මම අවුරුදු කිහිපයක් ආශ්‍රය කරන සහෝදරයෙක් ඉන්නවා,ඔහු සිතන පතන විදිය කියන කරන විදිය බොහොම වෙනස්,ඇත්තටම එ මනුස්සයා ඉන්න විදිය දැක්කාම බොහොම ශාන්ත හැඟිමක් තමා සිතට දැනෙන්නෙ,ඔහු සැම දෙයක් පිලිබඳවම මධ්‍යස්තව බලන කෙනෙක්,සැම දෙයකම සත්‍ය දකින්න හදන තැනැත්තෙක් (එහි යතා ස්වරූපය) කොටින්ම නිවිච්චි පුද්ගලයෙක්.ඔහුගේ හිත කොතරම් පිරිසිදු එකක්ද කියන්න මම දන්නෙ නැ නමුත් මා දැක ඇති අන් සියල්ලට වඩා පිරිසිදු සිතක් ඔහු දරන බව නම් මට ඉඳුරාම කියන්න පුළුවන්.මට අවස්ථා කිහිපයකදිම එහෙම ජිවත් වෙන්න ඇත්නම් කියලා හිතිලා තියනවා,ඔහු මෙතරම් ශාන්ත නම් අප බුදුරජානන් වහන්සේ දෙසු නිවන සාක්ෂාත් කර ගත් උත්තමයානන් වහන්සේලා කොතරම් ශාන්ත ඇතදැයි මට සිතෙනවා.
නිවන යනු සියල්ලෙම යථා ස්වරූපය හරි හැටි අවබෝධ කර ගැනිමයි,එසේ වු කල්හි හිතට දුකක් වෛරයක් ක්‍රොධයක් ඊර්ශියාවක් ශොකයක් බයක් මානයක් හට නොගන්නෙය,අප සිටින්නෙ තවමත් අඳුරේය...

නිවන යනු සියල්ලෙම යථා ස්වරූපය හරි හැටි අවබෝධ කර ගැනිමයි,එසේ වු කල්හි හිතට දුකක් වෛරයක් ක්‍රොධයක් ඊර්ශියාවක් ශොකයක් බයක් මානයක් හට නොගන්නෙය,අප සිටින්නෙ තවමත් අඳුරේය...