නින්දෙන් ගොරවන්නෝ
ළමුන් මෙන්ම වැඩිහිටියන් නින්දේදී ගොරවන බවට පැමිණිලි අපිට සායනවලදී නිතරම පාහේ අසන්නට ලැබේ.
ගොරවන විටදී කුමක් නිසා මේ ශබ්දය එන්නේ දැයි පරීක්‍ෂා කර බලන විට පෙනී යන්නේ උඩ තල්ලෙ මෘදු කොටස සහ රසදිව කම්පනය වන විට මෙම ශබ්දය නැගෙන බව වේ. පෙනහලූ කර සහ පෙනහලූ වල සිට එන වාත ධාරාව මුඛය තුළින් ගලායන අවස්ථාවේදී මෙම කම්පනය ඇති වේ. බොහෝ විට මෙහිදී ප‍්‍රධාන හේතු කාරකය වන්නේ අවහිර වු මාර්ගයක් තුළින් වාත ධාරාවක් ගලායාම වේ.
කුඩා ළමුන් අතර සුලබයි. නාස් කුහරය හෝ නාස් කුහරයේ පිටුපස කොටස (පශ්චිම නාසය) අවහිර වූ විට මෙම ගෙරවීම බොහෝ විට ඇතිවන්නකි. නාසයේ මස්දලූ, නාසය මැද බිත්තියේ ඇදවීම හෝ විශාල සෙම් ගෙඩි හෝ පශ්චිම නාසයේ මස්දලූ ඇතිවිටද ශ්වසන වාත ධාරාව නාසය හරහා නොව මුඛ කුහරය හරහා ගලා යාමේදී ගොරවන ශබ්දය හටගනී. මෙවැනි ගෙරවිලි වැඩිපුරම දක්නට ලැබෙන්නේ කුඩා ළමුන් අතරේය.
නමුත් වැඩිහිටියන්ද නින්දේදී ගොරවන බවට පැමිණිලි කරති. ඔවුන් වැඩිපුරම ගොරවන්නේ උඩු අතර නිදාගන්නා විටදීය. පශ්චිම නාසයෙහි පරිමානය සහ පිහිටීම අනුව මෙම ගෙරවීම ඇතිවන බවත්, මෙය පරම්පරාගතව පවතින, රෝගයක් නොවන සාමාන්‍ය දෙයක් බවත් වෛද්‍ය මතය වේ.
ගෙරවීමට හේතුවන්නේ
බාහිර නාසයේදී රෝග ආබාධ ඇතිවන අවස්ථා එමටය. කුඩා අස්ථි දෙකකින් සහ මෘදු කාටිලේජ කිහිපයකින් සැදුන රාමුව මගින් නාසයේ හැඩය පවත්වා ගනී. නාසයේ මැද බිත්තිය හෙවත් ප‍්‍රාචීරය කොටසක් අස්ථි වලින්ද, තවත් කොටසක් කාටිලේජ වලින්ද සැදී ඇත. බාහිර නාසයේ අස්ථි සහ මැද බිත්තියේ කොටස්ද පහසුවෙන් අනතුරුවලට ලක්වේ. කුඩා ළමුන්ගේ සිට වැඩිහිටි අය දක්වා මේ බාහිර නාසයට වන අනතුරු දැකිය හැක. ක‍්‍රීඩා පිටියේදී හෝ ගෙදර දොරේදී මුහුණට වෙන ඕනෑම කුඩා අනතුරකදී නාස් පොල්ල ඇදවීම සාමාන්‍ය දෙයකි. මෙවැනි අනතුරකදී නාසයෙන් ලේ ගැලීම, නාසය අවහිරවීම සහ කැක්කුම ආදී රෝග ලක්‍ෂණ ඇතිවේ. නාසය හෝ මුහුණේ ඉදිමුම දවස් කිහිපයක් පවතී. මෙවැනි අවස්ථාවකදී අප කළ යුතු ප‍්‍රථමාධාර නම් රෝගියා පුටුවක හෝ ඇඳක හාන්සි කොට නාසය මත සහ ඒ අවට අයිස් කැට තැබීම වේ. තුවාල වූ කොටස පිරිසිදු රෙදි කඩකින් ආවරණය කර වෛද්‍ය උපදෙස් සෙවිය යුතුවේ. නාසයෙන් ලේ ගැලීම ක‍්‍රමයෙන් නවතී. මුහුණේ ඉදිමුමද ක‍්‍රමයෙන් අඩුවී ගොස් දවස් කිහිපයකදී නාස් පොල්ලෙ ඇද ගතියක් තිබේ නම් දැක ගත හැක. මැද බිත්තිය එක පැත්තකට ඇදවී නම් නාස් කුහර වලින් එක පැත්තකින් හුස්ම ගැනීම අපහසු වේ. මෙවැනි අවස්ථාවලදී ප‍්‍රතිකාරය ශෛල්‍ය කර්මයකි. ශෙල්‍ය කර්මය කර ඇදවූ අස්ථි නිවැරදි කරගත හැකිවේ.
· කාටිලේජමය ප%dචීරය
· අස්ථිමය ප%dචීරය
නාසයේ මැද බිත්තියේ ඇද ගතිය කිසිම අනතුරකට ලක් නොවූ කෙනෙකුගේ දැකගත හැකි අවස්ථා බොහෝය. එවිට විනිශ්චය වනුයේ එය උපතින්ම ඇතිවූ දෙයක් බව වේ.
බාහිර නාසයේ විවර සහ නාසාලින්දය අවට හම වනවී ආසාදනය වන අවස්ථා අපට සායන වලදී දකින්නට ලැබේ. විශේෂයෙන් ම මෙවැනි ආසාදන දකින්නට නොලැබෙන්නේ කුඩා ළමුන්ගේය. නිතරම සොටු දියර නාසයෙන් ගලන විට හෝ සෙම් පීනස නිසා නාස විවර අවට හම විෂබීජ ආක‍්‍රමණයට ලක්වී ආසාදනය වේ. මෙවැනි අවස්ථාවලදී ප‍්‍රාථමික හේතුවට ප‍්‍රතිකාර කිරීමෙන් නාස විවර අවට හමෙහි ඇති ආසාදනයන් සුවවේ.
සමහර අවස්ථාවලදී ප‍්‍රතිජීවක අඩංගු ඖෂධ ආලේපයන් ආලේප කිරීමෙන් ඉක්මන් සුවයක් ලබාගත හැකිවේ.
Source : www.blog.waidyawaraya.lk

Last edited: