නිවසක නතරකර තිබු රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුත් වැගන්ආර් වර්ගයේ මෝටර් රථයකට කිසියම් පිරිසක් ගිනිතබා තිබේ.ඊයේ (10) රාත්රීයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ බෙලිඅත්ත, කුඩාහීල්ල ජයමාවත ප්රදේශයෙනි.
එම නිවසේ හිමිකරු මෙම මෝටර් රථය මීට දින කිහිපයකට පෙර මිලදී ගෙන තිබුණි.
ගින්නෙන් එම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ කොටසක්ද පිළිස්සී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Last edited:


මිනිස්සුන්ට අනික් කෙනෙක් ඉහලට යනවා දකිද්දි ඇහේ කටු අනිනවා වගේ. ගම් පලාත්වල වගේ අළුත් වාහන ගන්න එවුන් කලකෝලහාල ආවරණය එක්කම ඉන්සුරන්ස් එක දාන එක ඇඟට ගුණයි.