නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි

    නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි - මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරයි

    :(:(:(:(:(

    නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ ඇති බව නිලධාරීන් පෙන්වා දෙනවා.

    මේ අනුව අකුරැස්ස සිට මාතර නගරය දක්වා නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවාසීන්ට ඉවත්ව යන ලෙස තවදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

    ගොඩගම, හිත්තටිය, තුඩාව, මාලිම්බඩ, සිරිපානාගොඩ, මාදුරුදූව, පරහත්ගොඩ, කද්දූව යන නිල්වලා ගංඟවේ පහළ ද්‍රෝණිය ආසන්න හා ඒ අවට ප්‍රදේශවල සිටින ජනතාවට මෙහි බලපෑම් එල්ල විය හැකි බවටයි හඳුනාගෙන ඇත්තේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවාහන හා ගංවතුර පද්ධති පිළිබඳ නිලධාරීන් විසින් මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරගන්නා ලෙසද එම රෝහලට දැනුම් දීමටද කටයුතු කළා.

    නිල්වලා ගඟ ආශ්‍රිතව ගොඩනගා ඇති ජලගැලීම් පාලන වේලි ආරක්ෂා කළ නොහැකි තත්ත්වයට පැමිණ ඇති අතර මේ වනවිට එම වේලි මතින් ආරක්ෂිත ප්‍රදේශයට ද ජලය ගලා එමින් පවතින බව තවදුරටත් වාර්තා වෙනවා.

    නිලවලා ගඟේ ජල මාපක වෙත ළඟා විය නොහැකි තරමට ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

    මාතර මහනාම පාලම ආසන්නයට ගඟේ ජල මට්ටම ඉහළ නැග ඇති බවයි වාර්තා වෙන්නේ.

    මේ හේතුවෙන් මාතර මහ රෝහලේ 28 වැනි වාට්ටුවේ රෝගීන් මේ වන විට ඉවත් කර ඇති බවද රෝහල් බලධාරීන් සඳහන් කළා. එම රෝගීන්ව කොටවිල දිසා රෝහල වෙත මාරු කර ඇති බවද සඳහන්.

    ..............................................................................................................

    18664641_1521100054588515_32414894844957232_n.jpg
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    අඩෙ තවම ඉවරයක් නැද්ද? කොහාටද මේ තරම් continue වහින්නේ? දවස් කීයක්ද බන් :(
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඩෙ තවම ඉවරයක් නැද්ද? කොහාටද මේ තරම් continue වහින්නේ? දවස් කීයක්ද බන් :(

    කොලඹට බොන්නවත් වතුර නෑ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් හැමදාම වැස්ස ඒත් මේ
    ලගකදි ඉදන් නේ ඔහොම වෙන්නේ
    මුන් මේ ඉවක් බවක් නැතිව
    වගුරු බිම් ගොඩ කරල ඉතින්
    කියන්න ඔන නෑ නේ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අඩෙ තවම ඉවරයක් නැද්ද? කොහාටද මේ තරම් continue වහින්නේ? දවස් කීයක්ද බන් :(

    කැළණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම ක‍්‍රමයෙන් පහලට.....ඒත් අයෙත් වහිනවලු බං.....:(:(:(:(:(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අඩෙ තවම ඉවරයක් නැද්ද? කොහාටද මේ තරම් continue වහින්නේ? දවස් කීයක්ද බන් :(

    වැස්ස නැවතුණාට උඩ තියෙන වතුර පහළ තියෙන district වලට ගංගා හරහා එනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැස්ස නැවතුණාට උඩ තියෙන වතුර පහළ තියෙන district වලට ගංගා හරහා එනවා
    කොහෙටද බන් ඔය උඩ වහිනවා කියන්නේ. නුවරට වැස්ස නැ. නුවර එලියටත් නැ. කුරුනැගල සයිඩ් එකටත් නැ. කොහාටද බන් ඔය වහින්නේ... :shocked:
    :shocked::shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කොහෙටද බන් ඔය උඩ වහිනවා කියන්නේ. නුවරට වැස්ස නැ. නුවර එලියටත් නැ. කුරුනැගල සයිඩ් එකටත් නැ. කොහාටද බන් ඔය වහින්නේ... :shocked:
    :shocked::shocked:

    නෑ බං දකුණේ අය උඩ කියන්නේ රත්නපුරේ පැත්ත. එහෙ වතුර බහිද්දී මෙහෙ යටවෙනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෙ තවම ඉවරයක් නැද්ද? කොහාටද මේ තරම් continue වහින්නේ? දවස් කීයක්ද බන් :(

    මාතර ටවුන් ඒරියා එකට වහින්නේ නෑ
    වහින්නේ උඩ දෙනියාය, සිංහරාජ පැති වලට. ඒ පැති වල ලෝඩ් එක පහලට ඇවිත් අකුරැස්සෙන් පහල සේරම යට කරගෙන යනවා.
    නිල්වලා ගංවතුර වැලැක්වීමේ ප්‍රොජෙක්ට්1 ෆේල් ප්‍රොජෙක්ට්1ක්.
    මාතර ටවුන්1 ඇරුණම අනිත් හැම තැනම වතුරෙන් යට වෙලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ බං දකුණේ අය උඩ කියන්නේ රත්නපුරේ පැත්ත. එහෙ වතුර බහිද්දී මෙහෙ යටවෙනවා
    ආහ්. ඒක තමයි. මම මේ උඩ කිව්වම හිතුවේ අපි ඉන්න ඉසව්ව කියලා. මෙහෙට වැස්ස නැ බන්. බොන්න වතුරත් නැති සයිස් එකක් තියෙන්නේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නෑ බං දකුණේ අය උඩ කියන්නේ රත්නපුරේ පැත්ත. එහෙ වතුර බහිද්දී මෙහෙ යටවෙනවා

    Naa machan uda kiyanne sinharaajeth ekka thiyana Matara ihala mayimata.
    sinharajen thamayi Nilwala gagayi, Gallen muhudata watena Gin gagyi patan ganne..
    Rathnapure wathura Kalu gagen thama Rathnapurata case...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mage upan gama deniyaaya kittuwa.. deniyaayata hayyen wehela dawas2kata witara passe thamayi Malimbada,kadduwa, maatara area walata ganwathura enne :)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ආහ්. ඒක තමයි. මම මේ උඩ කිව්වම හිතුවේ අපි ඉන්න ඉසව්ව කියලා. මෙහෙට වැස්ස නැ බන්. බොන්න වතුරත් නැති සයිස් එකක් තියෙන්නේ.
    උඩ meant උඩුගම, නෙළුව, සිංහරාජය,රත්නපුර ect...
    ධාතුසේන රජතුමා හිටිය නම් පපුවේ අමාරුවක් හැදෙවි
    එක පැත්තකට බොන්න වතුර නෑ
    තව පැත්තකට වතුර වැඩි වෙලා.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඩ meant උඩුගම, නෙළුව, සිංහරාජය,රත්නපුර ect...
    ධාතුසේන රජතුමා හිටිය නම් පපුවේ අමාරුවක් හැදෙවි
    එක පැත්තකට බොන්න වතුර නෑ
    තව පැත්තකට වතුර වැඩි වෙලා.
    ඔව් බන්. සිරාවට රාජදානියක් වෙච්ච කුරුනැගල දබදෙනිය සයිඩ් එකට වතුර කොටින්ම නැ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    Naa machan uda kiyanne sinharaajeth ekka thiyana Matara ihala mayimata.
    sinharajen thamayi Nilwala gagayi, Gallen muhudata watena Gin gagyi patan ganne..
    Rathnapure wathura Kalu gagen thama Rathnapurata case...

    අපිටත් ඔය පැත්තේ වතුර තම එන්නේ (බෙන්තර ගඟ )
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mage upan gama deniyaaya kittuwa.. deniyaayata hayyen wehela dawas2kata witara passe thamayi Malimbada,kadduwa, maatara area walata ganwathura enne :)
    ඔය සයිඩ් එකේ වැව් නැද්ද මචන් වතුර පිරෙන්න. එහෙම වැවක් දෙකක් තිබ්බනම් වතුර පායන කාලෙට ඉතුරුත් වෙනවා. අපරාදේ ඔය වතුර නිකන් මූදට බහින්නේ. බලහන්කො ඊලග මාස දෙක තුනේ ආයේ නියගේ.