නිරෝගී දිවියකට පිළිවෙත් 8 ක්‌

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
නිරෝගී දිවියකට පිළිවෙත් 8 ක්‌

සැම ලාංකිකයන් 10 දෙනකු ගෙන් එක්‌ අයකුට ම දියවැඩියාව ද, 5 දෙනකු ගෙන් එක්‌ අයකුට අධිරුධිර පීඩනය ද ඇතැයි නවතම වෛද්‍ය සමීක්‌ෂණ මගින් හෙළි ව ඇත. පසුගිය දශක 2 - 3 ඇතුළත ලාංකීය ජන සමාජය අරක්‌ ගත් වැරැදි ආහාර චර්යාවන්, අලස ජීවන රටාව දුම්වැටිය, මත්පැන් හා මානසික ආතතිය විසින් උරුම කර දෙන ලද බෝ නො වන රෝග (Non Communicable Diseases)) මේ වන විට ලංකාවේ සමස්‌ත මරණවලින් 70%කට වගකියයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, ආඝාත, (Stroke) හා පිළිකා ඇතුළත් වූ මේ රෝග කාණ්‌ඩය සමාජයට මෙන්ම රටේ ආර්ථිකයට දැරිය නො හැකි බරක්‌ බවට පත් වෙමින් යයි.


13.jpg


ගෝලීය මට්‌ටමින් මෙන්ම ජාතික මට්‌ටමින් ද සෞඛ්‍ය ක්‌ෂේත්‍රය හමුවේ මතු ව ඇති බරපතළ ම අභියෝගය මේ බෝ නො වන රෝග රැල්ල බවට විවාදයක්‌ නැත. ඒත් ඊට මුහුණ දීම සමස්‌ත සෞඛ්‍ය සේවාවට හුදෙකලාව කළ හැක්‌කක්‌ නො වේ. මන්ද යත් මේ රෝග කාණ්‌ඩය පෙති, කරල්, සිරප් හා ඉන්ජෙක්‌ෂන්වලින් පමණක්‌ සුව කළ නො හැකි මානව ජීවන රටාව තුළ ඇති කරන විල්පවීය වෙනසක්‌ අත්‍යවශ්‍ය වූ සෞඛ්‍ය ගැටලුවක්‌ වන හෙයිනි.
14.jpg

 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dum beema diabetic walata balapanawa da.

    diabetic nam chorama seen ekak thamai.