතිය පිළිබඳ ආපසු හැරී බැලීමට මේ සුදුසුම මොහොත යෑයි අපි කල්පනා කරමු.
යුද ජයග්‍රහණය හා ශ්‍රී ලාංකික ජනතාව
අප කොතෙකුත් කියන්නා සේ දශක තුනකටත් වඩා මෙරට පැවැති සිවිල් යුද තත්ත්වය රටේ සමස්ත ප්රගමනයට කළ හානිය සුළුපටු නැත. එය අංකවලින් ලියා නිම කළ නොහැකි පමණකි. ජීවිත හානිය එමෙන් දස දහස් ගුණයකි. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ලෙස වේවා, යුද හමුදා සාමාජිකයන් ලෙස වේවා, සිවිල් ජනතාව වේවා, රටට අහිමි වූ ඒ හැම ජීවිතයක් ම මේ රටේ ප්‍රගතියට දායකත්වය දෙන්නට සිටියවුන්ය.
2009 මැයි මාසයේදී සිවිල් යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ ශ්‍රී ලාංකික ජනතාව ජාති, ආගම්, පක්ෂ, කුල භේදයන්ගෙන් තොරව අපමණ ප්‍රීතියකින් උදම් අනද්දීය. මිනීමරු ප්රභාකරන්ගේ ලේ පිපාසය සංසිඳවීමට මිනිස් බෝම්බ බවට පත් වූ දෙමළ තරුණ තරුණියන්ගේ පටන් අධ්‍යාපන හා ළමා අයිතීන් අහිමිව අරමුණක් නැති දඩබල්ලන් බවට පත් වූ බාල වයස්කාර දරු දැරියන් දක්වා අද යම් අස්වැසිල්ලක් නොලබතැයි කිසිවකුටත් කිව නොහැක. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය කොයිතරම් මානසික පීඩනයක් ද යන්න යුද්ධයේ උච්ඡතම අවස්ථාවේ බස් රථවල, දුම්රියවල උදේ හවා ආ ගිය මේ රටේ ජනතාව හොඳින්ම දනී. ඒ පීඩාව පහදන්නට වචන නාස්ති කළ යුතු නැත. අද ඇමරිකාව ඇතුළු බලවත් රටවල් කීපයක් උත්සාහ දරන්නේ මේ රටේ ජනතාව යළි මානසික පීඩාවට පත් කිරීමට ය.
යුද කළමනාකරණය හා දේශපාලනය
1983 පටන් 2009 දක්වා ජාතික අර්බුදය මත පදනම්ව මෙරට ගොඩනැඟි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට සිදු වූ සියලු ආකාරයේ ජීවිත හා දේපළ හානි බලලෝභී හා අවස්ථාවාදී දේශපාලනයේ ප්‍රතිඵල ලෙස හැඳින්වීමේ දොසක් නැත. 1983 ජුලි කලබල ඇති වූ අවස්ථාවේ රටේ තත්ත්වය පාලනයට පියවර ගත හැකිව තිබියදී රට ඇවිලෙන්නට ඉඩ හැරියේ මේ රටේ දේශපාලන නායකයන් ය. 89 - 93 සමයේ ත්රස්තවාදීන්ට අවි ආයුධ පමණක් නොව බංකර් තැනීමට සිමෙන්ති පවා ලබා දෙමින් ත්‍රස්තවාදය පෝෂණය කළේ මේ රටේ දේශපාලන නායකයන් ය. 2000 - 2002 සමයේ සාම දූතයන් බවට පත් වී ත්රස්තවාදීන් පරදා අල්ලා ගත් භූමිය අතහැර යළි ආපස්සට එන්නැයි යුද හමුදාවට අණ කළේත්, යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සියයකට අධික පිරිසක් බල්ලන් බළලුන් සේ ප්රභාගේ පිස්තෝල කල්ලිය විසින් මරාදමද්දී ඔවුන් යුද හමුදා බුද්ධි අංශයේ බව නොදන්නා බව කීවේත් මේ රටේ දේශපාලන නායකයන් ය. 2004 සුනාමි ව්‍යසනයෙන් උතුර - නැගෙනහිර ප්‍රදේශවලට සිදු වූ හානියෙන් ප්රභාකරන් ඇතුළු කොටි නඩය නට්ටං වූ අවස්ථාවේ සුනාමි සහන මණ්ඩල පිහිටුවා විදේශාධාර කළමනාකරණයට ත්රස්තවාදීන් සමඟÊගිවිසුම්වලට එළැඹෙන්නට තමන්ගේ දේශපාලන බලය වෛශ්‍යා වෘත්තියේ යොදවන්නට තරම් ලැඡ්ජාවක් නැති වූයේ මේ රටේ දේශපාලන නායකයන්ට ය. රටේ ජාතික ප්රශ්නය හා දේශපාලන නායකත්වයේ හැසිරීම පිළිබඳ එබඳු ඉතිහාසයක් අවසන් කර එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට දිය යුතු විසඳුම නිවැරැදිව හඳුනා ගනිමින් 2009 මැයි 19 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට නැවතීමේ තිත තැබුයේ එබඳු දේශපාලන නායකත්වයක් විසින් ම බව ද අමතක කළ යුතු නැත. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ බවද නොකිය යුතු නොවේ. එහෙත් යුද කළමනාකරණය විෂයෙහි පොහොසත්කම් පෑ මේ රජය පශ්චාත් යුද සමය තුළ යළි මේ රටේ දේශපාලන සංස්කෘතියේ යථාර්ථය පහදමින් සිටින බව පැහැදිලි වෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව දැන් සිදුවෙමින් පවතින සියලු ආකාරයේ මෙහෙයුම් රාජපක්ෂ රජයේ පශ්චාත් යුද කළමනාකරණයේ අසමත්භාවය අපට මනාව වටහා දෙයි.
ජයග්රහණයෙන් උන්මාද වීම
කවුරු කෙසේ කීවත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට මහින්ද රාජපක්ෂ රජය ගෙනගිය යුද මෙහෙයුම් හා ඉන් ලද ජයග්‍රහණ අවතක්සේරු කළ නොහැක. එහෙත් අද ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව අවි අමෝරා සිටිනුයේ ලෝකයේ සිදුවූ පළමු සිවිල් යුද්ධය ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට එරෙහිව කළ යුද්ධය සේය. යුද්ධයක් යුද්ධයක් ලෙස සිදුවෙයි නම් ජීවිත හානි, දේපළ හානි සිදු නොවිය යුතු යෑයි බලාපොරොත්තු වීම තරම් අමනකමක් තවත් නැත. අද සිදුවන්නේත් ක්‍රිස්තු පූර්ව යුගයේ භාවිත කළ අවි ආයුධවලින් කෙරෙන යුද්ධ නම් යුද පිටියේ ජීවිත හානිවලින් පමණක් සැනසීමට පත්විය හැක. එහෙත් ඉරාකයේදීත්, ඇෆ්ගනිස්ථානයේදීත්, පලස්තීනයේදීත්, ලිබියාවේදීත් ඇමරිකාව යුද වදින්නේ තමන් නිෂ්පාදනය කරන ලද බරපතළ විනාශකාරී අවි - ආයුධ භාවිතයට ගනිමිනි. එහිදී මියගිය සිවිල් වැසියන් ගණන මහත්ය. ශ්‍රී ලංකාවේ ද සිදු වූයේ එබඳු යුද්ධයකි. එහෙයින් ශ්‍රී ලංකාවේදී පමණක් සිවිල් වැසියන්ට යුද්ධයෙන් හානි සිදුනොවිය යුතු යෑයි කීම තරම් කුහකකමක් තවත් නැත.
එහෙත් ගැටලුව වන්නේ මේ මොහොත වන විටත් තමන් යුද්ධ කළේ ඇයි, ඒ කා සමගද යන්න ලෝකයට කීමට තරම් ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් බෙලහීන වීමය. මේ තත්ත්වය කොයිතරම් දරුණු ද යන්න පැහැදිලි වන්නේ එකම කලාපයේ තමන්ගේ ළඟම අසල්වැසියා වන ඉන්දියාව තමන්ට සහාය පළකරන තැනකට පත්කර ගැනීමට තරම් ශ්‍රී ලංකා රජය අපොහොසත් වීමෙනි.
2009 දී යුද්ධය අවසන් වී 2010 ප්‍රථම යුද සැමරුම දක්වා කාලය වනතුරුත් අප කළේ ජයපැන් බීම පමණි. යුද්ධය අවසන් අදියරේදී සිවිල් වැසියන්ට හානි සිදුවූවා දැයි සෙවීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවට කමිටුවක් එවීමට සූදානම් වූ මොහොතේ අප කළේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම හා ඇමැතිවරයකු යොදා මාරාන්තික උපවාසයක් කිරීමය.
අවසානයේ දරුස්මාන් වාර්තාව ලෙස එළිදුටු එම වාර්තාවෙන් සිවිල් වැසියන්ට යම් හානියක් වූ බවට තොරතුරු අනාවරණය කෙරිණි. එහෙත් ශ්‍රී ලංකා රජය කළේ ලෝකයට නිහඬ වී ප්රශ්නය හොඳින්ම දන්නා මේ රටේ ජනතාවට ගතු කියන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව "ගොදුරු බිම" නමින් මෙරට ත්රස්තවාදයට එරෙහි යුද්ධයට අර්ථකථන සපයද්දී ය මේ රජයට දැනුණේ ශ්‍රී ලංකාව කළ යුද්ධය ගැන ලෝකය විමසිල්ලෙන් සිටින බව. අවසානයේ ඇමෙරිකාව මේ මස මුලදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගෙන එන තුරුත් ශ්‍රී ලංකාව යුද්ධයක් කළේ කා සමඟද ඒ ඇයි ද කියා ලෝකයට කියන්නට ශ්‍රී ලංකා රජයට වැඩපිළිවෙළක් වූයේ නැත.
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ යෝජනාවක්ම අනුව පත් කළ උගත් පාඩම් හා ප්රතිසන්ධාන යෝජනා ක්‍රියාත්මක කරනවා තබා ඒ පිළිබඳ ජනතාව අතර සංවාදයක් ගොඩනඟන්නවත් රටක් ලෙස අපට වුවමනාවක් තිබුණේ නැත.
ඇමරිකාව පවා තමන්ගේ යුද සෙබළුකු යම් යුද අපරාධයකට සම්බන්ධ විණි නම් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගතහැකි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනුයේ තමන්ට විරුද්ධව ඒ පිළිබඳ බලපෑමක් එල්ල වීමට ඇති ඉඩකඩ මගහැරවීමටය. එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ ප්‍රධාන නියමුවකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශයක් විභාග කිරීමට යුද අධිකරණ පත් කළ මේ රජය අඩුම තරමින් දරුස්මාන් වාර්තාවෙන් එල්ල කළ චෝදනා විභාග කිරීමට හෝ අධිකරණයක් පත් කළේ නම් ඇමරිකාව බඳු රටකට මේ රටේ ස්වාධීනත්වයට මෙසේ අතපොවන්නට ඉඩ ලැබෙන්නේ නැත. රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට ගතහැකි එබඳු පියවර තිබිය දී මේ රජය කළේ රණවිරුවන් අතරින් තරු තෝරන්නට යැමය.
නිදහස බන්දේසියක තබා පූජාකරන තැනට එන්නට පෙර...
දැන් ශ්‍රී ලංකාව යුද අපරාධ කළ රටක් ලෙස ලෝකය පුරා කීර්ති හානියට පත්ව අවසන්ය. එහෙත් ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් අපට එල්ල කළ චෝදනා බොරු කිරීමට දැන්වත් අප පියවර ගත යුතුය. ඒ සඳහා දැන්වත් ඔවුන්ගේ අණ ලැබෙන තුරු නොසිට රටේ අභිමානය සුරැකෙන පරිදිත්, දිනා ගත් නිදහස සුරැකෙන පරිදිත්, ශ්‍රී ලාංකික ජනතාවගේ සියලු හදවත් සුවපත්වන පරිදිත් සුදුසු පියවරකට යොමු වීම වහ වහා කළ යුතුය. එසේ නොවුණහොත් පලස්තීනයට, සුඩානයට, ලිබියාවට කළා බඳු හානියක් ශ්‍රී ලංකාවට කිරීමටද අමෙරිකාව ප්රමුඛ අධිපතිවාදීන් පැකිළෙන්නේ නැත. එහෙයින් මේ රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික තත්ත්වයන් හොඳින් හඳුනාගත් විසඳුමකට එළැඹීම ඉක්මන් කළ යුතුය. එසේ නොවුණහොත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට සිදුවීමෙන් අවසාන ප්‍රතිඵලය වන්නේ දශක තුනක් තිස්සේ ලේ, ඩාදිය වගුරුවා ත්‍රස්තවාදය පරාජය කර මේ රට දිනාගත් නිදහස බන්දේසියක තබා පූජා කරන්නටය.

Last edited: