නිධන් සඳහා බිලිදීමට ළමුන් පැහැරගනී

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    නිධන් සඳහා බිලිදීමට ළමුන් පැහැරගනී

    නිධන් යනු තෙල් වගේ ස්වභාවික සම්පතක් බවත් හොරු හාරන්න කලින් රජය හෑරිය යුතු බවත් ආණ්ඩුවේ සන්ධාන පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ චීවරධාරී මන්ත්‍රී එල්ලාවල මේධානන්ද පවසද්දී නිධන් ගොඩ ගැනීම සඳහා බිලි දීමට පිරිමි දරුවන් තිදෙනෙක් සුදු වෑන් යොදවා පැහැර ගැනීමට කරන ලද උත්සාහයන් 3 ක් අද(13) එකම දිනයකදී උතුරින් සහ නැගෙනහිරින් වාර්තා වේ. මෙම බියකරු සිදුවීම් තුනෙන් එක් සිදුවීමක දී සුදුවෑන් රථය සහ මිනීමරුවන් පිරිස ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන තිබේ.

    නැගෙනහිර වාලච්චේන පොලිස් කොට්ඨාශයේ සච්චියාර් පාරේදී වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙකු පැහැර ගෙන යාමට සුදු වෑන් මිනීමරුවන් උත්සාහ කරද්දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා වාලච්චේන පොලීසියට බාර දී තිබේ.

    වාලච්චේන පොලිසියෙන් 'ලංකා ඊ නිව්ස්' කළ විමසීමකට පිලිතුරු දුන් එහි ප්‍රකාශකයෙකු කීවේ සිව් දෙනෙක් අත් අඩංගුවේ පසුවන බවත් දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේ සිංහල ජාතිකයන් වන අතර දෙදෙනෙක් කල්කුඩා ප්‍රදේශයේ දෙමළ ජාතිකයන් බවත් ය. වෑන් රථයද හලාවත ප්‍රදේශයේ රථයකි.

    සුදු වෑන් රථය අල්ලාගන්නා අවස්ථාවේ ඇසින් දුටු ප්‍රදේශවාසියෙකු 'ලංකා ඊ නිව්ස්' වෙත පැවසුවේ මිනීමරුවන් විසින් ඊට පෙර පැහැරගත් පිරිමි අයෙක් සහ තරුණියක් ද වෑන් රථයේ සිටි බවයි.

    මේ අතර අද උදෑසන මෙම කණ්ඩායම විසින්ම කල්කුඩා ප්‍රදේශයේදී වයස අවුරුදු 7 ක දරුවෙකු පැහැර ගැනීමට තැත් කළද දරුවා පැන ගොස් තිබේ. ඉන්පසුව වාලච්චේන ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුකරතිබේ.

    මොවුන් දරුවන් බිලිදීමට පැහැරගැනීම් සිදුකර ඇති බවට සැකකරන පොලීසිය පවසන්නේ රස්සා සඳහා මිනිසුන් රැගෙන යාමට පැමිණි බව සැකකරුවන් විසින් ප්‍රකාශ කරන බවයි. රස්සා දීමට බාල වයස්කාර දරුවන් පැහැර ගන්නේ ඇයි දැයි යන ප්‍රශ්නයට සැකකරුවන් පිළිතුරු දී නැත.

    සුදු වෑන් යොදවා මෙසේ බිලි දීම් සඳහා පිරිමි දරුවන් පැහැර ගැනීමේ අද දිනයේ තුන් වන සිදුවීම වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ කොකුවිල් ප්‍රදේශයෙනි. කොකුවිල්හි හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලබනා 11 වියැති දරුවෙක් පාසැල ඉදිරිපිටදී අද උදෑසන සුදුවෑන් රථයකින් පැහැර ගැනීමට උත්සාහ කර ඇති අතර දරුවා පැන ගොස් තිබේ. සුදු වෑන් රථය අල්ලා ගැනීමට නොහැකි වී ඇත.

    මේ ගැන ආරක්ෂක අංශ දැනුවත් කළද දැඩි ආරක්ෂක රැකවල් ලා තිඛෙන යාපනයේ ආරක්ෂක අංශ වලට මෙම සුදු වෑන් රථය අල්ලා ගැනීමට නොහැකි වී ඇත.

    මීට පෙර නිධන් හෑරීමට ගොස් ජනාධිපති ආරක්ෂක අංශයේ කපිතාන් ලෙස්ලි අබේරත්න සහ පිරිසක් රංගලදී හසුවූ අතර මහ විලච්චියේදී ගෝනහේන එස්.ටී.එෆ්. කඳවුරේ සහකාර පොලිස් අධිකාරී ඩී.කේ.හෙට්ටිආරච්චි සහ එස්ටීඑෆ් භට කණ්ඩායමක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගන්නා ලදී. මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් අද දක්වා නීතියෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් රැගෙන නැත.


    From: Lankaenews