Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර්වාණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැප විඳින පුද්ගලයකු නිවනෙහි නැති නම් නිවන සැපයක් වේ ද? නිවනෙන් ප්‍රයෝජනයක් තිබේ ද?

සත්ත්වයාය පුද්ගලයාය කියන්නේ පඤ්චස්කන්ධයට ය. පඤ්චස්කන්ධය හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත්තේ ය. ලෝකයෙහි විපත්ය, දුක්ය, කරදරය කියා යමක් ඇති නම් ඒ සියල්ලම ඇත්තේ පඤ්චස්කන්ධය නිසා හෝ පඤ්චස්කන්ධයෙහි ය. විපත් දුක් කරදර උපදින තැන පඤ්චස්කන්ධය ය. යුද්ධයක දී පළාතකට බෝම්බ වැටෙන්න වුවහොත් එය මහා විපතෙකි. මහා භයකි. මහාදුකෙකි. බෝම්බ වැටීම විපතක් බියක් දුකක් වන්නේ ඒවාට හසුවී කැඩී බිඳී යන, ඒ නිසා වන වේදනා විඳින ඒවාට තැති ගැනෙන බිය වන පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධය නැති නම් වර්ෂාවක් මෙන් බෝම්බ වැටුණත් එය විපතක් බියක් දුකක් නො වේ. වතු කුඹුරු ගෙවල් යට කරගෙන මහා ජලස්කන්ධයක් ගලා එන්නට පටන් ගත හොත් එය විපතක් බියක් දුකක් වන්නේත් එයට යට වී අමාරුවට පත්වන මැරෙන ඒ දුක් දැනෙන විඳින තැති ගැනෙන බියවන පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. නැති නම් ඒ මහා ජල ගැල්ම විපතක් නො වේ.

මහා ගින්නක් ඇති වූ කල්හි එය විපතක් දුකක් වන්නේත් පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධය නැති නම් මුළු පොළොවෙහි යොදුන් ගණනක් ඉහළට නැඟ සිටින මහ ගින්නක් ඇති වුවත් මේ පොළොව අවීචි මහා නරකය වැනි වුවත් එය විපතක් දුකක් නො වේ. මහ නියඟයක් වී ළිං පොකුණු වැව් ඇළ දොළ ගංගා වියළී ගොස් පොළොවේ ගස් වැල් මැරී ගිය හොත් එය විපතක් වන්නේ ආහාර හා වතුර නැතිව පැවැත්විය නොහෙන පඤ්චස්කන්ධය ඇති නිසා ය. නැති නම් සැම කල්හි ම පොළොව වියළී තිබුණත් එය විපතක් නො වේ. මේ කරුණු අනුව විපත්ය කියා සලකන සෑම එකක් ම විපත් වන්නේ පඤ්චස්කන්ධය නිසා ම බව කිය යුතු ය.

ලෝකයෙහි බොහෝ දුක් ඇති කරන නොයෙක් රෝග ඇත්තේ ය. සියලු රෝගවල ම උත්පත්තිස්ථානය පඤ්චස්කන්ධය ය. පඤ්චස්කන්ධය නැතහොත් රෝග නැත. පඤ්චස්කන්ධය ඇතහොත් රෝග ද ඇත්තේ ය. එබැවින් රෝ දුක් ඇති කරන සතුරාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. පඤ්චස්කන්ධය දිරන එකකි. පඤ්චස්කන්ධයක් නැති නම් ජරාවක් ඇති වීමට තැනක් නැත. පඤ්චස්කන්ධය ඇත හොත් ජරාව ද ඇත්තේ ම ය. එබැවින් ජරාදුඃඛය ඇති කරන සතුරාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. මරණය ඇතිවන තැනත් පඤ්චස්කන්ධය ය. එය ඇතොත් මරණය ඇත්තේ ය. නැත හොත් නැත්තේ ය. එබැවින් මාරයාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. මැරෙන්නාය මාරයාය යන දෙදෙනම වන්නේ එක ම පඤ්චස්කන්ධය ය.

පඤ්චස්කන්ධය නිතර ම මැරෙන්න යන ස්වභාවය ඇතියකි. එයට මැරෙන්නට නොදී පවත්වා ගැනීමට නම් දිනපතා ම ආහාර පානවලින් පෝෂණය කළ යුතු ය. ශීතෝෂ්ණ දෙක සමව පවත්වා ගත යුතු ය. සතුරන්ගෙන් ආරක්ෂා කර ගත යුතු ය. අවු සුළං වැසි වලින් ආරක්ෂා කර ගත යුතු ය. එබැවින් පඤ්චස්කන්ධයට ඇලුම් කරන තැනැත්තා විසින් එය පැවැත්වීම ආරක්ෂා කිරීම සඳහා බොහෝ වෙහෙසිය යුතු ය. දිනපතා වැඩ කළ යුතු ය. පඤ්චස්කන්ධය පෝෂණය පිණිස පරෙස්සම් කිරීම පිණිස පිනවීම පිණිස සමහර විට නොයෙක් පව්කම් කරන්නට ද සිදු වේ. එයින් අපාගත වී බොහෝ කල් දුක් විඳින්නට සිදු වෙයි. පඤ්චස්කන්ධයේ ආදීනව ඉතා බොහෝ ය. පඤ්චස්කන්ධය තරම් අන් සතුරෙක් නැත. එබැවින් පඤ්චස්කන්ධයක් නැති නම් එතරම් අන් යහපතක් නැත. නිවනෙහි පඤ්චස්කන්ධයක් ඇති නම් එයත් දුක් සහිත තැනක් හෝ දුකක් වන්නේ ය. නිවනෙහි පඤ්චස්කන්ධයක් ඇති නම් එහිත් ලෝකයෙහිත් ඇති වෙනසක් නැත. නිවනෙහි ඇති සැපයත් වටිනාකමත් උසස්කමත් සැපදුක් විඳින පුද්ගලයා ලෙස සලකන පඤ්චස්කන්ධය නමැති දුඃඛස්කන්ධය එහි නැති බව ම ය.

පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන්, සතුරා ගෙන්, මාරයාගෙන් ගැලවිය හැක්කේ නිවනට පැමිණිමෙනි. එයට පැමිණ එය ලබාගෙන පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන් මිදිය හැකි බව ම නිවනෙන් ඇත්තා වූ මහත් වූ ප්‍රයෝජනය ය.

පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය දැකිය හැකි පමණට දියුණු වූ නුවණක් නොලැබූවෝ ඔවුන් තුළ ඇති වූ ඝන වූ අවිද්‍යාව නිසා පඤ්චස්කන්ධය ලෝකයේ ඉතාම හොඳ දෙය ඉතාම උසස් දෙය සැටියට සලකා ගෙන එයට තදින් ඇලුම් කරති. විඳින සත්ත්වයා ය කියන පඤ්චස්කන්ධය නැති නිවන පලක් නැති තැනක් ලෙස හෝ නපුරක් ලෙස හෝ ඔවුනට පෙනෙන්නේ ඔවුන් තුළ පවත්නා අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා ය. අවිද්‍යාව දුරු වූ දිනක දී පඤ්චස්කන්ධයක් නැති නිවනේ අගය ඔවුනට වැටහෙනවා ඇත.

රූප ශබ්දාදි කිසිවක් නැති, සැප විඳින පුද්ගලයකු නැති, නිවනෙහි ඇති සැපය කුමක් ද?

විඳීම් සැපය, නිවීම් සැපය කියා සැප ජාති දෙකක් ඇත්තේ ය. දිව්‍යලෝක මනුෂ්‍යලෝක සම්පත් ලබා ඒවායේ ඇති සුන්දර රූප ශබ්දාදියේ මිහිර ආස්වාදනය කිරීම වූ සැපය විඳීම් සැපය ය. එනම් සුඛ සෝමනස්ස වේදනා දෙක ය. දැනට පවත්නා වූ ද මතු ඇතිවිය හැකි වූ ද, නානාප්‍රකාර දුක් කරදර සන්සිඳීම ඒ දුක්ගිනි නිවීම මහත් වූ සුවයෙකි. එබැවින් රෝගයක සන්සිඳීමට සනීපවීම ය යි කියති. ඒ දුක් කරදර නැති වී යාම නිවී යාම සන්සිඳීම් සැපය ය. දුකින් මිදීම නිසා එයට 'විමුක්ති සුඛය' යි ද කියති.

තථාගතයන් වහන්සේ වදාළ ධර්මය නො දන්නා වූ, බොහෝ ජනයා උතුම් කොට සලකන්නේ සොයන්නේ විඳීම් සැපය ය. සන්සිඳීම් සැපය ගැන ඔවුන්ට එතරම් දැනීමක් නැත. එබැවින් ම ඒ ගැන ඔවුන් ගේ සැලකිල්ලක් ද නැත. සාමාන්‍ය ජනයා උසස් කොට සලකන ඒ විඳීම් සැපය ධනය සපයා ගෙන ආහාර පාන වස්ත්‍ර ගෘහ යාන වාහනාදි පරිභෝග වස්තූන් සපයාගෙන ඉතා අමාරුවෙන් ලබා ගත යුත්තකි. අමාරුවෙන් ලැබුවත් එය එකෙණෙහි ම නැති වී යන්නක් මිස කල් පවත්නා සැපයක් නො වේ. ප්‍රිය වස්තූන් ප්‍රිය පුද්ගලයන් දැකීමෙන් වන සුවය පවත්නේ බලා ඉන්නා තෙක් පමණෙකි. ඉන් පසු එය නැත. මිහිරි හඬවල් ඇසීමෙන් වන සුවය ඇත්තේ ඒවා අසමින් ඉන්නා තෙක් පමණෙකි. තවත් ඇති විඳීම් සැප පවත්නේත් ඒවා විඳිමින් ඉන්නා වේලාවේදී පමණ ය. ඉන් පසු ඒවා නැත. හොඳය කියා සලකන ඇලම් කරන දෙයක් නැතිවෙනවා නම් එය දුකෙකි. විඳින්නා වූ සෑම සැපයකින් ම නැතිවීමෙන් වන දුක ඇති වේ. එසේ ම ඒ නැති වී ගිය සුවය නැවත ලැබීමේ ආශාව ද ඒ නැති වීම නිසා ඇති වේ. විඳින සැම සැපයක් ම නැති වීමේ දුකක්, ආසා දුකක් ඇති කරන්නක් බැවින් තථාගතයන් වහන්සේ 'යං කිඤ්චි වෙදයිතං සබ්බං තං දුක්ඛස්මිං' යනුවෙන් යම් විඳීමක් වේ නම් ඒ සියල්ලම දුක් ය යි වදාළ සේක. විඳීම් සැපයත් දුඃඛසත්‍යයට අයත් දුකක් වන බැවින් නිවනෙහි එය ඇති නම් ඒ නිවනත් දුකින් මිශ්‍රවූවක් වන්නේ ය. නිවන දුකින් අමිශ්‍ර ශුද්ධ සුඛයක් වන්නේ විඳින සැපය වූ සුඛ සෝමනස්ස වේදනා එහි නැති නිසා ය. එබැවින් දිනක් සැරියුත් මහ තෙරුන් වහන්සේ විඳින දෙයක් නැති නිවනෙහි ඇති සැපය කුමක් දැ යි ඇසූ භික්ෂුවකට ඇවැත්නි, විඳීමක් නැති බව ම නිවනේ ඇති සැපය වන්නේය යි වදාළ සේක. විඳීම් සැපයට වස්තු වන ආහාර පාන-වස්ත්‍ර-යාන-වාහන ගෙවල් ආදි සියල්ලත් දිරා බිඳී නැතිවී යන ඒවාය. සොයා ගැනීමට වෙහෙසිය යුතු බැවිනුත් පරෙස්සම් කළ යුතු බැවිනුත් කෙසේ පරෙස්සම් කළත් දිරා බිඳී යන බැවිනුත් ඒ වස්තූන්ට ආසා කරන්නහුට ඒවායින් ඇති වන්නේත් මහ දුකෙකි. නිවනෙහිත් ඒවා ඇති නම් එය දුකින් මිශ්‍ර තැනක් වන්නේ ය. ඒවා නැති බව නිවනෙහි සැපය වන්නේ ය.

නිවනෙහි සැපයක් ඇතය යන කථාව පර්‍ය්‍යාය කථාවෙකි. කෙළින ්කියනවා නම් කිය යුත්තේ නිවන ම සැපය ය කියා ය. නිවන විඳින සැපයක් නොව නිවීම් සැපයෙකි. නිවනට පැමිණ නැති සත්ත්වයකුට වර්තමාන භවයෙහි හා අනාගත භව පරම්පරාවෙහි ලබන්නට ඇත්තා වූ ජරාමරණාදි දුඃඛස්කන්ධයේ ප්‍රමාණය දැක්වීමට උපමාවකුදු නැත. නිවනය කියනුයේ ඒ අනුපමේය මහා දුඃඛස්කන්ධයේ නිවීමට ය. සන්සිඳීමට ය. හිසේ කැක්කුම් කන් කැක්කුම් දත් කැක්කුම් ආදි එක් එක් දුඃඛ වේදනාවක සන්සිඳීම වුව ද මහත් වූ සැපයෙකි. සුළු දුකක් සන්සිඳීමත් සැපයක් වන කල්හි ඉහත කී මහා දුඃඛස්කන්ධයේ සන්සිඳීම කෙසේ සැපයක් නො වන්නේ ද? සැපයන් අතුරෙන් සියල්ලට ම මහත් සියල්ලට ම උතුම් ලැබුවහොත් කවදාවත් නැති නො වන සැපය නිවන් සැපය ය.

ධර්ම විනිශ්චය

https://tipitaka.lk/library/492

රේරුකානේ චන්දවිමල මහනාහිමි

[QUOTE="පෝරිසාදයා, post: 25293031, member: 377359"] [SIZE="4"][COLOR="DarkRed"]සැප විඳින පුද්ගලයකු නිවනෙහි නැති නම් නිවන සැපයක් වේ ද? නිවනෙන් ප්‍රයෝජනයක් තිබේ ද? සත්ත්වයාය පුද්ගලයාය කියන්නේ පඤ්චස්කන්ධයට ය. පඤ්චස්කන්ධය හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත්තේ ය. ලෝකයෙහි විපත්ය, දුක්ය, කරදරය කියා යමක් ඇති නම් ඒ සියල්ලම ඇත්තේ පඤ්චස්කන්ධය නිසා හෝ පඤ්චස්කන්ධයෙහි ය. විපත් දුක් කරදර උපදින තැන පඤ්චස්කන්ධය ය. යුද්ධයක දී පළාතකට බෝම්බ වැටෙන්න වුවහොත් එය මහා විපතෙකි. මහා භයකි. මහාදුකෙකි. බෝම්බ වැටීම විපතක් බියක් දුකක් වන්නේ ඒවාට හසුවී කැඩී බිඳී යන, ඒ නිසා වන වේදනා විඳින ඒවාට තැති ගැනෙන බිය වන පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධය නැති නම් වර්ෂාවක් මෙන් බෝම්බ වැටුණත් එය විපතක් බියක් දුකක් නො වේ. වතු කුඹුරු ගෙවල් යට කරගෙන මහා ජලස්කන්ධයක් ගලා එන්නට පටන් ගත හොත් එය විපතක් බියක් දුකක් වන්නේත් එයට යට වී අමාරුවට පත්වන මැරෙන ඒ දුක් දැනෙන විඳින තැති ගැනෙන බියවන පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. නැති නම් ඒ මහා ජල ගැල්ම විපතක් නො වේ. මහා ගින්නක් ඇති වූ කල්හි එය විපතක් දුකක් වන්නේත් පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධය නැති නම් මුළු පොළොවෙහි යොදුන් ගණනක් ඉහළට නැඟ සිටින මහ ගින්නක් ඇති වුවත් මේ පොළොව අවීචි මහා නරකය වැනි වුවත් එය විපතක් දුකක් නො වේ. මහ නියඟයක් වී ළිං පොකුණු වැව් ඇළ දොළ ගංගා වියළී ගොස් පොළොවේ ගස් වැල් මැරී ගිය හොත් එය විපතක් වන්නේ ආහාර හා වතුර නැතිව පැවැත්විය නොහෙන පඤ්චස්කන්ධය ඇති නිසා ය. නැති නම් සැම කල්හි ම පොළොව වියළී තිබුණත් එය විපතක් නො වේ. මේ කරුණු අනුව විපත්ය කියා සලකන සෑම එකක් ම විපත් වන්නේ පඤ්චස්කන්ධය නිසා ම බව කිය යුතු ය. ලෝකයෙහි බොහෝ දුක් ඇති කරන නොයෙක් රෝග ඇත්තේ ය. සියලු රෝගවල ම උත්පත්තිස්ථානය පඤ්චස්කන්ධය ය. පඤ්චස්කන්ධය නැතහොත් රෝග නැත. පඤ්චස්කන්ධය ඇතහොත් රෝග ද ඇත්තේ ය. එබැවින් රෝ දුක් ඇති කරන සතුරාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. පඤ්චස්කන්ධය දිරන එකකි. පඤ්චස්කන්ධයක් නැති නම් ජරාවක් ඇති වීමට තැනක් නැත. පඤ්චස්කන්ධය ඇත හොත් ජරාව ද ඇත්තේ ම ය. එබැවින් ජරාදුඃඛය ඇති කරන සතුරාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. මරණය ඇතිවන තැනත් පඤ්චස්කන්ධය ය. එය ඇතොත් මරණය ඇත්තේ ය. නැත හොත් නැත්තේ ය. එබැවින් මාරයාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. මැරෙන්නාය මාරයාය යන දෙදෙනම වන්නේ එක ම පඤ්චස්කන්ධය ය. පඤ්චස්කන්ධය නිතර ම මැරෙන්න යන ස්වභාවය ඇතියකි. එයට මැරෙන්නට නොදී පවත්වා ගැනීමට නම් දිනපතා ම ආහාර පානවලින් පෝෂණය කළ යුතු ය. ශීතෝෂ්ණ දෙක සමව පවත්වා ගත යුතු ය. සතුරන්ගෙන් ආරක්ෂා කර ගත යුතු ය. අවු සුළං වැසි වලින් ආරක්ෂා කර ගත යුතු ය. එබැවින් පඤ්චස්කන්ධයට ඇලුම් කරන තැනැත්තා විසින් එය පැවැත්වීම ආරක්ෂා කිරීම සඳහා බොහෝ වෙහෙසිය යුතු ය. දිනපතා වැඩ කළ යුතු ය. පඤ්චස්කන්ධය පෝෂණය පිණිස පරෙස්සම් කිරීම පිණිස පිනවීම පිණිස සමහර විට නොයෙක් පව්කම් කරන්නට ද සිදු වේ. එයින් අපාගත වී බොහෝ කල් දුක් විඳින්නට සිදු වෙයි. පඤ්චස්කන්ධයේ ආදීනව ඉතා බොහෝ ය. පඤ්චස්කන්ධය තරම් අන් සතුරෙක් නැත. එබැවින් පඤ්චස්කන්ධයක් නැති නම් එතරම් අන් යහපතක් නැත. නිවනෙහි පඤ්චස්කන්ධයක් ඇති නම් එයත් දුක් සහිත තැනක් හෝ දුකක් වන්නේ ය. නිවනෙහි පඤ්චස්කන්ධයක් ඇති නම් එහිත් ලෝකයෙහිත් ඇති වෙනසක් නැත. නිවනෙහි ඇති සැපයත් වටිනාකමත් උසස්කමත් සැපදුක් විඳින පුද්ගලයා ලෙස සලකන පඤ්චස්කන්ධය නමැති දුඃඛස්කන්ධය එහි නැති බව ම ය. පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන්, සතුරා ගෙන්, මාරයාගෙන් ගැලවිය හැක්කේ නිවනට පැමිණිමෙනි. එයට පැමිණ එය ලබාගෙන පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන් මිදිය හැකි බව ම නිවනෙන් ඇත්තා වූ මහත් වූ ප්‍රයෝජනය ය. පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය දැකිය හැකි පමණට දියුණු වූ නුවණක් නොලැබූවෝ ඔවුන් තුළ ඇති වූ ඝන වූ අවිද්‍යාව නිසා පඤ්චස්කන්ධය ලෝකයේ ඉතාම හොඳ දෙය ඉතාම උසස් දෙය සැටියට සලකා ගෙන එයට තදින් ඇලුම් කරති. විඳින සත්ත්වයා ය කියන පඤ්චස්කන්ධය නැති නිවන පලක් නැති තැනක් ලෙස හෝ නපුරක් ලෙස හෝ ඔවුනට පෙනෙන්නේ ඔවුන් තුළ පවත්නා අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා ය. අවිද්‍යාව දුරු වූ දිනක දී පඤ්චස්කන්ධයක් නැති නිවනේ අගය ඔවුනට වැටහෙනවා ඇත. රූප ශබ්දාදි කිසිවක් නැති, සැප විඳින පුද්ගලයකු නැති, නිවනෙහි ඇති සැපය කුමක් ද? විඳීම් සැපය, නිවීම් සැපය කියා සැප ජාති දෙකක් ඇත්තේ ය. දිව්‍යලෝක මනුෂ්‍යලෝක සම්පත් ලබා ඒවායේ ඇති සුන්දර රූප ශබ්දාදියේ මිහිර ආස්වාදනය කිරීම වූ සැපය විඳීම් සැපය ය. එනම් සුඛ සෝමනස්ස වේදනා දෙක ය. දැනට පවත්නා වූ ද මතු ඇතිවිය හැකි වූ ද, නානාප්‍රකාර දුක් කරදර සන්සිඳීම ඒ දුක්ගිනි නිවීම මහත් වූ සුවයෙකි. එබැවින් රෝගයක සන්සිඳීමට සනීපවීම ය යි කියති. ඒ දුක් කරදර නැති වී යාම නිවී යාම සන්සිඳීම් සැපය ය. දුකින් මිදීම නිසා එයට 'විමුක්ති සුඛය' යි ද කියති. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය නො දන්නා වූ, බොහෝ ජනයා උතුම් කොට සලකන්නේ සොයන්නේ විඳීම් සැපය ය. සන්සිඳීම් සැපය ගැන ඔවුන්ට එතරම් දැනීමක් නැත. එබැවින් ම ඒ ගැන ඔවුන් ගේ සැලකිල්ලක් ද නැත. සාමාන්‍ය ජනයා උසස් කොට සලකන ඒ විඳීම් සැපය ධනය සපයා ගෙන ආහාර පාන වස්ත්‍ර ගෘහ යාන වාහනාදි පරිභෝග වස්තූන් සපයාගෙන ඉතා අමාරුවෙන් ලබා ගත යුත්තකි. අමාරුවෙන් ලැබුවත් එය එකෙණෙහි ම නැති වී යන්නක් මිස කල් පවත්නා සැපයක් නො වේ. ප්‍රිය වස්තූන් ප්‍රිය පුද්ගලයන් දැකීමෙන් වන සුවය පවත්නේ බලා ඉන්නා තෙක් පමණෙකි. ඉන් පසු එය නැත. මිහිරි හඬවල් ඇසීමෙන් වන සුවය ඇත්තේ ඒවා අසමින් ඉන්නා තෙක් පමණෙකි. තවත් ඇති විඳීම් සැප පවත්නේත් ඒවා විඳිමින් ඉන්නා වේලාවේදී පමණ ය. ඉන් පසු ඒවා නැත. හොඳය කියා සලකන ඇලම් කරන දෙයක් නැතිවෙනවා නම් එය දුකෙකි. විඳින්නා වූ සෑම සැපයකින් ම නැතිවීමෙන් වන දුක ඇති වේ. එසේ ම ඒ නැති වී ගිය සුවය නැවත ලැබීමේ ආශාව ද ඒ නැති වීම නිසා ඇති වේ. විඳින සැම සැපයක් ම නැති වීමේ දුකක්, ආසා දුකක් ඇති කරන්නක් බැවින් තථාගතයන් වහන්සේ 'යං කිඤ්චි වෙදයිතං සබ්බං තං දුක්ඛස්මිං' යනුවෙන් යම් විඳීමක් වේ නම් ඒ සියල්ලම දුක් ය යි වදාළ සේක. විඳීම් සැපයත් දුඃඛසත්‍යයට අයත් දුකක් වන බැවින් නිවනෙහි එය ඇති නම් ඒ නිවනත් දුකින් මිශ්‍රවූවක් වන්නේ ය. නිවන දුකින් අමිශ්‍ර ශුද්ධ සුඛයක් වන්නේ විඳින සැපය වූ සුඛ සෝමනස්ස වේදනා එහි නැති නිසා ය. එබැවින් දිනක් සැරියුත් මහ තෙරුන් වහන්සේ විඳින දෙයක් නැති නිවනෙහි ඇති සැපය කුමක් දැ යි ඇසූ භික්ෂුවකට ඇවැත්නි, විඳීමක් නැති බව ම නිවනේ ඇති සැපය වන්නේය යි වදාළ සේක. විඳීම් සැපයට වස්තු වන ආහාර පාන-වස්ත්‍ර-යාන-වාහන ගෙවල් ආදි සියල්ලත් දිරා බිඳී නැතිවී යන ඒවාය. සොයා ගැනීමට වෙහෙසිය යුතු බැවිනුත් පරෙස්සම් කළ යුතු බැවිනුත් කෙසේ පරෙස්සම් කළත් දිරා බිඳී යන බැවිනුත් ඒ වස්තූන්ට ආසා කරන්නහුට ඒවායින් ඇති වන්නේත් මහ දුකෙකි. නිවනෙහිත් ඒවා ඇති නම් එය දුකින් මිශ්‍ර තැනක් වන්නේ ය. ඒවා නැති බව නිවනෙහි සැපය වන්නේ ය. නිවනෙහි සැපයක් ඇතය යන කථාව පර්‍ය්‍යාය කථාවෙකි. කෙළින ්කියනවා නම් කිය යුත්තේ නිවන ම සැපය ය කියා ය. නිවන විඳින සැපයක් නොව නිවීම් සැපයෙකි. නිවනට පැමිණ නැති සත්ත්වයකුට වර්තමාන භවයෙහි හා අනාගත භව පරම්පරාවෙහි ලබන්නට ඇත්තා වූ ජරාමරණාදි දුඃඛස්කන්ධයේ ප්‍රමාණය දැක්වීමට උපමාවකුදු නැත. නිවනය කියනුයේ ඒ අනුපමේය මහා දුඃඛස්කන්ධයේ නිවීමට ය. සන්සිඳීමට ය. හිසේ කැක්කුම් කන් කැක්කුම් දත් කැක්කුම් ආදි එක් එක් දුඃඛ වේදනාවක සන්සිඳීම වුව ද මහත් වූ සැපයෙකි. සුළු දුකක් සන්සිඳීමත් සැපයක් වන කල්හි ඉහත කී මහා දුඃඛස්කන්ධයේ සන්සිඳීම කෙසේ සැපයක් නො වන්නේ ද? සැපයන් අතුරෙන් සියල්ලට ම මහත් සියල්ලට ම උතුම් ලැබුවහොත් කවදාවත් නැති නො වන සැපය නිවන් සැපය ය. ධර්ම විනිශ්චය [url]https://tipitaka.lk/library/492[/url] රේරුකානේ චන්දවිමල මහනාහිමි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom