නිරෝෂා විරාජිනී රජරට වකුගඩු ලෙඩුන් මිලිය
නිරෝෂා විරාජිනී රජරට වකුගඩු ලෙඩුන් මිලියන තුනකට විකුණං කාලා
(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.02, ප.ව.2.15)
පසුගිය දා සංගීත ප්‍රසංගයකදී ජනාධිපති මෛත්‍රී වෙත කිට්ටු වී ඇති නිරෝෂා විරාජිනී රජරට වකුගඩු රෝගීන් වෙනුවෙන් සින්දුවක් කියන්නට තමා ආශාවෙන් ඉන්නා බවත් ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඔහුට දන්වා ඇත. සත් භාවයෙන් නොමිලේ ගීයක් ගයන්නට කරන ඉල්ලීමක් යැයි සිතූ ජනාධිපති මෛත්‍රී, සිය කාර්ය සාධක බලකායට ඇයව යොමුකොට තිබේ. එහිදී, ගීතය නිර්මාණය හා ගායනා කිරීම වෙනුවෙන් මිලියන 3-4 ක් වියදම් වන බව කියා ඇති ඇය අවම වශයෙන් මිලියන තුනක් ඒ වෙනුවෙන් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.
මේ සඳහා අනුග්‍රාහක සමාගමක් සම්බන්ධ කරගෙන ඇති කාර්ය සාධක බලකාය, වකුගඩු රෝගීන් පිළිබඳව කරන්නට යන සම්මන්ත්‍රණයක වියදම් වෙනුවෙන් මිලියන තුනක් ලබා දෙන ලෙස පුද්ගලික සමාගමකට දන්වා තිබේ. එම සමාගම, තමා ලබාදෙන මුදල් සින්දුවක් වෙනුවෙන් යොදවන බව නොදැන, වකුගඩු රෝගීන් වෙනුවෙන් කරන වියදමක් සේ සලකා අදාළ මුදල සැදැහැවත් සිතින් ලබා දී ඇත. නමුත් මුදල බැර කොට තිබෙන්නේ වකුගඩු අරමුදල වෙනුවට ජනාධිපති ලේකම්ගේ ගිණුමට බව ද දැන ගත් විට සමාගම කෝප වී ඇත.
ලේ කාන්දුකරණයට මුදල් ගෙවා ගැනීමට මුදල් නැතිව, අදාළ සායන වෙත යාමට ගමන් ගාස්තු නැතිව මිය යමින් සිටින, පිරිසිදු ජලය ලබා ගැනීමට මුදල් ගෙවන රජරට දුප්පත් රෝගීන් වෙනුවෙන්, ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලැබුණු මුදලේ ඉතිරියෙන් වකුගඩු අරමුදල ගොඩ නැගිණ.
වකුගඩු රෝගීන් හෝ විකුණා මිලියන තුනක මුදලක්, නිරෝෂා විරාජිනී තමාගේ සාක්කුවට දමා ගැනීමේ අසික්කිත සිදුවීම මේ වනවිටත් සිදු වෙමින් පවතී.
---------------------------
by (2015-12-02 08:51:36)