නිවාදැමූ භව ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නිවාදැමූ භව ගමන

    11205038_1038335552894392_2385288872395962484_n.jpg
    පිංවත් ඔබ අනිත්‍යයි, අනිත්‍යයි කියලා මෙනෙහි කරන වාරයක්‌ පාසා ඔබ ධර්මාවබෝධයේ දිශාවටමයි ගමන් කරන්නේ. නිත්‍ය සංඥාවක්‌ ගන්නා මොහොතේම ඔබ භවයට, මාරයාගේ ලෝකයටමයි ඇදීයන්නේ. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අදවන් උතුම් වෙසක්‌ දිනයක නිවාදැමූ භව ගමන, ආදර්ශයට ගනිමින් පිංවත් ඔබත් භව ගමන නිවා දැමීම සඳහා මූලික අඩිතාලම වන සක්‌කාය දිට්‌ටිය ජීවිතයෙන් පරාජය කර දැමීමට පෙර සටහන්වල දක්‌වා ඇති පරිදි තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවත්, ශීලයේ ආර්යකාන්තභාවයත්, නෙක්‌කම්මය උදෙසා දන්දීමත්, පිංවත් ඔබ ඇසුරු කරන ගෞරවනීය ස්‌වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමටත් අද වන් උතුම් වෙසක්‌ දිනයක පිංවත් ඔබ අධිෂ්ඨානය ඇතිකර ගන්න.
    මෙතෙක්‌ ගෙවාගෙන පැමිණි භව ගමන පුරාවට පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පුජාකරන ලද උතුම්ම බුද්ධ පුජාව එය වේවි. මෙය පිළුණු වී ඉවත ලන පුජාවක්‌ නොව අවබෝධය ලබා තමාම නිවී යන පූජාවකි. භව ගමන අවුලවා ගන්නා පුජාවන්ගෙන් මිදී භව ගමන නිවාගන්නා සැබෑම සම්බුද්ධ පුජාව සම්බුදු පියාණන් පිරිනිවන් මංචකයේ සැතපෙන මොහොතේත් ශ්‍රාවක ඔබෙන් බලාපොරොත්තු වූ මහා කරුණා ගුණයෙන් යුත් අවසාන අවවාදය බවද පිංවත් ඔබ සිහිපත් කොට ගත යුතුය. ඒ අසිරිමත් වු ශාස්‌තෘන් වහන්සේගේ පරිනිර්වානයද මංගල්‍යයක්‌ බවට පත්වෙන්නේ උන්වහන්සේගේ මහා කරුණාවෙන් යුතුව කළ අවසාන අවවාදයේ අර්ථය පිංවත් ඔබ ජීවිතය තුළින් හැකි තරමින් අවබෝධ කොට ගැනීමෙන්මය. අවම වශයෙන් මාර්ගඵලලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ ලෙස මීළඟ භවයේ උපත සකස්‌ කොට ගැනීමට පිංවත් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසුරෙන් කරන ලද ඉහත සටහන් ඔබට මාර්ගයක්‌ම, ආලෝකයක්‌ම වේවා. මේ මාර්ගයද, ආලෝකයද විවර වන්නේ දුකෙන් මිදීම උදෙසා ඔබ තුළ සකස්‌වෙන වීර්යයේ තරමට බව සිහිපත් කොට ගත යුතුය. ඔබ තුළ වීර්යය ඇත. එහෙත් එම වීර්යය ක්‍රියාත්මක වන්නේ වැරදි දිශාවටය. මාරයා නැමති පාපමිත්‍රයාගේ ඇසුර නිසා වීර්යය ඔබව දුක දෙසට මෙහෙයවයි. රූපය කෙරෙහි ජන්දරාගයෙන් ඇලී භවයේ දුක දෙසට ඔබව මෙහෙයවීමට අයෝමය ශක්‌තියක්‌ සේ ඔබ තුළින් සකස්‌වෙන වීර්යය ක්‍රියාකරයි.
    ඔබ පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය වැඩීමත් සමඟම, රූපයේ යථා ස්‌වභාවය ගැන අවබෝධය ලබන තරමටම, වීර්යය කල්‍යාණ මිත්‍රයෙක්‌ ලෙසින් ඔබ තුළින් නැගී සිටිනු ඇත. පිංවත් ඔබේ කැමැත්ත කුමක්‌ද, එම කැමැත්ත උදෙසා වීර්යය උපකාරීවනු ඇත. එම නිසා ඉහත සඳහන් කළ පංචඋපාදානස්‌කන්ධයේ දුක කෙරෙහි ඇතිකර ගන්නා දැනුමෙන්, ඉන් ඔබ්බට ගොස්‌ අනුමාන අවබෝධයෙන් , සතර අපායෙන් මිදීම පිණිස සක්‌කායදිට්‌ටිය නැතිකරගැනීම සඳහාම කැමැත්ත ඇතිකර ගන්න. මෙතැනදී වීර්යය සකස්‌වන්නේ පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියටමයි. නමුත් ඒ උපාදානය භව නිරෝධයට මාර්ගය විවර කරගැනීම උදෙසා ඇතිකර ගන්නා විදීමක්‌මයි. මෙසේ ඔබ ඇතිකර ගන්නා වීර්යය තණ්‌හාව, මාන්නය, දිට්‌ටිය නිසා අපතේ යාමට ඉඩ නොදෙන්න. ලෝකයාගෙන් ලකුණු, ප්‍රසාදය, අනුකම්පාව ලබාගැනීමට නොව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ ශ්‍රාවකයෙක්‌, සුදුවත් දරන උපාසක උපාසිකාවක්‌ වීමට වීර්යය උපකාරී කොටගන්න. ඉන්ද්‍රියයන් හයට අරමුණු වන සියල්ල ගැනම සිතීම මොහොතක්‌ නතරකොට සිතුණු අරමුණු සියල්ලේම අනිත්‍ය බව දකින්න. මෙවැනි අවස්‌ථාවක ඔබ තුළ ඇතිවන ක්‍ෂණික සංහිඳියාව නැවත නැවත විඳීමට කැමති වෙන්න. විවේකීව, රූපයේ විඳීමට කැමති සිතට රූපයේ අනිත්‍ය බව මෙනෙහි කරවන්න.
    පිංවත් ගිහි ජීවිතයක්‌ ගත කරන ඔබ රාත්‍රී නිදි පැදුරට, සයනයට ගියාට පස්‌සේ රූපයන් කෙරෙහි විඳීම සකස්‌ කොට දෙන අකුසල් විතර්කයන්ට අවස්‌ථාව නොදී දිනයේ උදෑසන සිට රාත්‍රිය දක්‌වා ඔබගත් ආහාර ගැන සිතන්න. උදේ පාන්දරම තේ එකක්‌ බිව්වා, නැවත උදේට ඉඳිආප්ප, පාන් ආහාරයට ගත්තා. උදේ දහයට නැවත තේ එකක්‌ බිව්වා. දහවල් බත් ව්‍යංජන සමඟ ආහාර ගත්තා. සවස තේ බිව්වා. නැවත රාත්‍රියට ආහාර ගත්තා. ඔබ ගත්තාවු ආහාරයන් සිහිපත් කරලා ඒවායේ පිරිසිදුභාවය, ගුණාත්මකභාවය ගැන සිහිපත් කරල දැන් ඔබ සිතන්න උදේ සිට ගත් ඉහත ආහාරවලට දැන් මොකද වෙලා තිබෙන්නෙ කියල. රාත්‍රි නිදි පැදුරට යනකොට දිනය පුරාවට ගත්ත ආහාරවලට මොකද වෙලා තිබෙන්නේ. ආමාශයේ වමනය බවට පත්වෙලා, අසුචි, මුත්‍රා බවට පත්වෙලා. සෙම්, සොටු, මේදය බවට පත්වෙලා. රුධිරය බවට පත්වෙලා. අවසානයේදී ආයුෂ, වර්ණය, සැපය බලය බවට පත්වෙලා. ඔබ දිනය පුරාවට වෙහෙස මහන්සි වී රැකියා, ව්‍යාපාර, ගොවිතැන් කටයුතු මේ ආහාරය උදෙසා නේද? පිංවත් ඔබ ශිල් පද බිඳගනිමින් මේ වෙහෙසෙන්නේ කුමක්‌ උදෙසාද? වමනය, අසුචි, මුත්‍රා, සෙම්, සොටු, රුධිරය කියන කසළ ගොඩක්‌ නිපදවීම උදෙසා නොවේද? මේ සියල්ලගේම අවසාන ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, කියන කාරණා සියල්ලමත් අනිත්‍ය භාවයට පත්වන තාවකාලික දේවල් නේද? මේවා අනිත්‍යභාවයට පත්වන නිසා දුකම නේද සකස්‌ වෙන්නේ. යමක්‌ අනිත්‍ය නම්, යමක්‌ දුක නම් එතැන මගේ යෑයි ආත්මභාවයෙන් ගැනීමට දෙයක්‌ නැහැ නේද? උදේ ඉඳන් කරන හපන්කම් රාත්‍රියට මෙනෙහි කරන්න, අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයටම.
    ආහාරයත්, ආහාරයෙන් පෝෂණය වන කයත්, ඉහත කාරණා දෙකේම අතුරු ඵලයනුත් තම ජීවිතය තුළින්ම දකින්න. කටට, දිවට, රසම සොයන ඔබ මේ රාත්‍රියේa එම රසයේ යථා ස්‌වභාවය නුවණින් දකින්න. දකිමින්ම නින්දට යන්න. එය ඔබට සුවදායී නින්දක්‌ වේ. හෙට උදාවන දිනයද සිහිනුවණින් යුතුව ආහාරය ගැන දකින දවසක්‌ වේවි. නිදි පැදුරේදීම ඔබ මියගියහොත් එය ඔබට සුවදායී මරණයක්‌ම වේවි. ඉහත ආකාරයට ඔබ සිතන්න පුරුදු වුනොත්, කොතැනකදීවත් ඔබට එය නරකක්‌ නම් වෙන්නේ නැහැ. මොකද ඔබ හිතන්නේ, මෙනෙහි කරන්නේ ධර්මයම නිසා. රූපයේ අනිත්‍යභාවයම නිසා. ආහාරය ඉහත ආකාරයට මොනතරම් පිළිකුල්භාවයට, අනිත්‍යභාවයට පත්වන දෙයක්‌ වුනත් පිංවත් ඔබට පුළුවන් ආහාරයටත් යම් වටිනාකමක්‌ දෙන්න. එය කරන්න පුළුවන් ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ආහාරය පරිහරණය කළොත් පමණයි. ඒ කියන්නේ අනිත්‍යභාවයට පත්වන ආයුෂ, වර්ණය, සැපය, බලය උදෙසා නොවෙයි මේ ආහාරය ගන්නේ, මේවා කෙරෙහි ජන්ද රාගය ඇතිකර ගෙන නොවෙයි ආහාර ගන්නේ, මේ බ්‍රහ්මචාරී ජීවිතය පවත්වාගැනිමට ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය වැය වුනාවූ ශක්‌තිය යළි ලබාගැනීමට, අලූතින් ශක්‌තිය උපදවා ගැනීමට.... අරමුණුකරගෙනයි ආහාර ගන්නේ'කියන කාරණය ජීවිතයට එකතු කර ගැනීමෙන් නොවටිනා ආහාරයක්‌ වටිනා අරමුණක්‌ උදෙසා ප්‍රයෝජනයට ගැනීමට පිංවත් ඔබට පුළුවන්.
    ඉහත ආකාරයට පිංවත් ඔබ ආහාරය ගැන සෑම රාත්‍රියකම මෙනෙහි කළොත් ආහාරය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන දිශාවටම ඔබ ගමන් කරාවි. තෘෂ්ණාවෙන් මිදෙන මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම උදෙසා පමණක්‌ කය පවත්වා ගැනීමේ අරමුණ ඇතිවයි ආහාර ගන්නේ. තෘෂ්ණාව නිසා ආහාරයේ ඇතිවීමත්, තෘෂ්ණාව ප්‍රහාණය කිරීමෙන් ආහාරයේ නිරෝධයත්, තෘෂ්ණාව ප්‍රහීන කිරීමේ මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත් පිංවත් ඔබ අවබෝධකොට ගතහොත් ඔබ ඒ කාරණයෙන්ම සම්මා දිට්‌ටියට පත්වෙනවා කියන සහතිකය, සම්මාදිට්‌ටි සූත්‍රයේදී සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ පිංවත් ඔබට සහතිකයක්‌ දෙනවා. මෙම සහතිකය දෙස්‌ විදෙස්‌ සුපිරි සූපවේදීන්ගේ කටට කෙළ උනනා, මැරෙන ලෙඩවෙන වයසට යන කයක්‌ මොහොතක්‌ රසවත් කර වමනය, අසුචි, මුත්‍ර බවට පත්වෙන ආහාර වට්‌ටෝරු උදෙසා දෙන, දුකට හේතුවන සහතකියක්‌ නොව, දුකින් මිදීමේ සහතිකයයි. තළු මර මරා ඇස්‌ ලොකු කරමින් නළල රැළිගන්වමින්, තමා තුළ තිබෙන්නාවූ තෘෂ්ණාව යන කාරණය ආහාරයේ ඇති රසයක්‌ ලෙස මෝහ මූලිකව ගැනීම නිසා ඇතිකර ගන්නා ආහාර කෙරෙහි වන කෑදරභාවය ලබන ජීවිතයේදී ආමාශගත පණුවන්, නරක්‌ වූ ආහාර මත සෑදෙන පණුවන් ලෙස ආහරයේ බැසගෙනම ජීවත්වීමට අවශ්‍ය උපතක්‌ එවැනි අයට සාදා දීමට හැකිය.
    පිංවත් ඔබ කය පෝෂණය කරනා ආහාරය, රූපයේ නිරෝධය උදෙසාම ප්‍රයෝජනයට ගන්න. අතීත භවයන් හීදී සශ්‍රික දිව්‍යතලවල ඉපිද සිතූ සිතූ රසයන්ගෙන් රසවත් වූ දිව්‍ය ඕජාව රිසි සේ විඳ ඇති පිංවත් ඔබ, එම රසයන්ගෙන් නොසෑහුනු ඔබ මේ වටිනා මොහොතේ ධර්මයේ රසය යොදාගනිමින් කෙලෙස්‌ රස හීනවන දිශාවට ක්‍රියාත්මක වන්න. එවිට පිංවත් ඔබට ආහාරය වටිනා දෙයක්‌, රසවත් දෙයක්‌ වශයෙන් නොව හේතූන් නිසා සකස්‌ වූ දෙයක්‌ බව වැටහෙනු ඇත.
    පිංවත් ඔබ මෙවැනි ධර්මයන් තුළින් ජීවිතය සක්‌කාය දට්‌ටිය සිඳෙන දිශාවටම අවබෝධය කරා යැමට උත්සුක වෙන්න. නිරතුරුවම තණ්‌හාව, මාන්නය, දිට්‌ටිය කියන මාර ධර්මයන්ගෙන් පරිස්‌සම් වෙන්න. තමා කෙරෙහි, 'මම කියන දැඩි සංඥාවක්‌ මතුවන සැණින් එය අනිත්‍ය වශයෙන් දකින්න පුරුදුවෙන්න. පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය වැඩීමේදී ඔබ තුළින් ඔබට දැකිය හැකි උතුම් ලක්‍ෂණය නිහතමානීකම බව හොඳින් මතක තබාගන්න.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    සතර අපායෙන් මිදෙන්න ශක්තිය ලැබේවා
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සතර අපායෙන් මිදෙන්න ශක්තිය ලැබේවා
    එසේම වේවා සහෝ...
    බුදු සරණයි !!
    තෙරුවන් සරණයි.
    බුදු සරණයි !!
    තෙරුවන් සරණයි.
    බුදු සරණයි !!
    තෙරුවන් සරණයි.
    බුදු සරණයි !!
    තෙරුවන් සරණයි.
    නමෝ බුද්ධාය.. +6
    තෙරුවන් සරණයි.
    තෙරුවන් සරණයි.
    තෙරුවන් සරණයි.
    උබට ආයේ මොකද උනේ?? ආයේ පරණ අතීතෙට යනවද? :shocked::shocked::shocked::shocked:
    උන හැදුනම ජිවිතේ අනිත්‍යයි කියල මතක් උනා සහෝ :(
    තෙරුවන් සරණයි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උන හැදුනම ජිවිතේ අනිත්‍යයි කියල මතක් උනා සහෝ :(

    මම හිතුව ඉස්සර වගේ... කියලා...:sorry:

    උන හැදුනාම විතරද මතක් වෙන්නේ..?? :growl::growl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම හිතුව ඉස්සර වගේ... කියලා...:sorry:

    උන හැදුනාම විතරද මතක් වෙන්නේ..?? :growl::growl:
    ගෙදර ඉඳන් ටිකක් නිදහසේ ඉන්න හම්බුනා කාලෙකින්. ඉතින් දන්නැද්ද......... ;)