කුස්සියේ වැඩට විතරක් හදපු බ්‍රීඩ් එකක්.

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com


    Don Zupz ගෙ පරිණාමික දිනපොතෙන් ගත්ත පට්ට කතාවක්

    වේල්සයට පිවිසුම ලෙස හඳුන්වන්නෙ ඇබර්ගවේනි නගරය. මේ නගරයේ පැරණි නෝර්මන් බලකොටුවකට අයත් පරිශ්‍රය තුල තිබෙන දඩයක්කරුවන් වෙනුවෙන් ඉදිකල ගොඩනැගිල්ලක් තුල ඇති ලී පෙට්ටියක කුඩා හුරුබුහුටි සුනඛයෙකුගේ, චර්මශීල්පිය ක්‍රමවේදයනට අනුව සකස්කල ප්‍රතිනිර්මාණයක් දක්නට ලැබෙනවා. ඒ ඉන්නේ ටර්න්ස්පිට් සුනඛයන්ගේ අවසාන පුරුක වෙන විස්කි.

    විස්කි කියන්නෙ 16 වෙනි සියවස බ්‍රිතාන්‍ය තුල ප්‍රචලිත වෙලා හිටිය සුනඛ ප්‍රභේදයක අවසාන සුනඛයා. 16 වෙනි සියවස තුල බ්‍රිතාන්‍යයේ මුළුතැන්ගෙවල්වල මස් වර්ග රෝස්ට් කිරීම සඳහා රෝදයක ආධාරයෙන් කැරකැවෙන යන්ත්‍ර සකසා තිබුනා. ටර්න්ස්පිට් නැමැති බල්ලන් ප්‍රභේදය නිපදවෙන්නෙ මෙන්න මේ මුළුතැන්ගෙවල්වල වු රෝදය කැරකැවීමට. ලෙනුන්ගේ, හැම්ස්ටරයන්ගෙ කුඩුතුල තිබෙන කැරකෙන රෝද ඔබ දැක ඇති. මෙත් එවැනිම රෝදයක්, වෙනස් වන්නෙ මේ රෝදය මස් රෝස්ට් කිරීමට අමුනා ඇති උපාංග කැරකැවීමට සම්බන්ධ වීම සහ ලේනුන්, හැම්ස්ටරයන් වෙනුවට මෙතුල බල්ලෙකු ගමන් කිරීමෙන් රෝදය කැරකැවීම.

    විවෘත ගිනිදැල්ලකින් මස් වර්ග පුළුස්සා ගැනීමේදි පුළුස්සා ගන්නා මස් වර්ගය පුරාම ඒකාකාරී ලෙස පිසී තිබීමටනන් එය විවෘත ගිනිදැල්ල වදින විට නිතර කැරකැවීමට ලක්විය යුතුයි. ටර්න්ස්පිට් සුනඛයන් කරකවන්නෙ මෙන්න මේ පිසින දෑ සම්බන්ධ වෙන රෝදය.

    කුස්සියේ පුංචි අත්උදව්කරුවන් වු මේ ප්‍රභේදය ගැන 16 වන සියවස තුල සුනඛයන් පිළිබඳ ලියැවී ඇති පොත්පත්වල සඳහන් වෙනවා.

    මේ ටර්න්ස්පිට් සුනඛයන් උදුනට හෝ ගින්නට වඩාත් ළංවී අධික ලෙස උණුසුම්වී වැලැක්වීමට කැරකෙන රෝදය බොහෝ විට උදුනට දුරින් බිත්තියේ වු උසකින් රඳවා තිබු බවයි පැවසෙන්නෙ.

    වාර්තාවල සඳහන් වෙන ආකාරය අනුව ගත්තොත් මේ සුනඛයන්ගෙ තත්වය දුක්ඛිත තත්වයක්. පැය ගනන් මුළුතැන්ගෙයි දැවමය රෝදය කරකවන, අධි උශ්ණත්වයන් තුල වැඩ කල මේ සුනඛයන් නිවාඩු ලබා ඇත්තෙ ඉරුදින පමණයි. ඒද නිවාඩුවක් නොව ඉරුදින පල්ලියට යන බැතිමතුන්ගේ දෙපා උණුසුම් කිරීම සඳහා.

    කාර්මීකරණයත් සමඟ මුළුතැන්ගෙයට දියුණු යන්ත්‍රෝපකරණ පැමිණෙද්දි ටර්න්ස්පිට්ලාගේ අවශ්‍යතාව කෙමෙන් කෙමෙන් වියැකී යනවා. 1900 පමණ වන විට ටර්න්ස්පිට් ප්‍රභේදය වඳව ගිය බවට වාර්තා වෙනවා. ටර්න්ස්පිට් අතීතයේ නාමමාත්‍රික ඡායාවක් ලෙස ඇබර්ගවේනියේ දඩයක්කරුවන්ගෙ නවාතැනක රෝදයේ දිවීමට නැවතීමේ තිත තැබු විස්කි හිස් බැල්මෙන් බලා සිටිනවා.

    ටර්න්ස්පිට්ලා ගැන කලින් අහලා තිබුනද ? නැත්තන් මුලින්ම දැනගත්තෙ DOE එකෙන් අදද ?

    #DOE #පරිණාමිකදිනපොත
    Source
    https://www.facebook.com/share/p/188CbFLVJB/?mibextid=wwXIfr