නිරෝෂා විරාජිනීගේ තෙවැනි විවාහයත් අසාර්&

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    නිරෝෂා විරාජිනීගේ තෙවැනි විවාහයත් අසාර්&

    Nirosha.jpg

    ‘සිත හඬයි’ ගීතයෙන් මීට වසර විස්සකට පමණ පෙර සංගීත දිවිය ඇරඹූ නිරෝෂා විරාජිනී ඉතා ඉක්මනින් ජනප්‍රිය වූයේ විරහ ගීයෙන් සිත් ඇදගන්නා මධුර ස්වරයක් ඈ සතුව වූ නිසයි.

    ඇය තෙවන වරට විවාහ වුනේ දෙරණ රූපවාහිනී නාලිකාවේ අලෙවි අංශයේ යසන්ත නිමලතේජ සමඟයි. ඒ 2009 ජූලි 29වනදා කොළඹ ගලදාරී හෝටලයේ දී. නමුත් එම විවාහයත් මේ වනවිට අසාර්ථක වී තිබෙනවා.

    ඊට පෙර ඇය විවාහවී සිටියේ යුධ හමුදා කපිතාන්වරයෙකු වන නලින්ද සම්පත් සමඟයි. ඔවුන් දික්කසාද වූයේ 2005 වසරේදීයි.

    පසුගිය ඉරිදා සිළුමිණ පුවත්පතට ඇය ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්

    මම ආදරය කරද්දී සීමාවක් නැතුව ආදරේ කරන ගැහැනියක්. එවිට මම මගේ මුළු ජීවිතෙන්ම ආදරෙයි. ඒත් මගේ ජීවිතය, මාව සහ මගේ ඇතුළාන්තය හරිහැටි තේරුම් ගත් කිසි කෙනකු නැහැ. මං මොනතරම් ආදරේ කළත් මට අද මේ වනතුරු තවමත් ආත්මීය සහකරුවකු නැහැ.


    ජීවත් වෙන්න ආත්මීය සහකරුවකු අවශ්‍යම ද?
    ඔව්, මට මගේ ජීවිතය බෙදාගන්න විශ්වාසනීය කෙනකු ඕනේ. ආදරය, විවාහය වැනි දේවල් මේ ලෝකයේ පවතින්නේ ඒ අවශ්‍යතාවය නිසා තමයි.

    ආදරය, විවාහය වැනි ඒවා ඔබේ ජීවිතයේදි කෙටි දුර ධාවන තරග වගේ වේගයෙන් ඇරැඹි වේගයෙන්ම අවසන් වෙනවා. ඒ ඇයි?
    ඊට ප්‍රධාන හේතුව මට ආත්මීය සහකරුවකු හමු නොවීමයි. ඉන්න පුළුවන් නම් ගහ බැණ ගෙන හරි අල්ලා ගෙන ඉන්න මම සූදානම්. හැබැයි පීඩනයකට මැදි වී අසහනයෙන් ඉන්නත් මම කැමැති නැහැ.

    ඔබ පවසන්නේ කුමනාකාර පීඩනයක් පිළිබඳව ද?
    ප්‍රධාන වශයෙන්ම සැකය නිසා ඇති වන පීඩනයට මම කැමැතිම නැහැ. විශේෂයෙන්ම මගේ වෘත්තීමය පැත්තෙන් වන බලපෑම් නිසා හෝ සමාජයෙන් ලැබෙන තොරතුරු නිසා මාව සැක කරනවා නම් එවැනි පීඩන තත්ත්වයන් විඳවන්න මට බැහැ. මේ සමාජයේ සැකයක් ඇති නොවී ජීවත් වෙන්න බැරි බව ඇත්ත. සැකයක් ඇති වුණෝතින් ‘මෙයා මගේ ආදරවන්තිය නේද’ කියා හිතලා කතාබහ කරලා ප්‍රශ්න විසඳගන්න ආදරවන්තයකුට පුළුවන් වෙන්න ඕනේ.

    අර මං මුලින් කිව්ව ආත්මීය සහකරුවා ජීවිතයට අවශ්‍යම වෙන තැනක් මේ. ඒ වුණාට ඔය ටික තේරුම් ගත්ත කෙනකු මගේ ජීවිතේට තවම හමුවෙලා නැහැ.

    ඈත් වූ ආදරයක් නැවත ඔබට ලැබෙනවා නම්...?
    මම කැමැති නැහැ. මම මුළු ජීවිතෙන්ම ආදරය කරද්දී එය රැකගන්න උත්සාහ ගන්නේ නැතුව ඈත්වෙලා ආපසු ඇවිත් මට ආදරය දුන්නට මට ඕන නැහැ. මගේ ආදරේ බිඳුණොත් බිඳුණාමයි. සමාව දිදී ඉන්නේ නැහැ මම.

    ”මවක් වෙන්න” ඔබ ආසයි. ආසාව ඔබ ඉටුකර ගන්නේ කෙදිනකද?
    කවදාද කියලා හරියට කියන්න බැහැ. හැබැයි කෙදිනක හෝ මම අම්මා කෙනෙක් වෙනවා. මට තවම අවස්ථාව තියෙනවා. විද්‍යාව අද හුඟාක් දියුණුයි. ඒ ආසාව මොන විදිහට හරි මම ඉටු කරගන්නවා.

    ඔබට දිනාගන්න බැරි වූ දේවල් මේ ලෝකයේ තිබෙනවාද?
    ඔව්. ආදරණීය බිරියක් සහ මවක් වීම තමයි මට මේ ලෝකයේ දිනාගන්න බැරි වූ දේවල්. ඒත් ඒවා දිනාගන්න මම උත්සාහ කරනවා හැමදාමත්.

    gossip9
     
    Last edited by a moderator:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අනේ තව් පනහක් වත් බදියි ජීවිතේට හරියන සහ්කරුවා හොයාගන්න.. අපි නොදන්න මොනර තැන්න....
    කාලයක් චම්පා කල්හාරී
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අනේ තව් පනහක් වත් බදියි ජීවිතේට හරියන සහ්කරුවා හොයාගන්න.. අපි නොදන්න මොනර තැන්න....
    කාලයක් චම්පා කල්හාරී
    :lol::lol::lol::lol:
    3.gif