නියමුවන් රහිත ගුවන් යානය

Sanush_Pinkkz

Member
Apr 26, 2013
187
21
0
Colombo
නියමුවන් රහිත ගුවන් යානය

RQ-2 PIONEER යානාවක් මෙය ගල්ෆ් හා ඉරාක යුද්ධවල දී එක්සත් ජනපද හමුදාව විසින් යොදාගත් යළි පිරික්සුම් යානා වේ. මේවා අතුරින් බහුතරය ස්ථාවර ගුවන් යානා, MQ-8B ගුවන් ඔත්තු බලන්නා වැනි භ්‍රමනක යානා වේ.


මිනිසුන් රහිත ගුවන් යානා යනු නියමුවකු රහිත ගුවන් යානා වේ. දුරස්ථ පාලක මඟින් පාලනය හෝ පෙර සැලසුම් කළ ගුවන් සැලසුම් මත පාදකව හෝ වඩාත් සංකීර්ණ ගතික ස්වයංක්‍රිය පද්ධති මත පාදකව පියාසර කළ හැකිය. මේවා යළි පිරික්සුම හා ප්‍රහාරය සඳහා විවිධාකාර යුධ කටයුතුවල දී භාවිතා වේ. මානව නිරීක්ෂකයෙක් අවධානමකට ලක් වූ අවස්ථා, අපරාධ දර්ශනවල පොලිස් නිරීක්ෂණය, ස්වභාවික විපතක දී යළි පිරික්සුම් කටයුතු සඳහා වැනි සිවිල් යෙදවුම්වලදී වැඩි වශයෙන් භාවිතා වේ. මිනිසුන් සහිත ගුවන්යානාවක් යෙදවීමට උචිත නොවන වඩාත් නීරස, අසික්කිත, භයානක මෙහෙයුම් සඳහා UAV භාවිතා වේ.
හැඩයෙන්, ප්‍රමාණයෙන්, ගති ලක්ෂණයෙන් හෝ සැකසුමෙන් මේවායේ ඉහළ විවිධත්වයක් පවතී. මේවා මිසයිලවලින් වෙන් කර හඳුනාගැනීමට අර්ථ දක්වා ඇත්තේ ප්‍රහාරය දරා සිටීමට හැකි ජෙට් මඟින් හෝ අනුවැටුම් එංජිමක් මඟින් බල ගැන්වෙන රථයක් ලෙසය. කෘස් මිසයිල UAV යටතට නොගැනේ. ඊට හේතුව වන්නේ වෙනත් මාර්ගෝපදේශිත මිසයිල මෙන් තමාම ආයුධයක් ලෙස ක්‍රියාකරන බැවින් හා යළි භාවිතා කළ නොහැකි නිසාවෙනි. එසේ වුවත් එයද මිනිසුන් රහිත වන අතර ඇතැම්විට දුරස්ථ පාලිත විය හැකිය.
UAV යන පදය ඇතැම්විට UAVS ලෙස දික් කෙරේ. (මිනිසුන් රහිත ගුවන් යානා රථ පද්ධතීන්) ෆෙඩරල් ගුවන් අධිකාරිය මිනිසුන් රහිත ගුවන් යානා පද්ධතිය යන වර්ගය පිළිගෙන ඇති අතර එය මුලින්ම හඳුන්වා දුන්නේ එක්සත් ජනපද නාවික හමුදාව විසින්ය. මේවා භූමි නවාතැන් හා වෙනත් මූලයන් සහිත හුදු ගුවන් යානා නොව පද්ධති බව ඔවුන් විසින් හුවා දක්වන ලදහ.




800px-MQ-8B_Fire_Scout_side.jpeg
:eek:

800px-MQ-8B_Fire_Scout.jpeg
:shocked:

wiki
 

Similar threads