නිරීක්ෂකයන්ගේ ඇස් පෙනුනේ නැද්ද

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    නිරීක්ෂකයන්ගේ ඇස් පෙනුනේ නැද්ද

    පියා පොලිස් රෝහලේ වෛද්‍යවරයෙක්..පුතා රෝයල් එකේ - සූක්ෂම උපකරණයකින් උ/පෙ ප්‍රශ්ණ පත්‍රය පිටකළ සිද්ධියේ සුලමුල හෙලිවෙයි..!



    උසස්‌ පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක්‌ මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධිය පිටුපස වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත්‍රයා සිටින බව විමර්ශණ වලදී හෙලිවූ අතර, එම විභාග වංචාවට අදාළව කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක සිසුවෙකු අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ වෛද්‍යවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ සේවය කරන්නෙකු වන අතර, සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයාට රුපියල් දස ලක්‍ෂයක මුදලක්‌ ලබාදී උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින තම පුත්‍රයාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට උපකාර කරන ලෙස ඔහු ඉල්ලා ඇති බවද හෙළි වී තිබේ.

    ඒ අනුව වෛද්‍යවරයාගේ පුත්‍රයා විභාගය ලියන අතරතුර ජංගම දුරකථනයක්‌ මාර්ගයෙන් අදාළ ප්‍රශ්න උපකාරක ගුරුවරයාගේ ජංගම දුරකථනයට එවා ඇත්තේ ඒවාට අදාළ පිළිතුරු ලබා ගැනීම සඳහාය.


    මේ සඳහා සූක්ෂම ලෙස දුරකථනයක් Bluetooth උපකරණයක් සහ තවත් උපකරණයක් යොදාගෙන පරීක්ෂණ වලදී අණාවරණය වී තිබේ.

    එමෙන්ම Bluetooth උපකරණය මගින් මෙම විභාග වංචාවට චෝදනා ලබා ඇති ගුරුවරයා සමග සම්බන්ධවී ඇති සිසුවා සියලු ප්‍රශ්ණවලට පිළිතුරුද ගුරුවරයාගෙන් ලබාගෙන ඇති බව හෙළිව තිබේ.

    උපකාරක පංති ගුරුවරයා එම ශිෂ්‍යයාට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී පසුව ප්‍රශ්න තුනක් පත්‍රිකාවක මුද්‍රණය කර ඒ මොහොතේම ගම්පහ නගරයේ ප්‍රධාන පාසල් සහ උපකාරක පංති පැවැත්වෙන ස්‌ථානවල බෙදාහැර තිබුණි.

    උපකාරක පංති ගුරුවරයා වෛද්‍යවරයාගෙන් ලබාගත් බවට සැකකරන රුපියල් දස ලක්‍ෂයක මුදලින් රුපියල් නව ලක්‍ෂ අනූ දහසක්‌ ඔහුගේ කඳානේ පිහිටි නිවසේ තිබී පොලිසිය සොයාගෙන තිබුණි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයාගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධිය පිළිබඳ සුලමුල හෙළි වී ඇත.

    මෙම සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයා ප්‍රදේශය අතහැර පලා ගොස්‌ ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

    සැකකාර උපකාරක පංති ගුරුවරයා රටින් පලා යැම වැළැක්‌වීම සඳහා අධිකරණ නියෝගයක්‌ ද ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Shit මිනිහා ගුරුවරයකු වුනත් පොඩ්ඩක් හිතන්න බෑ,ඕක ගෙඩිය පිටින් දැන්මම අහුවෙනවා නේද