නිවැරදි ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් (The Correct Sample Ballot Paper)
නිවැරදි ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් (The Correct Sample Ballot Paper)
සියලු දෙනාටම දැනගන්න හැකිතාක් BUMP කරන්න...
මෛත්‍රීපාල සිරිසේන මහතාට වැරදි ඡන්ද සලකුණක් සහිත ව්‍යාජ ආදර්ශ ඡන්ද පත්‍රිකා ජනතාව අතර බෙදමින් ජනතාව මුලා කිරීමේ අවසන් බංකොලොත් ප්‍රචාරණ ව්‍යාපාරය ආණ්ඩුව විසින් දියත් කොට ඇත. මින් පැහදිලි වන සරලම කාරණය නම් ඡන්ද ලකුණක් මතක තබා ගැනීමට තරම් හෝ අවම බුද්ධි මට්ටමක් සහ පරිකල්පන ශක්තියක් ඇති ජනතාවගේ ඡන්දය ආණ්ඩුවට අහිමි බව ඔවුන් විසින්ම පිලිගෙන ඇති බවයි. එබැවින් මෙවැනි බංකොලොත් ප්‍රචාරණ ව්‍යාපාර වලින් බලාපොරොත්තු වන්නේ කල්පනා ශක්තිය අඩු වයෝවෘධ වැඩිහිටියන් වැනි අයගේ සහ අත්වැරදීම් වලින් ලැබිය හැකි ඡන්ද කිහිපයක් හෝ අවසාන මොහොතේ ලබා ගැනීමයි. එබැවින් ව්‍යාජ ප්‍රචාර වලට නොරැවටී 8 වැනිදා උදේන්ම ඡන්ද පොලට ගොස් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද සලකුණ වන 'හංසයා' ඉදිරියේ, කොටුවෙන් පිටත නොයන ලෙස නිවැරදිව කතිරය සලකුණු කරන ලෙස ඔබේ හිතවතුන් දැනුවත් කිරීම ජාතිය වෙනුවෙන් ඔබ ඉටුකරන යුතුකමකි...
