පාරේ වැටී සිටිද්දී මිනිස්සු යාචකයකු යැයි සිතූ මහ රැජිණට නිල් මැණිකක් දුන් කෝටිපතියා
මෙරට මැණික් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වූ රත්නපුරයේ නිමල් පතිරණ අතුරුදන් වූ පුවතක් පසුගිය සතියේ වාර්තා වුණා. එළිසබත් මහ රැජිනට පැළඳිම සඳහා කෝටි ගණනක් වටිනා අගනා නිල් මැණිකක් පවා තෑගි මුන් නිමල් පතිරණ එකල මෙරට මැණික් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කිරුළු පැළඳ සිටියා.
රත්නපුර නගරයේ පිහිටි ඔහුගේ නිවස පවා කුලීයට දී ඇති බවයි පසුගිය සති අන්තයේ පුවත්පත් වාර්තා කළේ.
පසුගිය දිනක ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට කිසිවකු හෝ විසින් ඇතුළත් කර ඇති අතර පසුව වාර්තා වූයේ ඔහු 23දා සිට රෝහලින් අතුරුදන් වී ඇති බවය. එසේ රෝහලින් අතුරුදන්වූ බව පැවසූ නිමල් පතිරණ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පලවීමත් සමග ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු වූ අතර මහ මග යාචකයකු මෙන් ඇදවැටී සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසියට තොරතුරක් ලැබ තිබෙනවා.
ඒ පුද්ගලයා සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඒ රෝහලින් අතුරුදන්ව සිටි නිමල් පතිරණ බව තහවුරු වී තිබෙනවා. ඔහුගේ දරුවන් ගෙන්වා ප්‍රකාශ සටහන්කරගත් පොලිසිය නැවත ඔහු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
Neth news