නිවන තිබෙන්නේ කොහිද?

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
නිවන තිබෙන්නේ කොහිද?

image010.jpg


The realm of humans
04.jpg



The realm of gods (and Titans)
05.jpg


The realm of hungry ghosts
06.jpg
''

The realm of animals
07.jpg


Hell
08.jpg


and other 20 of Brahma realms
 
Last edited:

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
බෞද්ධයාගේ පරම අපේක්ෂාව නිවන් දැකීමයි. ආර්ය සත්‍ය සතරන් එකක් වන මෙය අනික් තුන හා කොතරම් එකිනෙකට සම්බන්ධන්දැයි කියතොත් එකක් පිරිසිඳ දනිත්ම දුක දැනගත්තා යයි කීවත්, සමුදය, නිරෝධය හා මාර්ගය දැනගත්තා යයි කීවත් දැනීම අතින් එකම අදහසක් වන්නේය. මේ නිසා මේ සතරම පිළිබඳ පොදු අර්ථය “දැනීම” යි. බුදු දහමෙහි ඊට “අඤ්ඤා” යි කියනු ලැබේ. මේ අඤ්ඤාව හෙවත් දැනීම පැවැත්මක නැවැත්මක සම්බන්ධයෙන් ඇතිවන් ( ස්පර්ශ වන ) දැනීමක් නිසා ඊට ‘නිරෝධ’ යි කියනු ලැබේ. නැවත්ම යනු මෙහි නිරෝධයයි. අඤ්ඤා රාධන, නිබ්බාණසච්ඡිකිරියා, තණහක්ඛය යනුවෙන් ද ව්‍යවහාර කරනු ලබන මේ ලෝකෝත්තර ඥානයේ අරමුණ නිර්වාණයයි. ( නිරෝධො නිබ්බාණං යනු බුද්ධ වචනයි ) මේ නිර්වාණය කුමක්ද? කොහි පිහිටියේද? යන්න සූත්‍ර ධර්මයන්හි හා අභිධර්මයෙහි විවරණය කර තිබෙන ආකරයත් සාවධානව දහම් නයට අනුව විමසා බැලිය යුතු ධර්ම පදාර්ථයකි. වරක් ඡන්න පරීබ්‍රාජකයා ‘නිවනය නිවනය කියන්නේ කුමකට දැයි’ ඇසූ ප්‍රශ්නයට සැරියුත් තෙරුන් විසින් ‘රාගාදීන් ක්ෂය වීම නිවනය’ යි පිළිතුරු දී ඇත. එහිදීම ඔහු විසින්ම තව දුරටත් ‘අර්හත්වය අර්හත්වයයි කියන්නේ කුමකටදැ’ යි ඇසූ ප්‍රශ්නයටද එලෙසින්ම ‘රාගාදීන් ක්ෂයවීම අර්හත්වය’ යි එම තෙරුන් විසින්ම පිළිතුරු දෙන ලදී. මේ අනුව නිවන හා අර්හත්වය එකක් ලෙස සැරියුත් තෙරුන් සැලකූ බව පැහැදිලි වන අතර, එය රාග දොස මොහයන් ක්ෂයවීම ලෙස ද අදහස්
කර ඇති බවද ඔප්පුවේ. පසු කාලීන අටුවාචාර්යයන් පමණක් නොව ධර්මසංග්‍රාහක තෙරවරුන්ද මේ ධර්ම පදාර්ථයන්ගේ ඇති අන්‍යොන්‍ය සූක්ෂම වෙනසත් උපචාර වශයෙන් ඇති සමානතාවත් දක්වමින් කමනීය ලෙස නිර්වාණ ධාතුව විස්තර කර ඇත. ඒ විශාල විස්තරයන්ට අත නොතබා අපගේ මාතෘකාව වූ ‘නිවන පිහිටියේ කොහිද? යන්න ගැන පමණක් විමසීමක් කිරීමට මෙහිදී අදහස් කරමු.
නිවන හේතුප්‍රත්‍යයවලින් නොනිපන් හෙයින් අසංඛත ධාතුවක් වන අතර, රූපයක් ච්ත්තයක් හෝ චෛතසිකයක් නොව යෝගී සිතට පමණක් අරමුණු වන ධර්මාරම්මණයක් බව පළමු කොටම සලකා ගත යුතුය. මෙහි යෝගී සිත නම් ගොත්‍රභූච්ත්තයයි. එය උපද්න්නා හාම මාර්ග හා එලසිත් උපදීම ධර්මතාවයි. සතර මාර්ග සතර ඵලවශයෙන් එකවරටම හෝ කීප වරකට ද මෙය සිදුවිය හැකිය. කෙසේ වුවත් සිත එකකි. අරමුණ අනිකකි. මෙහි ‘නිවන’ වන්නේ අරමුණ මිස සිත නොවේ. මාර්ගඵල වනාහි සිත්ය. ඒවා මාර්ගඵල වන්නේ නිවන අරමුණු වූ නිසාය. මේ නිබ්බාණ අරහත්ත, තණ්හක්ඛය, මොක්ඛ, නිරොධ වන්නේ කෙසේද? තෘෂ්ණාවාමි සෑම ශබ්දයකින්ම අභාවාර්ථය ගත් කල නිර්වාණවාමී ශබ්දයක් ලැබේ. එසේම ඵල ච්ත්තයට අර්භත්ව යයි කියන අතර ඵලූපචාර වශයෙන් නිවනටද අර්හත්වයයි කියනු ලැබේ. නිර්වාණ යන වචනයේ මෙන්ම ඊට පර්යාය වු බොහෝ වචනයකින් අදහස් වන්නේ දුක්ඛ නිරොධය හෙවත් සහමුලින්ම තෘෂ්ණාව නැතිවීම ය.
නිබ්බාන ත්ණහක්ඛය දුක්ඛක්ඛය ආදී ශබ්ද ආධාර, කරණ, කර්ම, භාව ආදී කාරකවලින් විග්‍රහ කොට අර්ථ විවරණය කර තිබෙනනේ පැරණි අටුවා ටීකා චාරීන් විසින් මිස බුදුරදුන් විසින් හෝ ක්ෂීණාශ්‍රවයන් විසින් හෝ නොවන බවද මෙහිලා සැලකිය යුතුය. තවද එදා මාර්ග ඵල ලාභයන් නිවන් දුටු ගිහි පැවදි උතුමන් ඒ ඒ ධර්ම පදයන්හි කාරකාර්ථයන් විමසමින්ම එසේ නොවු බවද සිහි කළ යුතුය. එහෙත් අටුවාචාර්යයන් එසේ විවිධාකාරයෙන් ධර්ම පදයන් විග්‍රහ කරමින් අරුත් පැහැදිලි කළේ, නොතහොත් ආධාර ආදී කාරකවලින් නිර්වාණවාචී පදයන් විග්‍රහ කළේ කුමක් නිසාදැයි මෙහිලා විමසා බැලිය යුතුය. අටුවා රචනා කාලයේද මේ පිළිබඳ මතභේද පැවති බව ඇතැම් අටුවා පාඨවලින් ම ඔප්පුවේ. මේ නිසා මෙහිදී වැදගත්ම කාරණය වන්නේ පළමුව කාරකාථයන වටහා ගැණීමය.
නිදසුනක් වශයෙන් සලකන විට ‘ආසන’ යන්න ආධාර කාරකයෙහි සැදුණු පදයකි ‘ආසතෙ එත්ථාති ආසනං’ මේහි වාඩිවේනුයි ආසන නමි. තවද පාදයට කියන ‘චරණ’ යන පදය කරණ කාරකයෙහි සිද්ධ වූවකි. ‘චරති අනෙනාති චරණං’ – මෙයින් ඇවිදීනුයි චරණ නමි, මේ වචනවලින් වාඩිවීම හා ඇවිදීම යන භවයම අදහස් නොකෙරෙන අතර ඒ භාවයන් ( ක්‍රියා මාත්‍රයන් ) සිදුවන තැනක් හා දෙයක් එයින් අදහස් කරනු ලැබේ. එහෙත් ආධාර කාරකයෙන් ලැබෙන අර්ථයම කරණ කාරකයෙන් ලැබෙන්නේ නොවේ. ඒ එකම පදයක් මේ කාරක දෙකින්ම විග්‍රහ කිරීම ද නො ගැළපේ.
මෙසේ සලකන විට ‘තණහක්ඛය’ ආදී නිර්වාණවාචි’ පදයක් ආධාර හෝ කරණ ආදී හෝ වෙනත් කාරකයකින් අර්ථ ගන්නා විට එයින් බරපතල වරදක් ඇති වන බව මෙහිලා කිව යුතුය. ඒ කාරකාර්ථයන් සලකා නිවන තේරුම් ගන්ට ගියොත් ‘භාවයක් නොව භවයක්’ එයින් ගන්ට සිදුවේ. නිවන භාවයක් – සද්භාවයක් – මිස, භවයක් – වීමක් – නිෂ්පන්නයක් – සංඛතයක් නොවන බව ධර්ම ධරයෝ දනිති.
එසේ නම අටුවාචාරීන් විසින් ‘තණ්හා එත්ථ ඛියතීති, තණ්හා එතෙන ඛීයතී ති වා තණ්හක්ඛයො’ යි අර්ථ විවරණය කර තිබෙන්නේ ඇයි? උන්වහන්සේලාට වැරදිමක් ද? යන පශ්නය නැගිය හැකිය. එය උන් වහන්සේලාට වැරදීමක් නොවන බවත් එසේ කීවේ කරුණු ඇතිව බවත් ඊට පිළිතුරු වශයෙන් කිවයුතුය. තෘෂ්ණාවෙන් ම ජනිත වී සිටින එයින්ම හරිත වී සිටින සත්වයා එය ක්ෂය වෙනවා අසන්නට කොහොමවත් එක පාරටම සතුටු නැත. එසේම එය ක්ෂය වීමෙන් ලැබෙන දෙයක් හෝ තැනක් නොපෙනෙන විට වහාම එය ප්‍රත්ක්ෂෙප කිරීමද ස්වාභාවිකය. මේ අටුවාචාරීන් අර්ථ තෝරා දෙන්නේ එබඳු අයටය. ඉතින් එබඳු අය තෘෂ්ණාව ක්ෂය වීමෙන් ලැබෙන දෙයක් – තැනක් යොමු කරනු ලබනවිට ඊට උත්සාහවත් වන නිසා ඒ සඳහා මෙසේ අර්ථ විවරණය කළ යුතුය. එයින් අර්ථ සිද්ධියට උපකාරයක් වන අතර, අර්ථ සිද්ධිය සිද්ධ වූ කල ඉබේම ඒ කාරකාර්ථයන් ඉවත් වී ගොස් භාවාර්ථයහිම පිහිටීම ධර්මතාවක් වන බව දන්නා අටුවාචාර්යයන් දයානුකම්පා වෙන් එසේ කර ඇත. සුරඟනන් ලබාදෙන්නට ඇප වී බුදුරදුන් නන්ද කුමරුන් මෙහෙය වූවක් මෙනි. තවද අටුවාචාර්යයන් විසින් කාරක කිපයකින්ම මෙය විග්‍රහ කර තිබීමෙන් පෙන්වා තිබෙන්නේ එය නිදසුනක් වශයෙන් මිස යථාර්ථයක් වශයෙන් නොගත යුතු බවයි. යථාර්ථයක් වශයෙන් ගතයුතු ආධාරකාරකානුගත වචනයක් කිසිසේත් කරණ කාරකානුගත විය නොහැකිය. එ හෙයින් මෙය අටුවාචාර්යයන්ගේ වැරදීමක් නොව, එය වරදවා ගන්නා වුන්ගේ වරදීමක් බව කිව යුතුය.
තවද ශුන්‍යතා භීතිය වැළැක්වීමද මෙය ආධාර ආදී කාරකවලින් විග්‍රහ කර දැක්වීමට හේතුවක් වන්නට ඇත. තෘෂ්ණාවෙන් – දුක්ඛයෙන් – ශුන්‍යවීම ම නිවන බවත් එය අභාව ප්‍රඥප්තියක් නොවන වබත් වටහා ගැනීම ඉතා දුෂ්කර නිසාම එදා නොයෙන් වාද ඇති වී තිබේ. එහෙයින් ශුන්‍යතාවාදීන්ට පිළිතුරක් වශයෙන් ද මෙය මෙසේ කර ඇත.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
නිවන තිබෙන්නේ කොහිද?
දෙව්ලොව, බඹලොව, මිනිස්ලොව තිබෙන්නේ කොහිදැයි අසනවිට කිසියම් ආත්මභාව විශේෂයක් හා එය පවතින තැනක් දහම්නයට අනුව කාටවුවද අරමුණු වන්නේය. එහෙත් නිවන තිබෙන්නේ කොහිදැයි ඇසුවාම දහම දන්නා අයට හිතෙනෙනේ ‘මේ බඹයක් පමණ වූ කලේබරයෙහිම නිවන පවතින බවය’ මේ නිසා පුද්ගලයා යම් තැනකද නිවනත් එහිම පවතින බව අමුතුවෙන් ම කිව යුතු නොවේ. අන්තැනක යයි කියතොත් එය ධර්ම විරෝධීයි. ‘ලෝකයෙහි පියරූපවූ සාතරූපවූ චක්ඛු ආදියෙහිම ත්ණහාව නිරුද්ධ වන බවත් එය නිරෝධය බවත්’ බුද්ධ දේශනාවයි. ඒ නිසාම නිවනට ‘ත්ණ්හක්ඛය’ යන නමද ව්‍යාවහාර වී ඇත.
තණ්හාවේ ආභාව මාත්‍රයම නිවන නොවන බව අටුවාචාර්යයන් දක්වා ඇත. එසේ දැක්වූයේ කුමක් නිසා දැයි යට සඳහන් කරන ලදී. කෙසේ වෙත්ත ආධාරකාරකාර්ථයක් ගන්නා විට නිවන භවයක්වීම නොවැළැක්විය හැකිය. එය අසඤඤ හෝ නිවසඤඤ නාසඤඤ වැනි හෝ ආයතනයක් නොවේ. සප්ත විශුද්ධීය්ගේ පරිපුර්ණත්වයෙන් ලබන මේ ධර්ම ධාතුව මෙලොව වශයෙන් ම ලැබෙන්නකි එය සොපාධිශේෂ නිර්වාණ ධාතුවයි. එවිට එය විඤ්ඤාණවත්ය. එහෙත් ඒ විඤ්ඤාණය අරමුණු අල්ලා ගන්න එකක් ( උපාදාන සහිත එකක් ) නොවේ. එම නිසා සොරා බඩුව හොයාගෙන සොරා අල්ලන්නාක් මෙන් අරමුණ සොයාගෙන තදිය විඤ්ඤාණය කිසිවෙකුටත් අල්ලාගත නො හැකිය. හෙවත් දැනගත නොහැකිය. පිරිනිවන් පෑ රහතන් වහන්සේගේ පමණක් නොව ජීවමාන රහතන් වහන්සේගේ ද විඤ්ඤාණය අන් කෙනෙකුට දත නොහැකි බව අටුවාව කියයි. පිරිනිවී රහතුන්ගේ විඤ්ඤාණය දැනගැනීම කිසිසේත් ම බැරිබව ගෝධික තෙරුන්ගේ විඤ්ඤාණය මාරයාටත්, රහත් හිස් කබලේ විඤ්ඤාණය පිහිටි තැන වංගීස බ්‍රාහ්මණයාටත් සොයා ගත නොහැකි වීමෙන් ඔප්පු වේ.
තවද නිවන ආධාර කාරකයෙන් ගන්නාවිට හින්දුන්ගේ පරමාත්මන්, පරම්බ්‍රහ්ම, ආත්මන්, පුරුෂ ආදී පදාර්ථයන්ට හා ජෛනයන්ගේ කෛවල්‍යයට ද සමාන අර්ථ නිරූපණයක් කරන්ට සිදුවන්නා සේම බෞද්ධ අනාත්ම දර්ශනය දෙදරුම්කන්නේ ද වේ. නිවන් දැක පිරිනිවී මෙන් ආත්ම යයි ගත් පඤ්චස්කන්ධයේ උච්ඡෙදය සිදු වෙනවා මිස නිවනේ උච්ඡේදයක් නොවේ. නිවන ශාස්වතය. එනම් තෘෂ්ණාව ක්ෂයවීම නිසා ඇති වන පරම ශාන්තිය නිත්‍යයි.
නිර්වාණයේ සද්භාවය තර්කානුකූලව පැහැදිලි කරන බුදු රජාණන් වහන්සේ ‘අජාත වූ අභූත වූ අසංඛත වූ තත්වයක් ඇති බවත්, එසේ නැත්නම් ජාත්වූ භූත ව සංඛත වූ සත්වයාගේ නිස්සරණයක් හෙවත් මිදීමක් නැති බවත්” වදාළහ. මෙ අසංඛත තත්වය වූකලී වේද සිත එකක් විය නොහැකිය. එසේම රූපී එකක්ද නොවේ. හුදු ශුන්‍යත්වයක් ද නොවේ. එහෙත් ආත්ම ශුන්‍යයකි. තෘෂ්ණාක්ෂයයකි. තෘෂ්ණාව ක්ෂයවීම නිවනයි. තෘෂ්ණාව ක්ෂය වන තැන නිවන යයි කව හැක්කේ භාව වශයෙනි. එනම් තෘෂ්ණාව, ක්ෂය වීමෙන් ඇති වන තත්වයයි. එද තෘෂ්ණාව ක්ෂයවීමම මිස අනිකක් වේ නම් එය භවයකි. සොපාධිසේය නිර්වාණධාතුව විඤ්ඤාණවත්ය. එය අනිදර්ශනයි. ඇසට නොපෙනන හෙයිනි. සර්වතඃප්‍රභයි. සෑම පැත්තෙන්ම පහන් හෙයිනි. නැත හොත් බැස ගත හැකි හෙයිනි. ( විඤ්ඤාණං අනිදස්සං සබ්බතො පහං ) රෝග නැතිවීම සුවයයි. රෝග නැතිවූ තැන සුවයයි ගත හැක්කේ එයින් ඇතිවන තත්වය සුවය හෙයිනි. එනම් රෝග නැතිවීම ම සුවයයි. සුවය කියා අමුතුදෙයක් නැත.
එය අභාවයක් ද නොවේ භාවයකි. එය ඇති තැනක් ද නැත. එහෙත් එය ඇත. එහි අඩු වැඩියක් ද නැත. රෝගය පහවී ගිය තැනක් ද නැත. එහෙත් රෝගය තිබුණේය. මෙසේ උපමා නයින් කල්පනා කිරීමෙන් නිවනේ ස්වභාවය තරමක් වටහා ගත හැකිය. ඒ අනුව නිවන වූකලී පවතින තත්වයක් ( සද්භාවයක් ) බවත්, ප්‍රිනිවීමෙන් පසු ද එය සද්භාවයක් බවත්, එහෙත් ආ ගිය තැනක් නොකීව හැකි බවත් නිවන යනු නිවීම මිස පිහිටි තැනක් නැතිබවත් මේ නයින් සැලකිය යුතුය. තවද නිවන ප්‍රකාශ කළ හැක්කක් ( ව්‍යාකෘතයක් ) ද නොවේ. එහෙයින් ම අව්‍යාකෘත ධර්මයකි. පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයන් නොපිහිටන්නා වූද නාම රූප ධර්මයන් ඉතිරි නැතිව නිරුද්ධ වන්නාවූද ත්ත්වය නිර්වාණ යයි. නිවන පිහිටියේ කොහිද? යන්නට පිළිතුරු වශයෙන් දිය යුතු නිගමනය නමි, ‘ සත්වයා තුළමය’ යන්නයි. එහෙයි සත්වයා සිටින සෑම තැනම නිවන ද තිබේ යයි සාමාන්‍යයෙන් කිවයුතුය, පශ්චිමභවික සත්වයකු වීම වෙනම ප්‍රශ්නයකි.
 

yingyang

Member
Nov 29, 2010
8
0
0
ah ban,meh niwana gena katha karana umbama neda ara wena thread ekaka tamil minissunta bena bena hitiye,ane hapoi :lol: