නිමා කරමු අරගලය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙන්න මේවා කරලා

    මැතිවරණයකට යාමට පෙර අන්තර්වාර පාලනයක් ඇතිකර වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගැනීම අරමුණු කරගත්, රටට විදේශ විනිමය ලබා ගැනීමේ ඉලක්ක ගත වැඩපිළිවෙළක් සහිත ව්‍යාපෘති අමාත්‍යංශ සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා වන විශේෂ අමාත්‍යංශ ඇති කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කරන බව එම කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

    මැතිවරණයක් පැවැත්වීමේදී රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක් වැයවන බව ත් මැතිවරණයකට පෙර අන්තර්වාර කාලසීමාව තුළ මැතිවරණ නීතියේ ප්‍රධාන සංශෝධන පහක් සංශෝධන කළ යුතුව ඇතැයි සඳහන් කරන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා,

    1. මැතිවරණ කටයුතු සඳහා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් සිදු කරනු ලබන දැවැන්ත වියදම් සීමා කිරීම හා ඡන්ද විමසීමකින් පසු නිශ්චිත දිනයකට පෙර ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම හා ඒවා ප්‍රසිද්ධියට පත්කිරීම ත් එහි යම් දෝෂ වෙතොත් මන්ත්‍රී සභික ධූර අහෝසි කිරීම සඳහා නීති සංශෝධනය කළ යුතුව ඇතැයි පැවසීය.

    2. තරුණ හා කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමේ විධිවිධාන සෑම ඡන්ද විමසීම් පනතකට ම ඇතුළත් කිරීම සහ

    3. ඡන්ද විමසීම් දිනයේ අත්‍යවශ්‍ය සේවාවල යෙදීමට සිදුවන සේවාවල ඡන්දදායකයන් සඳහා ඡන්ද දිනයට පෙර පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ඇති කිරීම සිදුකළ යුතුව ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.

    4. රාජ්‍ය දේපළ පෞද්ගලික පරිහරණයට ගෙන තිබේ නම් හෝ මහජන නියෝජිතයන් විසින් බලය අව භාවිත කිරීම හෝ යම් දූෂිත ක්‍රියාවල යෙදී ඇති අවස්ථාවල හෝ මහජනයාට ඕනෑ ම අවස්ථාවක පැමිණිලි කිරීමේ අවස්ථාව සැලසීම හා එම පැමිණිල්ල පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකි සුදුසු ස්ථාවර කොමිසමක් පිහිටු වීම (විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුන්ගෙන් සමන්විත) හා

    5. ඒ අනුව වරද අනාවරණය වන්නේ නම් ඔවුන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීම හා ඔවුන්ගේ සිවිල් අයිතිය නිශ්චිත කාලයකට අහිමි කිරීම දක්වා කටයුතු කිරීම. (මෙය මහජන නියෝජිත ක්‍රියා සම්බන්ධව පමණක් අදාළ වන අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අතිරේකව යෝජනා කරනු ලබන්නකි.) (මෙය නැවත කැඳවීමේ එක් ක්‍රමවේදයකි.) යන සංශෝධනය ද ඊට ඇතුළත් වෙයි.

    අන්තර්වාර කාලය නිම කර මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම ද මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර තිබේ.

    – මව්බිම

    තව 21 වෙනි ව්‍යවස්ථා ශන්ශෝදනයත් කරලා දෙසපාලකයන්ගේ වරප්‍රසාද හා වරදාන අඩු කරලා ස්වාදීන කොමිසන් ටික එහෙම හදලා ගියා නම් තවත් මරු
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    තව 21 වෙනි ව්‍යවස්ථා ශන්ශෝදනයත් කරලා දෙසපාලකයන්ගේ වරප්‍රසාද හා වරදාන අඩු කරලා ස්වාදීන කොමිසන් ටික එහෙම හදලා ගියා නම් තවත් මරු

    jeewitheta unge sapa un adu karaganida ?
     
    • Like
    Reactions: iworld

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එකම විසඳුම ජන සම්මත ව්‍යවස්ථාව පමණි

    ඔය කියන ලබ්බවල් කරයි මේං කියලා
     

    rottentomato

    Junior member
  • Apr 24, 2022
    63
    56
    18
    chande dena ekath SMS ekakin karanna barida? joke ekata neweyi. monawa hari verification ekak karala, hariyata karanna ona. grama niladhari issaraha id eka pennala hari kohoma hari kamak na. wiyadama 99% k adu karanna puluwan ne? adu gaane chanda ganan karana eke wiyadama wath adu weyi ne.