මේ සංසාරයේ යථා සවරූපය පිළිබඳව අවබෝධයක් ලත් ඔබ තුළ දැන් නිවන් දැකීම පිළිබඳව හදවත තුළින්ම මතුව ආ කැමැත්තක්, උනන්දුවක් පවතිනු ඇත. කවුරුත් කීවාට නොව, කවුරුත් කරන නිසා නොව, සමාජයේ අසෙන නිසා නොව, ඔබටම අවශ්‍ය නිසාය. මේ නිවන් මාර්ගය තුළ ඔබ පියවරෙන් පියවර ගමන් කළ යුත්තේ ඔබට අවශ්‍ය නිසාමය.
වේගයෙන් ගමන් කරන විදුලි දුම්රියක ඔබ සිටිනවා යැයි සිතන්න. අවට ඇති දෑ කොතෙකුත් ලස්සන වූවද ඒවා ඔබට දැකිය හැකිද? වේගය අඩුවත්ම අවට ඇති දෑ දැකීමේ හැකියාව වැඩි වේ. දුම්රිය සම්පූර්ණයෙන්ම නැවතුණු පසු මැනවින්ම දැකිය හැක. තවත් උදාහරණයක් ගමු. කැළතුණු, පාට මිශ්‍ර වුණු ජලයක පතුලේ ඇති දේ දැකිය හැකිද ? නොහැකිය.. යම් විටක ජලය නිසල වී, මිශ්‍ර වී තිබූ පැහැයන් ඉවත්ව ගිය පසු පතුළ පැහැඳිළිව දැකිය හැකි වනු ඇත.
අපේ සිතද වේගයෙන් ගමන් කරන විදුලි දුම්රියකි. කැළතුණු ජලයකි. කිසිවක යථා ස්වරූපය නිවැරදිව දැකීමට සුදුසු තත්වයක සිත පවතින්නේ නැත. පළමුවෙන්ම අප දුම්රියේ වේගය ක්‍රමයෙන් අඩු කරවාගෙන ඉන්පසු දුම්රිය නවතාගත යුතුය. කැළතුණු ජලය සෙමින් නිසල කරගත යුතුය. එක්වරම තිරිංග ගැසුවා කියා දුම්රිය නතර නොවේ. ජලය එක්වරම නිසල නොවේ. එයට කාලයක් අවශ්‍යය. සිත නිසල කරගත් විට යථා ස්වරූපය දැකිය හැකි වනු ඇත. භාවනාව මඟින් සිදුකරන්නේ එයයි. "සමාධිය වඩනවා" යැයි හඳුන්වන්නේ එයයි. සමාධිමත් සිතේ ප්‍රඥාව මෝදු වෙයි. නිසල වී යන ජලය පතුළේ ඇති මැණික ක්‍රමයෙන් දකින්නට හැකිවෙයි.
කයෙන් නිසල වී සිටියද, වචනයෙන් නිහඬ වී සිටියද , සිත නිසලව පවතින්නේ නැත. කල්පනා නොකර සිටීම යනු නිසලව පැවතීම නොවේ. සිත සෑම මොහොතකම අතීත අරමුණක හෝ, අනාගත අරමුණක හෝ, වර්තමාන අරමුණක එල්ලී කෙළවරක් නැති සිතිවිලි ජනිත කරවමින් පවතී. එහෙයින් කය, වචනය විවේකයක් ගත්තද සිතට විවේකයක් ලැබෙන්නේ නැත. එක් ක්ෂණයකට ඉපිද නැසෙන සිතිවිලි අති විශාලය. සිතේ වේගය මැනීමට මිනුමක් නොමැත. එතරම්ම වේගවත්ය. අපට එය හඳුනාගැනීමටවත් නොහැක.
හැකි තරම් සරල උදාහරණ දෙමින් විස්තර කරන්නට බලමු.
ඔබ කොටු සියයක් ඇවිදිය යුතු බව සිතන්න. කොටු දෙකක් හැර ඔබ අඩිය තබන්නේ නම් ඔබේ පයට මැද තිබෙන කොටු දෙකක් මඟ හැරේ. ඔබ කොටුවක් හැර කොටුවක් දැන් ගමන් කරයි. එවිට එක කොටුවක් මඟ හැරේ. දැන් ඔබ ආසන්න සෑම කොටුවකම පය තබමින් ගමන් කරයි. එවිට ඔබ කොටු 100 ම හඳුනා ගනියි. මෙසේම සිත වේගවත් වන්නට වන්නට, ඔබට මඟ හැරෙන ප්‍රමාණය වැඩිය. නමුත් සිත ක්‍රමයෙන් නිසල කරගෙන යත්ම, එනම් සමාධිය වඩවාගෙන යත්ම ඔබ තුළ ප්‍රඥාව වැඩේ. සතිය වැඩේ. ඔබට සිත දැකිය හැකි පරාසය ක්‍රමයෙන් පුළුල් වේ. ඔබ සිත තුළ විනාඩියකට ජනිත වන සිතිවිලි ප්‍රමාණය 100 ක් යැයි උපකල්පනය කරමු. ඔබ වේගවත් මනසින් සිටින්නේ නම් දැකිය හැකි වන්නේ; හඳුනාගත හැකි වන්නේ ඉතා සීමිත සිතිවිලි ප්‍රමාණයකි. නමුත් සති, සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් වැඩී යත්ම දැකිය හැකි, ඉපිද නැසෙන සිතිවිලි ප්‍රමාණය වැඩිවේ.
කරුණු දැනගැනීම, කරුණු හදවතින් අවබෝධ කරගැනීම යන දෙකේ ඇති වෙනස ඔබ දැන් හඳුනන්නේය. නිවන් දැකීමට අවශ්‍ය වන්නේ මීටත් වඩා උසස් තත්වයකි. එනම් කරුණු හෙවත් ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂව දැකීමයි. පරීක්ෂණයකින් ඔප්පු කර දකිනවාක් මෙනි. නිවන් දැකීමට නම් සංයෝජනයන් ප්‍රහීණ කළ යුතුය. ප්‍රහීණ කළ යුතු සංයෝජනයන් මොනවාදැයි දැනගැනීම හා සංයෝජනයන් ප්‍රායෝගිකවම ප්‍රහීණ කිරීම අහසත් පොළොවත් මෙනි. ප්‍රහීණ කළ යුතු කෙලෙස් ගැන දන්නා අය බොහෝමය. නමුත් ප්‍රහීණ කළ අය අල්පය. පෘථග්ජන පුද්ගලයකු හා මාර්ගඵල ලාභියකු අතර වෙනස එයයි. ඔබව පෘථග්ජන භූමියෙන් ආර්ය භූමියට ඔසවා තබන්නේ ප්‍රායෝගික අත්දැකීමකින් මිස කරුණු දැන ගැනීමකින් නොවේ. සමාධිය යනු ඒ පසුබිමයි. ප්‍රහීණ කළ යුතු කෙලෙස් දැකීමට අවශ්‍ය කරන සංසුන්, සමාහිත සිතයි. එක් එක් අයට සමාධිය වැඩෙන වේගය වෙනස් වේ. පෙර සසරේ සමාධිය වඩා ඇති අයට වඩා ඉක්මනින් සමාධිය වැඩේ. ඇතැම් අයට කාලයක් ගතවේ. සමාධිය යනු නිවන නොවේ. නිවන් දැකීමට අවශ්‍ය පසුබිම් සිතයි. භාවනා කළ යුත්තේ ඇයිද යන්න පිළිබඳව මූලික අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇත.
භාවනාව පිළිබඳව දැක්වීමේදී අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු දෙයක් වේ. එනම් භාවනාව අනිවාර්යෙන්ම ගුරු උපදෙස් යටතේම සිදකළ යුත්තක් බවයි. තනිව නිගමන වලට එළඹීම, මිච්ඡා සමාධීන්ට යටත් වීම, සිත පෙර නොතිබූ කෙලෙස් වලට හසු වීම ආදී දේ ජයගැනීම පිණිස නිසි ගුරු උපදෙස් යටතේ සිදු කිරීම අනිවාර්යය වේ. ඒ සඳහා නිවැරදිව කමටහන්, උපදෙස් ලබා දෙන ගුරුවරයකු තෝරාගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වේ. එවැනි ගුරුවරු විරලය. බොහෝමයක් දෙනා තමන්ද මුලා වී අන් අයද මුලාවට පත් කරමින් සිටී.. එවැනි අනතුරු වලින් මිදී සිටීමට මේ කාලයේ ඔබ ඉතාමත් බුද්ධිමත් විය යුතු සේම පුණ්‍යවන්තද විය යුතුමය. කෙටි ක්‍රම වලින් නිවන් යෑමට හෝ අනවශ්‍ය කලබලය නිසා බොහෝ දෙනා මුලාවට පත් වේ.
නිසි ගුරුවරයකු තෝරා ගත් පසු සතියකට, සති දෙකකට, වරක් වත් ඔබගේ භාවනා වැඩෙන ආකාරය අනුව උපදෙස් ලබා ගැනීම සුදුසුය. මුලදී කෙටි කාලයකින් භාවනාව ආරම්භ කොට, අවම පැයක් දක්වා වත් එය දීර්ඝ කරගන්නේ නම් යහපත්ය. පැය 24 න් එක් පැයක් හෝ තමන්ට අත්‍යවශ්‍යම දෙය පිණිස යොදවාගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුය.
නිවන් මාර්ගය තුළ ඔබ සමගාමීව කළ යුතු කාර්යයන් බොහෝමයකි. නමුත් ඒවා බලෙන් සිදු කළ යුතු නොවේ. ඒවා නිරායාසයෙන්ම වාගේ සිදුවනු ඇත. ඔබ සිල් රැකිය යුතුය. එය මාසේ පෝයට ගොස් සිල් ගන්නවාට වඩා එහා ගිය දෙයකි. ගිහියන් වශයෙන් පංච ශීලය නිත්‍ය ශීලය වශයෙන් රකින්නට දිනෙන් දින වීර්යය කළ යුතුය. මේ නිවන් මාර්ගයට බුදු රජාණන් වහන්සේ දේශනා කළ එකඳු කරුණක් වත්, 'මෙය වැඩක් නොවේ' යැයි අහක දමන්නට දෙයක් නැත. උන් වහන්සේ දේශනා කළේ නම් දෙයක්, එය ඒ ආකාරයෙන්ම අත්‍යවශ්‍ය වේ. උන් වහන්සේ අනවශ්‍ය , වැඩි දේවල් දේශනා කොට සත්වයා වෙහෙස කළේ නැත. 'ඇට්ටේරියා වනයේ' උදාහරණය සිතන්න. අපමණ කරුණාවකින් නිවන සදහා අත්‍යවශ්‍යම දේ පමණක් දේශනා කළ සේක. එසේ නම් උන් වහන්සේ පංච ශීලය 'නිත්‍ය ශීලය' ලෙස රකින්නට කීවේ මන්ද යන්න විමසන්න. නිවන් දකින්නට යන අප විශ්වාස කළ යුත්තේ උන් වහන්සේවයි. ඒ ශ්‍රද්ධා පූර්වක සිතින් සීලය රකින්නට ආරම්භ කරන්න. කය, වචනය සංවර වත්ම, ඔබේ මනස පිරිසිදු වන ආකාරය, සංවර වන ආකාරය ඔබම අත් විඳින්න. ඔබ සිල් රකින්නේ ලෝකයට පෙනෙන්නටවත්, සුගතියේ යන්නටවත් නොව කායික, වාචසික, මානසික පිරිසිදු භාවය, සංසිඳීම පිණිසය.
මෙය ප්‍රායෝගිකව කරන්න. සංසුන් සිතින් පන්සිල් පද පහ මෙනෙහි කරන්න. එක එකක් සිතින් විමසන්න. ඔබට ඒවා කැඩෙන අවස්ථා දැන් මෙනෙහි කරන්න. ඒ කැඩෙන අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරය, ඒවා මඟ හරින ආකාරය සැලසුම් කරන්න. උදෑසන පන්සිල් සමාදන් වන විට වෙනදා මෙන් නොව අර්ථය මෙනෙහි කරමින් එය සමාදන් වන්න.
මුලදී ඔබට නොදැනුවත්වම සිල් පද කැඩෙනු ඇත. බොරු කියවෙනු ඇත. අනුන් සතු දේවල් නොවිමසා ගැනෙනු ඇත. නමුත් හැකි ඉක්මනින් සිතින් ඒවා නැවත විමසා නිවැරදි කරගන්න. කාලයක් යත්ම සිල්පදයක් කැඩෙන්නට පෙරම එය සිතට දැනේ. පන්සිල් රැකීම ඔබ තුළ සතිය වර්ධනය කරවයි. සමාධිය වඩවයි. එනයින්ම ප්‍රඥාවද වැඩේ.
නිවන් මාර්ගය තමන්ට අවංකව වැඩිය යුතු දෙයකි. එය තම සිතත් සමඟ පමණක් සිදු කරන ගනුදෙනුවකි. පිට ලෝකයාට එය දැන ගැනීමට තැබීමට අවශ්‍ය නැත. එය අනවශ්‍ය බාධා, කරදර වලට අත වැනීමකි. සමාජයේ බොහෝ දෙනා නිවන් දකින්නට වීර්‍යය කරන, සිල් රකින අය දෙස බලන්නේ අවඥාවෙනි. සච්චලයෙනි. මුලදී මේවාට ඔබ තුළ ලැජ්ජාව, ගැටීම ඇතිවනු ඇත. අනෙක් අතට මාන්නයද ඇතිවන්නේය. ඇතැම් විට ගෞරව, ප්‍රශංසා හිමිවේ. එවිට සිත තුළ ඒ පිළිබඳ සැඟවුණු ආශාවක්, ආඩම්බරයක් ඇතිවේ. අප මේ ගමන් කරන්නේ කෙලෙස් නැති කරන මාර්ගයකය. කෙලෙස් ඇතිවීමට ඉඩ හැරීම සුදුසු නොවේ. අනෙක් අතට අප විසින් අල්පේච්චතාවය, නිහතමානිකම පුහුණු කළ යුතුය. භාවනා වඩන්නකු, නිවන් මාර්ගයේ ගමන් කරන්නකු, සමාධිය, ප්‍රඥාව පමණක් නොව ගුණ ධර්මද වැඩිය යුතුය. ඇතැම් අය ස්වභාවයෙන්ම උසස් ගුණයන්ගෙන් හෙබි අයයි. අප වැඩි වැඩියෙන් ඒවැනි අය ඇසුරු කරමින් උසස් ගුණ ධර්ම වැඩීමට පුහුණු විය යුතුය. ඔබේ භාවනා අත්දැකීම්, ආදිය ගැන ප්‍රසිද්ධියේ කීම සුදුසු නොවේ. එය ඔබට මෙන්ම අන් අයටද පළිබෝධයකි. ඇතැම් විට කෙනෙක් දිරිමත් කරනු පිණිස දෙයක් කියනු විනා, එය වළක්වා ගන්නේ නම් යහපත්ය. එය ඔබත් ගුරුවරයාත් පමණක් දැනසිටීම ප්‍රමාණවත්ය. එබැවින් හැකිතරම් නිහඬව, නිහතමානීව මේ මාර්ගය වැඩීම වඩාත්ම සුදුසුය.
කළණ මිතුරු ඇසුර යනු නිවන් මාර්ගයට අතවශ්‍යම දෙයකි. එය ඔබව මේ මාර්ගයේ ශක්තිමත් කරවයි. වීර්යය වඩවයි. සතුට, ප්‍රමෝදය ගෙන එයි. හැකිතරම් හිස් පුද්ගලයන් හදවතින් දුරස්ව තබා ගනිමින් නිවන් මඟ වඩන, සතිය වඩන, සමාධිය වඩන, ශ්‍රද්ධාවන්ත පුද්ගලයන් ඇසුරු කිරීම ඔබට මානසික සහනයද සලසයි. එකතු වුවොත් ධර්මයම කතා කළ හැකි මිතුරන් කීපයක් හෝ සිටීම මහත් ලාභයකි. ඔබ මේ ධර්ම මාර්ගයේ අවංකව ගමන් කරන විට ඔබට එවැනි සත්පුරුෂයන් හමුවේ. එය ස්වභාව ධර්මතාවයකි. කිරි - කිරි හා, ගොම - ගොම හා එක් වන්නා සේම ඔබට ගැළපෙන පුද්ගලයන් කාලයත් සමඟ ඔබට සමීප වේ. එය ආශ්චර්යකි. එය ඔබම අත්දකිනු ඇත. ක්‍රමයෙන් ඔබට නුසුදුසු අය ඔබ ජීවිතයෙන් ඉවත් වී සුදුසු අය ඔබට හමුවේ. මේ නිවන් මාර්ගය තුළ ගමන් කරත්ම ඔබට බාධා මෙන්ම ආශිර්වාදද නොඅඩුව ලැබේ. ඒ සැම දෙයක් කෙරෙහිම මැදහත්ව , ඒවාද ධර්මතාවයන් සේ දකිමින් ඉදිරියට ගමන් කළ යුතුය.
නිවන් මාර්ගය විදහා දක්වන , ශුන්නත පටිසංයුක්ත දේශනා ඔබ අනිවාර්යෙන්ම ශ්‍රවණය කළ යුතුය. ඉතාමත්ම නිවැරදිව කල්පනාකාරීව විමසා බලා ධර්මය ශ්‍රවණය කළ යුතුමය. අද බොහෝ විට ඇසෙන්නේ ලෞකිකත්වයට බර දේශනා බැවින් ඒවා පැය 24 ම අසමින් සිටියද නිවන් ලබාගැනීමට නොහැකිය. එබැවින් නිවැරදි නිවන් මාර්ගෝපදේශකත්වය ලබා දෙන සද්ධර්මය ශ්‍රවණය කළ යුතුය. ස්වාමින් වහන්සේලා කිහිප දෙනෙකුගේ ධර්මය ඇසීම පුද්ගලිකව අනුමත නොකරමි. මන්ද යත් එක් එක් ස්වාමින් වහන්සේලාගේ ශෛලයන් වෙනස්ය. ඔබ ඒ මේ අත දෝලනය වෙමින් ඇතැම් විට ගැටෙමින්, සසදමින්, ප්‍රමාද වීමට බලපානු ඇත. එබැවින් කල්පනාකාරීව, විමර්ශනශීලීව තෝරාගත් එක් මාර්ගෝපදේශකයාණන් වහන්සේ නමක් අනුගමනය කිරීම යහපත්ය. නමුත් ධර්ම කතා, ශ්‍රද්ධාව වඩවාලන දේශනා නිදහස්ව ඇසුවාට කමක් නැත. ඒ සඳහා දක්ෂ ස්වාමින් වහන්සේලා වැඩ සිටිති.
මෙසේ භාවනාවට සමගාමිව සාමන්‍ය ජීවිතයද ඊට අනුරූපව සාදා ගත යුතුය. ධර්මය තුළට ළංවත්ම මේවා නිරායාසයෙන් සිදුවේ. ඔබ දවස පුරා අනවශ්‍ය අය ගැන, අනවශ්‍ය දේ ගැන සිතමින් සිත වෙහෙස කර ගන්නවා වෙනුවට, ධර්මය ශ්‍රවණය කිරීමට, ධර්මය කියවීමට කාලය යොදවන්න. එවිට ඒ ඇසූ, කියවූ ධර්මය ඔබ මනසට නිරන්තරයෙන් නිරායාසයෙන් පැමිණේවි. රජු රාජ සභාවට එන විට සෙස්සෝ ඉබේම නිහඬ වන්නාක් මෙන්, ධර්ම මනසිකාර බහුල වත්ම අන්‍ය සිතිවිලි ක්‍රමයෙන් පලා යයි. මෙය ඉබේමත් සිදුවේ. නමුත් ඔබ විසින් උත්සාහයෙන්ද කළ යුතුමය. මන්දයත් අප සසර පුරා වැඩියෙන්ම කළ ඇත්තේ රාග, ද්වේශ, මෝහ සිත්වල එල්ලී සිටීමමය. කල්ප කෝටි කෝටි ගණන් පුරා සසර දෙසටම දුවන ලද සිත දැන් පහසුවෙන් ආපස්සට හරවාලිය නොහැක. ඔබ ඒ සත්‍යය අවබෝධ කළ යුතුය.