නිරුවත් ලන්කාවේ නූතන සිනමාව

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    නිරුවත් ලන්කාවේ නූතන සිනමාව

    boondi.lk එකෙන් උපුටා ගත්ත විචාරයක්... මේක නේද ඈත්ත....

    Siri-Dalada-Gamanaya3579.jpg

    15.jpg

    5495ab83.jpg

    1174956_727040673978020_1030833745_n.jpg

    "මේ චිත්‍රපටිය දෙස විතර්ක බූද්ධියෙන් බලන්න එපා මෙය නියම ගැමි සිංහලයෙක් ලෙස බලන්න."

    ඉහත සඳහන් ප්‍රකාශය උපුටා ගත්තේ මේ දිනවල සිරි දළදා ගමනය නමින් සිනමා ශාලා පනහක පමණ ප්‍රදර්ශනය වන ඩිජිටල් පටයක අධ්‍යක්ෂවරයා වූ සනත් අබේසේකර නම් වූවෙකුගේ සම්මුඛ සාකච්ඡාවකිනි . ඒ නිසාම මුලින්ම මෙය අවධාරණය කළ යුතුය. සිරි දළදාගමනය ඩිජිටල් පටය පිළිබඳ මා මේ තබන්නේ විතර්ක එමෙන්ම බූද්ධිමත් 'විචාරයක් ' නොවේ. (මෙය විතාර්කික විචාරයකට තරම් සුදුසු සිනමා පටයක්ද?) ඒ දෙස හෙලූ නියම ගැමි සිංහල බැල්මක් සහිත ලියවිල්ලකුද නොවේ. (ඒ මා ඊනියා ගැමි සිංහලයෙක් හෝ නාගරික සිංහලයෙකුද නොවන හෙයිනි.) සිනමා නිර්මාණ මුවාවෙන් සිදු කෙරෙන ප්‍රෝඩාකාරී මංකොල්ලකෑම් පිලබඳව කෙරෙන සටහන් කිරීමක් පමණී.

    ජැක්සන් ඇන්තනී, අබා ගෙන් පටන් ගත් මේ ප්‍රෝඩාකාරී සිනමාව සුනිල් ආරියරත්න- කුස පබා, සෝමරත්න දිසානායක- සිරි පැරකුම්, බුඩී කීර්තිසේන- මාතා, සුගත් සමරකෝන්- විජය කුවේනි, සනත් අබේසේකර- මහින්දාගමනය/ අනගාරික ධර්මපාල, සමන් වීරමන්- ගෞතම සිද්ධාර්ථ, සංජය ලීලාරත්න- සෙල්වම් යනාදී වශයෙන් විවිධාකාර නාමකරණයන් සහිතව සිනමා ශාලා වෙත ගෙන ආ වෙළඳ භාණ්ඩයන් හි තිඹිරි ගෙය වූවේ අරලිය ගහ රජ ගෙදරයි. වින්නඹු කම කලේ ජනපති මහින්ද රාජපක්ෂයි. අනෙකුත් සිනමා නිර්මාණ ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ආරම්භ කරද්දී, අනුමත කරද්දී ඉහත සිනමා නිර්මාණ ආරම්භ වූවේ, අනුමත වූවේ අරලිය ගහ මන්දිරයෙනි. ඒ සඳහා නිෂ්පාදකවරු ඇතුළු අනෙකුත් සියළු පහසුකම් ලැබුනේ අරලියගහ මැදුරෙනි . ඇතැම් විට මේ ඊනියා සිනමා කරුවන්ට එය සිනමාවේ ආශ්චර්ය ද විය. ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිට අනුව නම් මෙය සිනමාවේ දියමන්ති යුගයයි. සිංහල ජාතිවාදී ආගම්වාදී සිනමාවක්, දේශහිතෛෂී, සැදැහැවත් ,බුද්ධාලම්බන, වර්ධනීය සිනමාවක් සේ සැලකීය. ඊට වෙනස් වූ සිනමා නිර්මාණයන් රාජද්‍රෝහී, දේශද්‍රෝහී සිනමාවන් ය යන මනෝභාවය සමාජගත කිරීමේ රාජකීය උත්සාහයක නිරත විය. මහරජ අජාසත්ත, මහරජ ගැමුණු, ඇහැලේ පොළ, ත්‍රිපිටක ග්‍රන්ඨාරූඩය, රාජසිංහ යනාදී වෙළඳ නාමකරණයන් සහිත තවත් බෙහෝ චිත්‍රපට නිෂ්පාදන තත්වයේ පවතී. මේ සියල්ල ඉහත සඳහන් ආකාරයෙන්ම විශේෂිත වරප්‍රසාද සහිත රාජකීය ආරම්භයන් සහිත නිෂ්පාදනයන්ය. එහි අලුත්ම ප්‍රකාශනය සිරි දළදා ගමනයයි. සිරි දළදාගමනය ආරම්භ වන්නේම 'අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන් සිනමාපටයට කළ ආශිර්වාදයට ප්‍රණාමය සහ භක්ත්‍යාදරය පුදකරමි' යන ශීර්ෂ පාඨය සමඟිනි. සනත් අබේසේකරට අනුව ඔහුව ජනාධිපති වරයා වෙත යොමු වූවේ දේව හාස්කමකිනි.

    "දළදා මාලිගාවට ගිහින් තිර පිටපත පූජා කළා. පිටපත අවසන් චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න කියලා දළදා වහන්සේගෙන් ඉල්ලීමක් කළා . ඒත් එදා රෑ නින්දෙදී කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් ඇවිත් සිහිනෙන් වගේ මේක කරන්න දෙන්න බෑ කියා කිව්වා . මම පහුවෙනිදාම පූජ්‍ය එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ට මේ බව කිව්වා. උන්වහන්සේ උපදෙස් දුන්නා ආයෙත් දළදා මාළිගාවට ගිහින් භාවනා කරලා පිරිත් කියලා මොකක්ද වූ වරද කියා අහන්න කියලා. එදායින් පසුව හැම සිද්දියක්ම ආශ්චර්යයක් වගේ. හිතාගන්න බැරි විදිහට මට දඹදිව යන්න නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් ලැබුනා. මම දඹදිව ගියා. එතනදී තවත් ආශ්චර්යයක් වුනා. ස්ව්ස්ටර්ලන්තයේ මහත්මයෙක් එහිදී මට හමු වුනා. ඔහු හිමාලයට යමින් හිටියේ. ඔහු මා සමඟ කතා කළා. දඹදිව දළදා වහන්සේ වැඩසිටි පූජනීය ස්ථාන සියල්ලම නරඹන්න ඔහු ඔහුගේ වියදමින් මාව ගෙන ගියා. මට කන්න බොන්න දීල නවාතැන් පහසුකම් පවා සලසා දුන්නා. මේ ගමනෙදී මට ධාතු වංශයේ තිබූ සියළුම තොරතුරු හා ස්ථාන දැකබලා ගන්න හැකි වුනා. බ්‍රහ්මදත්ත මාළිගාව මම දැක්කා. එහි ඡායාරූප අරගෙන ඇවිත් මිහින්තලේදී ඒ මාළිගාව මම හැදුවා. මම යලිත් දළදා වහන්සේට මල් පහන් පූජා කරලා පිටපත උන්වහන්සේට භාර කරමින් මට පිංවන්ත නිෂ්පාදකයෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කළා. එදාට පසුදා මට අරලියගහ මන්දිරයට යන්න සිදු වුණා. "

    (විතර්ක බුද්ධිය අවදි කර සිනහ නොවන්න!) මේ සනත් අබේසේකරගේ සත්‍ය ප්‍රකාශයක් වූවද, එය ඔහුගේ ගොං ප්‍රකාශයක් නොවේ. මේ ප්‍රේක්ෂකයා ගොන්නු කර ශාලාව පුරවා ගැනීමේ උපායයි. මේ තමයි වෙළදාම. මේ තමා ප්‍රේක්ෂක ජනතාව ගොනාට අන්දවා සිනමා ශාලා පුරවා ගැනීමේ marketing system එක. මේ තමයි සිංහල බෞද්ධ ජනයාගේ බෞද්ධාගමික ඇදහීම, බුද්ධාලම්බන ප්‍රීතිය , ජාතිකත්ව හැඟීම්, එකට කලතා, උත්කර්ශයට නංවා ආදායම් වාර්තා ඉහළ නංවා ගැනීමේ ප්‍රචාරක විධික්‍රම. මේ තමයි එල්ලාවල මේධානන්දලා, සනත් අබේසේකරලා ලවා රාජකීය පාලකයෝ ජනතාව නියම ගැමි සිංහලයන් (අහිංසක, නිවට, නියාළු , භය, පක්ෂපාතී, එහෙයයන් ) බවට පත්කර තමන්ගේ සහ තම රාජකීය දරු පරම්පරාවේ පැවැත්ම රැක ගැනීමේ ස්වරූපය. මේ තමයි ජැක්සන් ඇන්තනීලා, ජයන්ත චන්ද්‍රසිරීලා, සෝමරත්න දිසානායකලා, සුනිල් ආරියරත්නලා, සනත් අබේසේකරලා, සුගත් සමරකෝන්ලා ලවා සිංහල බෞද්ධ ජනතා උත්කර්ශය ඔජවඩා තබා ගැනීමේ රාජකීය නාටකය.

    සනත් අබේසේකරගේ ආශ්චර්යමත් ප්‍රාර්ථනාවට අනුව අරලියගහ මැදුරෙන් ඔහුට පිංවත් නිෂ්පාදකයෙක් වෙනුවට නිෂ්පාදකවරු දෙදෙනෙක්ම ලැබී ඇත. ඒ විදේශීය විහාරයක වෙසෙන පූජ්‍ය අකරවිට සංගානන්ද හාමුදුරුවන් සහ සෝමා එදිරිසිංහ යන දෙදෙනායි. සිනමාව යනු කර්මාන්තයකි. ලාභය බලාපොරොත්තු වෙන ව්‍යාපාරයකි. බෞද්ධ පූජකවරයෙකු සතුව චිත්‍රපටයකට වියදම් කිරීමේ ප්‍රමාණයට මුදල් තිබීම සතුටට කරුණකි. සමහර විටෙක එරට දායකයන්ගෙන් විහාරස්ථානයේ දියුණුවට එක්රැස් කළ මුදල් විය හැකිය. විහාරස්ථානය වඩා හොඳින් දියුණු කරගැනීමේ පින්වත් චේතනාවෙන් අදාල දායකයන්ට ද නොදන්වා චිත්‍රපටයකට මුදල් ආයෝජනය කළා ද විය හැකිය. කෙසේ නමුත් සනත් අබේසේකරට අනුව එතුමා පින්වත් නිෂ්පාදකයෙකි. සෝමා එදිරිසිංහ යනු අංක එකේ ව්‍යාපාරික කාන්තාවකි. සිනමා කර්මාන්තය පමණක් නොව වෙනත් විවිධ ව්‍යාපාර ගනනාවක් ඇය සතුය. රත්තරන් බඩු කඩ, උකස් කඩ සේම බෞද්ධ සහ විවිධ ආගමික මතවාද සමඟ හරක් මස්, උරු මස්, කුකුල් මස් යනාදී ආහාර වර්ග සුන්දර ආකාරයට විකුණන එමෙන්ම ටෙලිනාට්‍ය ශිල්පීන්ට මුදලින් පොලු තැබූ රූපවාහිනී සහ ගුවන් විදුලි චැනල් සහ රෙස්ටූරන්ට් බාර් මේවා අතර ප්‍රධානය. කෙසේ වූවද සනත් අබේසේකරට අනුව ඇයද දළදා වහන්සේගේ දේවඅනුහසින් ඔහුට ලැබුණු පින්වත් නිෂ්පාදිකාවකි.

    "මම බලාපොරොත්තු වුණා පිංවන්ත නළු නිළි පිරිසක් . අපිට එහෙම අය හොයා ගන්න අපහසුයිනේ. එත් චිත්‍රපටය කෙරෙන කාලය තුළ දී ඒ සඳහා පේවෙලා, දළදා හිමියන්ට භාරවෙලා මේ නිර්මාණ කටයුත්ත කරන්න හැම කෙනෙක්ම එකඟ වුණා. ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, මාක් සැම්සන් වැනි ප්‍රවීණයෝත් බොහෝ සේ කැප වුණා. හැමකෙනෙක්ම තමන්ට හිමි දේ කළා."

    සිරි දළදාගමනය ප්‍රධාන චරිතයක් වූ හේමමාලා කුමරිය සඳහා තෝරා ගත් රංගන ශිල්පිනිය පිංවත් නොවූවාය. ඒ ඇයගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසැරීමයි. අන්තර් ජාලයේ ඇැති එවැනි අසභ්‍ය නිරුවත් ජායාරූප දුටු පෙර කී පින්වත් නිෂ්පාදකයෙක් ඊට විරෝධය පා ඇය හේමමාලාවන් සඳහා අකැපයැයි සිරි දළදා ගමනයෙන් ඉවත් කර ඒ සඳහා වෙනත් පින්වත් ශිල්පිනියක් සම්බන්ධ කර ගත්හ. අධ්‍යක්ෂවරයාට අනුව ඉහත සඳහන් ශිල්පීන් අමාරුවෙන් සොයාගත් පිංවත් බෞද්ධයන්ය. බාර්, තැබෑරුම්, වයින් ස්ටෝර්ස් නහුතයක් තිබුනද පින්වත් ය.

    සිරි දළදාගමනය ඩිජිටල් පටයේ නිර්මාණාත්මක පාර්ශවය පිළිබඳ කිසිදු සටහනක් තැබිය නොහැක. ඒ එවැන්නක් සඳහා කිසිදු ඉඩක් එහි නොවීමයි. අධ්‍යක්ෂවරයාට අනුව රංගන ශිල්පීන් කැපවී ඇත, පේ වී ඇත. ඒ කුමක් සඳහාද යන්න ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් රංගන ශිල්පියෙක් ශිල්පිනියක් කැපවීමක් කරන්නේ තම චරිතයට අදාල රංගනය වඩා හොදින් මුවහත් කර ගැනීමට විනා පින් රැස්කර ගැනීමට නොවේ. මෙහි සියල්ලෝ නොරඟයි, ටීටර් නටයි, පිංම රැස් කරයි. සනත් අබේසේකරගේ සිනමාව පිළිබඳ නොහැකියාව අභිබවා අසත්‍ය හා ප්‍රෝඩාව විකිණීමේ හැකියාව ඉස්මතුව පෙනෙන්නේ ලාංකීය සිනමාවේ අනාගතය පිළිබඳ අපූල හැඟීමක්ද ගෙනදෙමිනි. එසේම සිරි දළදාගමනය සමඟ අපට අමතක කළ නොහැකි සිදුවීමක් ද ඇත. ඒ සුමින්ද වීරසිංහ කැමරා ශිල්පියායි. ඔහු මිය ගියේ සිරි දළදාගමනය රූ ගත කිරීමේදීය. සිනමා තිරයේ සුමින්ද පිළිබඳ සටහනක් තබනවාට වඩා මහින්ද රාජපක්ෂ පිළිබඳ විශාල අකුරින් සටහනක් තැබීමට තරම් සනත් අබේසේකර පින්වත් වීම අරුමයක් ද නොවේ.

    මෙය විචාරයක් හෝ විතර්ක බුද්ධියෙන් හෝ නියම ගැමි සිංහලයෙක් ලෙස හෝ ලියූවක් නොවේ. සිනමාවේ නාමයෙන් කරනා ප්‍රෝඩාකාරී අටමගලයන් දෙස බලා ලියූවකි.
     
    • Like
    Reactions: sl-memes and stv

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපේ උන් ආගමේ නමෙන් ඔතල දුන්නොත් ගූත් කයි

    :dull::dull::dull::dull::dull:

    මොකද්ද කියපන් උබට තියෙන අව්ල .... කොහේ ගියත් බුදු දහමට පහර ගහන එකනේ තෝ කරන්නේ

    වෙන ඔක්කොම ආගම් හරි අපේ ආගම වෙනය්

    ලජ්ජා නැද්ද බන්
    :(:(:(:(:(

    මම කතා කරන්නේ මේ ටොපික් එකෙන් පිට ඒ කියන්නේ මේ ත්‍රෙඩ් එක ගැන නෙවි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කියපු දේ තේරුනේ නැත්නම් කටවහගෙන හිටපන්:)
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    :dull::dull::dull::dull::dull:

    මොකද්ද කියපන් උබට තියෙන අව්ල .... කොහේ ගියත් බුදු දහමට පහර ගහන එකනේ තෝ කරන්නේ

    වෙන ඔක්කොම ආගම් හරි අපේ ආගම වෙනය්

    ලජ්ජා නැද්ද බන්
    :(:(:(:(:(

    මම කතා කරන්නේ මේ ටොපික් එකෙන් පිට ඒ කියන්නේ මේ ත්‍රෙඩ් එක ගැන නෙවි

    ubala wage gobbayan ta tama uu eeka kiyala tiyenne,,,, den ithin padayak giyath bolalata aagama tama...
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ රජ කතා බෞද්ධ කතා හදන්නේ සිංහලයන්ගේ බෞද්ධන්ගේ ජාති ආලය සහ ආගමික භක්තිය අවුස්සලා ඒවා බිල්ලට අරගෙන තමන්ගේ මඩිය තර කර ගන්න තමයි.

    නැතුව කිසිම නිරමාණාත්මක බවක් මේ අවර ගනයේ නිර්මාණ වල නැහැ. මේ වගේ නිර්මාණ හැදුනට කමක් නැහැ නමුත් ඒ ඉතිහාස ආගමික කතා වල තිබෙන ඉතිහාසවත් බව ප්‍රෞඩ බව රැක ගෙන එහෙම කරන්න ශක්තියක් නැත්නම් නොකර නිකම් ඉන්න එක හොදයි.

    හැබැයි මේවා බලන්නේ යන්නේ බොරු ජාති ආලෙන් ඔද වැඩුණු අන්ධ භක්තියෙන් මිස හරියට බෞද්ධාගම අදහන නිර්මාණාත්මක ඇහැකින් සිනමාව දෙස බලන මිනිස්සු නෙමෙයි.

    නිතරම මේ වගේ film වල පෙන්වන්නේ Close Up Shots ඒ කියන්නේ අවට පරිසරය එක්ක පෙන්නුවොත් වැඩේ දෙල් වෙනවා.

    අති දැවැන්ත නිර්මාණ කියලා කිව්වට් බොරුවට budget එක ලොකු කරලා පෙන්නුවට.
    මේ වගේ නිර්මාණ හදන්නේ උපරිම ලාභ ලබන්න.

    හොදම උදාහරණය තමයි දැනට දෙරණ නාලිකාවේ සති අන්තයේ විකාශණය වන ඉන්දියාවේ නිෂ්පාදනය වුනු ගෞතම බුදුන් ගැන කියවෙන ටෙලියේ තියෙන quality එකවත් මේ අති දැවැන්ත නිරමාණ වල නැහැ.

    රටේ උත්තමයා මේවා වගේ නිරමාණ වලට විතරක් කපුකම් කරලා නිෂ්පාදකයෝ හොයලා දෙන්නේ, තමන්ගේ පරම්පරාව රාජ පරම්පරාවක් හැටියට පවත්වාගෙන යාමේ යටි අරමුණක් තියා ගෙන, ආයෙත් ජනතාවගේ මානසිකවය වැඩවසම් යුගයේ විදිහට රජ පරම්පරාවට කතා අදින මට්ටමට රට ගෙනියන්න.

    1940 ගණන් වල ජර්මනියේ හිටපු හිටලර්ගේ දේශපාලන න්‍යායාචාර්ය ගොබෙල්ස් (wiki) හදුනාගත්තා යුදෙව්වන්ට එරෙහිව අනෙකුත් ජාතිකයින්ගේ සිතුවිලි වෙනස් කරන්න එක හොදම ක්‍රමයක් හැටියට ජාති ආලෙන් ඔද වැඩුණු යුදෙව්වන්ට එරෙහි යුද්ධය පාදක කර ගත් film හදලා ඒවා හිටලර් විසින් අල්ලා ගත් රටවල සිනමා ශාලා අලුතින් හදලම පෙන්වන්න.

    මේවත් ඒ වගේ වැඩ තමා ඒවගේම තමා හිටලර් යුදෙව්වන්ට එරෙහිව ආගමික පොලිසියක් ඇති කරා ඒ පොලිසියට බදවා ගත්තේ තරමක් ධනවත් මැද පන්තියේ යුදෙව් ආගමේම තරුණයෝ.
    තමන්ගේ ආගමේම පිරිස් මර්ධනයට ඔවුන් යොදා ගත්තා.

    ආගම ජාතිය යොදා ගෙන ජනතාව අතර ප්‍රශ්න වැඩි කරලා ඒවට උත්තර සපයන්නේ නැතුව කට උඩ බලන් ඉන්නව මිනිස්සු සංවිධාන වෙලා ඒවාට මර ගන්නකම්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොන් බඩු මේ වගේ චරිත වලට ගන්න නරකයි. :angry:
    ඕන කෙනෙක්ට ඕන චරිතයක් රඟපාන්න අයිතිය තියෙනව. ඒක තීරනය කරන්න ඕන ඩිරෙක්ටර් මිසක් වෙන බයියො නෙමෙයි.:P
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඕන කෙනෙක්ට ඕන චරිතයක් රඟපාන්න අයිතිය තියෙනව. ඒක තීරනය කරන්න ඕන ඩිරෙක්ටර් මිසක් වෙන බයියො නෙමෙයි.:P

    ඒ වුනාට ගොන් බඩුන්ගේ ඇගේ තියෙන්නේ රාගය. රාගය වැඩියි උන්ගේ එතකොට ඒ වගේ රාගික හැගීම් වැඩි කෙනෙක්ට මේ වගේ හොද චරිතයක් දෙන්න නරකයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ රජ කතා බෞද්ධ කතා හදන්නේ සිංහලයන්ගේ බෞද්ධන්ගේ ජාති ආලය සහ ආගමික භක්තිය අවුස්සලා ඒවා බිල්ලට අරගෙන තමන්ගේ මඩිය තර කර ගන්න තමයි.

    නැතුව කිසිම නිරමාණාත්මක බවක් මේ අවර ගනයේ නිර්මාණ වල නැහැ. මේ වගේ නිර්මාණ හැදුනට කමක් නැහැ නමුත් ඒ ඉතිහාස ආගමික කතා වල තිබෙන ඉතිහාසවත් බව ප්‍රෞඩ බව රැක ගෙන එහෙම කරන්න ශක්තියක් නැත්නම් නොකර නිකම් ඉන්න එක හොදයි.

    හැබැයි මේවා බලන්නේ යන්නේ බොරු ජාති ආලෙන් ඔද වැඩුණු අන්ධ භක්තියෙන් මිස හරියට බෞද්ධාගම අදහන නිර්මාණාත්මක ඇහැකින් සිනමාව දෙස බලන මිනිස්සු නෙමෙයි.

    නිතරම මේ වගේ film වල පෙන්වන්නේ Close Up Shots ඒ කියන්නේ අවට පරිසරය එක්ක පෙන්නුවොත් වැඩේ දෙල් වෙනවා.

    අති දැවැන්ත නිර්මාණ කියලා කිව්වට් බොරුවට budget එක ලොකු කරලා පෙන්නුවට.
    මේ වගේ නිර්මාණ හදන්නේ උපරිම ලාභ ලබන්න.

    හොදම උදාහරණය තමයි දැනට දෙරණ නාලිකාවේ සති අන්තයේ විකාශණය වන ඉන්දියාවේ නිෂ්පාදනය වුනු ගෞතම බුදුන් ගැන කියවෙන ටෙලියේ තියෙන quality එකවත් මේ අති දැවැන්ත නිරමාණ වල නැහැ.

    රටේ උත්තමයා මේවා වගේ නිරමාණ වලට විතරක් කපුකම් කරලා නිෂ්පාදකයෝ හොයලා දෙන්නේ, තමන්ගේ පරම්පරාව රාජ පරම්පරාවක් හැටියට පවත්වාගෙන යාමේ යටි අරමුණක් තියා ගෙන, ආයෙත් ජනතාවගේ මානසිකවය වැඩවසම් යුගයේ විදිහට රජ පරම්පරාවට කතා අදින මට්ටමට රට ගෙනියන්න.

    1940 ගණන් වල ජර්මනියේ හිටපු හිටලර්ගේ දේශපාලන න්‍යායාචාර්ය ගොබෙල්ස් (wiki) හදුනාගත්තා යුදෙව්වන්ට එරෙහිව අනෙකුත් ජාතිකයින්ගේ සිතුවිලි වෙනස් කරන්න එක හොදම ක්‍රමයක් හැටියට ජාති ආලෙන් ඔද වැඩුණු යුදෙව්වන්ට එරෙහි යුද්ධය පාදක කර ගත් film හදලා ඒවා හිටලර් විසින් අල්ලා ගත් රටවල සිනමා ශාලා අලුතින් හදලම පෙන්වන්න.

    මේවත් ඒ වගේ වැඩ තමා ඒවගේම තමා හිටලර් යුදෙව්වන්ට එරෙහිව ආගමික පොලිසියක් ඇති කරා ඒ පොලිසියට බදවා ගත්තේ තරමක් ධනවත් මැද පන්තියේ යුදෙව් ආගමේම තරුණයෝ.
    තමන්ගේ ආගමේම පිරිස් මර්ධනයට ඔවුන් යොදා ගත්තා.

    ආගම ජාතිය යොදා ගෙන ජනතාව අතර ප්‍රශ්න වැඩි කරලා ඒවට උත්තර සපයන්නේ නැතුව කට උඩ බලන් ඉන්නව මිනිස්සු සංවිධාන වෙලා ඒවාට මර ගන්නකම්.
    ඇත්තම කියල තියෙනව.:)

    ජාති ආගම් කියන්නෙ ලන්කාවෙ හොඳ මාකටින් වටිනකමක් තියෙන මාතෘකාවක්! අපේ රටේ ඕන දහජරා වැඩක් මේවට මුවාවෙලා කරන්න පුලුවන්. හොර දේශපාලුවො බලේ රැකගන්නෙත් මේවා පාවිච්චි කරල, මිනිස්සුන්ගෙ සල්ලි ගසාකන්නෙත් ජාති ආගම් පෙන්නල, මේ ගැන කිව්වම එහෙයියො කියන උදවිය එක්කත් මරාගන්න හදනව. මිනිස්සුන්ව දැනටමත් බ්‍රේන්වොශ් වෙලා තියෙන්නෙ. බ්‍රේන්වොශ් එකේ ඊලඟ ප්‍රතිපලය කියන යුද්ධය දැන් අතලඟ තියෙන්නෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ වුනාට ගොන් බඩුන්ගේ ඇගේ තියෙන්නේ රාගය. රාගය වැඩියි උන්ගේ එතකොට ඒ වගේ රාගික හැගීම් වැඩි කෙනෙක්ට මේ වගේ හොද චරිතයක් දෙන්න නරකයි.
    :lol::lol:
    පලයන් යන්න ගොන් බඩු නෙමෙයි ඕන මනුස්සයෙක්ගෙ ඇඟේ රාගය තියෙනව. එහෙම රාගයෙන් තොර මිනිස්සු කියල ජාතියක් නැහැ.:lol::lol:

    අනික ඇඟේ තියෙන රාගෙ පාලනය කරන්න ඩිරෙක්ටර්ට පුලුවන්. ඔය පිටරටවල බෞද්ධ චිත්‍රපටි හදනකොටනම් ඔය මොකුත් බලන්නෙ නැහැ. කතාවට සාධාරනයක් කරන්න පුලුවන්නම් චරිතෙට ගැලපෙනවනම් එච්චරයි.:frown:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :lol::lol:
    පලයන් යන්න ගොන් බඩු නෙමෙයි ඕන මනුස්සයෙක්ගෙ ඇඟේ රාගය තියෙනව. එහෙම රාගයෙන් තොර මිනිස්සු කියල ජාතියක් නැහැ.:lol::lol:

    අනික ඇඟේ තියෙන රාගෙ පාලනය කරන්න ඩිරෙක්ටර්ට පුලුවන්. ඔය පිටරටවල බෞද්ධ චිත්‍රපටි හදනකොටනම් ඔය මොකුත් බලන්නෙ නැහැ. කතාවට සාධාරනයක් කරන්න පුලුවන්නම් චරිතෙට ගැලපෙනවනම් එච්චරයි.:frown:
    :angry::angry::angry: උබ වගේ ගෑණු share කරන එකෙන්ට කොහොමද ඕවා තේරෙන්නේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :angry::angry::angry: උබ වගේ ගෑණු share කරන එකෙන්ට කොහොමද ඕවා තේරෙන්නේ.
    හම්බ තියරියට බ්‍රේන්වොශ් වුන උඹට මේව කියල වැඩක් නැහැ:lol::lol:
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,840
    150
    63
    ගෙදර
    මම නන් සිංහල ෆිල්ම් බලන්නෙ නැ. ඇත්තටම බලන්න දෙයක් නෑ. ගොන් පාට් විතරයි තියෙන්නෙම