නිවන් දකින්නට කැමති, නමුත් ඒ සඳහා කුමක් කළ යුතුදැයි නොදන්නා බව බොහෝ දෙනා විමසන දෙයකි. ඒ සඳහා දිය යුතු කෙටිම පිළිතුර නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපඳින්න යන්නය. ඒකායන මාර්ගය එයය. එහි සෑම අංගයක්ම කඩ නොකර ඉවසීමෙන් පිළිපඳින්න.
භාවනාව අනිවාර්යයෙන්ම දිනපතා කළ යුතු දෙයකි. සම්මා සමාධියකින් තොරව නිවන අත්දැකිය නොහැකි බැවිනි. භාවනාවෙන්ම පමණක් නිවන් දැකිය නොහැකිය. නමුත් භාවනාවකින් තොරව කිසිසේත්ම නිවන් දැකිය නොහැක. ඔබට සිතෙන්නට හැකියි එසේ නම් එක බණ පදයක් ඇසූ පමණින් රහත් වූයේ කෙසේද කියා. ඒ ඔවුන්ගෙ සිත් තුළ සමාධිය එක් මොහොතකින් ගොඩ නැඟෙන තරම් උසස් සිත් නිසාය. සාමාන්‍ය අයගේ මෙන් රාගාදී කෙලෙස් වලින් බැට කමින් විසිරුණු සිත් නොවන බැවිනි. සසර පුරා පාරමි පුරා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩා පැමිණි අයයි. අදටත් භාවනාවකින් සමාධිය වඩවා ගත් කෙනෙකුට කතා කරමින් සිටින ගමන් ඵල සිත්- ධ්‍යාන සිත් වලට සමවැදිය හැක. වෙනත් වැඩ කරන ගමන් සිත සමාධිමත් කර ගත හැක. ඒ භාවිතා කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් ලැබෙන ඵලයකි. එක් එක් අයට සමාධිය වැඩීමට යන කාලය වෙනස් ය. සසරේ සමාධිය වඩා ඇති අයට ඉක්මනින්ම සමාධිය ලැබේ. අන් අයට එසේ නොවේ.
සිත අන් අරමුණු වලට නොයා විනාඩි පහක් වත් කිසිම සිතිවිල්ලක් සිතට නොඑන පරිදි සිත පවත්වන්නට ඔබට හැකිද.. ?
සිත අතීතයට අනාගතයට දුවයි. වේගයෙන් දුවයි. අන් අය කී නොකී දේ ගැන සිතයි. සතුටු කතා බහ, දුක් තරහ කතා බහ ගැන සිතයි. අන් අය කියූ කෙරූ බැලූ හැද පැළඳ සිටි දේ ගැන සිතයි. අනාගත සිහින මාලිගා තනයි. අන් අය වෙනස් කරන හැටි, ගම රට හදන හැටි ගැන සිතයි. මේ සාමාන්‍ය සිත් වල ස්වභාවයයි.
නමුත් සමාධිමත් සිතක් යනු කිසිම සිතිවිල්ලක් පැන නොනැගී සන්සුන්ව නිසලව පවත්නා සිතකි. නිසල විලක් මෙනි. දිය රැළි නොනැඟේ. එවැනි සිතකට සිත අභ්‍යන්තරය දර්ශනය වේ. බාහිර ලෝකයෙන් සිත මුදා ගන්නා විට පමණි තමාගේ සිතේ අභ්‍යන්තරය දැකිය හැකි වන්නේ. තමාගේ සිත විමස විමසා බලන්නට එවිට හැකි වේ. සිතේ කෙලෙස් සිතිවිලි හටගන්නා ආකාරය නැතිවී යන ආකාරය දර්ශනය වේ. සිත අවබෝධ වන්නේ එවිටය. අනිත්‍ය බව අනාත්ම බව දුක් බව යන ත්‍රිලක්ෂණය සත්‍ය වශයෙන්ම දකින්නේ අවබෝධ වන්නේ එවිටය .
පංචස්කන්ධය යනු කුමක්දැයි දකින්නේ එවිටය. විඥාණ, සංස්කාර, සංඥා, වේදනා, යන නාම ධර්මයන් අවබෝධ වන්නේ එවිටය. රූපයත් නාමයත් අනෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වන අයුරු දැකිය හැක්කේ එවිටය.. නිවන් දකින්නට හැකි වන්නේ මේ සත්‍ය දැක ඒ තුළ ඇති හිස් බාවය දකිමින් නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගන්නා විටය.
ධර්මාවබෝධය යනු ප්‍රායෝගික අත්දැකීමකි. එය ප්‍රායෝගිකව කළ යුතු දෙයකි. ඔබ භාවනා කර බලන්න. එවිට ඔබේ සිත ඔබටම අවබෝධ වනු ඇත. ධර්මයේ හරය අවබෝධ වනු ඇත.
සංසාරය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අනිවාර්යය. ඉපිද මැරෙමින් යන මේ කෙළවරක් නොමැති සංසාරයේ රැඳී සිටීමේ හරය කුමක්ද යන්න ඔබගේ හදවතින්ම මතු විය යුතුය. සතර අපාය හුස්මක දුරින් බව දැන ගන්න. අප වටා සිටිනා අතිශය බහුතරයක්, සතර අපායටම යන බව විශ්වාස කරන්න. ඒවා බුදු මුවින් පිට කළ සත්‍යයන්ය. අද මේ ජීවිතය සතුටින් කා බී ගත කළද, දුක් විඳිමින් ගත කළද නියත වශයෙන්ම මරණයට මුහුන දෙන විට සියල්ලම පසෙකලා යා යුතුමය. මරණ මොහොතේ බොහෝ දෙනා අසරණව බියට දුකට පත්වන බව සත්‍යයයකි. සිත පුහුණු නොකර ඉබාගාතේ යන්නට ඉඩ දී සිටියොත් එය බලාපොරොත්තු විය යුතුය.
අද අදම භාවනාව වඩමින් සිත සමාධිමත් කර ගනිමින් මේ ඝෝර කටුක සසරින් නික්මී යන්නට වීර්යය වඩන්න. බුදු වරයන්ගෙ පහළ වීම අතිශය දුර්ලභය. මහා ඝන අන්ධකාරයක සසරක් පුරා කල්ප කෝටි ගණන් පුරා නිමග්නව සිටියදී ප්‍රඥාලෝකය දල්වමින් සූර්යයා මෙන් ආලෝකය දී මහා කරුණාවෙන් ලොවට පහළ වූ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඔබේත් මගේත් එකම ගැලවීමේ මාර්ගයයි. උන් වහන්සේ අපෙන් බලපොරොත්තු වූයේ නිවන් අවබෝධ කොට ගෙන මේ සසරින් නික්මී යාමමයි. උන් වහන්සේ පාරමී පුරා බුද්ධත්වයට පත්වූයේ අපව සසරින් එතෙර කරවාලීමටයි. එය කිසිම මොහොතක අමතක නොකරන්න.
ගෙවෙන සෑම තත්පරයක්ම යළි කල්ප කෝටි ගණනකටවත් නොලබන උතුම් බුද්ධෝත්පාද කාලයක්ම බව මෙනෙහි කරන්න. අනන්ත සසරේ ඔබ මේ මොහොත ලබා ගැනීමට කළ කැපකිරීම් අනන්තය.. කළ පින්කම් අනන්තය. අත හැරීම් අනන්තය. ඒ සියළු කැපකිරීම් කොට මේ උතුම් මොහොත ලබාගත් පසු යලි ඒ දුක්ඛිත සසරටම වැටෙන දෑ පසුපස නොයන්න. සංසාර චක්‍රයෙන් සදහටම මිදී යන්න.
ඔබට ඇත්තේ තව සීමීත කාලයකි. එය නිෂ්ඵල දෑ වෙනුවෙන් වැය නොකරන්න. අවම වශයෙන් සෝවාන් ඵලයෙන් හෝ සැනසී සතර අපායෙන් මිදුණු කෙනෙක් වන්න..
කුමන පරිසරයක සිටියද ඔබේ උතුම් අරමුණ අමතක නොකරන්න...!!!
ඒ සඳහා ඔබට වීර්යය ලැබේවා...!!!!
.
.
.
.
.
#travelsrilanka
#traval #picture #worldplace
#travaling #ceylon #beauty #lifestyle
#Photographer #photograph
#Srilanka #vacation #tourism #travelphotography #beautiful #nature #travelblogger #mountains #instagood #tour #love #famous
#photos #photo #adventure
#srilankatravel #travelsrilanka
#ඇතුගල_page #සිනා_සාගරය_the_fun_group
-Credit to reespective owner