නිවසක ධනාත්මක ශක්තිය වැඩිකරගන්න වාස්තු ව
වාස්තු විද්යාපවේ වඩාත්ම වැදගත් අංගයක් නම් ධනාත්මක ශක්තියයි. නිවසට ධනාත්මක ශක්තිය ලැබේ නම් බොහොමයක් දෝෂ මඟහරවා ගත හැකි බව කියවෙනව. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ඔබ ඉන්න නිවසේ වාස්තු විද්යාකව ගැන ඔබ දත යුතු මූලිකම කාරණා කීපයක් ඉදිරිපත් කරන්නයි. ගෙයි බිත්ති කඩලා දොරවල් කඩල හදන දේවල් නෙවෙයි මේ. පොඩි පොඩි වෙනස්කම් කරල වාස්තු දෝෂ මග හැරගන්න කරගන්න පුළුවන් දේවල් ටිකක්.
තමන්ගෙම කියල නිවසක් ගොඩ නගා ගන්න හීනෙ හැබෑ කරගන්න තබන පලවෙනි පියවර තමයි තමන් කැමති විදියට නිවාස සැලස්මක් ඇඳගන්න එක. හැබැයි ඉතින් ගෘහ නිර්මාණ ශිල්පියෙක්ට කියල සැලැස්මක් ඇඳගත්තට පස්සෙ ලංකාවේ අපේ සිරිත ඕක වාස්තු විද්යානඥයෙක් ලඟට අරන් ගිහින් වාස්තු දෝෂ බලවන එක. කොහොම වාස්තු බලල හැදුවත් අපි කරන සමහර වැරදි නිසා නිවසේ අර කලින් කිව්ව ධනාත්මක ශක්තිය ගිලිහිලා යන පොඩි පොඩි වැරදි අපි අතින් වෙන්න පුළුවන්. මේ කියන්නෙ එහෙම දේවල් කීපයක්. ඔබත් වාස්තු පිලිගන්න කෙනෙක් නම් මේ උපදෙස් ඔබට වටීවි.
________________________________________
වාස්තු ගැන අපේ අයගේ මතය මොකක්ද?
සුද්දො අහස උසට බිල්ඩින් ගහන්නෙ ඔය මොකවත් බලල නෙවෙයිනෙ මේ දේවල් විකාර වැඩ කියල සමහරු කියන්න ඉඩ තියෙනව. තවත් සමහරු කියන්නෙ ඒක එක එක්කෙනාගෙ විශ්වාසය, තමන් විශ්වාස කරන දේ අනුව තමා වෙන හැම හොඳ නරකම කියල. පරම්පරාවෙන් පරම්පරාවට ආව දේවල් බොරු නෙවෙයි කියල මේ දේවල් ඉහලින්ම පිලිගන්න පිරිස තවත් පැත්තකින් ඉන්නව.මේ කොයි කාටත් දැනකියාගන්න අපි අද මේ කියන්න හදන්නෙ නිවසක වාස්තු පිහිටීම් වල මූලික දේවල් ටිකක් ගැන. නිවාස සැලසුමක වාස්තු බැලීම කියන්නෙ මෙහෙම ලිපියකින් දෙකකින් පැහැදිලි කරන්න බැරි විශාල පරාසයක විහිදුනු විෂයයක්. එහෙම දෙයක් තමන්ම බලනවට වඩා පිළිගත් වාස්තු විද්යායඥයෙක්ගෙන් බලවන එක තමා සුදුසුම.

1. නිවස ඉදිරියේ ළිඳක් ඇති නම්
Source – cashforhousing.com
නිවස ඉදිරි පිට ලිඳක් පිහිටීම වාස්තු දෝෂයක් හැටියට ගණන් ගැනෙන්නක්. එවැනි අවස්ථාවක බොහෝ දුරට ලිඳ වසා දැමීමක් කල යුතුයැයි පැවසුනත්. ලිඳ නොපෙන්නෙන්න ඒ නිවසත් ලිඳත් අතර උස් තාප්පයක් හෝ බිත්තියක් බැඳීමෙන් මේ දෝෂය අවම කරගත හැකියි. මීට අමතරව ප්රෝධාන දොර කෙලින් නොතිබිය යුතු දෑ සහ ඒවායේ දෝෂ ගැන බොහොමයක් ගැනත් සඳහන් වෙනව.
2. ඉදිරි දොර කෙලින් පිටුපස දොර තිබීම
Source – avso.org, fengshuinexus.com
මේ වගේ පිහිටීමක් තියෙන නිවසක ධනය නොරැඳීම දෝෂයක් හැටියට ගැනෙනනව. ප්රවධාන දොරින් බැලූ විට නිවසේ පිටුපස එළිය පෙනෙන ලෙස දොරක් හෝ ජනේලයක් පිහිටීම වෙනස් කිරීම තරමක් අපහසුයි. එවැනි අවස්ථාවක එහා මෙහා නොපෙනෙන ලෙස ප්‍ර ධාන දොරත් ඒ පිටුපස පෙනෙන විවරයත් අතරට කැබිනට් එකක්, තිරයක් හෝ බිත්තියක් වැනි දෙයක් නිවසේ පිහිටීම අනුව ගලපා සකස්කර ගැනීමෙන් එම දෝෂය මගහැරගත හැක.
3. ලිප ස්ථානගත කිරීම
Source – brunyfirepower.wordpress.com
දැනටමත් ඉදිකල නිවසක කුස්සිය වෙනස් කරන එක කරන්න බැරි දෙයක්නෙ. එහෙම වෙලාවක කුස්සියේ ලිපේ ස්ථානගත වීම වෙනස් කරල අපිට වාස්තු දෝෂයන් මඟහරින්න පුළුවන්. ලිප හැමවිටම කුස්සියේ ගිණිකොන දිශාවේ හෝ දකුණු දිශාවේ තැබීමෙන් කුස්සියේ පිහිටීම වෙනස් නොකර වාස්තු දෝෂය මඟහැරගන්න. නමුත් සින්ක් එක හෝ ජලය සම්බන්ධ දෙයක් ගිණිකොනෙහි ඇත්නම් එය වෙනස් කර ගැනීම නුවනට හුරුයි. නිවසේ ගිණිකොන දිශාවේ ජලය රැඳීම සුදුසු නැහැ.
4. නිවසේ ඇති පින්තූර
Source – pinterest.com
හුඟක් වෙලාවට ඒ තරම් නොහිතන නමුත් ඔබේ නිවසේ වාස්තුවට වෙනසක් කල හැකි අංගයක්. තනිව සිටින පුද්ගල චිත්රව, ශෝකී දර්ශන ආදිය ඇත්නම් ඒවා ඉවත් කරන්න. ප්රීකතිය හඟවන රූප හැම විටම නිවස සරසන්න යොදාගන්න. විවාපත් යුවලකගේ නම් නිදන කාමරයේ දෙපලගේ ඡායාරූපයක් තබා ගැනීම බැඳීම් ශක්තිමත් කිරීමට හේතු වෙනව.
5. සැරසිලි සහ විසිතුරු භාණ්ඩ
Source – pinterest.com
උල් සහිත සැරසිලි හෝ භාණ්ඩ නිවසේ තබා ගැනීමෙන් වලකින්න. උල් වැනි හැඩයන්ගෙන් නිවසට ඍණාත්මක ශක්තිය ඇදගන්න අතර නිවසේ ගැටළුකාරී තත්වයන් ඇති විය හැකියි. උල් කටු සහිත ශාකද මෙයට ඇතුලත්. හැමවිටම රවුම් සහ මෘදු කෙලවරවල් ඇති භාණ්ඩ තෝරාගැනීමට සැලකිලිමත් වෙන්න.
6. ප්‍රධාන නිදන කාමරය
Source – shopstream.co
නිවසක ප්රණධාන නිදන කාමරය නිරිත, දකුණ හෝ බටහිර දිශාවේ පිහිටීම වඩා සුභ බවයි වාස්තු විද්යා්වේ සඳහන් වෙන්නෙ. නමුත් ඔබේ නිවසේ පිහිටීම ඊට වෙනස් නම්. මේ දිශාවේ ඇති කාමරයක් ප්රවධාන නිදන කාමරය ලෙස භාවිතා කිරීමට හැකියාවක් ඇත්නම් එය ප්‍ර ධාන නිදන කාමරය ලෙස වෙනස් කරන එක වාස්තුවට අනුව සුදුසුයි.
7. නිදන ඇඳේ ස්ථානය සහ දිශාව
Source – fitswisschick.com
නිදන ඇඳක හිස පෙදෙස කිසිවිටෙකත් උතුරු දෙසට නොතැබිය යුතුයි. එයින් මානසික සහ ශාරීරික සෞඛ්යෙට හානි වන බව වාස්තු පිලිගැනීමයි. එසේම බටහිර දෙසටද හිස සිටින ලෙස නිදන ඇඳ සැකසීම නුසුදුසුයි. එයින් දරුවන්ට සහ පවුලට අසුභ පල ගෙන දෙන බව වාස්තු මතයයි.
නිදන කාමරයේ දොර දෙසට දෙපා සිටින ලෙස ඇඳ තිබීමද, කාමරයේ ඇති කණ්ණාඩියකින් ඇඳ පෙනෙන ලෙස තිබීමද වාස්තුවේ දෝෂ පිහිටීම් ලෙස සලකනව. ඇඳට හරි කෙලින් ඉහලින් නිවසේ ප්රදධාන බාල්කය පිහිටීමද සෞඛ්‍ය ගැටළු ඇති කරන පිහිටීමක්. නිදන ඇඳ යට පිරිසිදුව තබාගන්න. වැඩකට නැති කුණුගොඩවල් එක් රැස්කරන ස්ථානයක් බවට ඇඳයට පත් කිරීමෙන් වලකින්න. එයින් යුග දිවියේ අඩඳබර ඇති විය හැකියි.
8. අඳුරු ස්ථාන එළි කරන්න
Source – fitswisschick.com
වාස්තුවේ මූලිකම දෙයක් තමයි ආලෝකය. අඳුරට තියෙන ගෙදරකට විශ්ව ශක්තිය ගලා ඒම සහ නිවසට ධනාත්මක ශක්තිය එන්න නම් නිවසේ අඳුරු අහුමුළු තිබීම වාස්තුවට අනුව සුභ නැහැ. හැම කාමරයකම නිසි පරිදි ආලෝකමත්ව තිබීම නිවසක සෞභාග්‍ය ට බලපෑමක් ඇති කරනව. මේ වගේ අඳුරට හුරු තැන් ඔබේ නිවසේ තියෙනවා නම් එම තැන් වලට හිරු එළිය ලැබෙන ආකාරයට හෝ විදුලි පහනකින් එළිය වෙන ආකාරයට සකසා ගන්න.
9. අනවශ්යඑ කුණු එකතු වීම
Source – dailymail.co.uk
පිරිසිදු නිවසකට හැම විටම ධනාත්මක ශක්තිය ගලා එන බව වාස්තුවේ පිලිගැනීමයි. සැලසුම මොන තරම් හොඳ වාස්තු ශිල්පියෙක් ලවා පරික්ෂා කෙරෙව්වත් ඔබේ වැරදි පැවැත්ම නිසා නිවස දෝෂ සහිත ස්ථානයක් බවට පත් වෙන එක් වලක්වන්න බැහැ. නිවසක හැම අස්සක් මුල්ලක්ම අතු ගාන්න පිරිසිදු කරන්න හැකි ලෙස බඩු තැන්පත් කරන්න. අනවශ්යර බඩු කුණු ලෙස එකතු වීම වලක්වා ගන්න. භාවිතයක් නැති දේවල් නිවසින් ඉවත් කරන්න.