නිවසක් ඉදිකිරීමේදී වියදම පොඩ්ඩක් අඩු කරග

nuha123

Member
May 15, 2018
52
2
0
නිවස ඉදිකරද්දී වියදම පොඩ්ඩක් අඩු කරගන්න

ගොඩනැගිලි ඉදිකිරීමේ සමස්ත පිරිවැය ඇස්තමේන්තු කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. නේවාසික හෝ වාණිජ ගොඩනැගිල්ලක් ඉදි කිරීමේදී, අපේක්ෂිත පිරිවැය සහ සැබැවින් සිදු කිරීමට වන වියදම අතර නොගැලපීම, ව්‍යාපෘතියක් අසාර්ථකත්වයට හේතු විය හැක. ව්‍යාපෘතියක් ලාභදායීව නිමකිරීමට ඵලදායී පිරිවැය කළමනාකරණය බෙහෙවින් උපකාරී වේ. ඔබ ඔබේම නිවසක් ඉදිකිරීමට තීරණය කර ඇත්නම්, ඉදිකිරීම් සඳහා වැය වන මුදල ඉතිරි කර ගැනීමට අදහස් කිහිපයක්;

මාර්ගයේ මට්ටමට වඩා ගොඩක් පහත්ව පිහිටා ඇති ඉඩමකට, එය පිරවීමට අමතර පිරිවැයක් අවශ්‍ය වන බැවින් ඉදිකිරීමට වැඩි වියදම්ක් දැරීමට සිදුවේ. මාර්ගයේ මට්ටමට වෙන්න ඇති ඉඩමක් තෝරාගැනීමෙන්, අමතරව යන ලොකු මුදලක් ඉතුරු කර ගැනීමට පුළුවන්. අනාගතයේදී වඩා වැඩි මිල ගණන් යටතේ බිම් කොටස් අගය කල හැකි ස්ථානයක තෝරා ගැනීමෙන්, පසුකාලීනව ප්‍රතිලාභ ලබා ගැනීමටද හැකිවේ.

සරල සැලැස්මක් - සංකීර්ණ නිර්මාණ ඉතා මිල අධිකයි. සරල, සෘජුකෝණාස්රාකාර පිරිසැලසුමකින් යුත් සැලැස්මක් (Square or rectangular floor plans) සඳහා අඩු කාලයක් සහ මුදල් අවශ්‍ය වන අතර, ඒකකයක් සඳහා අඩු ද්‍රව්‍ය ප්‍රමාණයක් පරිභෝජනය කරයි, එමගින් සමස්ත වියදම අඩු කරයි. අනවශ්‍ය කාමර හා නාන කාමර සංඛ්යාව අවම කිරීම මගින්ද වියදම අඩුකර ගැනීමට හැකිවේ. හැකිතාක් දුරට සෘජුකෝණාස්රාකාර කාමර සැලසුම් කරන්න. 11x15 ft අනුපාතය පවා නිර්දේශිතයි. එය ශක්තිමත් කිරීම සඳහා අඩු ප්‍රමානයක් යකඩ කම්බි අවශ්ය වේ.

Smart Technologies
Prefabrication යනු ඉදිකිරීම් කාලය කපා හැරීම පමණක් නොව ඉතුරුම් සහතික කිරීම සඳහා යොදාගැනෙන නවතම තාක්ෂණයන්ගෙන් එකකි. මේ සඳහා උපකාර කළ හැකි පිළිගත් කොන්ත්‍රාත්කරුවන් වෙත යෑම සුදුසුවේ. ඉහළ ප්‍රමිතියක් ලබා ගැනීම සඳහා නවීන ඉදිකිරීම් තාක්ෂණයන් වාසිදායක වේ.

දිගුකාලීනව ඉදිකිරීම් ව්‍යාපාරයේ කටයුතුවල නිරතව සිටින කොන්ත්‍රාත්කරුවන්ට, ඉදි කිරීම් අතරතුල වෙනස්කම් සිදුකිරීම අවම කර ගැනීම සඳහා පලපුරුද්ද හා නිපුණතාවයක් ඇත. ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී භාවිතා කරන ද්‍රව්ය හෝ බ්ලූපින්ට් එක අතරතුරේදී වෙනස් කිරීම, ඉදිකිරීමේ වියදමට බෙහෙවින් බලපායි. එමනිසා, පලපුරුදු හා අත්දැකීම් ඇති පුද්ගලයෙකු හෝ කොන්ත්‍රාත්කරුවෙකුගෙන් උපදෙස් ලබා ගැනීම හා ඔවුන් සමග වැඩ කිරීමෙන්, සමස්ත වියදම යම්තාක් දුරට අවම කර ගැනීමට හැකිවේ. ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම, මනා සැලැස්මක් සහ ඉදිකිරීම ගැන මනා දැනුමක් ලබා ගන්න. ඔබ දැනුවත්නම්, අනවශ්‍ය සහ නොසුදුසු වියදම් මගහරවා ගැනීමට හැකි වෙයි.


සිමෙන්ති හා අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය තොග මිලදී ගැනීමේදී වෙලෙදුන්ගෙන් වට්ටම් පිලිබඳව විමසන්න. විවිද සැපයුම්කරුවන් හමුවී මිල ගනන් සංසන්දනය කර බලන්න. වැඩි ප්‍රමානයන්ගෙන් මිලදී ගන්න නිසා, ගනනේ පොඩි වෙනසත්, ලොකු වියදමකට එකතුවේ. කෙසේ වෙතත්, ඔබ ලබා ගන්න දේවල් ගුණාත්මක භාවය හා ප්‍රමිතියකින් යුතුදැයි විමසා බලන්න. ඉදිකිරීමේ සෑම අදියරකදීම වියදම ගැන අවධානය යොමු කරන්න

*උපුටා ගැනීමකි.

මෙම කරුනු පොඩි හරි ප්‍රයෝජනයක් වේයැයි කියා සිතනවා!
මේ ගැන දන්න කට්ටිය තමාගේ දැනුමෙන් සහ අත්දැකීම් වලින් සහයෝගය දක්වන්න.

ජයවෙව! :D :love:
 
Last edited:

Similar threads