නිරෝධායනය අවසන් කර ගෙදර යමින් සිටි අයෙක් මගදී මිය යයි..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    නිරෝධායනය අවසන් කර ගෙදර යමින් සිටි අයෙක් මගදී මිය යයි..

    පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකු:shocked: නිරෝධායනය කාලසීමාව අවසන් වී නිවස බලා යමින් සිටියදී :shocked:මියගොස් ඇතැයි පුත්තලම පොලිසිය සඳහන් කරයි.

    පුත්තලම සේවා මාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙසේ මියගොස් ඇති අතර මළ සිරුර ඔහුගෙන් නිවස ආසන්නයේ දී හමු වී තිබේ.

    පුත්තලමේ ආපන ශාලාවක සේවකයෙකු ලෙස කටයුතු කරන ඔහුට එහිදී කොරෝනා ආසාදිතයෙක් හමුවූ බව හෙළි වීමෙන් පසු හෝටලයේ සියලු දෙනාම නිරෝධයට යොමු කර ඇත්තේ ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේමය.

    පසුගිය 4 වැනිදා එම කාලය අවසන් කිරීමෙන් පසු නිවෙස බලා යමින් සිටි නමුත් ඔහු නිවසට පැමිණ නැති බව හෙලිවීමෙන් පසුව කළ සොයා බැලීම් වලදී නිවස අසල තිබී දේහය හමු වී ඇත.

    දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

    -lankacnews -

     
    Last edited: