Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවත් ලන්කාවේ නූතන සිනමාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවත් ලන්කාවේ නූතන සිනමාව

boondi.lk එකෙන් උපුටා ගත්ත විචාරයක්... මේක නේද ඈත්ත....

"මේ චිත්‍රපටිය දෙස විතර්ක බූද්ධියෙන් බලන්න එපා මෙය නියම ගැමි සිංහලයෙක් ලෙස බලන්න."

ඉහත සඳහන් ප්‍රකාශය උපුටා ගත්තේ මේ දිනවල සිරි දළදා ගමනය නමින් සිනමා ශාලා පනහක පමණ ප්‍රදර්ශනය වන ඩිජිටල් පටයක අධ්යක්ෂවරයා වූ සනත් අබේසේකර නම් වූවෙකුගේ සම්මුඛ සාකච්ඡාවකිනි . ඒ නිසාම මුලින්ම මෙය අවධාරණය කළ යුතුය. සිරි දළදාගමනය ඩිජිටල් පටය පිළිබඳ මා මේ තබන්නේ විතර්ක එමෙන්ම බූද්ධිමත් 'විචාරයක් ' නොවේ. (මෙය විතාර්කික විචාරයකට තරම් සුදුසු සිනමා පටයක්ද?) ඒ දෙස හෙලූ නියම ගැමි සිංහල බැල්මක් සහිත ලියවිල්ලකුද නොවේ. (ඒ මා ඊනියා ගැමි සිංහලයෙක් හෝ නාගරික සිංහලයෙකුද නොවන හෙයිනි.) සිනමා නිර්මාණ මුවාවෙන් සිදු කෙරෙන ප්‍රෝඩාකාරී මංකොල්ලකෑම් පිලබඳව කෙරෙන සටහන් කිරීමක් පමණී.

ජැක්සන් ඇන්තනී, අබා ගෙන් පටන් ගත් මේ ප්‍රෝඩාකාරී සිනමාව සුනිල් ආරියරත්න- කුස පබා, සෝමරත්න දිසානායක- සිරි පැරකුම්, බුඩී කීර්තිසේන- මාතා, සුගත් සමරකෝන්- විජය කුවේනි, සනත් අබේසේකර- මහින්දාගමනය/ අනගාරික ධර්මපාල, සමන් වීරමන්- ගෞතම සිද්ධාර්ථ, සංජය ලීලාරත්න- සෙල්වම් යනාදී වශයෙන් විවිධාකාර නාමකරණයන් සහිතව සිනමා ශාලා වෙත ගෙන ආ වෙළඳ භාණ්ඩයන් හි තිඹිරි ගෙය වූවේ අරලිය ගහ රජ ගෙදරයි. වින්නඹු කම කලේ ජනපති මහින්ද රාජපක්ෂයි. අනෙකුත් සිනමා නිර්මාණ ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ආරම්භ කරද්දී, අනුමත කරද්දී ඉහත සිනමා නිර්මාණ ආරම්භ වූවේ, අනුමත වූවේ අරලිය ගහ මන්දිරයෙනි. ඒ සඳහා නිෂ්පාදකවරු ඇතුළු අනෙකුත් සියළු පහසුකම් ලැබුනේ අරලියගහ මැදුරෙනි . ඇතැම් විට මේ ඊනියා සිනමා කරුවන්ට එය සිනමාවේ ආශ්චර්ය ද විය. ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිට අනුව නම් මෙය සිනමාවේ දියමන්ති යුගයයි. සිංහල ජාතිවාදී ආගම්වාදී සිනමාවක්, දේශහිතෛෂී, සැදැහැවත් ,බුද්ධාලම්බන, වර්ධනීය සිනමාවක් සේ සැලකීය. ඊට වෙනස් වූ සිනමා නිර්මාණයන් රාජද්‍රෝහී, දේශද්‍රෝහී සිනමාවන් ය යන මනෝභාවය සමාජගත කිරීමේ රාජකීය උත්සාහයක නිරත විය. මහරජ අජාසත්ත, මහරජ ගැමුණු, ඇහැලේ පොළ, ත්‍රිපිටක ග්රන්ඨාරූඩය, රාජසිංහ යනාදී වෙළඳ නාමකරණයන් සහිත තවත් බෙහෝ චිත්‍රපට නිෂ්පාදන තත්වයේ පවතී. මේ සියල්ල ඉහත සඳහන් ආකාරයෙන්ම විශේෂිත වරප්‍රසාද සහිත රාජකීය ආරම්භයන් සහිත නිෂ්පාදනයන්ය. එහි අලුත්ම ප්රකාශනය සිරි දළදා ගමනයයි. සිරි දළදාගමනය ආරම්භ වන්නේම 'අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන් සිනමාපටයට කළ ආශිර්වාදයට ප්‍රණාමය සහ භක්ත්‍යාදරය පුදකරමි' යන ශීර්ෂ පාඨය සමඟිනි. සනත් අබේසේකරට අනුව ඔහුව ජනාධිපති වරයා වෙත යොමු වූවේ දේව හාස්කමකිනි.

"දළදා මාලිගාවට ගිහින් තිර පිටපත පූජා කළා. පිටපත අවසන් චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න කියලා දළදා වහන්සේගෙන් ඉල්ලීමක් කළා . ඒත් එදා රෑ නින්දෙදී කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් ඇවිත් සිහිනෙන් වගේ මේක කරන්න දෙන්න බෑ කියා කිව්වා . මම පහුවෙනිදාම පූජ්‍ය එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ට මේ බව කිව්වා. උන්වහන්සේ උපදෙස් දුන්නා ආයෙත් දළදා මාළිගාවට ගිහින් භාවනා කරලා පිරිත් කියලා මොකක්ද වූ වරද කියා අහන්න කියලා. එදායින් පසුව හැම සිද්දියක්ම ආශ්චර්යයක් වගේ. හිතාගන්න බැරි විදිහට මට දඹදිව යන්න නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් ලැබුනා. මම දඹදිව ගියා. එතනදී තවත් ආශ්චර්යයක් වුනා. ස්ව්ස්ටර්ලන්තයේ මහත්මයෙක් එහිදී මට හමු වුනා. ඔහු හිමාලයට යමින් හිටියේ. ඔහු මා සමඟ කතා කළා. දඹදිව දළදා වහන්සේ වැඩසිටි පූජනීය ස්ථාන සියල්ලම නරඹන්න ඔහු ඔහුගේ වියදමින් මාව ගෙන ගියා. මට කන්න බොන්න දීල නවාතැන් පහසුකම් පවා සලසා දුන්නා. මේ ගමනෙදී මට ධාතු වංශයේ තිබූ සියළුම තොරතුරු හා ස්ථාන දැකබලා ගන්න හැකි වුනා. බ්‍රහ්මදත්ත මාළිගාව මම දැක්කා. එහි ඡායාරූප අරගෙන ඇවිත් මිහින්තලේදී ඒ මාළිගාව මම හැදුවා. මම යලිත් දළදා වහන්සේට මල් පහන් පූජා කරලා පිටපත උන්වහන්සේට භාර කරමින් මට පිංවන්ත නිෂ්පාදකයෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කළා. එදාට පසුදා මට අරලියගහ මන්දිරයට යන්න සිදු වුණා. "

(විතර්ක බුද්ධිය අවදි කර සිනහ නොවන්න!) මේ සනත් අබේසේකරගේ සත්‍ය ප්‍රකාශයක් වූවද, එය ඔහුගේ ගොං ප්‍රකාශයක් නොවේ. මේ ප්‍රේක්ෂකයා ගොන්නු කර ශාලාව පුරවා ගැනීමේ උපායයි. මේ තමයි වෙළදාම. මේ තමා ප්‍රේක්ෂක ජනතාව ගොනාට අන්දවා සිනමා ශාලා පුරවා ගැනීමේ marketing system එක. මේ තමයි සිංහල බෞද්ධ ජනයාගේ බෞද්ධාගමික ඇදහීම, බුද්ධාලම්බන ප්‍රීතිය , ජාතිකත්ව හැඟීම්, එකට කලතා, උත්කර්ශයට නංවා ආදායම් වාර්තා ඉහළ නංවා ගැනීමේ ප්රචාරක විධික්රම. මේ තමයි එල්ලාවල මේධානන්දලා, සනත් අබේසේකරලා ලවා රාජකීය පාලකයෝ ජනතාව නියම ගැමි සිංහලයන් (අහිංසක, නිවට, නියාළු , භය, පක්ෂපාතී, එහෙයයන් ) බවට පත්කර තමන්ගේ සහ තම රාජකීය දරු පරම්පරාවේ පැවැත්ම රැක ගැනීමේ ස්වරූපය. මේ තමයි ජැක්සන් ඇන්තනීලා, ජයන්ත චන්ද්රසිරීලා, සෝමරත්න දිසානායකලා, සුනිල් ආරියරත්නලා, සනත් අබේසේකරලා, සුගත් සමරකෝන්ලා ලවා සිංහල බෞද්ධ ජනතා උත්කර්ශය ඔජවඩා තබා ගැනීමේ රාජකීය නාටකය.

සනත් අබේසේකරගේ ආශ්චර්යමත් ප්‍රාර්ථනාවට අනුව අරලියගහ මැදුරෙන් ඔහුට පිංවත් නිෂ්පාදකයෙක් වෙනුවට නිෂ්පාදකවරු දෙදෙනෙක්ම ලැබී ඇත. ඒ විදේශීය විහාරයක වෙසෙන පූජ්‍ය අකරවිට සංගානන්ද හාමුදුරුවන් සහ සෝමා එදිරිසිංහ යන දෙදෙනායි. සිනමාව යනු කර්මාන්තයකි. ලාභය බලාපොරොත්තු වෙන ව්‍යාපාරයකි. බෞද්ධ පූජකවරයෙකු සතුව චිත්‍රපටයකට වියදම් කිරීමේ ප්‍රමාණයට මුදල් තිබීම සතුටට කරුණකි. සමහර විටෙක එරට දායකයන්ගෙන් විහාරස්ථානයේ දියුණුවට එක්රැස් කළ මුදල් විය හැකිය. විහාරස්ථානය වඩා හොඳින් දියුණු කරගැනීමේ පින්වත් චේතනාවෙන් අදාල දායකයන්ට ද නොදන්වා චිත්‍රපටයකට මුදල් ආයෝජනය කළා ද විය හැකිය. කෙසේ නමුත් සනත් අබේසේකරට අනුව එතුමා පින්වත් නිෂ්පාදකයෙකි. සෝමා එදිරිසිංහ යනු අංක එකේ ව්‍යාපාරික කාන්තාවකි. සිනමා කර්මාන්තය පමණක් නොව වෙනත් විවිධ ව්‍යාපාර ගනනාවක් ඇය සතුය. රත්තරන් බඩු කඩ, උකස් කඩ සේම බෞද්ධ සහ විවිධ ආගමික මතවාද සමඟ හරක් මස්, උරු මස්, කුකුල් මස් යනාදී ආහාර වර්ග සුන්දර ආකාරයට විකුණන එමෙන්ම ටෙලිනාට්‍ය ශිල්පීන්ට මුදලින් පොලු තැබූ රූපවාහිනී සහ ගුවන් විදුලි චැනල් සහ රෙස්ටූරන්ට් බාර් මේවා අතර ප්‍රධානය. කෙසේ වූවද සනත් අබේසේකරට අනුව ඇයද දළදා වහන්සේගේ දේවඅනුහසින් ඔහුට ලැබුණු පින්වත් නිෂ්පාදිකාවකි.

"මම බලාපොරොත්තු වුණා පිංවන්ත නළු නිළි පිරිසක් . අපිට එහෙම අය හොයා ගන්න අපහසුයිනේ. එත් චිත්‍රපටය කෙරෙන කාලය තුළ දී ඒ සඳහා පේවෙලා, දළදා හිමියන්ට භාරවෙලා මේ නිර්මාණ කටයුත්ත කරන්න හැම කෙනෙක්ම එකඟ වුණා. ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, මාක් සැම්සන් වැනි ප්‍රවීණයෝත් බොහෝ සේ කැප වුණා. හැමකෙනෙක්ම තමන්ට හිමි දේ කළා."

සිරි දළදාගමනය ප්‍රධාන චරිතයක් වූ හේමමාලා කුමරිය සඳහා තෝරා ගත් රංගන ශිල්පිනිය පිංවත් නොවූවාය. ඒ ඇයගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසැරීමයි. අන්තර් ජාලයේ ඇැති එවැනි අසභ්‍ය නිරුවත් ජායාරූප දුටු පෙර කී පින්වත් නිෂ්පාදකයෙක් ඊට විරෝධය පා ඇය හේමමාලාවන් සඳහා අකැපයැයි සිරි දළදා ගමනයෙන් ඉවත් කර ඒ සඳහා වෙනත් පින්වත් ශිල්පිනියක් සම්බන්ධ කර ගත්හ. අධ්යක්ෂවරයාට අනුව ඉහත සඳහන් ශිල්පීන් අමාරුවෙන් සොයාගත් පිංවත් බෞද්ධයන්ය. බාර්, තැබෑරුම්, වයින් ස්ටෝර්ස් නහුතයක් තිබුනද පින්වත් ය.

සිරි දළදාගමනය ඩිජිටල් පටයේ නිර්මාණාත්මක පාර්ශවය පිළිබඳ කිසිදු සටහනක් තැබිය නොහැක. ඒ එවැන්නක් සඳහා කිසිදු ඉඩක් එහි නොවීමයි. අධ්යක්ෂවරයාට අනුව රංගන ශිල්පීන් කැපවී ඇත, පේ වී ඇත. ඒ කුමක් සඳහාද යන්න ප්රශ්නයකි. සාමාන්‍යයෙන් රංගන ශිල්පියෙක් ශිල්පිනියක් කැපවීමක් කරන්නේ තම චරිතයට අදාල රංගනය වඩා හොදින් මුවහත් කර ගැනීමට විනා පින් රැස්කර ගැනීමට නොවේ. මෙහි සියල්ලෝ නොරඟයි, ටීටර් නටයි, පිංම රැස් කරයි. සනත් අබේසේකරගේ සිනමාව පිළිබඳ නොහැකියාව අභිබවා අසත්‍ය හා ප්‍රෝඩාව විකිණීමේ හැකියාව ඉස්මතුව පෙනෙන්නේ ලාංකීය සිනමාවේ අනාගතය පිළිබඳ අපූල හැඟීමක්ද ගෙනදෙමිනි. එසේම සිරි දළදාගමනය සමඟ අපට අමතක කළ නොහැකි සිදුවීමක් ද ඇත. ඒ සුමින්ද වීරසිංහ කැමරා ශිල්පියායි. ඔහු මිය ගියේ සිරි දළදාගමනය රූ ගත කිරීමේදීය. සිනමා තිරයේ සුමින්ද පිළිබඳ සටහනක් තබනවාට වඩා මහින්ද රාජපක්ෂ පිළිබඳ විශාල අකුරින් සටහනක් තැබීමට තරම් සනත් අබේසේකර පින්වත් වීම අරුමයක් ද නොවේ.

මෙය විචාරයක් හෝ විතර්ක බුද්ධියෙන් හෝ නියම ගැමි සිංහලයෙක් ලෙස හෝ ලියූවක් නොවේ. සිනමාවේ නාමයෙන් කරනා ප්‍රෝඩාකාරී අටමගලයන් දෙස බලා ලියූවකි.

[QUOTE="Spade VII, post: 16619095, member: 495478"] [b]නිරුවත් ලන්කාවේ නූතන සිනමාව[/b] [SIZE=5]boondi.lk එකෙන් උපුටා ගත්ත විචාරයක්... මේක නේද ඈත්ත....[/SIZE] [IMG]http://www.films.lk/uploads/films/poster/Siri-Dalada-Gamanaya3579.jpg[/IMG] [IMG]http://www.sundaytimes.lk/140223/uploads/15.jpg[/IMG] [IMG]http://www.musicfunbox.com/uploads/articles/5495ab83.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-Nz14b3YY7d0/U0AHGMzmlxI/AAAAAAADvgc/4mAWk-tMHTo/s1600/1174956_727040673978020_1030833745_n.jpg[/IMG] [SIZE=5][B]"මේ චිත්‍රපටිය දෙස විතර්ක බූද්ධියෙන් බලන්න එපා මෙය නියම ගැමි සිංහලයෙක් ලෙස බලන්න."[/B] ඉහත සඳහන් ප්‍රකාශය උපුටා ගත්තේ මේ දිනවල [B]සිරි දළදා ගමනය[/B] නමින් සිනමා ශාලා පනහක පමණ ප්‍රදර්ශනය වන ඩිජිටල් පටයක අධ්යක්ෂවරයා වූ [B]සනත් අබේසේකර[/B] නම් වූවෙකුගේ සම්මුඛ සාකච්ඡාවකිනි . ඒ නිසාම මුලින්ම මෙය අවධාරණය කළ යුතුය. සිරි දළදාගමනය ඩිජිටල් පටය පිළිබඳ මා මේ තබන්නේ විතර්ක එමෙන්ම බූද්ධිමත් 'විචාරයක් ' නොවේ. (මෙය විතාර්කික විචාරයකට තරම් සුදුසු සිනමා පටයක්ද?) ඒ දෙස හෙලූ නියම ගැමි සිංහල බැල්මක් සහිත ලියවිල්ලකුද නොවේ. (ඒ මා ඊනියා ගැමි සිංහලයෙක් හෝ නාගරික සිංහලයෙකුද නොවන හෙයිනි.) සිනමා නිර්මාණ මුවාවෙන් සිදු කෙරෙන ප්‍රෝඩාකාරී මංකොල්ලකෑම් පිලබඳව කෙරෙන සටහන් කිරීමක් පමණී. [B]ජැක්සන් ඇන්තනී[/B], [B]අබා[/B] ගෙන් පටන් ගත් මේ ප්‍රෝඩාකාරී සිනමාව [B]සුනිල් ආරියරත්න- කුස පබා, සෝමරත්න දිසානායක- සිරි පැරකුම්, බුඩී කීර්තිසේන- මාතා, සුගත් සමරකෝන්- විජය කුවේනි, සනත් අබේසේකර- මහින්දාගමනය/ අනගාරික ධර්මපාල, සමන් වීරමන්- ගෞතම සිද්ධාර්ථ, සංජය ලීලාරත්න- සෙල්වම්[/B] යනාදී වශයෙන් විවිධාකාර නාමකරණයන් සහිතව සිනමා ශාලා වෙත ගෙන ආ වෙළඳ භාණ්ඩයන් හි තිඹිරි ගෙය වූවේ [B]අරලිය ගහ රජ ගෙදර[/B]යි. වින්නඹු කම කලේ ජනපති [B]මහින්ද රාජපක්ෂ[/B]යි. අනෙකුත් සිනමා නිර්මාණ[B] ජාතික චිත්‍රපට සංස්ථාවෙන්[/B] ආරම්භ කරද්දී, අනුමත කරද්දී ඉහත සිනමා නිර්මාණ ආරම්භ වූවේ, අනුමත වූවේ අරලිය ගහ මන්දිරයෙනි. ඒ සඳහා නිෂ්පාදකවරු ඇතුළු අනෙකුත් සියළු පහසුකම් ලැබුනේ අරලියගහ මැදුරෙනි . ඇතැම් විට මේ ඊනියා සිනමා කරුවන්ට එය සිනමාවේ ආශ්චර්ය ද විය. ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිට අනුව නම් මෙය සිනමාවේ දියමන්ති යුගයයි. සිංහල ජාතිවාදී ආගම්වාදී සිනමාවක්, දේශහිතෛෂී, සැදැහැවත් ,බුද්ධාලම්බන, වර්ධනීය සිනමාවක් සේ සැලකීය. ඊට වෙනස් වූ සිනමා නිර්මාණයන් රාජද්‍රෝහී, දේශද්‍රෝහී සිනමාවන් ය යන මනෝභාවය සමාජගත කිරීමේ රාජකීය උත්සාහයක නිරත විය. [B]මහරජ අජාසත්ත, මහරජ ගැමුණු, ඇහැලේ පොළ, ත්‍රිපිටක ග්රන්ඨාරූඩය, රාජසිංහ[/B] යනාදී වෙළඳ නාමකරණයන් සහිත තවත් බෙහෝ චිත්‍රපට නිෂ්පාදන තත්වයේ පවතී. මේ සියල්ල ඉහත සඳහන් ආකාරයෙන්ම විශේෂිත වරප්‍රසාද සහිත රාජකීය ආරම්භයන් සහිත නිෂ්පාදනයන්ය. එහි අලුත්ම ප්රකාශනය [B]සිරි දළදා ගමනය[/B]යි. සිරි දළදාගමනය ආරම්භ වන්නේම[B] 'අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන් සිනමාපටයට කළ ආශිර්වාදයට ප්‍රණාමය සහ භක්ත්‍යාදරය පුදකරමි'[/B] යන ශීර්ෂ පාඨය සමඟිනි. සනත් අබේසේකරට අනුව ඔහුව ජනාධිපති වරයා වෙත යොමු වූවේ දේව හාස්කමකිනි. [I]"දළදා මාලිගාවට ගිහින් තිර පිටපත පූජා කළා. පිටපත අවසන් චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න කියලා දළදා වහන්සේගෙන් ඉල්ලීමක් කළා . ඒත් එදා රෑ නින්දෙදී කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් ඇවිත් සිහිනෙන් වගේ මේක කරන්න දෙන්න බෑ කියා කිව්වා . මම පහුවෙනිදාම පූජ්‍ය එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ට මේ බව කිව්වා. උන්වහන්සේ උපදෙස් දුන්නා ආයෙත් දළදා මාළිගාවට ගිහින් භාවනා කරලා පිරිත් කියලා මොකක්ද වූ වරද කියා අහන්න කියලා. එදායින් පසුව හැම සිද්දියක්ම ආශ්චර්යයක් වගේ. හිතාගන්න බැරි විදිහට මට දඹදිව යන්න නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් ලැබුනා. මම දඹදිව ගියා. එතනදී තවත් ආශ්චර්යයක් වුනා. ස්ව්ස්ටර්ලන්තයේ මහත්මයෙක් එහිදී මට හමු වුනා. ඔහු හිමාලයට යමින් හිටියේ. ඔහු මා සමඟ කතා කළා. දඹදිව දළදා වහන්සේ වැඩසිටි පූජනීය ස්ථාන සියල්ලම නරඹන්න ඔහු ඔහුගේ වියදමින් මාව ගෙන ගියා. මට කන්න බොන්න දීල නවාතැන් පහසුකම් පවා සලසා දුන්නා. මේ ගමනෙදී මට ධාතු වංශයේ තිබූ සියළුම තොරතුරු හා ස්ථාන දැකබලා ගන්න හැකි වුනා. බ්‍රහ්මදත්ත මාළිගාව මම දැක්කා. එහි ඡායාරූප අරගෙන ඇවිත් මිහින්තලේදී ඒ මාළිගාව මම හැදුවා. මම යලිත් දළදා වහන්සේට මල් පහන් පූජා කරලා පිටපත උන්වහන්සේට භාර කරමින් මට පිංවන්ත නිෂ්පාදකයෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කළා. එදාට පසුදා මට අරලියගහ මන්දිරයට යන්න සිදු වුණා. "[/I] (විතර්ක බුද්ධිය අවදි කර සිනහ නොවන්න!) මේ සනත් අබේසේකරගේ සත්‍ය ප්‍රකාශයක් වූවද, එය ඔහුගේ ගොං ප්‍රකාශයක් නොවේ. මේ ප්‍රේක්ෂකයා ගොන්නු කර ශාලාව පුරවා ගැනීමේ උපායයි. මේ තමයි වෙළදාම. මේ තමා ප්‍රේක්ෂක ජනතාව ගොනාට අන්දවා සිනමා ශාලා පුරවා ගැනීමේ marketing system එක. මේ තමයි සිංහල බෞද්ධ ජනයාගේ බෞද්ධාගමික ඇදහීම, බුද්ධාලම්බන ප්‍රීතිය , ජාතිකත්ව හැඟීම්, එකට කලතා, උත්කර්ශයට නංවා ආදායම් වාර්තා ඉහළ නංවා ගැනීමේ ප්රචාරක විධික්රම. මේ තමයි [B]එල්ලාවල මේධානන්ද[/B]ලා, [B]සනත් අබේසේකර[/B]ලා ලවා රාජකීය පාලකයෝ ජනතාව නියම ගැමි සිංහලයන් (අහිංසක, නිවට, නියාළු , භය, පක්ෂපාතී, එහෙයයන් ) බවට පත්කර තමන්ගේ සහ තම රාජකීය දරු පරම්පරාවේ පැවැත්ම රැක ගැනීමේ ස්වරූපය. මේ තමයි [B]ජැක්සන් ඇන්තනීලා, ජයන්ත චන්ද්රසිරීලා, සෝමරත්න දිසානායකලා, සුනිල් ආරියරත්නලා, සනත් අබේසේකරලා, සුගත් සමරකෝන්ලා[/B] ලවා සිංහල බෞද්ධ ජනතා උත්කර්ශය ඔජවඩා තබා ගැනීමේ රාජකීය නාටකය. සනත් අබේසේකරගේ ආශ්චර්යමත් ප්‍රාර්ථනාවට අනුව අරලියගහ මැදුරෙන් ඔහුට පිංවත් නිෂ්පාදකයෙක් වෙනුවට නිෂ්පාදකවරු දෙදෙනෙක්ම ලැබී ඇත. ඒ විදේශීය විහාරයක වෙසෙන [B]පූජ්‍ය අකරවිට සංගානන්ද හාමුදුරුවන්[/B] සහ [B]සෝමා එදිරිසිංහ[/B] යන දෙදෙනායි. සිනමාව යනු කර්මාන්තයකි. ලාභය බලාපොරොත්තු වෙන ව්‍යාපාරයකි. බෞද්ධ පූජකවරයෙකු සතුව චිත්‍රපටයකට වියදම් කිරීමේ ප්‍රමාණයට මුදල් තිබීම සතුටට කරුණකි. සමහර විටෙක එරට දායකයන්ගෙන් විහාරස්ථානයේ දියුණුවට එක්රැස් කළ මුදල් විය හැකිය. විහාරස්ථානය වඩා හොඳින් දියුණු කරගැනීමේ පින්වත් චේතනාවෙන් අදාල දායකයන්ට ද නොදන්වා චිත්‍රපටයකට මුදල් ආයෝජනය කළා ද විය හැකිය. කෙසේ නමුත් සනත් අබේසේකරට අනුව එතුමා පින්වත් නිෂ්පාදකයෙකි. සෝමා එදිරිසිංහ යනු අංක එකේ ව්‍යාපාරික කාන්තාවකි. සිනමා කර්මාන්තය පමණක් නොව වෙනත් විවිධ ව්‍යාපාර ගනනාවක් ඇය සතුය. රත්තරන් බඩු කඩ, උකස් කඩ සේම බෞද්ධ සහ විවිධ ආගමික මතවාද සමඟ හරක් මස්, උරු මස්, කුකුල් මස් යනාදී ආහාර වර්ග සුන්දර ආකාරයට විකුණන එමෙන්ම ටෙලිනාට්‍ය ශිල්පීන්ට මුදලින් පොලු තැබූ රූපවාහිනී සහ ගුවන් විදුලි චැනල් සහ රෙස්ටූරන්ට් බාර් මේවා අතර ප්‍රධානය. කෙසේ වූවද සනත් අබේසේකරට අනුව ඇයද දළදා වහන්සේගේ දේවඅනුහසින් ඔහුට ලැබුණු පින්වත් නිෂ්පාදිකාවකි. [I]"මම බලාපොරොත්තු වුණා පිංවන්ත නළු නිළි පිරිසක් . අපිට එහෙම අය හොයා ගන්න අපහසුයිනේ. එත් චිත්‍රපටය කෙරෙන කාලය තුළ දී ඒ සඳහා පේවෙලා, දළදා හිමියන්ට භාරවෙලා මේ නිර්මාණ කටයුත්ත කරන්න හැම කෙනෙක්ම එකඟ වුණා. ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, මාක් සැම්සන් වැනි ප්‍රවීණයෝත් බොහෝ සේ කැප වුණා. හැමකෙනෙක්ම තමන්ට හිමි දේ කළා."[/I] සිරි දළදාගමනය ප්‍රධාන චරිතයක් වූ [B]හේමමාලා කුමරිය[/B] සඳහා තෝරා ගත් රංගන ශිල්පිනිය පිංවත් නොවූවාය. ඒ ඇයගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසැරීමයි. අන්තර් ජාලයේ ඇැති එවැනි අසභ්‍ය නිරුවත් ජායාරූප දුටු පෙර කී පින්වත් නිෂ්පාදකයෙක් ඊට විරෝධය පා ඇය හේමමාලාවන් සඳහා අකැපයැයි සිරි දළදා ගමනයෙන් ඉවත් කර ඒ සඳහා වෙනත් පින්වත් ශිල්පිනියක් සම්බන්ධ කර ගත්හ. අධ්යක්ෂවරයාට අනුව ඉහත සඳහන් ශිල්පීන් අමාරුවෙන් සොයාගත් පිංවත් බෞද්ධයන්ය. බාර්, තැබෑරුම්, වයින් ස්ටෝර්ස් නහුතයක් තිබුනද පින්වත් ය. සිරි දළදාගමනය ඩිජිටල් පටයේ නිර්මාණාත්මක පාර්ශවය පිළිබඳ කිසිදු සටහනක් තැබිය නොහැක. ඒ එවැන්නක් සඳහා කිසිදු ඉඩක් එහි නොවීමයි. අධ්යක්ෂවරයාට අනුව රංගන ශිල්පීන් කැපවී ඇත, පේ වී ඇත. ඒ කුමක් සඳහාද යන්න ප්රශ්නයකි. සාමාන්‍යයෙන් රංගන ශිල්පියෙක් ශිල්පිනියක් කැපවීමක් කරන්නේ තම චරිතයට අදාල රංගනය වඩා හොදින් මුවහත් කර ගැනීමට විනා පින් රැස්කර ගැනීමට නොවේ. මෙහි සියල්ලෝ නොරඟයි, ටීටර් නටයි, පිංම රැස් කරයි. සනත් අබේසේකරගේ සිනමාව පිළිබඳ නොහැකියාව අභිබවා අසත්‍ය හා ප්‍රෝඩාව විකිණීමේ හැකියාව ඉස්මතුව පෙනෙන්නේ ලාංකීය සිනමාවේ අනාගතය පිළිබඳ අපූල හැඟීමක්ද ගෙනදෙමිනි. එසේම සිරි දළදාගමනය සමඟ අපට අමතක කළ නොහැකි සිදුවීමක් ද ඇත. ඒ [B]සුමින්ද වීරසිංහ[/B] කැමරා ශිල්පියායි. ඔහු මිය ගියේ සිරි දළදාගමනය රූ ගත කිරීමේදීය. සිනමා තිරයේ සුමින්ද පිළිබඳ සටහනක් තබනවාට වඩා [B]මහින්ද රාජපක්ෂ[/B] පිළිබඳ විශාල අකුරින් සටහනක් තැබීමට තරම් සනත් අබේසේකර පින්වත් වීම අරුමයක් ද නොවේ. මෙය විචාරයක් හෝ විතර්ක බුද්ධියෙන් හෝ නියම ගැමි සිංහලයෙක් ලෙස හෝ ලියූවක් නොවේ. සිනමාවේ නාමයෙන් කරනා ප්‍රෝඩාකාරී අටමගලයන් දෙස බලා ලියූවකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom