නිවන් දැකීමට බොහෝ දෙනෙක් කැමති නමුත්, ඒ සෑම දෙනාටම නිවන් දැකිය නොහැක. එසේ නොහැකි වන්නේ තමාගේම අඩුපාඩු නිසාවෙන්ම පමණකි. මන්දයත් නිවන් අවබෝධයට මහත් වූ වීර්යයක් තිබිය යුතුය. සසරක් පුරා වඩවමින් ආ කෙලෙස් මඟ නිමා කිරීමට සුළු පටු වීර්යයකින් නොහැකිය.
නිවන් දැකීමට වීර්යය කරන්නෙකු සීලයෙන් හික්මිය යුතුය. ඉඳුරන් දමනය කරගත යුතුය. අකුසලයෙන් ඈත්විය යුතුය. සමාධිය වැඩිය යුතුය. ලෝකයේ අනෙක් අය සිතන, කියන, කරන ආකාරයෙන්ම සිටියොත් නිවන අවබෝධ කළ නොහැකිය. අප අනුගමනය කළ යුත්තේ නිවන් අවබෝධ කරන ලද උතුමන්ගේ ක්‍රියා පටිපාටියයි.
සාමාන්‍ය ජීවිතයේදී බොහෝ සෙයින් කළ යුතු දේවල් ඇත. සීලයෙන් හික්මීම අනිවාර්යය දෙයකි. නිවන් මාර්ගය සිතෙන් යන ගමනකි. එනිසා ඔබේ සිතේ වෙනස පිට ලෝකයට පෙන්වීමට අවශ්‍ය නැත. භාවනා කරන, නිවන් මඟ වඩන කෙනෙක් කියා අමුතුවෙන් ජීවත්විය යුතු නොවේ. අවශ්‍යවන්නේ සිත නිවැරදිව, පිරිසිදුව පවත්වා ගැනීමයි.
යෝනිසෝ මනසිකාරය හැම විටම පවත්වා ගත යුතුය. එනම් ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. සාමාන්‍ය ලෝක සත්වයා දකින්නේ ඇත්ත ඇති සැටියෙන් නොවේ. ඔවුන් දකින්නේ මෝහයෙන් මුලා වූ සිතකිනි. අප මේ යන්නේ ඒ මෝහයෙන් මිදීමටය.
ඔබ ඇසින් දකින, කනින් අසන, දිවෙන්, නාසයෙන්, කයෙන් විඳින සෑම දෙයකම ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුමය. කවර තැනක, කුමක් කරමින් සිටිය ද සිතෙන් ඔබ ඇත්ත දැකිය යුතුය. ප්‍රඥාවෙන් ලොව දැකිය යුතුය. එය බාහිරයට නොපෙනෙන බැවින් ඔබට පහසුවෙන් කළ හැකිය. එසේ නොමැතිව නිවන ලැබීමට නොහැකිය.
ඇත්ත ඇති සැටියෙන් දකිනවා යනු, කෙටියෙන්ම නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙසින් සියළු දේ විනිවිද දැකීමය. මෙලොව බාහිර හෝ අභ්‍යන්තර වශයෙන් කිසිම සංස්කාරයක් මේ ත්‍රිලක්ෂණය ඉක්මවා නැත. කුමක් වුවත් ත්‍රිලක්ෂණයෙන් ප්‍රඥාවෙන් එය දැකිය යුතුය. අවබෝධ කළ යුතුය. මෙලොව පවතින පරම සත්‍ය එයයි. සියළු සංස්කාරයන් හා ධර්මතාවයන් අනිත්‍ය දුක අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත්ය. සිදුවන සෑම දෙයක්ම සිදුවන්නේ ඒ ධර්මතාවයට අනුවමය. එය අප නිරතුරුව දකිමින් සිටිය යුතුය.
මෙය මුලදී අපහසුය. සසරේ මේවා පුරුදු කර නොමැති බැවිනි. නමුත් පුරුදු වූ පසු ඔබට මේ සත්‍ය දැකීමෙන් මිදිය නොහැක. මන්ද එය නිරන්තරවම ක්‍රියාත්මක වන සත්‍යයම දේ නිසාය. අප කඩතුරාවක් බැඳ දෑස් වසා මෝහයට යටත්ව සිටින නිසා ඒ සත්‍යය මෙතුවක් කල් වැසී තිබුණා පමණි.
ගහක කොළයක් වැටීම යන සරල ක්‍රියාවේ සිට, ඔබට ජීවිතයේ විඳින්නට වන සියළු සැප දුක් කරදර කම්කටොළු ලැබීම් නොලැබීම් සිදුවීම් සියල්ලක්ම ප්‍රඥා ඇසින් , සංස්කාර ලෝකය විනිවිද දකින්න. අනිත්‍ය බව දුක් බව අනාත්ම බව නිතර නිතර දකින්න. සන්තති වශයෙන් පළමුව දකින්න. ඉන් පසු ක්ෂණික වශයෙන් දකින්න..
ලෝකය විනිවිද දකිනවා යනු එයයි.. ඝන අන්ධකාරය විනිවිද ආලෝකය දකිනවා වැනිය. එය කළ යුතුමය..
ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. ඒ දකින්නේ සිතෙනි. සැබවින්ම ඇත්තේ සිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බාවයයි... මේ සත්‍ය ක්‍රමයෙන් ඔබ තුළින්ම අවබෝධ කරගන්න..
නිවන් දකින්නේ ප්‍රඥාවෙන් මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය යථා පරිදිම දක්නා කලය.. සංස්කාරයන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රත්‍යක්ෂයෙන් දක්නා කල, සිත තවත් මුලාවේ නොපවති. එය කිසිම අරමුණක මුලා නොවී, යාමට එල්ලෙන්නට ගැට ගැසෙන්නට බාහිර අරමුණක් කියා දෙයක් නොමැති බව පසක්ව දක්නා කල එය නිසල වෙයි.. නිවී යයි.. නිරෝධය අත්දකි.. නිවන යනු ඒ නිවී යාමයි..
එය සිතිවිල්ලකින් සිතාගන්නා, මවා ගන්නා කල්පිත දෙයක් නොව සිතෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අත්දකිනා ප්‍රායෝගික අත්දැකීමකි.. ඵල සමවතකට සමවැදීමට නිවන් දුටු කෙනෙක්ට හැකිය.
"ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බුපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං."
සියළු සංස්කාර සමනය වූ සියළු උපධීන් අතහැරී ගිය, තණ්හාව ක්ෂය වූ, විරාගී වූ නිවන ශාන්තය...නිවන ප්‍රණීතය...
ඒ අමා නිවන් සුව විදිය හැක්කේ අප්‍රතිහත වීර්යයකින් යුතු වූවන්ට පමණමය...!!!!
එවැනි වීර්යයවත්, පාරමී ඇති අය අදත් සිටිති.. සීමිතය.. අල්පය.. නමුත් සිටිති.. ශ්‍රද්ධාවෙන් ඇරඹෙන ඔවුන්ගේ ඒ ගමන ප්‍රඥාවෙන් නිමා වේ...
ඒ සංසාර ගමන මහා දුක්ඛය නිමා කිරීමට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නැමැති මහා ආලෝකය ඔබට නිරතුරුව මඟ කියා දෙන සේක....!!!
ඒ බුද්ධ ශක්තිය කෙරෙහි විශ්වාසය තබා, වීර්යය වඩන්න...!!!
සැනසීම ඒකාන්තය....!!!