නිර්මාංශ වීමෙන් සතෙකුට අභයදානය දෙමු

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නිර්මාංශ වීමෙන් සතෙකුට අභයදානය දෙමු

    නිර්මාංශ වීමෙන් ඔබට අහිංසක සතෙකුට අභය දානය දිය හැකියි....
    .
    අභය දානය කියන්නෙ කෙනෙකුගෙ හිතේ ඇතිවෙලා තියෙන භය නැතිකරන එක...ඒ කියන්නෙ මරණ භයෙන් ඉන්න, මරණෙට නියමවෙලා ඉන්න කෙනෙක්ගෙ මරණ භය නැති කරන එක, මරණෙන් මුදවන එකත් මේකට අයිතිවෙනව...කෙනෙක් ජීවත්වෙලා ඉන්න කාලෙදි, මස් මාලු කනව නන් ඒ මස් මාංශ කෑම හින්ද එක පැත්තකින් සත්තු කීයක් මැරෙන්න ඇද්ද, පොඩි මාලු නන් දාස් ගාණක්, හරක්, එලුවො, ඌරො, කුකුළො වගේ සත්තුත් කොච්චර දුකක් විදලද මැරෙනව ඇත්තෙ තව කෙනෙකුගෙ කෑම වේලක් හින්ද.....
    කාට හරි හිතෙන්ඩ පුලුවන්, සත්තු එහෙම මැරෙන්නෙ ඒ සත්තුන්ගෙ කර්මය හින්ද කියල....ඔව් කර්මය හින්ද මැරෙනව වෙන්ඩත් පුලුවන්....කර්මය හැර වෙනත් හේතුත් තියෙනව හැබැයි ඒ සත්තු එහෙම මැරිල යන්ඩ...ලෝකෙ යමක් සිද්ධවෙන්ඩ හේතුවෙන, නියාම ධර්ම 5ක් බුදු හාමුදුරුවො දේශනා කරනවනෙ...පංච නියාම ධර්ම කියල....උතු නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය විදිහට...මෙතනින් චිත්ත නියාමය කියන්නෙ හිතේ ඇතිවන සිතිවිල්ලක් නිසා දෙයක් සිද්ධවෙන්ඩ පුලුවන් කියන එක...දැන් කෙනෙකුට හිතෙනව මස් ටිකක්, නැත්තන් මාලු ටිකක් කන්ඩ ඕන කියල....කුකුල් මස් ටිකක් කන්ඩ ඕන කියල හිතුණ කියමුකො...ඒ සිතුවිල්ල හින්ද ඒ කෑම වේල වෙනුවෙන් අහිංසක සතෙකුගෙ ජීවිතයක් නැතිවෙනව....
    අපි කියමුකො ඒ කෙනා කුකුල් මස් කෑම නැවත්තුවා කියල,එතකොට එයා වෙනුවෙන් මේසෙට කුකුල් මස් තියෙන කෑම පිඟානක් එන එක නවතිනව, ඒ කියන්නෙ ඒ කෑම වේල වෙනුවෙන්, කඩේට ගිහිල්ල මරපු කුකුලෙක්ව ගේන එක නවතිනව, කඩෙන් කුකුල් මස් ගන්නෑ කියන්නෙ කඩේට ඒ මරපු කුකුළව ගේන්ඩ, කොහේ හරි තැනක කුකුළෙක්ව මරණ එක නවතිනව...දැක්කනෙ කෙනෙක්ගෙ සිතුවිල්ල උඩ සතෙක්ගෙ ජීවිතේ පැවැත්ම තීරණේ වුණු හැටි....ඉතින් අපිට ටිකෙන් ටික හරි මේ විදිහට මස් මාලු කෑමෙන් ඈත්වෙන්ඩ පුලුහන් නන් අපිට පුලුහන්කම ලැබෙණව, අහිංසක සතෙකුට ජීවිත දානය දෙන්ඩ...ඒ සතා මැරෙණ එක නවත්තන්ඩ....මනුස්සය පරිණාමනය වෙලා තියෙන්නෙ වඳුරගෙන් කියල දන්නවනෙ, ඒ විදිහට මනුස්සයගෙ ශරීරයත් හැඳිල තියෙන්නෙ ශාක ආහාර විතරක් ආහාරයට අරන් වුණත් තමන්ගෙ පෝෂණ අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ කරගන්ඩ පුලුහන් විදිහට....ඒ කියන්නෙ අපි මස් මාලු නොකෑව කියල කිසිම පෝෂණ ඌණතාවයක් ශරීරයට නොවෙන විදිහට, මාංශමය නොවෙන ශාකමය ආහාර වලින් ඒක සම්පූර්ණ කරගන්ඩ පුලුහන්....ඉතින් එහෙම අපිට ඕන කෑම ටික ලේසියෙන්ම හොයාගන්ඩ පුලුහන්කම තියෙද්දි ඒ වෙනුවෙන් අහිංසක සතෙකුගෙ ජීවිතයක් නැතිවෙණව කියන්නෙ අපරාධයක්නෙ...එක පාරටම මස් මාලු කන එක නවත්තන්ඩ අමාරු නන් ටිකෙන් ටික ඒකෙන් ඈත්වෙමු...අපි ඒ කෑමවෙල සතෙකුගෙ ජීවිතේ බේරගැනීම වෙනුවෙන් දන්දෙනව කියන්නෙ, එතන අභය දානයක් වෙලා, අහිංසක සතෙකුගෙ ජිවිතයක් බේරිලා....කාලයක් මෙහෙම කරද්දි හිතට ලොකු සතුටක් දැනෙයි...අභය දානය කියන්නෙ අනිත් අතට විශාල කුසල කර්මයක්....අභය දානයේ ආනිශංස ගැන කලින් ලිපි වගයක් ලීව....ඒවත් මෙතනින් ඇවිල්ල බලන්ඩ පුලුවන්.....

    පන්සිල් රැකීම අභය දානයක් බව හා එයින් අප්‍රමාණ පින් හා කුසල් සසර වාසය කරන තුරු රැස්වන බව....
    සිල් පදයක් කොටස් 4කට බෙදෙන අයුරු හා සීලයම භාවනාවක් ලෙසින්

    (2 කොටස)
    ඉහත අප සත්ව ආහාර ගැනීමෙන් වැලකෙන විට, සතෙකුගේ ජීවිතය ආරක්ෂාවන අන්දමත් එය, අභයදානමය කුසල කර්මයක් වන අන්දමත් සඳහන් කළෙමු....එහිද සඳහන්කළ අන්දමට,මිනිසා පරිණාමයෙන්ම සැකසී ඇත්තේ ශාක ආහාර වලින් පමණක් යැපිය හැකි ශාඛ භක්ෂකයෙකු ලෙසය...මේ ඒ බව තහවුරු කෙරෙණ සාධකය....
    🔵 මිනිසාටද අනෙකුත් ශාක භක්ෂකයින්ට මෙන් පැතලි වූ දත් ඇත(මාංශ භක්ෂකයින්ට උල් දත් හා නිය පවතී..),
    🔵 ජලය උරා බීම (මාංශ භක්ෂකයින් දිවෙන් ගෙන ජලය පානය කරයි ),
    🔵 උපත ලද සැනින්ම ඇස් විවර කළ හැක (මාංශ භක්ෂකයින් උපත ලබා දින කිහිපයක් යනතුරු ඇස් වැසී පවතී ),
    🔵 සාපේක්ෂව දිගු ආහාර මාර්ගයක් පිහිටා ඇත..(මාංශ භක්ෂකයින්ගේ ආහාර මාර්ගය මිනිසාට සාපේක්ෂව කෙටි වේ...එයට හේතුව, මාංශ ආහාර එහි මුල කොටසේදීම ජීර්ණය වන නිසා වැඩි කාලයක් ආහාර මාර්ගය තුල රැඳී තිබීමට අනවශ්‍ය නිසාය....මේ අනුව ශාඛ ආහාර සඳහා හැඩගැසුණු මිනිස් ජීර්ණ පද්ධයතිය තුලින් මාංශ ආහාර යෑමේදී සිදුවන්නේ අනවශ්‍ය දිගු කාලයක් මාංශ ආහාර ඒ හරහා ගමන් කිරීම නිසා මාංශ ආහාර වල පවතින අධික විෂ සහිත සංයෝග වල අහිතකර බලපෑම , මිනිස් සිරුරට එල්ලවීමයි...),
    🔵 අචලතාපී ජීවී විශේෂයක් වේ...(මාංශ භක්ෂකයින් හට මිනිසා මෙන් සමෙන් දහඩිය පිටකර ජලය බී සිය ශරීර උෂ්ණත්වය පිටකළ නොහැක, ඔවුන් බොහෝ විට සිය දිව එළියට දමා ඒ හරහා ශරීර උෂ්ණත්වය පිටකරගනු දක්නට ලැබේ....)
    🔵 ඇඩ්‍රිනලින් හෝමෝනය නිකුත් කිරීම...මිනිසා ඇතුලු ශාක භක්ෂක සතුන් පමණක් හදිසි අවස්ථා වලදී වේගවත් ප්‍රතිචාර දැක්වීම සඳහා අවැසිවන හෝර්මෝනයක් වන ඇඩ්‍රිනලින් හෝමෝනය නිකුත්කරයි...මෙය පරිණාමනයේදීම ඔවුන්ගේ සිරුරේ ඇතිවූ ලක්ෂණයක් වන අතර එනිසා, මාංශ භක්ෂකයින්ගේ ගොදුරු බවට පත් නොවී සිටීමට එකල සිටන්ම ඔවුන්ට හැකිව ඇත....,
    🔵 බුද්ධිමත් බව - මිනිසා ඇතුලු ශාඛ භක්ෂකයින් මාංශ භක්ෂකයින් හට වඩා අතිශය බුද්ධිමතුන් වේ..චිම්පන්සින්, වඳුරන්, රිලවුන් , අලි වැනි සතුන් මිනිසාට පසු මෙම බුද්ධිමත් සතුන් ලැයිස්තුවේ සිටින අතර, මාංශ භක්ෂකයින් සිටින්නේ ඊට බොහෝ පිටුපසිනි....
    🔵 සාමුහිකව ජීවත්වීම , වැඩ කිරීම හා සාමකාමී බව...මිනිසා ඇතුලු ශාක භක්ෂකයින් බොහෝ දුරට කණ්ඩායම් වශයෙන් දිවිගෙවන අතර, සාමූහකව දෛනික ක්‍රියාකාරකම් වල නියැලේ....මාංශ භක්ෂකයින් මීට සාපේක්ෂව සිය සීමා මායිම් ලකුණු කරගනිමින් බොහෝ විට තනිව සිටිනා අතර...දඩයම් කිරීමට පමණක් රංචුවක් සමඟ යයි,...එමෙන්ම තම සීමාවට වෙනකෙකු පැමිණි විට පහරදීමට හා ආක්‍රමණය කිරීමට බොහෝ විට පෙළඹේ....
    මේ අනුව පෙනෙන්නේ මිනිසාගේ සිරුර සැකසී ඇත්තේ ශාඛ භක්ෂකයෙකු ලෙසත් ශාඛ ආහාර මත පමණක්ම යැපීමට බවත්ය....එහෙත් මිනිසා වර්තමානයේ එය අමතක කර ඇති බව පෙනෙන අතර, රස තෘෂ්ණාව නිසාත් සමහර විට පහසුව නිසාත් මාංශ ආහාර සොයමින් යන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ....කෙසේ නමුත් මෙලෙස මාංශ ආහාර පසුපස යාමේ අවසන් ප්‍රතිඵලය ඉතා භයානක එකක්...මේ එලෙස මාංශ ආහාර ගැනීමෙන් මිනිසාට අදවන විට අත්විඳීමට සිදුව ඇති භයානක ප්‍රතිඵල කිහිපයක්....


    🔴 පිළිකා ඇතිවීමේ අවදානම - ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින්ද මේ වන විට පිළිගෙන ඇති ආකාරයට මාංශ ආහාර ගැනීම මිනිස් සිරුරේ පිළිකා ඇතිවීමේ අවධානම ප්‍රබල ලෙස වැඩිකරවන්නක්...එයට හේතු වන්නේ සතුන් ඇතිකිරීමේදී යොදන හෝමෝන, මස් පිසීමේදී නිපදෙවෙන ඇරෝමැටික හයිඩ්‍රොකාබන , ඇමයින වැනි රසායනික සංයෝග බවයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ....
    🔴 අධි රුධිර පීඩනය හා හෘදයාබාධ ඇතිවීමේ අවධානම - මාංශ වල ඇති අධික කොලස්ට්‍රෝල් ප්‍රමාණය හා අහිතකර මේද සංයෝග නිසා රුධිර නාල අවහිරවීම සිදුවිය හැකි අතර මෙය හෘදයාබාධයක් වැනි භයානක අවස්ථාවක් තෙක් වුවද ගමන්කළ හැක....
    🔴 ස්ථුලතාවය හා අධික බර
    🔴 අඩු ආයු අපේක්ෂාව
    🔴 අහිතකර ප්‍රතිජීවක ප්‍රමාණයක් ශරීරයට ඇතුල්වීම - සතුන් ඇතිකරන සත්ව ගොවිපලවල් තුල, ඔවුන් හට ආහාර ලබාදෙන විට ඒ සමඟම අධික ප්‍රතිජීවක ප්‍රමාණයක් ලබාදේ....ඒ එහි පවතින අපිරිසිදු පරිසරය නිසා සතුන් විෂබීජ වලින් ආරක්ෂාකිරීමටත් රෝගාබාධ ඇතිවීම වැලක්වීමටත්ය...කෙසේ නමුත් මෙම ප්‍රතිජීවක කලක් ඔවුන්ගේ සිරුරේ පවතින අතර, එම සත්ව මාංශ ආහාරයට ගන්නා මිනිසුන් වෙතද ඉන් පසු එම ප්‍රතිජීවක ඇතුල්වේ...මෙය ඉතා අහිතකර තත්වයක් වන අතර, මෙම අමතර ප්‍රතිජීවක ප්‍රමාණය සිරුරට ඇතුල්වීම නිසා මිනිස් සිරුර තුල ප්‍රතිජීවක ප්‍රතිරෝධීතා වැනි සංකීර්ණ සංකූලතා වුවද ඇතිවිය හැක...(එනම් රෝගකාරක විෂබීජ ප්‍රතිජීවක වලට හුරුවී තිබීම නිසා, පසුව ප්‍රතිජීවක පිටතින් ලබාගැනීමෙන් එම විෂබීය මර්ධනයට නොහැකි තත්වයට පත්වීම....)
    ඉතින් මෙලෙස පෙනී යන්නේ, මාංශ පරිභෝජනය නිසා ශාකභක්ෂකයෙකු වන මිනිසා මුහුණපා ඇති අර්බුධකාරී තත්වයේ තරමය...මෙලෙස මස් මාලු නොකා සිටියොත් සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබාගන්නේ කෙලෙසදැ‍යි දැන් ඔබට සිතෙන්නට පුලුවන....එහෙත් මාංශ ආහාර වලටද වඩා මෙම ශාඛමය ආහාර වල ප්‍රෝටීන් ඇති බව ඔබ දැන සිටියේද....


    මේ දේශීයව පහසුවෙන් සොයාගත හැකි සත්වමය හා ශාඛමය ආහාර වර්ග කීපයක ග්‍රෑම් 100ක අඩංගු වන ප්‍රෝටීන් මට්ටම සන්සන්දනය කිරීමක්


    ආහාර වර්ගය ------------------ග්‍රෑම් 100ක අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය (ග්‍රෑම් )
    🔵 පරිප්පු - 26
    🔴 හරක් මස් - 25
    🔸 බිත්තර(සුදු මදය ) - 22
    🔴 කුකුල් මස් - 20
    🔴 ඌරු මස් - 17
    🔵 කඩල - 19
    🔵 සෝයා බෝංචි - 17
    🔴 ඉස්සො - 16
    🔸 චීස් - 13
    🔵 මුරුංගා කොළ - 10
    🔴 සැමන් - 9
    🔸 එළකිරි - 8
    🔵 මුං ඇට - 7
    🔵 දඹල - 6
    🔵 බෝංචි- 5.5
    .
    ඉතින් මේ අනුව ඔබට පෙනී යනවා ඇති අවදානම් සහගත හා සෞඛ්‍යසම්පන්න නොවන ලෙසින් ගන්නා මාංශමය ආහාර වේලකට වඩා, ශාඛමය ආහාර වේලක් කෙතරම් ගුණදායකද, එමෙන්ම සෞඛ්‍යසම්පන්නද කියා...එසේ නම් අසරණ සතෙකුගේ ජීවිතයක් තවදුරටත් ඔබේ ආහාර වේලක් වෙනුවෙන් බිලිදීමට අවශ්‍ය නෑ...ඒ වෙනුවට ඔබට පෝෂ්‍යදායි ශාඛමය ආහාරවේලක් ලබාගතහැකි අතර, සතෙකුගේ ජීවිතයක් බේරාදීමෙන් සීමාවක් රහිතව අනුසස් ලබාදෙන අභයදානමය පුණ්‍යකර්මයකටද දායකවීමට හැකියි.....නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ...තෙරුවන් සරණයි.....
    (අන්තර්ජාලය ඇසුරෙනි )
    - මාධව විශ්වනාත් -
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාත් ඉස්සර ඔහොම හිටියා
    ඒත් ඒකත් එක විදියක දෘෂ්ටිගත වීමක්
    මරාගෙන කන්න්‍ර නෑ
    උයල දුන්නෙත් බලුමස් උනත් කනවා
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මාත් ඉස්සර ඔහොම හිටියා
    ඒත් ඒකත් එක විදියක දෘෂ්ටිගත වීමක්
    මරාගෙන කන්න්‍ර නෑ
    උයල දුන්නෙත් බලුමස් උනත් කනවා

    නෑ දෘෂ්ටිගතවීමක් වීමක් වෙන්නෙ මස් කෑමෙන් පවක් වෙනව කියල හිතා ගත්තොත්, මස් කෑමෙන් වැලකෙනව කියන්නෙ රස තෘෂ්ණාවෙන් ඈත්වෙන එක, තෘෂ්ණාවෙන් ඈත්වෙන එක වැරැද්දක් නෙමේ..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    නිර්මාංශ වීමෙන් ලැබෙන පින් හෝ ප්‍රතිලාභ ගැන බුදුදහමේ සදහන් වෙන්නෙ කොතැනද? කුමන දේශනාවේද? :unsure: :unsure: :unsure: :unsure:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නිර්මාංශ වීමෙන් ලැබෙන පින් හෝ ප්‍රතිලාභ ගැන බුදුදහමේ සදහන් වෙන්නෙ කොතැනද? කුමන දේශනාවේද? :unsure: :unsure: :unsure: :unsure:
    නිර්මාංශ වීම අභය දානයක් විදිහට හිතල කරොත් තමා පින් රැස් වෙන්නෙ, මේ ටික කියවල බලන්ඩ..

    පන්සිල් රැකීම අභය දානයක් බව හා එයින් අප්‍රමාණ පින් හා කුසල් සසර වාසය කරන තුරු රැස්වන බව....
    සිල් පදයක් කොටස් 4කට බෙදෙන අයුරු හා සීලයම භාවනාවක් ලෙසින්
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    හරි මේක තියෙන බුද්ධ දේශනාව මොකක්ද? ත්‍රිපිටකයෙන් නම් මොන සූත්‍රයෙද? 🤔🤔🤔
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හරි මේක තියෙන බුද්ධ දේශනාව මොකක්ද? ත්‍රිපිටකයෙන් නම් මොන සූත්‍රයෙද? 🤔🤔🤔
    අඨපුඤ්ඤාභි සන්ද සූත්‍රෙ . මහා පරිනිබ්බාන සූත්‍රේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    අඨපුඤ්ඤාභි සන්ද සූත්‍රෙ . මහා පරිනිබ්බාන සූත්‍රේ
    ඒ සූත්‍රයේ අභය දානය ගැන මිස අභය මාංශ අනුභවයෙන් වැලකීම ගැන සදහනක් නෑනේ? 🤔🤔🤔